වනාන්තර පිළිබඳ දත්ත එක්රැස් කිරීම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

වනාන්තර පිළිබඳ දත්ත ලේඛනගත කිරීම යනු වනාන්තර පිළිබඳ විශ්ලේෂණය සහ තක්සේරුව සඳහා සමස්ථ දත්ත එකතු කිරීම සහ අදාල සියලු තොරතුරු ලබාගැනීමයි.මෙය දැව ලබා ගැනීමේ විභවතාව ලෙසද හඳුන්වයි. වනාන්තර හිමිකරුවන්ට ලබාගතහැකි දැව පරිමාවේ විභවතාවය දැන සිටීම දැව ප්‍රමාණය තක්සේරු කිරීමට සහ දැව වල ප්‍රයෝජන පිළිබඳ අදහසක් ලබා ගැනීමට වැදගත්ය. වනාන්තර පිළිබඳ දත්ත ලේඛනගත කිරීමේදී ශාක විශේෂය පපුවට සමාන උසකින් ගසෙහි විෂ්කම්භය ගසෙහි උස ,වනාන්තර බිමෙහි තත්වය, ගසෙහි වයස සහ වනාන්තරයේ දුර්වලතා සැලකිල්ලට ගනී. මෙම දත්ත මගින් අක්කරයක ඇති ශාක සංඛ්‍යාව , ශාක වල පාදස්ථයේ වර්ග ප්‍රමාණය, වනාන්තරයේ ශාක පරිමාව සහ දැව පරිමාව ගණනය කළ හැක. මෙම ගණනය කිරීම් වලට අමතරව වෙනත් හේතු සඳහාද ලේඛනගත කිරීම වැදගත්ය. මෙහිදී වනාන්තර වල ඇතිවන ගිනි වල අහිතකර තත්ව සහ ගිනි සඳහා හේතු සහ අවදානම පිළිබඳ දත්ත ලබා ගැනීමට මෙම දත්ත යොදා ගනී. මෙම ප්‍රතිඵල මගින් ගිනි වැලැක්වීම හෝ ඒ පිළිබඳ අවධානය යොමු කිරීමට අවස්ථාව ලැබේ. වන ජීවීන් පිළිබඳ දත්ත රුස්කිරීම මගින් වනය තුළ වනජීවී වර්ග සහ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ලබාගත හැක. ඉතිහාසය වනාන්තර පිළිබඳව සමීක්ෂණ කිරීම හා ලේඛනගත කිරීම 18 වන සියවසේදී යුරෝපයේ දී ආරම්භ විය. මෙයට හේතු වූයේ ඉන්ධන සඳහා පරිභෝනය කරන දැව ප්‍රමාණය අඩුවීගෙන යාමයි. පළමුව දැව පරිභෝජනය පිළිබඳ දත්ත සිතියම්ගත කරන ලදී. 19 වන සියවසේ මුල් භාගයේ දී වගාකරුවන් දැව පරිමාව සහ කුඩා පරිමාණයේ වනාන්තර ප්‍රමාණය පිළිබඳ දත්ත සියැසින් දැක විශ්ලේෂණය කරන ලදී. ප්‍රමාණයෙන් විශාල වනාන්තරද මේ ආකාරයට විශ්ලේෂණය කිරීමට කුඩා කොටස් වලට බෙදා වෙන් කරන ලදී. මෙම කුඩා කොටස් වල දත්ත ඇස්තමේන්තු කර සම්පූර්ණ වනාන්තරය පිළිබඳ අදහසක් ලබා ගන්නා ලදී. ශාකයක ක‍ඳෙහි විෂ්කම්භය උස හා පරිමාව අතර නව සම්බන්ධතා සොයාගන්නා ලදී.මෙම සොයාගැනීම් විශාල වනාන්තර වල දත්ත විශ්ලේෂණය පහසු කරයි. 1891 සිට විශ්ලේෂණය සඳහා සාම්පල් නියැදි පදනම් කරගත් ක්‍රම සහ සංඛ්‍යානමය විශ්ලේෂණ ක්‍රම යොදාගන්නා ලදී. 20වන සියවසේදී සංඛ්‍යානමය ක්‍රම හොඳින් ස්ථාපනය වූ අතර බහුලව භාවිතා කිරීම ආරම්භ විය. තවද අසමාන සම්භාවිතා සාම්පල ක්‍රමය ආරම්භවිය. 20 වන සියවසේ නව තාක්ෂණික ක්‍රමයක් ලෙස පර්ගණකය හා පරිගණක දත්ත පදනම් කරගත් සාම්පල විශ්ලේෂණය වඩා කාර්යක්ෂමව වනාන්තර පිළිබඳ දත්ත ලේඛනගත කිරීමට යොදාගන්නා ලදී. සම්මත පරීක්ෂණ ක්‍රම වර්තමානයේ බහුලව භාවිතා කරන වනාන්තර පිළිබඳ දත්ත ලේඛනගත කිරීමේ ක්‍රමය වනුයේ වනාන්තරයේ ශාකවල වයස , ශාක විශේෂ සැකැස්ම සහ පිහිටීම පදනම් කරගෙන සමාන ලක්ෂණ සහිත වනාන්තර එකට වර්ගකර සිදුකරන අහඹු සාම්පල් කිරීමේ ක්‍රමයයි. මෙහි මීලඟ පියවර වනුයේ අහඹු ස්ථානයක් තෝරාගෙන වක්‍රකාර බිමි කැබලි සමාන දුරකින් වෙන්කර ගැනීමයි.දත්ත ලේඛනගත කිරීමේදී කුමන බිම් කොටසෙහි (plot) දත්ත ගන්නවාද යන්න තීරණය කළ යුතුය. මෙහිදී විවිධ බිම් කොටස් පවතී. එනම් ස්ථිර අරය සහිත (fixed radius) සහ වෙනස්වන අරය සහිත (variable radius) හෙවත් ප්‍රිස්මාකාර අරය සහිත (prism radius) බිම් කොටස් ලෙසයි. ස්ථිර අරය සහිත බිම් වල මිනුම් ගන්නා ස්ථානයේ සිට සමාන දුරකින් ශාක පිහිටයි. Variable radius බිම් කොටස් වනාන්තරයේ ශාක පරිමාව ලබා ගැනීමට යොදා ගනී. මෙහිදී කොණයක් තිබිය යුතුය. මෙහිදී (plot) හි ‍ක්ෂේත්‍රයේ සිට කෝණය ගෙන එයට වඩා විශාල ශාක මනී.