කීර්ති ශ්‍රී රාජසිංහ රජු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ශ්‍රී කීර්ති ශ්‍රී රාජසිංහ 1747-1782 වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
කීර්ති ශ්‍රී රාජසිංහ රජු
සිංහලේ රජ
රාජ්‍ය කාලය 1747 අගෝස්තු 11 - 1782 ජනවාරි2
ඔටුනු පැලඳීම 1750
පූර්වප්‍රාප්තිකයා විජයරාජසිංහ රජු
අනුප්‍රපාප්තිකයා රාජාධි රාජසිංහ රජු
වල්ලභ වූයේ නාඩුකට්ටු සාමි නායක්කර්ගේ දියණිය, තවත් නායක්කර් කුමරියන් තිදෙනෙක් සහ යකඩ දෝලිය
රාජකීය දරුවෝ පුතුන් දෙදෙනෙක් සහ දූවරු සයදෙනෙක්
රජ පෙළපත මහනුවර නායක්කාරවරු
පියා නාරෙනප්පා නායක්කර්

කීර්ති ශ්‍රී රාජසිංහ යනු විජයරාජසිංහගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයාය. ඔහු පැමිණියේ 'මදුරෙයි' නගරයෙනි. ඔහු සිහසුනට උරුමකම් ලැබූ තවත් මස්සිනා කෙනෙකු වූයේ එපරිද්දෙනි. එමෙන්ම ඔහු දකුණු ඉන්දීය රජ පෙළපතේ දෙවැන්නාය. කීර්ති ශ්‍රී රාජසිංහ ඔහුගේ මස්සිනාගෙන් පසු රජු බවට පත් වන විට සියුමැලි තරුණයෙකි. ඔහුට සිහසුනේ උරුමය ලැබුණේ 1751 වර්ෂයේදී ය.

ඔහුගේ පාලන යුගයේ මුල් කාලය, කැප කළේ සාහිත්‍යය සහ ආගමික කටයුතුවල අභිවෘද්ධිය පිණිසයි. ලන්දේසීන්ගේ ද උදව් ලබාගෙන බුද්ධාගමේ දියුණුව සඳහා සියමෙන් (තායිලන්තයෙන්) භික්ෂූන් වහන්සේලා ගෙන්වා ගත්තේය. මහනුවර රජමහා විහාරය (ගංගාරාමය) තැනවූයේය. දන්ත ධාතුන් වහන්සේ උදෙසා දැනට දක්නට තිබෙන ඇතුළු විහාරයක් ද තනවා සිව්වැනි වික්‍රමබාහු රජුගේ සිට ඔහුගේ රාජ්‍ය කාලය දක්වා මහාවංශයේ විස්තරය සම්පූර්ණ කිරිමට ද කටයුතු යෙදුවේය.

ලන්දේසි බලකොටුවලට පහර දීම[සංස්කරණය]

1761 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මාතර, කටුවන, තංගල්ල, මාරකඩේ සහ ඌරුබොක්ක යනාදී ස්ථානවල පිහිටි ලන්දේසි බලකොටු සහ මුර පලවල්වලට පහර දී ඒවා විනාශ කොට ලන්දේසීන් ඝාතනය කළේය. යටත් වූ අය සිර ගත කළහ.

මෙම අවමානයට පළිගැනීමක් වශයෙන් නව ආණ්ඩුකාරයා ලෙස පත් වී පැමිණි වැන් එක්, මහනුවරට පහර දීම සඳහා කඩිනමින් සැළසුම් කළේය. එහෙත් ආරක්ෂක උපක්‍රම සහ සේනාවන්ගේ දුර්වලත්වය හේතුවෙන් ආක්‍රමණය සාර්ථක නොවීය. නැවතත් ඔව්හු 1764 දී සහ 1765 දී ද පහර දුන්හ. 1763 වර්ෂයේ මුල ලන්දේසීහු තමන්ගේ බලය තහවුරුකර ගැනීමේ පමණක් යෙදී සිටි අතර ඔවුන් යටත් කර ගත් ප්‍රදේශවලින් උඩරට වැසියන් ක්‍රමයෙන් පලවා හරිමින් සිටියහ. 1763 වර්ෂය පුරා දිගටම සාමය අපේක්ෂා කරමින් රජතුමා ඔහුගේ නියෝජිතයින් ලන්දේසීන් වෙත යැව්වේ කොන්දේසි සාකච්ඡා කිරීම සඳහාය. රජු විසින් තුන් කෝරළය, හතර කෝරළය සහ හත් කෝරළය සහ පුත්තලම පවරා දී මුහුදු බඩ පෙදෙස් සම්පූර්ණයෙන්ම භාර දෙනු ඇතැයි ලන්දේසි ආණ්ඩුකාරයා බලාපොරොත්තු විය. එහෙත් රජතුමා මෙම ඉල්ලිම්වලට එකඟ කරවා ගත නොහැකි විය. ඔහුගේ රාජ්‍යයේ ස්වාධීනත්වයට හානිවන කිසිවක් කිරිමට රජු එකඟ නොවීය. රජු එකඟත්වයට පැමිණීම හිතා මතාම ප්‍රමාද කළේය. එසේ කළේ මදුරාසියේ සිටි ඉංග්‍රීසීන්ගේ උදව් ලැබේ යයි බලාපොරොත්තුවෙනි. 1762 දී ඔහු ඒ සම්බන්ධයෙන් ජෝන් පයිබස් සමග සාකාච්ඡා සහ අදහස් හුවමාරු කරගෙන තිබුණේය.

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]