වගා කිරීම

විකිපීඩියා වෙතින්

ගයිස්බරෝ(Guys borough) හෝ ෆ්ලයිස්බරෝ (Flys borough)යන නාමය ඇතැම් වගාකරුවන් අතර අප්‍රසාදයට පත් ව ඇත. මෑත කාලයේ ශාක සිටුවීම ගැන වැඩ්පුර කතාබහ වේ. මෙය හුදෙකලා වූ පරිසරයක සිදුකරන අතර මෙය වැඩකටයුතු නොමැති සමයන්හි වගා කරුවන්ගේ ජීවිත හා සමාන වේ. ස්කොට් චිෙශාල්මි treeplanter.com වෙබි අඩවියේ නිර්මාණකරු වන අතර ඔහු විසින් ශාක සිටුවන්නන්,විපත් හේතුකොටගෙන තව තවත් ශක්තිමත් වන බව සොයාගෙන ඇත. දීර්ඝ කාලීන අත්දැකීම්, මඩ ගසාගැනීම්, නිග්‍රහ කිරීම් හා අපකීර්තියට ලක් කිරීම්, වැවිලිකරුවන් එක්සත්ව එකතු වීමට හේතු වේ. ශාක වගා කිරීමේ අපහසුතාව, යුධ හමුදා සේවය සමග නිතර සංසන්දනය වේ. ශාක වගාකරුවන් බොහෝ විට වයස අවුරුදු 18 හා 30 අතර වේ. මොවුන් රැකියා සොයන්නන් වන අතර ශාක සිටුවීම වෘත්තියක් බවට සකසා ගෙන ඇත. සමාජය ශාක වගාකරුවන් දැඩි, නොසැලකිලිවන්ත පුද්ගලයන් ලෙස දැකීමට හුරුව ඇත මොවුන් නගරයේ කුඩා තැබෑරුම් වලින් රළු පානයන් ගන්නා පිරිසක් බවට පත්ව ඇත. කෙසේ වෙතත් මොවුන්ගේ ජීව්තයේ දැඩි අදුරු පැත්තක් ද ඇත. මෑත කාලීන සමීක්ෂණ වලින් සොයා ගෙන ඇත්තේ ඔවුන්ගේ වැඩ කිරීෙම් පරිසරය හා ජීව්තවල තත්ත්වය ද ඉතාමත් දුර්වල බව ය. මත්කුඩු (කංසා) සහ මධ්‍යසාර භාවිතය සදහා ඔවුන් ඉතා බහුල ලෙස හුරුවී ඇත. තවද ඔවුන්ගේ මානසික සෞඛ්‍යද විවිධාකාර වූ පීඩනයන්ගෙන් පිරී ඇත. කැනඩාවේ ක්විඛෙක් ප්‍රාන්තයේ සේවකයන් මතු බලාපොරොත්තු සහිතව මෙම ප්‍රශ්න අඩු කිරීම හා නැති කිරිමට සංවිධානය වී ඇත. තවද ගෙවීම් නොලබන සේවකයන්ගේ (බොහෝ විට කර්මාන්තවල) බලාපොරොත්තුන් ඉටු කිරීමද මෙහි තවත් ඒක් අරමුණකි.


"https://si.wikipedia.org/w/index.php?title=වගා_කිරීම&oldid=332449" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි