වෙනත් සංවර්ධන

විකිපීඩියා වෙතින්

වෙනත් සංවර්ධන

1973 දී පැට්‍රික් වයිට් සාහිත්‍යය සදහා වු නොබොල් ත්‍යාගය දිනාගැනීමත් සමග, ඕස්‍ට්‍රේලියානු සාහිත්‍යය එහි කුටප්‍රාප්තිය කරා ලගා වු බව පොදු මතයයි. පැට්‍රික් වයිට්, එසේ නොබෙල් සාහිත්‍යය ත්‍යාගය දිනු පලමුවෙනි සහ (මෙතෙක්) එකම ඕස්ට්‍රේලියානු ජාතිකයා වේ.

2003 දි නොබෙල් සාහිත්‍යය ත්‍යාගලාභි ‍ජෝන් එම්. කෝටේසි (John M. Coetzee) දකුණු ඕස්ට්‍රේලියාවේ. ඇඩ්ලේස්හි ජීවත් වුව ද, ඔහුගේ උපන් බිම දකුණු අප්‍රිකාව වන බැවින් ඔහු සැලකනේනේ අප්‍රිකානු ජාතිකයෙකු ලෙසයි.

පිටර් කේරි, කේට් ග්‍රෙන්විල්, ඩේවිඩ් මාලුෆ්, ජැනෙට් වර්නර් හොස්පිටල් හා ටිම් වින්ටන් 70 දශ‍කයෙන් පසු ඕස්ට්‍රේලියාවෙන් බිහි වු විශ්ෂ්ට කතුවරැන් වේ.

ජේම්ස් ක්ලැවෙල්, 'ද ඒහියන් සාගා වේදි ඕස්ට්‍රේලියානු සාහිතයයේ ප්‍රධාන අංගයක් සාකච්ඡාවට ලක් කරයි. එනම් (නෙවිල් ෂුට් කල පරිදි) අපරදිග දෘෂ්ඨිකෝණයකින්, පෙරදිග සංස්කාතිකාංග විදහා දැක්වීමයි. සාර්තක තිර රචකයෙකු ද වු ක්ලැවෙල්, 'ෂින්ඩ්ලර්ස් ලිස්ට් චිත්‍රපටය පදනම් වුනු ෂින්ඩ්ලරස් ආර්ක් ග්‍රන්ථයේ කතුවරයා වු බ්‍රකර් ත්‍යාගලාභි තෝමස් කෙනෙලි (Thomas Keneally) සමග ඕස්ට්‍රේලියානු සාහිත්‍යයේ තේමාවන් වඩාත් පුළුල් කිරිමට පෙරමුණ ගත් කතුවරයෙකු වේ.

ජාත්‍යයන්තර තේමාවන් භාවිතා කල තවත් ඕස්ට්‍රේලියානු කතුවරැන් ලෙස ජේරාඩ් වර්නාත් සහ බ්‍රෙන්ඩා වෝකර් හැදින්විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=වෙනත්_සංවර්ධන&oldid=472114" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි