වයලීනය

විකිපීඩියා වෙතින්
සම්මත නවීන වයලීනයක්, ඉදිරිපසින් හා පැත්තෙන් දක්වා ඇත.

වයලීනය තත් හතරක් සහිත වාදනය කල හැකි උපකරණයකි. තත් සහිත සංගීත භාණ්ඩ පවුලේ උච්ච ස්වරයක් නංවන කුඩාම සාමාජිකයා වයලීනයයි. වයෝලා සහ සෙලෝ ඇතුලත් වන්නේද මෙම පවුලටයි.

වයලීනය ඇතැම් විට ෆිඩල් (Fiddle) යනුවෙන්ද හැඳින්වේ. මෙම වචනය මධ්යා ලතින් වචනයක් වූ Vitula යන්නෙන් ආරම්භ වී රෝමානු භාෂා හරහා වයලීනය බවට පත් වන්නට ඇත. Vitula යන්නෙහි තේරුම තත් සහිත උපකරණය යන්නයි. ජර්මානු ෆිඩ්ල් යන්නට මුල් වන්නට ඇත්තේද මෙම වචනයයි.

මෙය වාදනය කරන්නා Violinist නැතහොත් Fiddler යනුවෙන් හැඳින්වේ. වයලීනය නිෂ්පාදනය කරන්නා හෝ අලුත්වැඩියා කරන්නා හැඳින්වෙන්නේ ලුතියර් (Luthier) නමිනි.

වයලිනය යුරෝපයේ සොයා ගැනීමක් ලෙස හැදින්වෙන අතර නමුත් වයලීනය ශ්‍රී ලදනාවේ රාවණා රජුගේ නිර්මාණයක් ලෙසද මතයක් පවති. රාවණා රජුගේ රාවණා වීණාව තත් එක් පමනක් තිබුණ සංගීත භාණ්ඩයක් වු අතර එය තව දුරටත් විකාශනය වි එය ඉන්දීයාව, අරාබිය, ප්ර්මනිය , වැනි රටවල් හරහා සංක්‍රමණය වීමෙන් අනතුරැව පසු කාලීනව වයලීනය නිපදවු බවටද පිළිහැනිමක් ඇත. එසේම තත් හයකින් යුතක්ත වූ රීබෙක් නම් නම් සංගීත භාණ්ඩයක් වියෝල් ලෙස නිර්මාන වි එය පසු කාලිනව වයලින් ලෙස වර්ධනය වු බව තවත් එක මතයක් වේ. කෙසේ වෙතත් වයලිනය ප්ර්මනිය ස්ටැටි වේරියන් නැමැත්තාගේ වයලිනය සහ ඇන්ටෝණියෝ නම් පුද්ගලයාගේ වයලීනය ඉතා උසස් වයලීන් ලෙස පිලිගනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=වයලීනය&oldid=499958" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි