E03 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්
 E03 
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය
ගුවන්තොටුපළ අධිවේගී මාර්ගය
ගමන් මං තොරතුරු
නඩත්තු කිරීම - මාර්ග සංවර්ධන අධිකාරිය
දිග:25.8 කිමී[1] (16.0 සැත)
පැවැත්ම:27 ඔක්තෝබර් 2013 (2013-10-27) සිට මේ දක්වා
ඉතිහාසය:2013 ඔක්තෝබර් 27 දින විවෘත කරන ලදී
ප්‍රධාන මං සන්ධි
උතුරු අවසන:බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ මීගමුව නගරය
 අන්තර්හුවමාරුව 4 → ජා-ඇල
අන්තර්හුවමාරුව → කෙරවලපිටිය (මේ මොහොත වන විට ක්‍රියාත්මක නැත) -  E02  කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය
අන්තර්හුවමාරුව 2 → පෑලියගොඩ සමඟ සම්බන්ධ වේ
දකුණු අවසන:නව කැළණි පාලම සහ කොළඹ නගරය
මහා මාර්ග පද්ධතිය
ශ්‍රී ලංකාවේ E ශ්‍රේණියේ මාර්ග

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ශ්‍රී ලංකාවේ දෙවනුවට ඉදි කළ E වර්ගයේ මාර්ගයයි.[1] කිලෝ මීටර 25.8ක් දිග මාර්ගය ශ්‍රී ලංකාවේ වාණිජ අග නගරය හා කටුනායක පිහිටි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සම්බන්ධ කරමින් දිවෙයි.[2] මාර්ගයේ වැඩ කටයුතු 2009 ඔක්තෝම්බරයේදී ඇරඹූ අතර 2013 ඔක්තෝම්බර් 27 වන දිනදී අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මාර්ගය විවෘත කොට ජනතා ගත කරන ලදී.[3] මාර්ගයේ කොළඹ සිට පෑලියගොඩ දක්වා කොටස මං තීරු 6 කින් සමන්විත වන අතර පෑලියගොඩ සිට කටුනායක දක්වා කොටස මං තීරු 4 කින් සමන්විතය.[4]

ව්‍යාපෘතිය සඳහා සමස්ථ වියදම ඇඩො මිලියන 300 ඉක්මවූ අතර එම මුදලෙන් වැඩි ප්‍රතිශතයක් චීනයේ එක්සිම් බැංකුවද, ඉතිරි මුදල ශ්‍රී ලංකා රජය විසින්ද දරණ ලදී.[5]

මාර්ගයේ පළමු කිලෝ මීටර 8 සඳහා වේගය පැයට කි.මී. 80 වේ. මාර්ගයේ අනෙක් ඉතිරි කොටස සඳහා වේගය පැයට කි.මී. 100 වේ. අධිවේගී මාර්ගය සතුව පාලම් 42 ක්ද බෝක්කු 88 ක්ද පවතී. හුනුපිටියේ මීටර 480 ක් දිග බෝක්කුවක්ද ඒ අතර වේ.[6] මෙම අධිවේගී මාර්ගය භාවිතයෙන් ජනතාවට කොළඹ සිට කටුනායක දක්වා ගමන් කිරීමට වැය වන්නේ මිනිත්තු 20 කටත් වඩා අඩු කාලයකි.

මෙම E03 අධිවේගී මාර්ගයේ කොළඹ සහ සංචාරක ගමනාන්තයක් වූ මීගමුව නගරය වෙත ගමන් ගැනීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලං.ග.ම.) විසින් සුඛෝපභෝගී බස් රථ සේවාවක්ද එක්කරන ලදී.


ඉතිහාසය[සංස්කරණය]

ශ්‍රී ලංකා රජය විසින් මාර්ගය ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව China Metallurgical Group Corporation (MCC) හට ලබා දුන් අතර ඒ පිළිබඳ ගිවිසුම් කටයුතු 2008 අගෝස්තු 17 වන දින සිදු කරන ලදී. ව්‍යාපෘතියේ ණය ගිවිසුම් සඳහා අත්සන් තැබුනේ 2009 අගෝස්තු 6 වැනි දායී.[6]2013 ඔක්තෝම්බර් 27 වන දිනදී අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මාර්ගය විවෘත කෙරිණි.[7]

අන්තර්හුවමාරු[සංස්කරණය]

  1. නව කැළණි පාලම අන්තර්හුවමාරුව
  2. පෑලියගොඩ අන්තර්හුවමාරුව
  3. කෙරවලපිටිය අන්තර්හුවමාරුව (මේ මොහොත වන විට ක්‍රියාත්මක නැත) ( කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය සමග සම්බන්ද වෙයි)
  4. ජා-ඇල අන්තර්හුවමාරුව
  5. කටුනායක අන්තර්හුවමාරුව[1]

ගාස්තු[සංස්කරණය]

කුඩා වර්ගයේ රථ වාහන සඳහා

  1. පෑලියගොඩ - ජා-ඇල - රු. 200
  2. ජා-ඇල - කටුනායක - රු. 200
  3. පෑලියගොඩ - කටුනායක - රු. 300

විශාල රථ වාහන සඳහා

  1. පෑලියගොඩ - ජා-ඇල - රු. 300
  2. ජා-ඇල - කටුනායක - රු. 300
  3. පෑලියගොඩ - කටුනායක - රු. 600

පුද්ගලික සුඛෝපභෝගී බස් රථ ගාස්තු

  1. කොළඹ - කටුනායක - රු. 110 (මාර්ග අංක : 187 E-03)
  2. කොළඹ - මීගමුව - රු. 115 (මාර්ග අංක : 240 E-03)
  3. කොළඹ - හලාවත - රු. 210 (මාර්ග අංක : 04 E-03)

ශ්‍රී ලං.ග.ම./පුද්ගලික අධි සුඛෝපභෝගී බස් රථ ගාස්තු

  1. කොළඹ - කටුනායක - රු. 120 (මාර්ග අංක : 187 E-03)
  2. කොළඹ - මීගමුව - රු. 120 (මාර්ග අංක : 240 E-03)

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 "The Salient Features of Colombo-Katunayake Expressway". Road Development Authority. සම්ප්‍රවේශය 2013-10-21. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "RDA" defined multiple times with different content
  2. "VIDEO: President inspects Colombo-Katunayake expressway". Adaderana.lk. 2012-08-16. සම්ප්‍රවේශය 2012-10-22.
  3. "Colombo-Katunayake Expressway declared open". Ministry of Defence and Urban Development. 2013-10-27. සම්ප්‍රවේශය 2013-10-27.
  4. "Features | Sundayobserver.lk - Sri Lanka". Sundayobserver.lk. 2012-06-24. සම්ප්‍රවේශය 2012-10-22.
  5. "Sri Lanka News | Online edition of Daily News - Lakehouse Newspapers". Dailynews.lk. 2012-07-11. සම්ප්‍රවේශය 2012-10-22.
  6. 6.0 6.1 http://www.dailynews.lk/2013/03/16/news14.asp
  7. "Colombo-Katunayake Expressway declared open". Ministry of Defence and Urban Development. 2013-10-27. සම්ප්‍රවේශය 2013-10-27.