ශ්‍රී ලංකාවේ භාෂා
ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් සිංහල භාෂාව භාවිතා කරන රටකි. ශ්‍රී ලංකාව දිගු හා සංකීර්ණ ඉතිහාසයකට හිමිකම් කියන ජාතීන් ගණනාවක් ම ජීවත්වන රටක් නිසා භාෂා සහ උප භාෂා ගණනාවක් ඇත. අසල්වැසි ඉන්දියාව ඇතුළු පෘතුගාලය, නෙදර්ලන්තය, බ්‍රිතාන්‍ය සහ මැලේසියාව වැනි රටවල බලපෑම් ද ශ්‍රී ලංකා භාෂාව තුල දැකගත හැකි වෙයි.
භාවිතා වන භාෂා සහ උප භාෂා
[සංස්කරණය]සිංහල භාෂාව
[සංස්කරණය]ප්‍රධාන වශයෙන් සිංහල ජනතාව, නැගෙනහිර නොවන මරක්කල ජනතාව, වැදි ජනතාව, මැලේ ජනතාව සහ චීන සම්භවයක් සහිත ජනතාව විසින් භාවිතා කරයි. සිංහල භාෂාව පුරාණ බ්‍රාහ්මීය ප්‍රභවයන්ගෙන් සම්භවය වූ භාෂාවක් වෙයි
- දකුණේ සිංහල උප භාෂාව
- උඩරට සිංහල උප භාෂාව
- වැදි උප භාෂාව
- රජරට උප භාෂාව
දෙමළ භාෂාව
[සංස්කරණය]ප්‍රධාන වශයෙන් දෙමළ සහ මරක්කල ජනතාව විසින් භාවිතා කරයි
- යාපනේ දෙමළ උප භාෂාව
- වතුකර දෙමළ උප භාෂාව
- නැගෙනහිර මරක්කල උප භාෂාව
මැලේ භාෂාව
[සංස්කරණය]ප්‍රධාන වශයෙන් ඉන්දුනීසියානු සම්භවයක් සහිත ජනතාව විසින් භාවිතා කරයි
ඉංග්‍රීසි භාෂාව (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි උප භාෂාව)
[සංස්කරණය]ශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසි භාෂාව වර්තමානය වන විට බහුලව භාවිතා වෙයි. ජාත්‍යන්තරය සමග බැඳෙන සූචක භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව පිලි ගැනේ.
මලයාලි භාෂාව
[සංස්කරණය]ප්‍රධාන වශයෙන් අහිකුණ්ඨීක ජනතාව විසින් භාවිතා කරයි
අප්‍රිකානු භාෂාවක්
[සංස්කරණය]සිරම්බිඅඩි ප්‍රාදේශයේ අප්‍රිකානු සම්භවයක් සහිත ජනතාව විසින් භාවිතා කරයි
නෛතික භාෂා
[සංස්කරණය]- ජාතික භාෂා - සිංහල සහ දෙමළ
- රාජ්‍ය භාෂා - සිංහල සහ දෙමළ
- සන්ධාන භාෂාව - ඉංග්‍රීසි
- ඉගැන්වීමේ මාධ්‍යය - සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට හිමිකම ඇත.
- පරිපාලන භාෂාව - සිංහල සහ දෙමළ
- පොදු ලේඛන තබාගැනීමේ භාෂාව - සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව හෝ ජනාධිපතිවරයා විසින් විධානකරන වෙනත් භාෂාවක්
- නීති පැනවීමේ භාෂාව - සිංහල සහ දෙමළ (ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයක් ද සහිතව)
- අධිකරණයේ භාෂාව - සිංහල හෝ දෙමළ හෝ එම භාෂා දෙක ම