ලෝක ළමා දිනය 2014 තැපැල් මුද්දරය

විකිපීඩියා වෙතින්

මුද්දර නිවේදන අංකය 853[සංස්කරණය]

2014 ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් රුපියල් 10 ක වටිනාකමින් යුත් නව තැපැල් මුද්දරයක්, 2014 ඔක්තෝම්බර් මස 01 දින නිකුත් කරනු ලැබේ.[1] එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1950 වර්ෂයේ සිට දරුවන් උදෙසා වෙනමම දිනයක් නම් කිරීම සිදු කරන ලද අතර එය ලොව පුරා උත්සවාකාරයෙන් සමරනු ලබයි. "සෙනෙහස දී අප රකින්න" යන්න එහි මෙවර තේමාව වන අතර සෙනෙහසින් පෝෂනය වූ ළමාවියක් තුලින් යහපත් පුරවැසියන් තැනීම එහි ප්‍රමුඛ අභිලාෂය වන්නේය. 2014 වර්ෂය, ශ්‍රී ලංකාව ළමා හිමිකම් ප්‍රඥප්තිය බලාත්මක වසර 25 ක් සැපිරීම නිසා මෙවර ළමා දිනය සැමරීම ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වේ. ලෝක ළමා දින ජාතික උත්සවයේ නිළ ලාංඡනය ඇසුරෙන් නිකුත්වන මෙම සමර මුද්දරයේ දිස්වෙන, රබර් ඇටය ආශ්‍රිතව නිපදවා ඇති රූං පෙත්ත දරුවන්ගේ නිර්මානශීලීභාවය වර්ධනය කිරීම උදෙසා මං පාදන ලද ක්‍රීඩා භාණ්ඩයකි. ළමා හිමිකම් ප්‍රඥප්තියේ 25 වැනි වසර සමරන මේ වසර තුල එහි 17 වගන්තියේ දැක්වෙන "විවේකය අපගේ අයිතියකි" යන්න සංකේතවත් වන මෙම ක්‍රීඩා භාණ්ඩයද දූදරුවන් ද තුළින් විවේකය සදහා ඔවුන් සතු අයිතිය සුරැකීම, ඔවුන් හට දිය හැකි ඉහළම වරප්‍රසාදයන් බව තහවුරු කෙරේ.

නිකුත් කරන දිනය - 2014 ඔක්තෝබර් මස 01 වැනි දින. වටිනාකම - රුපියල් 10.00. මුද්දර සැලසුම්කරු - පුලස්ති එදිරිවීර. මුල්දින කවරය - පී. ඉසුරු චතුරංග. ප්‍රමාණය - මි. මී. 30 x මි. මී. 41. හැඩය - සිරස්. මුද්‍රණ ක්‍රමය - ඕෆ්සෙට් ලිතෝග්‍රැෆි. පත් සැකැස්ම - පත්‍රිකාවක මුද්දර 20 බැගින්. සිදුරු ප්‍රමාණය - 14 x 13 1/2. මුද්‍රණකරුවෝ - රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, ශ්‍රී ලංකාව. වර්ණ ( පාවිච්චි කළ ) - හතරයි. කඩදාසි වර්ගය - 102 ජී. එස්. එම්. ආරක්ෂිත මුද්දර මුද්‍රණ කඩදාසි. මැලියම් - පීවීඒ. මුද්‍රණය කළ ප්‍රමාණය - 500,000. අලෙවි කරන අවසන් දිනය - 2015.09.30.

ආශ්‍රිත[සංස්කරණය]

  1. මුද්දර කාර්යයංශය විස්තර පත්‍රිකාව