වියරණ

විකිපීඩියා වෙතින්

ඕනෑ භාෂාවක පැවැත්ම රඳා පවතින්නේ ඒ භාෂාව සම්බන්ධයෙන් ඇති නීති රීති, සම්මතයන් මතයි. ඒ නීති රීති සම්මත විනාශ වුවහොත්, එහෙමත් නැතිනම් භාෂාව භාවිත කරන අයගෙන් ඒ නීති රීති අතහැරුණොත් ඒ භාෂාව විනාශ වී යනවා.ඉතින් මේ නීති රීති, සම්මතයන් හඳුන්වන පොදු නාමය තමයි වියරණ හෙවත් ව්යාාකරණ කියා නම් කරන්නේ. භාෂාවේ විවිධ අංග, විවිධ රටා භාවිතා කළ යුතු නිවැරදි ක්රාමය නම් මේ යැයි පෙන්වා දෙන්නේ වියරණ මගින්. එබැවින් භාෂාව නිවැරදිව භාවිතා කිරීමට නම් භාෂාවේ ඇති වියරණ හොඳින් අවබෝධ කරගත යුතු වෙනවා. අවබෝධ කරගත් වියරණ භාෂා භාවිතයේ දී යොදා ගැනීමට පුරුදු වීමත් අනිවාර්යයි.

"https://si.wikipedia.org/w/index.php?title=වියරණ&oldid=264887" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි