විකිපීඩියා සාකච්ඡාව:විකිව්‍යාපෘති මණ්ඩලය/නාමාවලිය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා[සංස්කරණය]

විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු.
සාමාජික ලැයිස්තුවෙහි ඔබේ නම ඇතුලත් කරමින් ඔබත් ඒ හා එක්වන්න. ස්තූතියි----Randeer (talk) 15:48, 1 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය ඇරඹේ[සංස්කරණය]

මේ විකිපීඩියා ආසියානු මාසයයි

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය අද පටන් ආරම්භ වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට උදෙසා ඊට සහභාගී වීම වෙනුවෙන් ඔබට ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙමු.
ඔබට වැදගත් විය හැකි කරුණු කිහිපයක් මෙන්න.

  1. විකිපීඩියා ආසියානු මාසයට අදාල නීතිරීති මෙහි වේ. සමහර නීතිරීති සුළු සංශෝධනවලට ලක්විය හැක.
  2. ව්‍යාපෘතිය සම්බන්ධ ගැටළු සඳහා මෙම පිටුව ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. වෙනත් කිසියම් ගැටළුවක් උද්ගතවුවහොත් සාකච්ඡා පිටුවෙහි සඳහන් කරන්න. එවිට සංවිධායකවරයෙකු හෝ වෙනත් සාමාජිකයෙකු ඊට ප්‍රතිචාර දක්වනු ඇත.
  3. විකිපීඩියා ආසියානු මාසයට අදාල මෙම සැකිල්ල ඔබේ පරිශීලක පිටුවෙහි භාවිතා කල හැකියි. {{සැකිල්ල:පරිශීලක ආසියානු මාසය‎}}

මෙම සාමාජික ලැයිස්තු පිටුවෙහි ඔබේ දායකත්වය(න්) වාර්ථා කරන්න. ස්තූතියි----Randeer (talk) 15:48, 1 නොවැම්බර් 2015 (යූටීසී)[reply]