විකිපීඩියා:නිබන්ධනය(සංස්කරණ)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
හැඳින්වීම   සංස්කරණය   ආකෘතිකරණය   විකිපීඩියා සබැඳි   මූලාශ්‍ර උපන්‍යාසය   සාකච්ඡා පිටු   සිතෙහි තබා ගන්න   ලියාපදිංචිය   අවසන්-කෙරුම    
පිටුවක් සංස්කරණය කිරීමට සංස්කරණය කරන්න මත ක්ලික් කරන්න
Wikipedia video tutorial-1-Editing-en.ogv
Editing tutorial for Wikipedia

සංරක්ෂිත පිටු කිහිපයක් හැරෙන්නට, සැම පිටුවකම, ඔබ දකින පිටුව සංස්කරණය කිරීමට ඔබ හට ඉඩ සලසන "සංස්කරණය කරන්න" යැයි සබැඳියක් ඇත. එය විකිපීඩියාවේ ඉතාමත් මූලික විශේෂාංගය වන අතර, ලිපි වල වැරැදි නිවැරැදි කිරීමට හා ඒවාට කරුණු එක් කිරීමට එයින් ඉඩ සලසයි. ඔබ විසින් පිටුවකට තොරතුරු එක් කලේ නම්, ආශ්‍රයන් විරහිත කරුණු ඉවත් කරනු ලබන බැවින් කරුණාකර මූලාශ්‍ර සපයන්න.

වැලිපිල්ල වෙත ගොස් "සංස්කරණය කරන්න" සබැඳිය ක්ලික් කරන්න. එමගින් එම පිටුව සඳහා පෙළ සහිත සංස්කරණ කවුළුවක් විවෘත වනු ඇත. ඔබ හට විනෝදය ගෙන දෙන හා සිත්ගන්නා යමක් හෝ "සැරද ලොව!" හෝ, එක් කර ඉනික්බිතිව පිටුව සුරකින්න යන්න ක්ලික් කොට ඔබ කල කාර්යයෙහි ප්‍රතිඵලය නිරික්ෂණය කරන්න! වැලිපීල්ල පිටුව මිස මෙම නිබන්ධනයෙහි පෙළ ඔබ අතින් සංස්කරණය නොවන බවට වග බලා ගන්න.

පෙරදසුන පෙන්වන්න

දැන් ඔබ භාවිතයට හුරු කර ගත යුතු විශේෂාංගයක් වන්නේ පෙරදසුන පෙන්වන්න බොත්තමයි. වැලිපිල්ලෙහි සංස්කරණයක් කිරීමට උත්සාහ කොට, ඉන්ක්බිතිව පිටුව සුරකින්න වෙනුවට පෙරදසුන පෙන්වන්න බොත්තම ක්ලික් කරන්න. සංස්කරණයෙන් පසු ඔබ ඇත්ත වශයෙන් පිටුව සුරැකීමට පෙර, පිටුව කෙසේ දිස්වන්නේදැයි දැකීමට මෙගින් ඔබට අවස්ථාවක් ලැබෙනු ඇත. අප සියළු දෙනම අතින් වැරැදි සිදුවේ; මෙම විශේෂාංගය තුලින් ඒවා ග්‍රහණය කෙරුමට ඔබට ඉඩ සැලසේ. පිටුව සුරැකීමට පෙර පෙරදසුන නැරඹීමෙන් පිටු ඉතිහාසය ගොඩගැසීමෙන් වැලැකී ආකෘතිකරණ වෙනස්කම් හා අනෙකුත් සංස්කරණ අත්හදාබැලීමට ඉඩ සැලසේ. කෙසේවුවද, පෙරදසුන නැරඹීමෙන් අනතුරුව ඔබගේ සංස්කරණ සුරැකීමට අමතක නොකරන්න!

සංස්කරණ සාරාංශය

"පෙරදසුන පෙන්වන්න" බොත්තම පිහිටා ඇත්තේ පිටුව සුරකින්න බොත්තමට දකුණින් හා සංස්කරණ සාරාංශය කොටුවට පහලිනි.

පිටුව සුරකින්න එබීමට පෙර, ඔබ විසින් සිදු කල වෙනස් කම් පිළිබඳව ආචාරශීලි පැහැදිලිකිරීමක්, සංස්කරණ කොටුව සහ පිටුව සුරකින්න හා පෙරදසුන පෙන්වන්න බොත්තම් අතරමැදියෙහි පිහිටි සාරාංශය කොටුවෙහි බහාලීම, හොඳ සුසිරිතක් (හෝ "විකිසිරිතක්") ලෙසින් සැලකේ. එය ඉතා කෙටි විය හැක; නිදසුනක් වශයෙන් ඔබ විසින් "අකුරු වැරැදි" ලෙසින් සඳහන් කලොත්, ඔබ සිදු කලේ අක්ෂර වින්‍යාසය නිවැරැදි කිරීමක් බව අනෙකුන් වටහා ගනු ඇත. එලෙසම, ඔබ පිටුව තුල සිදු කලේ අක්ෂර වින්‍යාස හෝ ව්‍යාකරණ හෝ වැරැද්දක් නිවැරැදි කිරීම වැනි සුළු වෙනසක් නම් "මෙය සුළු සංස්කරණයකි" යන කොටුව අවේක්ෂණය කිරීමට අමතක නොකරන්න (මෙය කල හැක්කේ ඔබ ප්‍රවිෂ්ට ව සිටියහොත් පමණි).


වැලිපිල්ලෙහි සංස්කරණය කිරීමට උත්සාහ ගන්න
ආකෘතිකරණය හා සමගින් නිබන්ධනය ඉදිරියට ගෙන යන්න
පුද්ගලික මෙවලම්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්