විදුලි සංදේශනය

විකිපීඩියා වෙතින්

පරාවලයික සන්නිවේදන චන්ද්‍රිකා ඇන්ටෙනා යනු චන්ද්‍රිකා සන්නිවේදනයේ විශාල පහසුකමකි .එය ජර්මනියේ ,බවාරියා ,රෙස්ටින් වල දක්නට ඇත
අන්තර්ජාලයේ කොටසක විවිධ උළුපු(routers) opte ව්‍යාපෘතියට අනුව දර්ශනය වන ආකාරය

විදුලි සංදේශනය යනු විද්‍යුත් සංඥා සහ විද්‍යුත් චුම්භක ආධාරයෙන් දුරස්ථ සන්නිවේදන සැපයීමයි.[1][2][3][4][5][6] පෙර විදුලි සංදේශ තාක්ෂණික උපක්‍රමයන් ලෙස දෘශ්‍ය සංඥා යොදා ගෙන ඇත .ඒවා ගිනි මැල, දුම් සංඥා, සංඥා දීම,විදුලි ලිපි , සංඥා කොඩි ,සහ ප්‍රකාශ සුර්ය තාප දර්ශක ලෙස දැක්විය හැක.වෙනත් පෙර පැවති නවීන විදුලි සංදේශන ලෙස ශ්‍රව්‍ය පණිවිඩ එනම් බෙර වාදන, හොරණෑ ,නලා හඩවල් හදුන්වා දිය හැක.විද්‍යුත් සහ විද්‍යුත් චුම්බක විදුලි සංදේශන ලෙස විදුලි ලිපි, දුරකථනය ,දුර පණිවිඩ මුද්‍රණ යන්තය ,ජාල ,ගුවන් විදුලිය,සුක්ෂම තරංග පරිවහනය , .ප්‍රකාශ තන්තු ,සන්නිවේදන චන්ද්‍රිකා සහ අන්තර්ජාල හදුන්වා දිය හැක.

1897 දී වයර් රහිත විදුලි සන්දේශනයේ මහත් විපර්යාසයක් ඇති කරමින් ගුග්ලිමෝ මාර්කෝනි (Guglielmo_Marconi) විසින් ගුවන් විදුලිය නිපදවමින් පුරෝගාමි සංවර්ධනයක් ඇති කරවීය .ඔහු 1909 දී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගත්තේය.වෙනත් විද්‍යුත් සහ විද්‍යුත් චුම්භක විදුලි සන්නිවේදනයේ උසස් විශිෂ්ට පුරෝගාමී නිෂ්පාදකයන් ලෙස චාර්ල්ස් වෙට්ස්ටෝන් (Charles Wheatstone ) සහ සැමුවෙල් මොර්ස් (Samuel Morse )ඇලෙක්ස්සැන්ඩර් ග්‍රැහැම් බෙල් (Alexander Graham bell ) (දුරකථනය ),එඩ්වින් ආම්ස්ට්‍රෝන් (Edwin Armstrong ) සහ ලී ද ෆොරෙස්ට් (lee De Forest )ඒ වගේම ජෝන් ලොගී බෙයාර්ඩ්(John Logie Baird ) සහ පිලෝ ෆාර්න්ස්වොර්ත්(Philo Farnsworth) (රූපවාහිනිය )හදුන්වා දිය හැකිය.

1986 දී පෙටාබයිට්ස් (petabytes)281 තොරතුරු ධාරිතාවයක් යටතේ ලොව ඵලදායි ලෙස ද්වීථියික සන්නිවේදන ජාල හරහා තොරතුරු හුවමාරු කරගැනීමට හැකිවුනි.එය දී පෙටාබයිට්ස් 471 විය .2000 දී එක්සාබ්යිට්ස් (exabytes) 2.2විය .සහ 2007 දී එක්සාබයිට්ස් 65 ක් විය (විද්‍යුත් සම්පීඩිත). 1986 දී මෙය එක් පුද්ගලයෙක් සඳහා දිනකට ඇති පුවත්පත් ගණන හා සමාන වේ .මේ වර්ධනය අනුව විදුලි සන්දේශනය ලොව ආර්ථිකය තුල සහ විශ්ව සන්නිවේදනය තුල විශාල කර්තව්‍යක් සිදු කරන බව පෙනී යයි.2012 දී ව්‍යාපාරික අංශයේ එය ඩොලර් ට්‍රිලියන 4.7 ක් විය.[7][8] 2010 දී මෙම සේවා ආදායම විශ්ව සන්නිවේදන ව්‍යාපාරික අංශයේ ඩොලර් ට්‍රිලියන 1.5 වනු ඇතැයි තක්සේරු කර ඇත.එය ලෝකයේ දල දෙශීය නිෂ්පාදිතයෙන් 2.4 % කට අනුරූපව ගණන් බලා ඇත .[7]

ශබ්ද නිෂ්පත්තිය[සංස්කරණය]

විදුලි සන්නිවේදනය යන නාමය යොදාගනු ලැබුයේ ප්‍රංශ යෙනි.[5]එය ග්‍රීක් භාෂාවෙන් ටෙලි යන උපසර්ගයක් සමග එක්ව යෙදූ සංයෝගයකි . ටෙලි යන්නෙහි අර්ථය වන්නේ "දුරස්ථ" යන්න වේ.ලතින් භාෂාවෙන් එහි අදහස වන්නේ "බෙදා හැරීම "වේ .1904 දී ප්‍රංශ ජාතික ඉංජිනේරුවරයෙකු සහ නවකතාකරුවකු වන එඩෝආර්ඩ් එස්ටනි (Édouard Estaunié) විසින් ප්‍රංශ භාෂාවෙන් විදුලි සංදේශනය යන නාමය අර්ථය ගැන්වුයේ "Télécom ParisTech" ලෙසය. එහි අදහස වන්නේ "École nationale supérieure des télécommunications"වේ .

ඉතිහාසය[සංස්කරණය]

පුරාණ පද්ධති[සංස්කරණය]

ග්‍රීක් ජල ශක්තියෙන් වැඩකරන සංඥා දීමේ පද්ධති භාවිතයට ගත්තේ ක්‍රි .පූ 4 වන ශතවර්ශයට පෙර සිටය .ජලය පිරවූ බඳුන් සහ දෘශ්‍ය සංඥා භාවිතයට ගෙන ජල ශක්තියෙන් ක්‍රියාකරන සංඥා දීමෙන් ප්‍රකාශ විදුලි ලිපි සඳහා මූලාරම්භයක් සැපයුණි.කොහොම නමුත් ඔවුන්ට හැකිවුයේ ඉතා කුඩා පරාසයක කලින් පණිවිඩ ප්‍රයෝජනයට ගැනීම පමණකි.ඒවගේම ඒවැනි සියලු විදුලි ලිපි ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගත හැකි වුයේ හොඳ දෘශ්‍ය තත්වයන් යටතේ පමණි .

මධ්‍ය අවධිය වනවිට ගිනි මැල දාම පොදුවේ භාවිතයට ගනු ලැබුයේ කඳුකර ප්‍රදේශවල සංඥාවන් සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහාය .ගිනි මැල භාවිතා කරගෙන යැවීමට හැකිවුයේ කුඩා ප්‍රමාණයක සංඥා ප්‍රමාණයක් නිසා එය අවාසියක් විය .

සතුරා දර්ශනය විය" යන පණිවිඩය මේ සම්භන්ධයෙන් උදාහරණ ලෙස ගත හැක. ස්පාඤඤ නාවික යාත්‍රා සමූහය ගිනි මැල දාම භාවිතයට ගැනීම එක් විශිෂ්ට උදාහරණයකි .ප්ලය්මුත් දෙසින් ලන්ඩනයට සංඥාවක් ලැබුනවිට එමගින් කියවෙන්නේ ස්පාඤඤ නැව් සඳහා පිවිසීමට සංඥාවක් ලැබුන බවය .

මධ්‍යම අවදියේ සිට එන පද්ධති[සංස්කරණය]

ජර්මනියේ නල්බච්(Nalbach) හි චප්පේගේ සිග්නල් දීමේ කුළුන

1972 දී ප්‍රංශ ජාතික ඉංජිනේරුවරයෙකු වන ක්ලව්ඩ් චප්පේ (Claude Chappe )ලිල්ලෙ සහ පැරීසිය අතර ප්‍රථම ස්ථිර දෘශ්‍ය විදුලි ලිපි පද්ධතිය ගොඩ නැන්විය. කොහොමනමුත් ගිනි මැල දාම පද්ධතිය දක්ෂ මෙහෙයවන්නන් සොයාගැනීම අතින් දුෂ්කර සහ කිලෝ මීටර් 10-30 අතර දුර ප්‍රමාණ කුළුණු සොයාගැනීම අතින් දුෂ්කරය . 1880 දී විද්‍යුත් විදුලි ලිපි තරඟකාරීත්වය හේතුවෙන් යුරෝපය විසින් ස්වීඩනයේ ස්ථාපිත අවසාන වාණිජ්‍යය සංඥාදීමේ ක්‍රමය අත්හිටවනු ලැබුවා.

විදුලි ලිපි සහ දුරකථනය 1726 දී ආරම්භ කරන ලද විදුලි බලය සමගින් සන්නිවේදනය නම් පරීක්ෂණයක් ආරම්භයේදීම අසාර්ථක වුණි .ඒ සඳහා ලැප්ලේස්(Laplase) අම්පියෙර් (Ampere) සහ ගෝස් (Gauss) සම්භන්ධ වුණි .1837 ජනවාරි ප්‍රායෝගික විද්‍යුත් විදුලි ලිපි යෝජනා කරනු ලැබුයේ විලියම් ෆොතර්ගිල් කුකී (william Fothergill Cooke )විසිනි .එය පවතින විද්‍යුත් චුම්භක විදුලි ලිපි වර්ධනයක් වනු ඇතැයි ඔහු සිතුවේය .1838 දී චාර්ල්ස් වෙට්ස්ටෝන් (Charles Wheatstone ) සම්භන්ධ කරගෙන සූචක පහකින් සහ වයර් හයකින් සම්න්විත වන ලෙස ඔහු එය සංවර්ධනය කළේය . පෙර පැවැති විදුලි ලිපි භාවිත කලේ වයර් කිහිපයක් සම්භන්ධිත සූචක දර්ශක කිහිපයක් පමණි .

ඇමරිකාවේ ව්‍යාපාරිකයෙක් වන සැමුවෙල් එෆ්. බී.මොර්ස් (Samuel F .B Morse ) සහ භෞතික විද්‍යාඥයෙක් වනජෝශප් හෙන්රි (Joseph Henry) ඔවුන්ගේම විද්‍යුත් විදුලි ලිපි වල සරල සංස්කරණයක් සංවර්ධනය කළෝය. එය 1837 දෙසැම්බර් එලි දැක්වුවා. විදුලි ලිපි සඳහා මොර්ස්ගේ වැදගත්ම තාක්ෂණික දායකත්වය වුයේ සරල සහ උසස් ඵලදායි මොර්ස් කේතය නම් නිපැයුම වේ .ඔහු ඒ සඳහා ඔහුගේ සහායක ඇල්ෆ්‍රඩ් වේල් (Alfred Vail) සහභාගි කරවා ගත්තේය .එය වෙට්ස්ටෝන් ගේ (Wheatstone) පද්ධතියට වඩා වැදගත්කමක් ඉසිලීය . එයට අවශ්‍ය වුයේ වයර් දෙකක් පමණි . අවුරුදු 100 පුරා මොර්ස් කේතයේ භාවිතය එහි සන්නිවේදන ඵලදායිතාවය පෙන්නුම් කලේ අංකන සන්නිවේදනයේ හෆ්මන්ගේ කේතය (Huffman Code) පැමිණෙන තුරුය .මොර්ස් සහ වේල්සංවර්දනය කල කේතය කුඩා කේත වලින් සහ සමීප අකුරු වලින් නිමවා තිබුණි .

1866 ජූලි 27 වන දින අත්ලාන්තික් සාගරය හරහා පළමු සථිර විදුලි ලිපි කේබලය යවන ලද්දේ පළමු වරට විද්‍යුත් සන්නිවේදන පහසුකම ඉඩ සලසමිනි .[9]මීට පෙර 1859 දී අත්ලාන්තික් සාගරය හරහා මෙහෙයවනලද කේබල් පැවතියේ මාස කිහිපයක් පමණි.එය ඇමරිකාවේ ජනාධිපති ජේම්ස් බුචානන් (James Buchanan )සහ එක්සත් රාජධානියේ වික්ටෝරියා රැජිණ අතර ආචාර පණිවුඩ හුවමාරුව සඳහා යොදාගෙන තිබුණි .

කොහොමනමුත් පළවෙනි අත්ලාන්තික් සාගරය හරහා කේබලය අසාර්ථක වුණේ ඇමෙරිකානු සිවිල් යුද්ධය හේතුකොටගෙන ව්‍යාපෘතිය අවුරුදු 5 කට කල් දැමීමත් නිසාවෙනි.පළමු අත්ලාන්තික් සාගරය හරහා දුරකථන කේබලය 1956 වනතුරු ක්‍රියාත්මක නොවුණි . ඊට අවුරුදු 6 කට පෙර පමණක් පළමු වාණිජ විදුලි සන්නිවේදන චන්ද්‍රිකාව වන ටෙල්ස්ටාර් (Telstar) අවකාශයට මුදාහැර ඇත .[10]

1876 මාර්තු ඇලෙක්ස්සැන්ඩර් ග්‍රැහැම් බෙල් (Alexander Graham Bell) විසින් නිපදවූ දුරකථනය මේ වනවිට ලොව සම්ප්‍රදායානුකුල ලෙස ව්‍යාප්ත වී ඇත.[11]දුරකතනයේ පළමු පේටන්ට් අයිතිය හිමි වුයේ බෙල් ටය .ඉන් පසුව අනෙකුත් විද්‍යුත් දුරකථන උපකරණ සහ අංග සඳහා පේටන්ට්ස් බිහිවුණි.විද්‍යුත් දුරකතන නිෂ්පාදන සඳහා සම්මාන සැමවිටම විවාදයට ලක්වුණි . ඒවගේම කාලෙන් කාලෙට නිපදවීම් සම්භන්දයෙන් අලුත් මතභේද පැණනැගුණි.ඒවගේම අනෙකුත් විශේෂ නිපදවීම් වන ගුවන් විදුලිය,රූපවාහිනිය ,බල්බය සහ අංකන පරිඝනකය සඳහා නිෂ්පාදකයින් කිහිප දෙනෙක් සිටියහ .ඔවුන් පුරෝගාමී වී වයර් තුලින් ශබ්ද සම්ප්‍රේෂණය කිරීම පිළිබද මුලික පරීක්ෂණ සිදු කර පසුව එකිනෙකාගේ අදහස් හුවමාරු කර ගත්හ .කොහොමනමුත් ප්‍රධාන සහ පළමු නිපැයුම්කරුවන් වුයේ බෙල් දුරකථන සමාගම ගොඩ නැන්වූ ඇලෙක්ස්සැන්ඩර් ග්‍රැහැම් බෙල් සහ කාඩිනර් ග්‍රීන් හබර්ඩ් (Cardiner Greene Hubbard ) ය.ඇමරිකාවේ බෙල් සමාගම පසුව ඇමරිකාවේ දුරකථන සහ විදුලි ලිපි (AT & T )සමාගම ලෙස විකාසයට පැමිණුනි .එය ලොව විශාලම දුරකථන සමාගම විය .

1878 සහ 1879 පළමු වෙළද දුරකථන සේවාව අත්ලාන්තිකයේ සියලුම නගර වල නව මුහුණුවරකින් ව්‍යාප්ත වුණි .එය නව එංගලන්ත රාජ්‍ය , ලන්ඩන් ,එංගලන්තයේ ද ව්‍යාප්ත වුණි.[12][13]

ගුවන් විදුලිය සහ රූපවාහිනිය[සංස්කරණය]

The RCA 630-TS, පළමු මහා පරිමාණ රූපවාහිනී නිපැයුම 1946 to 1947.

1832 දී ජේම්ස් ලින්ඩ්සේ (James Lindsay)විසින් සන්නයනය කරන ලද ජලය හරහා වයර් රහිත විදුලි ලිපි යැවීමේ ක්‍රමය තම ශිෂ්‍යයන් හට ප්‍රදර්ශනය කළේය .ඔහුට 1854 දී ස්කොට්ලන්තයේ කිලෝමීටර් 3 ක වෙනසක් ඇති ඩන්ඩී නම් නගරයේ සිට වුඩ්හෙවන් නම් නගරය වෙත පරිවහන මාධ්‍ය ලෙස ජලය යොදාගෙන ටේ නම් මෝය හරහා සම්ප්‍රේෂණය සිදු වන ආකාරය පෙන්නුම් කිරීමට හැකිවිය.1901 දෙසැම්බර් මාසයේ ගුග්ලිමෝ මාර්කෝනි විසින් ශාන්ත ජෝන් නිව්ෆවුන්ඩ් සහ පොල්දු කොර්න්වොල් අතර වයර් රහිත සන්නිවේදනය ස්ථාපිත කරවූයේ 1909 දී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයද ලබා දෙමිනි .ඔහු එය කාර්ල්බ්රෝන් (Karl Braun)සමඟ බෙදා ගත්තේය.

1925 මාර්තු 25 දී ස්කොට්ලන්තයේ ජෝන් ලොගී බෙයාර්ඩ් හට පින්තූර සම්ප්‍රේෂණය කරන ආකාරය පෙන්නුම් කිරීමට හැකිවුයේ එංගලන්තයේ ලන්ඩන් වල සෙල්ෆ්රිජ්ගේ දෙපාර්තුමේන්තුවේ සිටය.බෙයාර්ඩ් ගේ පද්ධතිය විශ්වාසය තබාගෙන සිටියේ නිප්කොව් ඩිස්ක් එක මතය . එය යාන්ත්‍රික රූපවාහිනිය ලෙසද හැදින්විය.එය 1929 සැප්තැම්බර් 30 වන දින බ්‍රිතාන්‍ය විකාශන සංස්ථාව විසින් ඔවුන්ගේ පරීක්ෂණ සඳහා මෙය යොදා ගෙන තිබිණි .කෙසේ හෝ 20 වන ශතවර්ෂයේ රූපවාහිනී පද්ධති නිර්මාණය වුණේ කාර්ල් බ්‍රෝන් (karl Braun) විසින් නිපදවූ කැතෝඩ නළ යොදාගනිමිනි.1927 සැප්තැම්බර් 7 වන දින ඇමරිකාවේ පිලෝ ෆාර්න්ස්වර්ත් (Philo Farnsworth)විසින් ප්‍රථම විද්‍යුත් රූපවාහිනිය නිපදවීය .එය ඉඩහෝ හි (Idaho)ඔහුගේ පවුලේ අයගේ නැරභීම සඳහා යොදාගනු ලැබීය.

රූපවාහිනිය ,කොහොම නමුත් එය තනිකරම තාක්ෂණික දෙයක් නොවේ .එය එහි ප්‍රායෝගික සහ මුලික සම්ප්‍රයෝගයන්ට සීමිත වේ.එය උපකරණයකි .ඒහි අදහස නම් සමාජ කතා පැවසීමේ සහ පණිවුඩ ව්‍යාප්තියේ උපකරණයක් යන්නය .එය තොරතුරු ලබාගැනීමේ සහ අත්දැකීම් බෙදාගැනීමේ ආකාරය පිලිබඳ ප්‍රජාව හේතුකොට ගෙනහැරපාන අත්දැකීම් සපයන සංස්කෘතික උපකරණයක් ලෙස සලකනු ලැබේ .එය "ලොවට ජනේලයක්" සේ ක්‍රියාත්මක වීමට හේතු නම් පෞද්ගලික අත්දැකීම් වලින් බාහිරව පිටත කතා, විජයග්‍රහණ ,ශෝකාන්තප්‍රේක්ෂකයන් හට ගෙනෙන නිසාවෙනි .

දෘශ්‍ය දුරකථනය[සංස්කරණය]

The 1969 AT&T Mod II Picturephone, the result of decades long R&D at a cost of over $500M

ශබ්ද විදුලි සන්නිවේදනයට අමතරව සජීවී වීඩියෝ දර්ශන යොදාගෙන ඉතිහාසයේ සිදුකල විවිධ තාක්ෂණික සංවර්ධනයන්ට මෙම දෘශ්‍ය දුරකථන සංවර්ධනයන් බලපෑවේය.1870 දී ඇමෙරිකාවේ සහ යුරෝපයේ දෘශ්‍ය දුරකථන සංකල්පය ප්‍රථම වතාවට ජනතාව අතර ප්‍රචලිත වුණි .මුලික විද්‍යාව මගින් අත්හදාබැලීම් කටයුතු හැසිරුවත් එහි ඉතා පෙර පැවති උත්සාහයන් සොයාගැනීමට අවුරුදු 50 ක් වත් ගතවිය .මෙහි පළමු අන්තර්ගත උපකරණය හැදින්වූ නාමය වුයේ Video telephone , videophone වේ .එහි ප්‍රබල ගවේෂණයන් සහ පරික්ෂණයන් වල ප්‍රතිපලයන් ලෙස විදුලි සන්නිවේදන ක්ෂේතයන් කිහිපයක් විකාශනය විය .ඒවා නම් විද්‍යුත් විදුලි ලිපි ,දුරකථන ක්‍රමය ,ගුවන්විදුලිය සහ රූපවාහිනිය වේ.

ඇමෙරිකාවේ සහ එක්සත් රාජධානියේ 1920 මෑත භාගය වන විට තීරණාත්මක වීඩියෝ තාක්ෂණයේ සංවර්ධනයක් සිදුවුණි.එයට පිටුවහලක් සැපයුවේ ජෝන් ලොගී බෙයාර්ඩ් සහ AT & T ගේ බෙල් පර්යේෂණාගාරයයි.මෙය කොටස් වශයෙන් සිදු වුයේ AT &T සමාගම හට දුරකථන භාවිතයේ අනුබද්ධිත උපකාර සේවාවක් හෝ සැපයීමට ඉඩ ලබා දෙමිනි . සංවිධාන කිහිපයක්ම විශ්වාස කලේ දෘශ්‍ය දුරකථන සේවාව සුපිරි මට්ටමක සරල පැහැදිලි ශබ්ද සන්නිවේදනය සඳහා පිටුවහලක් වේවි යන්නය . කොහොමනමුත් වීඩියෝ දුරකථන ප්‍රයෝගික සහ ප්‍රසිද්ධ වීමට පෙර වීඩියෝ තාක්ෂණය තුලින් ඇනලොග් රූපවාහිනී විකාශනයක් සිදුවිය .

20 වන ශතවර්ෂයේ මැද වන විට වීඩියෝ දුරකථන සම්ප්‍රදයානුකුල හඬ දුරකතන පද්ධති වලට සමාන්තර ලෙස දියුණු විය .මෙය 20 වන ශතවර්ෂයේ අවසාන භාගයේදී ප්‍රබල වීඩියෝ කේත වල පැමිණීමත් සහ උසස් වේගවත් පුළුල් ජාල හේතුකොට ගෙන ප්‍රායෝගික තාක්ෂණයක් ලෙසින් භාවිතයට පැමිණුනේ අන්තර්ජාලයේ ශ්‍රීඝ වර්ධනයත් ප්‍රසිද්ධියත් සමඟය . ඒවගේම අන්තර්ජාල දුරකථන ප්‍රයෝජනයට ගනිමින් වීඩියෝ සම්මන්ත්‍රණ සහ ජාල කැමරා භාවිතයත් වැඩිවිය .ඒවගේම ව්‍යාපාරික අංශයේ විදුලි රූපක තාක්ෂණය හේතු කොට ගෙන ගමනාගමන කාලයත් අඩු කරගැනීමට හැකිවිය.

චන්ද්‍රිකාව[සංස්කරණය]

1958 වර්ෂයේ පළමු ඇමෙරිකානු ප්‍රතිප්‍රචාර සන්නිවේදනය සඳහා වූ චන්ද්‍රිකාව වුයේ Project SCORE ය .එය හඬ පණිවුඩ ගබඩා කිරීම සහ ඉදිරියට යැවීම සඳහා හඬ පටිගත කරන යන්ත්‍රයක් භාවිත කරන ලදී .එවකට ඇමෙරිකානු ජනාධිපති Dwight D .Eisenhower විසින් නත්තල් පණිවුඩ යැවීම සඳහා මෙය භාවිතා කරන ලදී .1960 දී නාසා ආයතනය ප්‍රතිධ්වනි චන්ද්‍රිකා ක්‍රියාත්මක කරවිය.මීටර් 30 ක ඇලුමිනියම් ආලේපිත PET film නමැති බැලුන් එක ගුවන් විදුලි සන්නිවේදන සඳහා අක්‍රිය පරාවර්තකයක් සේ ක්‍රියා කරන ලදී .තවද 1960 දී ෆිල්කෝ (Philco)විසින් ලොව ප්‍රථම ක්‍රියාකාරී පුනරාවර්තක චන්ද්‍රිකාව වන Courier 1B නිපදවීය.


පළමු ක්‍රියාකාරී වාණිජ ප්‍රතිප්‍රචාර සන්නිවේදන චන්ද්‍රිකාව වුයේ ටෙල්ස්ටාර් ය .එය AT &Tසහ බෙල් දුරකථන විද්‍යාගාරය, නාසා, බ්‍රිතාන්‍යයේ ජාතික තැපැල් කාර්යාලය ,ප්‍රංශ ජාතික තැපැල් කාර්යාලය අතර චන්ද්‍රිකා තාක්ෂණය දියුණු කිරීමේ අරමුණින් ඇතිවූ බහුජාතික ගිවිසුමක කොටසක් විය.එය ක්‍රියාත්මක කරන ලද්දේ නාසා ආයතනය විසින් Cape Canaveral සිට 1962 ජූලි 10 වන දිනය .එය පළමු පෞද්ගලික අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක කල චන්ද්‍රිකාව වේ .1962 දෙසැම්බර් 13 වන දින රිලේ 1 (Relay 1) නැමති චන්ද්‍රිකාව දියත් කර ඇත .එය 1963 නොවැම්බර් 22 වන දින පැසිෆික් හරහා විකාශිත ප්‍රථම චන්ද්‍රිකාවද විය. [14]

පළමු සහ ඉතිහාසගත බොහෝ වැදගත් සන්නිවේදන චන්ද්‍රිකා සඳහා යෙදවුමක් වන්නේ මහද්වීප අතර දුරස්ථ දුරකථන ක්‍රමය වේ .ස්ථිර පොදු දුරකථන ජාල හුවමාරුවේ ප්‍රතිප්‍රචාරයක් ලෙස දුරකථන සම්භන්ධතා ගොඩබිමේ නිශ්චිත ස්ථානයක සිට වෙනත් පෘතුවියේ ඕනෑම ස්ථානයක් කරා බෙදා හැරීමට හැකිවිය . ඒවා පෘතුවි කක්ෂයේ භූගත චන්ද්‍රිකා හරහා අදාළ ලබාගැනීමේ චන්ද්‍රිකා වෙත සම්ප්‍රේෂණය කරනු ලැබේ .20 වන ශතවර්ෂයේදී ප්‍රකාශ තන්තු යොදාගෙන නිපදවුන සබ්මැරීන සන්නිවේදන කේබල් වල වර්ධනයත් සමඟ සමහර ස්ථිර දුරකථන චන්ද්‍රිකා අභාවයට ගිය අතර නමුදු විශේෂයෙන්ම දුරස්ථ සබ්මැරීන කේබල් නොමැති දුපත් වන Ascension island ,Saint Helena ,Diego Garcia සහ Easter Island වල තවමත් ස්ථිර චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා වේ . තවද ගොඩබිම් විදුලි සංදේශන අවිද්‍යමාන කිරීම දුලභ සමහර මහද්වීප සහ සමහර රටවල ජාතින් ඇත .උදාහරණ ලෙස ඇන්ට්‍රාටිකාව ,ගොඩක් ජාතින් සිටින ඔස්ට්‍රේලියාව ,දකුණු ඇමෙරිකාව ,අප්‍රිකාව ,උතුරු කැනඩාව ,චීනය ,රුසියාව සහ ග්‍රීන්ලන්තය ගත හැක .

සන්නිවේදන චන්ද්‍රිකා හරහා වාණිජ දුරස්ථ දුරකථන සේවාව ස්ථාපිත කිරීමෙන් පසුව ,1979 දී වෙනත් සත්කාර වාණිජ විදුලි සන්නිවේදනයන් ජංගම චන්ද්‍රිකා ,දුරකථන ,චන්ද්‍රිකා ගුවන් විදුලි ,චන්ද්‍රිකා රූපවාහිනී ,සහ අන්තර්ජාල චන්ද්‍රිකා නම් සමාන චන්ද්‍රිකා වලට අනුරූප විය.1990 දී මෙම වාණිජ සම්ප්‍රේෂක ප්‍රතිචාර නාලිකා වල පිරිවැය ඉහල යාම හේතුවෙන් පෙර පැවති සේවාවන් ක්‍රමක්‍රමයෙන් පහත වැටීමට පටන් ගැනිණි .


අංකන සිනමාව[සංස්කරණය]

2001 දී ඔක්තොම්බර් 29 වන දින බර්නාර්ඩ් පොචන් (Bernard Pauchon) සහ ෆිලිප් බිනන්ට් (Philippe Binant)විසින් පළමු අංකන සිනමා සම්ප්‍රේෂණය විශේෂාංග යථාර්තවාදී ලෙස යුරෝපයේ පෙන්නුම් කරන ලදී .[15][16]

පරිගණක ජාල සහ අන්තර්ජාලය[සංස්කරණය]

1940 සැප්තැම්බර් 11 වන දින ජෝර්ජ් සටිබිට්ස් හට විදුලි මුද්‍රණ යන්ත්‍රය යොදාගෙන ඔහුගේ නිව් යෝර්ක් හි සංකීර්ණ ගණක යන්ත්‍රය වෙත ප්‍රශ්න සම්ප්‍රේෂණය කිරීමටත් එහි පරිගණක ප්‍රතිපල නැවත නිව් හැම්ප්ෂයර් ඩාර්ට් මවුත් විද්‍යාලයේ සිට ලබාගැනීමටත් හැකිවිය .දුරස්ථ විදුලි කණු භාවිතාකොට සිදුකල මෙම මධ්‍යම පරිගණක වින්‍යාසය 1950 සිට 1960 තුල ජනප්‍රියත්වයක් ඇති කළේය .කොහොමනමුත් 1960 වනතෙක් නොසිට ගවේෂකයන් පැකට් ස්විචින්ග් විමර්ශනය කිරීමට පටන් ගත්හ .Packet switching යනු වෙනස් වෙනස් පරිගණක වෙත දත්ත කුඩා කොටස් වලට වෙන්කර යැවීම සඳහා භාවිතා කරන තාක්ෂණයකි .මේවා මධ්‍යම පරිගණක ආධාරයෙන් යැවිය යුතු නොවේ

1969 දෙසැම්බර් 5 වන දින ජාල හතරකින් සමන්විත එම ජාල හතරම එක් ප්‍රධාන ස්ථානයකට ස්ථාපිත වනසේ සැකසු ජාල බිහිවිය. මේවා ARPANET ලෙස හැදින්වුන අතර 1981 දී එහි ස්ථාපිත ජාල 213 ක් විය . 1969 අප්‍රේල් 7 වන දින REC 1 නැමති ARPANET සංවර්ධන ක්‍රේන්ද්‍රය ප්‍රකාශ ක්‍රියාවලි ඉල්ලීම් සඳහා යොදාගැනීම පිණිස පිහිටවිය .අවසානයේදී ARPANET අනෙකුත් ජාල සමඟ ඒකාබද්ධ වී අන්තර්ජාල සේවා සහ අද වනවිට අන්තර්ජාලය සමඟ ප්‍රකාශ ඉල්ලීම් ක්‍රියාවලි කටයුතු කරන සන්නිවේදන මූලලේඛ සපයන නිසාවෙන් මෙම ක්‍රියාවලිය ගොඩක් වැදගත් වේ .1981 සැප්තැම්බර් REC 791 විසින් මුලලේඛයේ 4 වන සංස්කරණය සහ REC 793 විසින් සම්ප්‍රේෂණ පාලන මූලලේඛ හදුන්වා දෙන ලදී .මේවා TCP /IP මූලලේඛ නිර්මාණය කිරීමෙහිලා අන්තර්ජාලය විශ්වාසය තබා ඇත.

කොහොමනමුත් සියලු වැදගත් සංවර්ධනයන් මෙම ඉල්ලීම් ප්‍රකාශන ක්‍රියාවලි මත නිපදවී නොමැත .1970 දී ප්‍රාදේශීය ජාල සඳහා ජනප්‍රිය මූලලේඛ සම්භන්ධක දෙකක් පැමිණුනි .1974 ඔක්තෝම්බර් 29 වන දින ඕලොෆ් සොඩර්බ්ලොම් (Olof Soderblom) විසින් ටෝකන් රින් නම් මූලලේඛය ගොනු ගත කරන ලදී .1976 ජූලි දී රොබර්ට් මෙට්කල්ෆ් (Robert Metcalfe) සහ ඩේවිඩ් බෝග්ස් (David Boggs) විසින් ඉදර්නෙට් (ප්‍රාදේශීය ජාල වල සංඥා පරිවහනය සඳහා ඇති තාක්ෂණයක් )නම් මූලලේඛය ප්‍රසිද්ධියට පත් කරන ලදී . හවායි විශ්වවිද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු ගවේෂණයක සංවර්ධනයක් ලෙස බිහිවු අලෝහානෙට් මූලලේඛය(ALOHAnet) මගින් මෙම ඉදර්නෙට් නම් මූලලේඛය බිහිවිය .


ප්‍රධාන සංකල්ප[සංස්කරණය]

නවින සන්නිවේදනයේ සාහිත්‍ය අනුව ප්‍රධාන සංකල්ප කිහිපයක්ම සම්පුර්ණයෙන්ම නැවත සංස්කරණය විය .කිහිපයක් පහත දක්වා ඇත.

ප්‍රධාන මුලිකාංග[සංස්කරණය]

ප්‍රධාන විදුලි සංදේශ පද්ධතියක් ප්‍රාථමික ඒකක තුනකින් සමන්විත වේ . 1.) සම්ප්‍රේෂකයක් මඟින් තොරතුරු ලබාගෙන සංඥා බවට පත්කෙරේ . 2.)සම්ප්‍රේෂණ මාධ්‍යය හෙවත් භෞතික නාලිකා මඟින් සංඥා ගෙන යනු ලැබේ .මෙයට උදාහරණයක් වන්නේ නිදහස් අවකාශ නාලිකා වේ . 3.)ග්‍රාහකයා විසින් චැනල් මඟින් ගෙන එනු ලබන සංඥා ලබා ගෙන නැවත ඒවා ප්‍රයෝජනයට ගතහැකි තොරතුරු ලෙසට සකස් කිරීම .

නිදසුනක් ලෙස , ගුවන්විදුලි ප්‍රචාරණ මද්‍යස්ථානයක ජවය වර්ධකය වන්නේ සම්ප්‍රේෂ්කයයි.ප්‍රචාරණ ඇන්ටනාව යනු ජවය වර්ධකය සහ නිදහස් අවකාශ නාලිකා අතර ඇති අතුරු මුහුණතයි .නිදහස් අවකාශ නාලිකා යනු සම්ප්‍රේෂණ මාධ්‍යය වේ.ග්‍රාහක ඇන්ටනාව යනු සම්ප්‍රේෂණ මාධ්‍යය සහ ග්‍රාහකයා අතර ඇති අතුරු මුහුණතයි .රේඩියෝ සංඥාවක ගමන් මගේ අවසානය වනුයේ ගුවන් විදුලි ග්‍රාහකයායි. ඒවා පුද්ගලයන්ට ඇසීමට හැකිවනසේ විද්යුත් ශක්තිය ධ්වනි ශක්තිය බවට පත්වී ඇත .


සමහර අවස්ථාවන්වලදී විදුලි සංදේශ පද්ධතීන් දෙපැති පද්ධති ලෙස ක්‍රියා කරයි .මෙහිදී එක් ඉලෙක්ට්‍රොනික් පද්ධතියක් සම්ප්‍රේෂකය සහ ග්‍රාහකයා යන දෙකම ලෙස ක්‍රියාකරයි .ජංගම දුරකථන මෙයට නිදසුනකි .විද්‍යුත් සම්ප්‍රේෂණ සහ ග්‍රාහකයා එකිනෙක ස්වායත්ත වේ .

ගුවන් විදුලි සම්ප්‍රේෂක වල ඇති ජවය වර්ධක ක්‍රියාත්මක වන්නේ වොට් සහ කිලෝ වොට් මඟින් මැනෙන විදුලි බල ඒකක මඟිනි .නමුත් විදුලි තරංග ග්‍රාහක ක්‍රියාත්මක වන්නේ මයික්‍රෝවොට් සහ නනොවොට් යන ඉතා කුඩා ඒකක වලිනි .මෙම නිසා සම්ප්‍රේෂණ ගුවන් විදුලි යන්ත්‍ර ඉතා සුක්ෂම ලෙස නිර්මාණය කල යුතුවේ .එමෙන්ම අධි බලැති පරිපථ සහ අවම බලැති පරිපථ එකිනෙක වෙන්ව ගොඩ නගා ඇත . ස්ථාවර මාර්ග ඔස්සේ ඇති විදුලි සංදේශන හඳුන්වන්නේ තුඩට තුඩ සන්නිවේදනය ලෙසිනි .එයට හේතුව මෙය එක් සම්ප්‍රේෂකයෙක් එක් ග්‍රාහකයෙකු අතර සිදු වන්නකි.ගුවන් විදුලි ප්‍රචාරක හරහා සිදුවන විදුලි සන්නිවේදනය හදුන්වන්නේ ප්‍රචාරණ සන්නිවේදන ලෙසිනි .එයට හේතුව එය එක් බලවත් සම්ප්‍රේෂකයක් සහ අඩු බලැති නමුත් සංවේදී රේඩියෝ ග්‍රාහක බහුතරයක් අතර සිදු වන්නකි.

සම්ප්‍රේෂක කිහිපයක් සහ ග්‍රාහක කිහිපයක් අන්‍යොන්‍ය ලෙස එක්වී සහ සමාන භෞතික චැනල් බෙදාහැරීම පිණිස සැකසු පද්ධති බහුවිධ පද්ධති ලෙස හැදින්වේ .මෙසේ බහුවිධ සන්නිවේදනය යොදාගෙන භෞතික චැනල් ක්‍රියාත්මක වීම හේතුවෙන් පිරිවැය විශාල ලෙස අඩුකරගත හැකිවුණි.බහුවිධ සන්නිවේදන පද්ධති විදුලි සන්නිවේදනය ජාල තුල පැතිරී ඇත.බහුවිධ සංඥා නිවැරදි දිශාව ඔස්සේ ග්‍රාහකයා වෙත යැවීමට ජාල ඒකාබද්ධකයක් ක්‍රියාත්මක වුනි .

ප්‍රතිසමය සහ අංකන සන්නිවේදනය[සංස්කරණය]

සන්නිවේදන සංඥා ,ප්‍රතිසමය සංඥා හෝ අංකන සංඥා ලෙස දැක්විය හැක .ඒවා ප්‍රතිසමය සන්නිවේදන සහ අංකන සන්නිවේදනය පද්ධතීන් වේ.ප්‍රතිසමය සන්නිවේදන පද්ධතියකදී සංඥා දිගින් දිගටම තොරතුරු සමඟ වෙනස් වේ .නමුත් අංකන සන්නිවේදන පද්ධතියේ තොරතුරු විවික්ත අගයන් සමූහයක් ලෙස කේතාංකනය වේ .ප්‍රචාරණය සහ ප්‍රතිග්‍රහණය යන ක්‍රියාවලි අතරතුර අංකන සන්නිවේදන පද්ධතියක අඩංගුවන තොරතුරු නුසුදුසු භෞතික ශබ්ද මඟින් අනිවාර්යයෙන්ම තත්වයෙන් පහත වැටේ .

පොදුවේ සන්නිවේදන පද්ධතියක ඇති ශබ්දය අපේක්ෂිත සංඥාවන්ගෙන් සසම්භාවී ලෙස එකතු වීමක් හෝ අඩුවීමක් ලෙස සැලකිය හැක .මෙම ආකාරයේ ශබ්දයන් ආකලන ශබ්දයන් ලෙස හැදින්වේ .මෙම ආකලන ශබ්දයන් ධන සහ ඍණ යන දෙයාකාරයෙන්ම පැවතිය හැක .සන්නිවේදන පද්ධතියක ඇතිවිය හැකි ප්‍රධාන බාධකය වනුයේ මෙම ආකලන ශබ්දයන්ය. අනෙක් අතට ආකලන ශබ්ද බාධකය අදාළ පර්යන්තය ඉක්මවා ගියවිට අංකන සංඥා වල අඩංගු ඉතුරු තොරතුරු පීඩනයකට ලක් නොවේ .එය ඇනලොග් සංඥා වලට වඩා අංකන සංඥා වල ඇති වාසියකි .

විදුලි සන්නිවේදන ජාල[සංස්කරණය]

සන්නිවේදන ජාලයක් යනු සම්ප්‍රේෂක ,ග්‍රාහක ,සහ සන්නිවේදන මාධ්‍යවල එකතුවී එකිනෙකා හට පණිවුඩ යැවීමේ ක්‍රියාවලියයි .සමහර අංකන සන්නිවේදන ජාල වල නිවැරදි ග්‍රාහකයා වෙත තොරතුරු සම්ප්‍රේෂණය සඳහා එකතු වී ක්‍රියාකරන උළුපු (Rauters) කිහිපයක් ඇත. ප්‍රතිසමය සන්නිවේදන පද්ධතියක් එක් හෝ බොහෝ ස්විචයන්ගෙන් සම්භන්ධ වන අතර ග්‍රාහකයන් දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් අතර සම්භන්ධතාවය පවත්වා ගනියි .මෙම සන්නිවේදන පද්ධතීන් දෙකට සංඥාවන් ඈතකට සම්ප්‍රේෂණය කිරීම සඳහා පුනරාවර්තකයක් අවශ්‍ය වේ .

සන්නිවේදන නාලිකා[සංස්කරණය]

නාලිකා යන්නෙහි අදහස් දෙකක් ඇත.එක් අදහසක් වන්නේ චැනල් යනු සම්ප්‍රේෂකය සහ ලබාගන්නා අතර සංඥා හුවමාරු කරන භෞතික මාධ්‍යකි .මෙයට උදාහරණ ලෙස වායුගෝල ශබ්ද සන්නිවේදනය, වීදුරු ප්‍රකාශ තන්තු යොදාගෙන ප්‍රකාශ සන්නිවේදනය ,සමක්ෂක කේබල් සන්නිවේදනය,දෘශ්‍ය එළි ,අධෝරක්ත ,UV කිරණ සහ රේඩියෝ තරංග සඳහා මුක්ත අවකාශ සන්නිවේදනයගත හැක මෙම අවසාන සඳහන් කල සන්නිවේදනය නිදහස් අවකාශ නාලිකා ලෙසද හැදින්වේ .එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් වෙත රේඩියෝ තරංග යැවීමේදී වායුගෝලයේ පැවතීම හෝ නොපැවතීම වැදගත් නොවේ.රේඩියෝ තරංග ගමන් කරන්නේ සම්පුර්ණ රික්තයක් හරහා වාතය ,ඝන මිදුම ,වලාකුළු ආදියේ ගමන් කරනවාට වඩා පහසුවෙනි. අනෙක් සන්නිවේදන නාලිකා වනුයේ සම්ප්‍රේෂණ මාධ්‍යයේ උප බෙදීමක් වන ,බහුවිධ තොරතුරු එකවිටම යැවීම කල හැකි සන්නිවෙදනයන්ය .උදාහරණයක් වශයෙන් එක් රේඩියෝ ස්ථානයක සිට රේඩියෝ තරංග නිදහස් අවකාශය වෙත මෙගාහර්ට්ස් 94.5 සංඛයාතයක් ඔස්සේ යවන අතර අනෙක් රේඩියෝ ස්ථානයට ද 96.1MHz ඔස්සේ රේඩියෝ අසල්වැසි ප්‍රදේශ වෙත තරංග යැවීමට හැකිවනු ඇත. හැම රේඩියෝ නාලිකාවක්ම 180 KHz ඉහළ කලාපයක් යටතේ රේඩියෝ තරංග යැවීමට හැකිය.සංඛ්‍යාත පරාසයේ මධ්‍යයේ පවතින සංඛ්‍යාත හදුන්වන්නේ වාහක සංඛ්‍යාත යන්නය .

අනුකුලනය[සංස්කරණය]

සංඥාවක් තොරතුරු රැගෙන යන ලෙස සැකසීම අනුකුලනය ලෙස සැලකේ .අංකන සංඥාවක් ප්‍රතිසම තරංගයක් ලෙස ඉදිරිපත් කිරීමට අනුකුලනය භාවිත කලහැක .මෙය සාමාන්‍යයෙන් යාතිරිම ලෙස හැදින්වේ .(මෙම වදන පැරණි විදුලි සන්නිවේදන morse කේත මඟින් ව්‍යුත්පන්න වුවකි.)මේවා කලා මාරුව යාතිරිම,සංඛ්‍යාත යාතිරිම ,සහ විස්තාර යාතිරිම ලෙස වේ .උදාහරණයක් ලෙස bluetooth තාක්ෂණයේදී උපකරණ අතර තොරතුරු හුවමාරුවට යොදාගන්නේ කළා මරුව යාතිරිම වේ.තවද කලා මාරුව යාතිරිම සහ විස්තාර යාතිරිම යන ක්‍රම දෙකම එයට යොදාගනිමින් කරන අනුකලනය මායාලංකරණය විස්තාර අනුකලනය ලෙස හදුන්වයි .මෙය උසස් ධාරිතා අංකන රේඩියෝ සන්නිවේදනය සඳහා යොදා ගනියි .


සමාජය සහ විදුලි සංදේශනය[සංස්කරණය]

නවීන සමාජයේ විදුලි සන්දේශනයට සැලකිය යුතු සමාජ, සංස්කෘතික සහ ආර්ථික බලපෑමක් තිබේ. 2008 දී විදුලි සංදේශන කර්මාන්තයේ ආදායම ඩොලර් ට්‍රිලියන 4.7 ක් ලෙස තක්සේරු කරන ලදී. එය දළ ලෝක නිෂ්පාදිතයෙන් හරියටම 3 % යටත් විය(නිල විනිමය අනුපාතය). පහත දැක්වෙන අංශ කිහිපය මගින් සමාජය තුළ මෙහි බලපෑම සාකච්ඡ කර ඇත.

ආර්ථික බලපෑම[සංස්කරණය]

ක්ෂුද්‍ර ආර්ථිකය[සංස්කරණය]

ක්ෂුද්‍ර ආර්ථික මිනුමේදි, වෙළඳ සමාගම් ලෝකව්‍යාප්ත ව්‍යාපාරික ආධිපත්‍ය ගොඩ නගා ගැනීමට සහාය ලබා ගැනීම සඳහා විදුලි සන්දේශනය යොදා ගෙන තිබේ. මෙය Amazon.com මාර්ගගත ආරංචි පතුරුවන්නා මගින් ස්ව-ප්‍රත්‍යක්ෂ වේ. නමුත් ශාස්ත්‍රඥ එඩ්වර්ඩ් ලෙනාර්ට්(Edward Lenert)ට අනුව, අනෙක් තරඟකරුවන් සමග සංසන්දනය කරන විට Wal-Mart සම්ප්‍රදායික ආරංචි පතුරුවන්නා පවා වඩා හොඳ විදුලි සන්දේශන යටිතල ව්‍යුහයක් මගින් ප්‍රතිලාභ ලබා ගෙන තිබේ. ලෝකයේ හැම නගරයකම නිවාස අයිතිකරුවන් පිට්සා බෙදා හරින්නන් මගින් විදුලි ශිල්පීන්ට බඩු ඉල්ලා යැවීම් සහ විවිධ වර්ගයේ නිවාස සේවා පැනවීම් පෙළ ගැන්වීමට ඔවුන්ගේ දුරකථන යොදා ගෙන ඇත. එපමණක් නොව දුප්පත් ප්‍රජාවන් අන්‍යොන්‍ය අපේක්ෂාවන් සටහන් කිරීම සඳහා ඔවුන්ගේ වාසියට විදුලි සංදේශනය යොදා ගෙන තිබේ. බංගලාදේශයේ නර්ශින්ග්දි(Narshingdi) දිස්ත්‍රික්කයේ හුදෙකලා වූ ගම්වැසියන් කෙළින්ම තොග වෙළෙන්ඳන්ට කතා කර ඔවුන්ගේ භාණ්ඩ වලට වඩා හොඳ මිලක් ලබා ගැනීමට සෙලියුලර් දුරකථන යොදා ගනී. Côte d'Ivoire හි කෝපි වගාකරුවන්ට පැයක් පාසා වෙනස් වන කෝපි මිල අනුගමනය කරමින් වඩා හොඳ මිලකට ඒවා විකුණා ගැනීම සඳහා ජංගම දුරකථන කොටස්කාරයෙක් ලෙස ක්‍රියා කරයි.


සාර්ව ආර්ථික[සංස්කරණය]

සාර්ව ආර්ථික මිනුමේදී, ලාර්ස්-හෙන්ද්රික් රෝලර්(Lars-Hendrik Röller) සහ ලෙනාර්ඩ් වේවර්මන්(Leonard Waverman) විසින් හොඳ විදුලි සංදේශන යටිතල ව්‍යුහය සහ ආර්ථික වර්ධනය අතර කාරණ සම්බන්ධයක් යෝජනා කරන ලදී. මෙම අන්‍යොන්‍ය සම්බන්ධය පිලිබඳ මතභේද කිහිපයක් පැවතුනද සම්බන්ධතාවයට හේතුවන සමහර තර්ක වැරදි බව දක්නට ලැබේ. හොඳ විදුලි සංදේශන යටිතල ව්‍යූහයක ආර්ථික ප්‍රතිලාභ හේතු කොට ගෙන, ලෝකයේ විවිධ රටවල් තුල විදුලි සංදේශන සේවයට අසාධාරණ පිවිසුම් පිලිබඳ කරදර වැඩි වෙමින් පවතී. මෙය අංකන බෙදීම (Digital devide)ලෙස හඳුන්වයි. අන්තර්ජාතික විදුලි සංදේශන සංගමය(ITU ) 2003 සමීක්ෂණයකින් හෙළිදරව් කරන ආකාරයට දළ වශයෙන් තුන් වන ලෝකයේ රටවල් වල සෑම මිනිස්සු 20 දෙනෙකුගෙන් කිහිපදෙනෙක් ජංගම දුරකථන ග්‍රාහකයෙක් වීම සහ සෑම මිනිස්සු 20 දෙනෙකුගෙන් කිහිපදෙනෙක් ගොඩබිම් දුරකථන ග්‍රාහකයෙක් වීම හෙළිදරව් වේ .අන්තර්ජාල පිවිසුම් කාලයෙදී රටවල් භාගයකටත් වඩා දළ වශයෙන් අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ඇත්තේ මිනිස්සු 20 දෙනෙකුගෙන් කිහිපදෙනෙකුට පමණි . මෙමඟින් සහ අධ්‍යාපන දත්ත වලට අනුව ITU සංගමයට සමස්තයක් වශයෙන් කොපමණ පුද්ගලයන් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂනය වෙත පිවිසෙනවාද යන්න සොයාබැලීමට දර්ශකයක් සකස් කිරීමට හැකිවුණි.මෙමඟින් ස්වීඩනය ,ඩෙන්මාර්කය සහ අයිස්ලන්තය ඉහල තරාතිරමක් ලබා ගත අතර අප්‍රිකා රටවල් වන නයිජීරියාව , බර්කිනා ෆසෝ සහ මාලි පහළ තරාතිරමක් ලබා ගැනිණි .

සමාජ බලපෑම[සංස්කරණය]

විදුලි සන්නිවේදනය සමාජ සම්භන්ධතා වලදී වැදගත් කාර්යයක්ඉටු කරයි .එසේ වුවත් දුරකථන පද්ධති වැනි උපකරණ මුලදීම ප්‍රසිද්ධ කරන අවස්ථාවේම එම උපකරණයේ ප්‍රයෝගික පරිමාණය (ව්‍යාපාර සහ නිවෙස් විසින් නියම කරන සේවාවන් මෙහෙයවීමේ හැකියාව) පිළිබඳ සමාජ පරිමාණයට විරුද්ධව අවධාරණය කර ඇත .1920 සහ 1930 මෑත වනතෙක්ම දුරකථන ප්‍රචාරණයේ එම උපකරණ වල සමාජ පරිමාණය පිලිබඳ තේමාව ප්‍රසිද්ධ නොවුණි .නව ප්‍රවර්ධනයන් බිහිවන්නට පටන්ගත්තේ පාරිභෝගික හැඟීම් වලට අදාලව ,පවුල් සහ මිතුරන් අතර කතාබහ ඇතිකරගැනීමේ සහ මානසික ආතතියෙන් මිදීමේ වැදගත්කමද පෙන්වමිනි.

මෙතැන් පටන් විදුලි සන්නිවේදනයේ කාර්ය සමාජ සම්භන්ධතා මත වැඩිවෙමින් පැවතුණි .සමාජ ජාල වල ප්‍රසිද්ධියත් විස්මයජනක ලෙස වැඩිවුණි .මෙම ජාල ග්‍රාහකයන් හට එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමට ,පින්තුර ප්‍රසිද්ධ කිරීමට ,විශේෂාංග සැලසුම් කිරීමට ඉඩදුනි .තමන්ගේ ආකෘති වල පුද්ගලයාගේ වයස,විනෝදාංශ,තම අභිමතයන් ,සම්භන්ධතා තත්වයන් ආදී දේවල් ඇතුලත් කල හැකිය.සමාජ බැඳීම් විවාහයන් දක්වා ගෙන යන හෙයින් මෙවැනි වැඩසටහන් වැදගත් කාර්යක් ඉටු කරයි.[17]

සමාජ ජාල අඩවි ඒමට පෙර කෙටි පණිවුඩ සේවාව සහ දුරකථනය සමාජ අන්‍යොන්‍ය ක්‍රියා අතර වැදගත්කමක් ඉසිලීය .2000 දී අලෙවි ගවේෂණ කණ්ඩායමක් වන Ipsos MORI වාර්තාකලේ එක්සත් රාජධානියේ අවුරුදු 15 සිට 24 දක්වා කාණ්ඩය 81% කෙටි පණිවුඩ භාවිතා කරන අතර එමඟින් සමාජ බැදීම් වලින් 42 ක් වූ බවය.

වෙනත් බලපෑම්[සංස්කරණය]

සංස්කෘතික වශයෙන් ,සංගීතය සහ චිත්‍රපට වෙත පොදු ජනතාවට පිවිසීමේ හැකියාව විදුලි සන්නිවේදනය හේතුවෙන් වර්ධනය විය.රූපවාහිනිය භාවිතා කොට මිනිසුන් හට කලින් නොබැලු චිත්‍රපට ගෙදර සිටම නැරඹීමට හැකිවුණි .ගුවන්විදුලිය සහ අන්තර්ජාලය භාවිතා කොට මිනිසුන් හට මෙට කලින් නොඇසූ සංගීතයට සවන් දීමටත් හැකිවිය .

විදුලි සන්නිවේදනය තව දුරටත් මිනිසුන්ට පුවත් ලබාගැනීමට හැකිවන සේ පරිණාමය වුණි .2006 දී ලාබ නොලබන අන්තර්ජාල සහ ඇමරිකානු ජීවිත ව්‍යාපෘති සමීක්ෂණයකින් සොයාගත්තේ ඇමෙරිකාවේ මිනිසුන් 3000 කගෙන් පුවත් ලබාගන්නේ කෙසේදැයි ඇසුවිට පුවත්පත් වලට වඩා රූපවාහිනිය සහ ගුවන් විදුලිය ඔවුන් අගය කරන බව බොහෝ දෙනෙක් පැවසු බවය .පහත වගුව මඟින් ප්‍රතිපල දිස්වේ.

Local TV National TV Radio Local Paper Internet national Paper
59% 47% 44% 38% 23% 12%


විදුලි සන්නිවේදනය හට ප්‍රචාරණයට සමාන වැදගත්කමක් ඇත .2007 දී TNS තොරතුරු රැස් කිරීමේ මාධ්‍ය වර්තකලේ ඇමෙරිකාවේ 58% ප්‍රචාරණ වියදම් විදුලි සන්නිවේදනය සඳහා සාමාන්‍යයෙන් වැය වූ බවය .ප්‍රතිපල පහත වගුවෙන් නිරීක්ෂණය කල හැක .

Internet radio cable Tv Syndicated Tv Spot Tv network TV news paper
percent 7.6% 7.2% 12.1% 2.8% 11.3% 17.1% 18.9%
Dollars $11.31 Billion $10.69 billion $18.02 billion $4.17 billion $16.82 billion $25.42 billion $28.22 billion

විදුලි සන්නිවේදනය සහ රජය[සංස්කරණය]

බොහෝ රටවල තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණික තීරණ සඳහා මග පෙන්වන ජාත්‍යන්තර විදුලි සන්නිවේදන එකමුතුව මඟින් පිහිටවූ ජාත්‍යන්තර විදුලි සන්නිවේදන ව්‍යවස්ථාවේ නීති රීති වලට අනුගතව නීති සම්පාදනය කරගෙන ඇත.1947 දී අත්ලාන්තික් නගර සමුළුවේදී ITU විසින් රේඩියෝ නීති රීති වලට අදාළව නව ජාත්‍යන්තර සංඛ්‍යාත ලයිස්තුවේ ඇති ලියාපදිංචි සංඛ්‍යාතයන් හට ජාත්‍යන්තර ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන ලදී .අත්ලාන්තික් නගර වල ITU රේඩියෝ නීතිරීති වලට අනුව අන්තර්ජාතික සංඛ්‍යාත ලියාපදිංචි සංගමේ සියලු සංඛ්‍යාත ලියාපදිංචි අන්තර්ජාතික සංඛ්‍යාත ලැයිස්තුව මඟින් පරීක්ෂණය කෙරෙන්නේ "හානිකර බාධක වලින් අන්තර්ජාතික ආරක්ෂාවක් සඳහා අයිතිවාසිකම "යන්න පෙරදැරි කරගෙනය.

විශ්ව දෘෂ්ටිකෝණයෙන් බැලුවිට විදුලි සන්නිවේදන සහ විකාශන කළමනාකරණ පිලිබඳ නීති සහ දේශපාලන වාද ඇතිවී තිබුණි .විකාශන ඉතිහාසයට අනුව සම්ප්‍රදයානුකුල රේඩියෝ විකාශන සහ මුද්‍රණයේ සමතුලනය පිලිබඳ සමහර විවාද ඇතිවිය . දෙවෙනි යුද්ධයත් සමඟ පළමු අන්තර්ජාතික විකාශන ප්‍රචාරක මණ්ඩලයේ පිපිරුම සිදුවිය .රටවල් ,රජයන්,කරලිකාරයන් ,ත්‍රස්තවාදීන් සහ උපහමුදාවන් විදුලි සන්නිවේදනය සහ විකාශන තාක්ෂනයන් යොදාගෙන මෙම ප්‍රචාරක කටයුතු සිදු කිරීමට අනුබල දෙන ලදී.1930 මධ්‍ය වන විට දේශපාලන සංචලන සහ ජනපද පිහිටුවීම සඳහා දේශප්‍රේමී ප්‍රචාරක කටයුතු යොදා ගැනිණි .1936 දී BBC සේවය ප්‍රචාරක කටයුතු මඟින් අරාබි රටවලට දන්වා සිටියේ යටත් විජිතක්‍රමයක් ඇති උතුරු අප්‍රිකානු, ඉතාලියේ සමාන විකාශනයන් යම් ප්‍රමාණයකට වලක්වන ලෙසටය. මෑත කාලයේ ඉරාක යුද්ධයේ නවීන කැරලිකාරයන් නිතරම බිය ගැන්වීම සඳහා දුරකථන භාවිතා කරන ලදී ඒවගේම යුද්ධභටයන් සේවය කරන අතරතුර කෙටි පණිවුඩ සහ බාල වීඩියෝ දර්ශන යොදාගෙන ඔවුන් බිය ගැන්වූහ.මුස්ලිම් ආගමේ කැරලිකාරයන් සඳහා AL Zawraa නමින් රූපවාහිනී විකාශනයක් තිබුණි.එය ඉරාක රජය මඟින් තහනම් කරන ලද නමුත් තවමත් අරාබියේ Erbil සිට එය විකාශය වේ .එපමණක් නොව ඉරාකයේ Kurdistan ඒකාබද්ධ බලපෑම මඟින් කිහිපවරක් චන්ද්‍රිකා විකාශය මාරු කිරීමට පියවර ගන්න ලදී .

නවීන විදුලි සන්නිවේදනය[සංස්කරණය]

ලෝක ව්‍යාප්ත උපකරණ අලෙවිය[සංස්කරණය]

Gartner ගේ දත්ත එකතුවට සහ Ars තාක්ෂණයට අනුව ලෝක ව්‍යාප්ත ප්‍රධාන පාරිභෝගික විදුලි සන්නිවේදන උපකරණ අලෙවිය මිලියන වලින් පහත දැක්වේ .

Equipment/year 1975 1980 1985 1990 1994 1996 1998 2000 2002 2004 2006 2008
computers 0 1 8 20 40 75 100 135 130 175 230 280
cell phones N/A N/A N/A N/A N/A N/A N/A N/A N/A N/A N/A N/A

දුරකථනය[සංස්කරණය]

ප්‍රකාශ තන්තු දුරස්ථ සන්නිවේදනයේ ලාභදායි කලාප පළලක් ඇති කරයි

ප්‍රතිසමය දුරකථන ජාල වලදී කතා කරන්නා විසින් කතා කල යුතු පුද්ගලයා වෙත විවිධ දුරකථන හුවමාරු ඔස්සේ සම්භන්ධතාවය ලබා ගනී.මේ සඳහා පුද්ගලයන් දෙදෙනෙක් අතර විද්‍යුත් සම්භන්ධතාවයක් තිබිය යුතු අතර කතා කිරීමට අවශ්‍ය පුද්ගලයා විසින් ඉලෙක්ට්‍රොනික් වශයෙන් අංකය ක්‍රියාත්මක කර තිබිය යුතුය.එක් අවස්ථාවක සම්භන්ධය ගත් විට කතා කරන්නාගේ හඬ විද්‍යුත් සංඥා භාවිතයෙන් අත ඇති රදවනය තුල කුඩා මයික්‍රෝපෝනයක් හරහා පරිවහනය වේ.මෙම විද්‍යුත් සංඥා ඉන් පසු ජාල හරහා අදාල පුද්ගලයා වෙත පරිවහනය වන්නේ එම ග්‍රාහකයා අත ඇති රදවනය තුල කුඩා කථාකයක් භාවිතයෙනි.එහි ග්‍රාහකයා හට නැවත හඬ පරිවර්තනය සඳහා වෙනස් විද්‍යුත් සම්භන්ධතාවක් ඇත. [18][19]

පදිංචි නිවාස වල ඇති ස්ථානගත දුරකථන ප්‍රතිසම වේ. කතා කරන්නාගේ හඬ කෙලින්ම සංඥා වොල්ටීයතාවයකට නිශ්චය කර ගත හැක.කුඩා දුරකට ගන්නා දුරකථන පණිවුඩ දිගටම ප්‍රතිසමය මඟින් පාලනය වුවත් දුරකථන සේවා සපයන ආයතන ඉතා පැහැදිලි ලෙස එම සංඥා අංකන සංඥා බවට සම්ප්‍රේෂණය කරන්නේ ආදානයේදී ඒවා ප්‍රතිසම බවට පත්වීමට පෙරය .මෙහි වාසිය වන්නේ අංකන හඬ දත්ත වලට අන්තර්ජාලයේ දත්ත සමඟ එක්ව ගමන් කල හැකි බව සහ සම්පුර්ණයෙන්ම දුරස්ථ සන්නිවේදනයේදී භාවිතයට ගතහැකි බවය (අනිවාර්යයෙන් ප්‍රතිසමය සංඥා මෙන් ශබ්ද බලපෑමට ලක් වන්නේ නැත.)

ජංගම දුරකථන ,දුරකථන සන්නිවේදනයේ විශාල වැදගත්කමක් සිදු කොට ඇත.බොහෝ වෙළඳපොළවල්වල ස්ථාවර ජංගම දුරකථන දායකත්වය අධික වී ඇත .2005 දී ජංගම දුරකථන අලෙවිය මිලියන 816.6.ක් විය.එය ආසියා /පැසිෆික් වල මිලියන 204 ක් ද ,බටහිර යුරෝපයේ මිලියන 164 ක්ද ,CEMEA (මධ්‍යම යුරෝපයේ,මද පෙරදිග සහ අප්‍රිකාවේ)මිලියන 153.5 ක්ද,උතුරු ඇමෙරිකාවේ මිලියන 148 ක්ද ,සහ ලතින් ඇමෙරිකාවේ මිලියන 102 ක් ද විය .1999 න් ඉහල අවුරුදු 5 ක කල සීමාව අනුව අප්‍රිකාව අනෙක් වෙළද පොළවල්වලට වඩා 58.2 % වර්ධනයක් ලබා ඇත .GSM සහ W -CDMA යන ශබ්ද අංකන බවට සම්ප්‍රේෂණය කරන තාක්ෂනිකයන් හේතුකොටගෙන ජංගම දුරකථන පද්ධති AMPS වැනි ප්‍රතිසම පද්ධති ඉවත්කොට GSM සහ W-CDMA තාක්ෂනිකයන් භාවිතා කිරීමේ වර්ධනයක් පෙන්නුම් කරයි.

දුරකථන සන්නිවේදනයේ පිටුපස තවත් විස්මය ඇති කරන වෙනස්වීම් සිදුවී ඇත.1998 දී TAT-8 මෙහෙයුම ආරම්භ විමත් සමඟම 1990 දී ප්‍රකාශ තන්තු මුලික වුන පද්ධති වෙත කවුරුත් දන්නා පිළිගැනීමක් ඇතිවිය.ප්‍රකාශ තන්තු හරහා සන්නිවේදනයේ වාසියක් වන්නේ දත්ත වල ප්‍රබල වර්ධනයක් ඇතිවීමය.TAT-8 හට තඹ භාවිතයෙන් 10 වතාවක දුරකථන ඇමතුම් රැගෙන යාමට හැකිවුන අතර අද වන විට ප්‍රකාශ තන්තු කේබල් හරහා 25 වතාවක දුරකථන ඇමතුම් ගෙන යාමට හැකිව ඇත.මෙම දත්ත ධාරිතාවය කාරණා කිහිපයක් නිසා වර්ධනය වුණි.පළමුව, ප්‍රකාශ තන්තු තරඟකාරී තාක්ෂණයන්ට වඩා භෞතිකව කුඩා වේ. දෙවෙනි එක නම් , ප්‍රකාශ තන්තු 100 ක් වුවත් තනි කේබල් එකකට ගොනු කල හැක.අවසාන වශයෙන් බහුවිධ සන්නිවේදනයේ වර්ධනය හේතුවෙන් තනි තන්තුවක් ඔස්සේ ඇති දත්ත ධාරිතාවය විශාලය.

බොහෝ නවීන ප්‍රකාශ තන්තු ජාල හරහා බිහිවුණ උපකාර සන්නිවේදනය හදුන්වන්නේ අසමමුහුර්තක හුවමාරු ප්‍රකාර මුලලේඛ ලෙසය .දෙවෙනි කාණ්ඩයේ සඳහන් කල දත්ත සම්ප්‍රේෂණය සඳහා ATM මුලලේඛ භාවිතා කරනු ලැබේ .එය පොදු දුරකථන ජාල සඳහා සුදුසු වේ.හේතුව එය ජාල හරහා දත්ත සම්ප්‍රේෂණය සඳහා මාර්ගයක් ස්ථාපිත කල අතර සහ ඒ සඳහා පරිවහන ගිවිසුම හවුල් කරන ලදී.පරිවහන ගිවිසුම අනුගාමිකයා සහ ජාලය අතර දත්ත හැසිරවීම පිලිබඳ එකඟත්වයකි .ජාලය හට පරිවහන ගිවිසුමේ තිබෙන නියමයන් සාක්ෂාත් කල නොහැකි වුවොත් සම්භන්ධතාවය අත්හිටුවිය හැක.මෙය වැදගත් වන්නේ දුරකථන ඇමතුම් මඟින් ගිවිසුම හුවමාරු කර ගත හැකි නිසාවෙනි.තව දෙයක් නම් කතා කරන්නා පවසන සියලු දේ අතපසු කිරීමවත් සමහර කොටස් අයින් කිරීමවත් නොවන සේ සම්පුර්ණයෙන් සහතික වීම ඉතා වැදගත්ය. බහු මුලලේඛ සලකුණු මාරු කිරීම නමැති තරගකාරින් ATM වෙත ඇත .ඒවා ATM වලට සමාන ක්‍රියා සිදු කරන අතර අනාගතයේ ATM වෙනුවට යොදාගැනීමට බලපොරෝතුවක් ඇත .

ගුවන් විදුලිය සහ රූපවාහිනිය[සංස්කරණය]

Digital television standards and their adoption worldwide

විකාශන පද්ධතියක් තුලදී මධ්‍යම අධි ශක්ති කුළුණු මඟින් උච්ච සංඛ්‍යත විද්‍යුත් චුම්භක තරංගයන් අඩු ශක්ති ග්‍රාහකයන් විශාල ප්‍රමාණයක් වෙත සම්ප්‍රේශනය කරනු ලබයි .විකාශන කුළුණු මඟින් අධි තරංග නිකුත් කරන අතර මේවා ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය දත්ත මත උස් පහත වීම සිදුවේ .ග්‍රාහකයා සුසර කිරීම මඟින් උච්ච සංඛ්‍යාත තරංගයන් ඇදගැනීම සහ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය තොරතුරු ඇතුලත් සංඛ්‍යාතයන් විමුර්ජකයක් ආධාරයෙන් සොයා ලබා ගැනීමක් සිදු කරනු ලැබේ.

අන්තර්ජාලය[සංස්කරණය]

The OSI reference model

අන්තර්ජාලය යනු අන්තර්ජාල මුලලේඛ භාවිතයෙන් එකිනෙකා සමග සන්නිවේදනයේ යෙදිය හැකි ලෝකය වටා බැඳී ඇති පරිගණක සහ පරිගණක ජාල වල එකතුවකි .ඕනෑම පරිගණකයකට තමාට අවේනික වූ අන්තර්ජාල මුලලේඛ ලිපිනයක් ඇති අතර එය භාවිතයෙන් වෙනත් පරිගණකයනට තවත් පරිගණකයකට තොරතුරු ලබාදීමේ හැකියාව ලැබේ .එබැවින් අන්තර්ජාලය හා සම්බන්ධ වෙනත් ඕනෑම පරිගණකයනට අන්තර්ජාල මුලලේඛ ලිපින භාවිතයෙන් පණිවිඩ යැවීමේ හැකියාව ලැබේ .මෙම පණිවිඩ තමන් සමග යවන්නාගේ අන්තර්ජාල මුලලේඛ ලිපිනයද ගෙන යන බැවින් මෙම පරිගණක දෙක අතර දත්ත හුවමාරුවක් සිදුවේ .මෙය සරළව අන්තර්ජාලය ලෙස හැදින්වේ.

ඇස්තමේන්තු ගතවී ඇති ආකාරයට 2000 වසරේ දී දෙපැති සන්නිවේදන ජාල හරහා හුවමාරු වූ තොරතුරුවලින් 51% අන්තර්ජාලය භාවිතයෙන් සිදුවී ඇති අතර 42% ක් වූ ප්‍රමාණයක් ගොඩබිම් ඔස්සේ සිදු වී ඇත .නමුත් එය 2007 වසර වන විට 97% දක්වා වූ අති විශාල වර්ධනයක් පෙන්නුම් කරන ලදී. 2008 වසරේ දී ඇස්තමේන්තු ගත ආකාරයට ලෝක ජනගහනයෙන් 21.9% ක් අන්තර්ජාලය ඉතා සුලභ ලෙස භාවිත කර ඇත .කලාප ලෙස ගත විට උතුරු ඇමරිකාව(73.6%),ඔස්ට්‍රේලියාව(59.5%) සහ යුරෝපය(48.1%) පුළුල් කලාප පිවිසීම් සලකූ විට අයිස්ලන්තය(26.7%) කොරියාව(25.4%) නෙදර්ලන්තය(25.3%) ඉදිරියෙන් සිටී.

පරිගණක සහ උළුපු(Routers) එකිනෙකා සන්නිවේදනය කරන ආකාරය අන්තර්ජාල මුලලේඛ හරහා අධීක්ෂණය වන බැවින් අන්තර්ජාලය කොටස් වශයෙන් ක්‍රියාත්මක වෙන්නක් සේ සැලකේ .පරිගණක සන්නිවේදන ජාලයන්හී ස්වභාවය එය ස්ථර එළබුමකට නැඹුරු කරයි. එබැවින් සෑම අන්තර්ජාල මුලලේඛයකටම අනිකුත් අන්තර්ජාල මුලලේඛ ගොන්නට වෙනස් වූ නිදහස් පාලන ක්‍රමයක් ඇත.මෙම ස්වභාවය පහත තලයේ අන්තර්ජාල මුලලේඛ අවස්ථා අනුව වෙනස් වී මේ හැකියාව ලබා දෙන අතර ඉහල තලයේ අන්තර්ජාල මුලලේඛ ක්‍රියාත්මක වීමේ වෙනසක් සිදු නොවේ .මෙහි වැදගත් කම ගැන ප්‍රයෝගිකව ලබාදිය හැකි උදාහරණයක් වන්නේ පරිගණකයේ අන්තර්ජාල සම්භන්දතාව වයි -ෆයි (කුඩා දුරක් තුල ඉදර්නෙට් හරහා අන්තර්ජාල භාවිතය)හෝ ඉදර්නෙට් කියා වෙනසක් නොමැතිව අන්තර්ජාල සෙවුම් වැඩසටහනට එකම කේත දිවවීමේ හැකියාව ලබාදීමයි .OSI නම් නිර්දේශ ආකෘතියෙහී එයට අයත් තැන අනුව අන්තර්ජාල මුලලේඛ වර්ගකෙරේ.මෙය ප්‍රථම වරට අසන්න ලැබුනේ 1983 වසරේ අසාර්ථක ලෙස තනන්නට උත්සහ දරූ විශ්ව අන්තර්ජාල මුලලේඛ පෙළ හී ප්‍රථම පියවර ලෙසය.

ප්‍රදේශ අනුව විදුලි සන්නිවේදනය[සංස්කරණය]

මේවාද බලන්න[සංස්කරණය]

සටහන් සහ නිර්දේශ[සංස්කරණය]

  1. "Definition of telecommunication". Yahoo. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2013.
  2. "Telecommunication". Collins English Dictionary. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2013.
  3. "Telecommunication". Vocabulary.com. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2013.
  4. "Telecommunication". Merriam-Webster Dictionary. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2013.
  5. 5.0 5.1 "Telecommunication". Oxford Dictionaries. Oxford University Press. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2013.
  6. "Telecommunication". Dictionary.com. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2013.
  7. 7.0 7.1 Worldwide Telecommunications Industry Revenues සංරක්ෂණය කළ පිටපත 28 මාර්තු 2010 at the Wayback Machine, Internet Engineering Task Force, June 2010.
  8. Introduction to the Telecommunications Industry, Internet Engineering Task Force, June 2012.
  9. The Atlantic Cable, Bern Dibner, Burndy Library Inc., 1959
  10. Arthur C. Clarke. Voice Across the Sea, Harper & Brothers, New York City, 1958.
  11. Brown, Travis (1994). Historical first patents: the first United States patent for many everyday things (illustrated ed.). University of Michigan: Scarecrow Press. p. 179. ISBN 978-0-8108-2898-8.
  12. Connected Earth: The telephone සංරක්ෂණය කළ පිටපත 21 දෙසැම්බර් 2008 at the Wayback Machine, BT, 2006.
  13. History of AT&T සංරක්ෂණය කළ පිටපත 6 සැප්තැම්බර් 2008 at the Wayback Machine, AT&T, 2006.
  14. "Significant Achievements in Space Communications and Navigation, 1958–1964" (PDF). NASA-SP-93. NASA. 1966. pp. 30–32. සම්ප්‍රවේශය 31 ඔක්තෝබර් 2009.
  15. «Numérique : le cinéma en mutation», Projections, 13, CNC, Paris, September 2004, p. 7., http://www.passeursdimages.fr/IMG/pdf/projections13.pdf, ප්‍රතිෂ්ඨාපනය 11 April 2014 
  16. Olivier Bomsel, Gilles Le Blanc, Dernier tango argentique. Le cinéma face à la numérisation, Ecole des Mines de Paris, 2002, p. 12.
  17. "How do you know your love is real? Check Facebook". CNN. 4 අප්‍රේල් 2008.
  18. How Telephone Works, HowStuffWorks.com, 2006.
  19. Telephone technology page, ePanorama, 2006.

ග්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

බාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=විදුලි_සංදේශනය&oldid=597716" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි