වසර 100,000 ගැටළුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
පසුගිය වසර 600,000 තුල උශ්ණත්ව වෙනස්වීමේ වල δ18O මද්‍යන්ය නියැඳි කිහිපයක්

වසර 100,000 ගැටළුව යනු, පෘථිවියට පැමිණෙන සූර්ය කිරණ අනුව පතිතවන විකිරණ ප්‍රමාණය සහ පෘථිවියෙ උෂ්ණත්වය අතර ඇති නොගෙලපීමයි. පෘථිවියට පැමිණෙන විකිරණ ප්‍රමාණය වෙනස් වීම මත බලපාන සාධක නම්, එම විකිරණවල ශක්තිය, සූර්යාට ඇති දුර සහ ධ්‍රැව වල වෙනස් වීමයි. කෙසේවෙතත් සෑම වසර 100,000 වරක් වන ශීත යුග චක්‍රයේ කාලානුරූපව සිදුවන වැඩිවීම් සහ අඩුවීම්, ඉහත සඳහන්කල සාධක සමග සැසඳුකල එකිනෙක අතර නොගැලපීමක් පෙනෙයි.

පෘථිවි කක්ෂයෙ සිදුවම වෙනස්වීම් නිසා ලැබෙන විකිරණ ප්‍රමාණය වෙනස්වේ. මෙම වෙනස්වීම වසර 21,000, 40,000, 100,000, සහ 400,000 පමණ සිදුවේ. එම වෙනස්වීම පෘථිවියේ දේශගුණයට( උෂ්ණත්වය වැඩිවීමට ) සෘජුවම බලපාන අතර ශීත යුග චක්‍රයේ ආරම්භය සහ අවසානය නිර්ණය කිරීමේදී ඉතාම වැදගත් සාධකයක්වේ. වර්ණාවලි විශ්ලේෂණ දත්ත වලට අනුව ඉතා බලවත් දේශගුණ විපර්යාසයන් සිදුවන්නේ වසර 100,000 ඇතුලත වුවත් කක්ෂීය බලපෑම ඉතා කුඩාවේ.

පෙර දේශගුණික තත්වයන් නිර්ණය කිරීම[සංස්කරණය]

පසුගිය වසර 120,000 තුල δ18O වාර්තාව

පෙර දේශගුනික තත්වයන් එසේත් නැතිනම් උෂ්ණත්වයන් නිර්ණය කිරීමට අවසාදිත බහුලව යොදාගනු ලබයි. එනමුත් දැනට පවතින උෂ්ණත්වයන් මනින තරම් නිරවැරදි අගයන් නොලැබේ. මෙම මිනුම් ගැනීමට භාවිතා කරන තවත් ප්‍රධාන ක්‍රමයක් නම්, ඔක්සිජන් වල සමස්ථානික විභාජන ක්‍රමයයි. එය දක්වනුයෙ δ18O ලෙසයි. මෙම විභාජන කිරීම පාලනය වන්නේ, අයිස් වල බැඳී පවතින ජල ප්‍රමාණය සහ පෘථිවියේ නිරපේක්ෂ උෂ්ණත්වය මගිනි.

වාර්තා සැසඳීම[සංස්කරණය]

වාතය සහ මුහුදු අවසාදිත වාර්තා නිර්ණය කරනලද සුර්යාතපනය සමග සසඳන කල එමගින් උෂ්ණත්වය සහ අයිස් ප්‍රමාණය මත බලපෑම් ඇති කරයි. නිකලස් ෂැක්ලෙටන් Nicholas Shackleton විසින් ඇන්ටාක්ටික් අයිස් හි ඇති δ18O වාතය සහ වර්ණාවලි විශ්ලේෂණ ක්‍රමය මගින් මෙම දත්තයන් ප්‍රස්ථාර ගතකලවිට එය රේඛීය ස්වහාවයක් ගන්නා බව සොයා ගත්තේය.

වසර 100,000 අයිස් ප්‍රමාණයෙ වෙනස්වීම සහ මුහුදු මට්ටම් වාර්තාවල කොරල් පරවල වයස නිර්ණය කිරීම් පාදක කොටගෙන වසර දහස් ගණනක කක්ෂීය අනියම් හැසිරීම සොයාගන්නා ලදි. කක්ශීය අනියම් හැසිරීම ගත් කල ගැඹුරු මුහුදේ උෂ්ණත්වයට සෘජුවම බලපාන බව සොයාගන්නා ලදි. එසේම ඇන්ටාක්ටික් හි උෂ්ණත්වය සහ කාබන් ඩයිඔක්සයිඩ් ප්‍රමාණය (CO2) මතද බලපායි. එනම් අනියම් හැසීරීම ක්ෂණයෙන් භූවිද්‍යාත්මකව වාත උෂ්ණත්වය කෙරෙහිත්, ගැඹුරු මුහුදේ උෂ්ණත්වය කෙරෙහිත්, වායුගොලීය කාබන් ඩයිඔක්සයිඩ් ප්‍රමාණය කෙරෙහිත් බලපායි.

ගැටලු නිරාකරණය කිරීමේ ක්‍රම[සංස්කරණය]

Diagram shows that obliquity varies from 22.1 to 24.5 degrees.

මෙම වසර 100,000 වරක් සිදුවන ක්‍රියදාමය පෘථිවියේ දේශගුණය පාලනය කරනු ලබයි. එහෙත් මෙය වෙන්කර ක්‍රියාදාමය සනාථ කිරීම සඳහා අවශ්‍ය තරම් සාධක වර්ණාවලි අධ්‍යනය මගින් ලබා ගැනීමට අපහසුවේ.[1] එම නිසා මෙම ක්‍රියාදාමයට හේතුවන දීර්ගකාලීන හේතු නිශ්චිතව වෙන්කර දැක්වීමට නොහැකය.

සමහර විට මෙම ක්‍රියාවලිය පෘථිවියේ තිබෙන කාලගුණික තත්වයන් නිසා ඇති වු එයට පමණක් අදාල සිද්ධියක් වන්නට පුලුවන. පෘථිවි කාලගුණය සම අවුරුදු 100,000 වතාවක් කිරීමට ඉබේ හැඩගැසී තිබෙනව වන්නට පුලුවන. මෙවන් අවුරුදු 100,000 වතාවක් සිදුවන ක්‍රියාදාමයක් භුතල එකිනෙක ගැටීම නිසා හෝ මුහුදු තල වල ඇතිවන පැතිරීම නිසා, මෙය අවුරුදු මිලියන 1 ට පමණ පෙර සිට ඇති වූවක් ලෙස මතයක් පවති.[2][3]

පෘථිවිය විශ්වයේ ගමන් කරන අන්තරීක මාර්ගය මෙයට යම් බලපෑමක් කරන බව සමහර විද්වත්හු පවසයි. එම මාර්ගයේ ගමන් කරනවිට පෘථිවියට විෂ ඇති විකිරණ වලාකුලු අතරින් ගමන් කිරීමට සිදුවන නිසා පෘථිවි කාලගුණයේ යම් වෙනස් වීමක් ඇති වීමට ඉඩ ඇත.


මේවාත් බලන්න[සංස්කරණය]

Global warming ද්වාරය

නිර්දේශයන්[සංස්කරණය]

  1. LR04 Benthic Stack
  2. Ghil, M. (1994). "Cryothermodynamics: the chaotic dynamics of paleoclimate". Physica D 77 (1–3): 130–159. doi:10.1016/0167-2789(94)90131-7. Bibcode1994PhyD...77..130G. http://portal.acm.org/citation.cfm?id=193534. 
  3. Gildor, H.; Tziperman, Eli (2000). "Sea ice as the glacial cycles' climate switch: Role of seasonal and orbital forcing". Paleoceanography 15 (6): 605–615. doi:10.1029/1999PA000461. Bibcode2000PalOc..15..605G. 
"http://si.wikipedia.org/w/index.php?title=වසර_100,000_ගැටළුව&oldid=284061" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි