විලාසිතා-වානිජ ඇඳුම් නිෂ්පාදය සඳහා මෝස්තර

විකිපීඩියා වෙතින්


කාර්මික මෝස්තර නිර්මාණය ආරම්භවන්නේ නිර්මාණකරුවගේ දර්ශනයට වඩාත් ආසන්න දැනට තිබෙන මෝස්තර අච්චුවකිනි. මෝස්තරය ඊට සුවිශේෂී කඩදාසියක කපා සිදුරු විද විශේෂිත කොකු ආධාරයෙන් එල්ලනු ලබයි. මුලින්ම එහි නිරවද්‍යතාවය පරීක්‍ෂාකර බලා නිදර්ශක රෙදිපිලි යොදාගනිමින් නිර්මාණය කරන ඇඳුම හැඳ බලනු ලබයි. නිර්මාණකරුවා විසින් මෝස්තරය සඳහා අනුමැතිය ලබාදුන් පසු සාම්පල කිහිපයක් වෙළඳපොළ වෙත නිකුත් කරනු ලබන අතර ගැනුම්කරුවන්ට මිළදී ගැනීම සඳහා වෙළඳපොළවල් වෙත යවනු ලැබේ. විලාසිතාවට අළෙවිකරණ ශක්‍යතාවක් ඇති බව පෙනී ගියපසු මෝස්තරය කාර්මිකව යොදාගනු ලබන පරිඝනක වැඩසටහ් මඟින් විවිධ ප‍්‍රමාණයන්ට අනුව සකසනු ලබයි. ශ්‍රේණිගත කිරීම්වලින් අනතුරුව එක් එක් ප‍්‍රමාණයේ නිවැරදි මිනුම් පිලිබඳව තහවුරු කරගනිමින් සියළුම සුළු වැරදි පවා නිවැරදි කිරීමට ලක්කිරීමෙන් අනතුරුව නිෂ්පාදනය සඳහා අවසර ලබාදෙනු ලබයි. නිෂ්පාදන සාමාගම විලාසිතාව නිෂ්පාදනය කිරීමට සූදානම් වූ පසු පරඝනකගත කි‍්‍රයාවලියක් මඟින් මහාපරිමාණයෙන් ඇඳුම් නිෂ්පාදනය සිදුකරනු ලබයි. විලාසිතාව විකිණීමෙන් පසු එය ඉතා ජනපි‍්‍රය බව පෙනී ගියහොත් එකී විලාසිතාව අච්චුවක් බවට පත්වනු ඇති අතර අනාගත මෝස්තර පරම්පරාවන් රැසක් ඒ අනුව යමින් එය වැඩිදියුණු කරමින් නිර්මාණය වනු ඇත.