ලුම්බිණිය
| ලුම්බිණිය, බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය සිදු වූ ස්ථානය* | |
|---|---|
| යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
|
|
|
| රාජ්‍ය පාර්ශවය | |
| වර්ගය | සංස්කෘතික |
| නිර්ණායක | iii, vi |
| සමුද්දේශ | 666 |
| කලාපය** | ආසියා ශාන්තිකර |
| ශිලාලේඛන ඉතිහාසය | |
| ශිලාලේඛනය | 1997 (21වන සැසිය) |
| * ලෝක උරුම ලැයිස්තුවෙහි අභිලිඛිත අයුරින් නම දැක්වේ. ** යුනෙස්කොව මගින් වර්ගීකරණය කර ඇති පරිදී කලාපය. |
|
ලුම්බිණිය (සංස්කෘත: लुम्बिनी, "මනහර") යනු මහා මායා දේවිය විසින් සිද්ධාර්ථ කුමරුන් ලෙවට බිහිකල ස්ථානයයි. නේපාලයේ රුපන්ඩේශිලා දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.[1] ගෞතම බුදුන් වහන්සේ කි.පු.563 සිට 483 කාලය තුළ ජීවත්ව සිටිසේක. ගෞතම බුදුන් වහන්සේගේ ජීවිතය හා බැඳුණු බෞද්ධයින්ගේ ප්‍රධාන පූජනීය ස්ථාන හතරෙන් එකකි ලුම්බිනිය ඉතිරි ස්ථාන කුශිනාරාව (කුශිනගර්) බුද්ධගයාව සහ සරානාත් වේ.
හිමාලය කඳු වැටිය පාමුල ලුම්බිණිය පිහිටා ඇත්තේය. සිද්ධාර්ථ කුමරුන් අවුරුදු 29 දක්වා හැදුනේ වැඩුනේ මෙම ප්‍රදේශයෙහිය. කපිලවස්තු නගර සභා ප්‍රදේශයේ සිට කි.මි.25 ක් නැගෙනහිර දෙසින් මෙම ප්‍රදේශය පිහිටියේය. “කපිලවස්තු” යනු මෙම ප්‍රදේශයේ නම වූවා සේම යාබද දිස්ත්‍රික්කයේද නමයි. මයා දේවී විහාරය ඇතුලු බොහෝ විහාර ගණනාවක් මෙහි වෙයි. මෙයින් බොහොමයක් වර්තමානයේ (2007) ප්‍රතිසංස්කරණය වෙමින් පවති. පුෂ්කරණි පොකුණ සහ කපිල වස්තු මාළිගයේ නටබුන්ද ලුම්බිණියෙහි දක්නට ලැබේ. බෞද්ධ පුරාවෘතයන්ට අනුව මේ අසල වෙනත් බුදුවරු ඉපදුනු ස්ථානද තිබේ.
පටුන |
[සංස්කරණය] බුදුන් දවස ලුම්බිණිය
ප්‍රධාන ප්‍රදේශ හතර
| ලුමුබිණි |
| බුද්ධගයා |
| සාරානාත් |
| කුෂිනගර් |
අතිරේක ප්‍රදේශ හතර
| ශ්‍රාවස්ති |
| රාජ්ගිර් |
| සංඛස්ස |
| වෛශාලි |
වෙනත් ස්ථාන
| පැට්නා-ගයා |
| කොසම්බි-මථුරා |
| කපිල වස්තු-දේවදහ |
| කේසරියා-පාව |
| නාලන්දා-වාරානසි |
පසු කාලීන ප්‍රදේශ
| සාන්චි |
| රත්නගිරි |
| එල්ලෝරා |
| අජන්තා |
| භාර්රුත් |
බුදුන් දවස ලුම්බිනිය, කපිල වස්තු සහ දේවදහ අතර පිහිටි උයනකි. බුදුන් උපත ලද්දේ මෙම ස්ථානයේය. අශෝක රජු ලුම්බිනිය දැක බලා ගැනීමට පැමිනිම සිහිවීම පිණිස තබන ලද කුලුණක් දැනට දක්නට ලැබේ. එහි සලකුණු කරන ලද විස්තර අනුව ලුම්බිනි උයන භාරව සිටි එකල ජනයා විසින් අශෝක රජුගේ පැමිණිම සහ පුද පඬුරු දීම සිහිවීම පිණිස එම කුලුණ පිහිටුවා තිබේ. භගවන්පුරට සැතපුම් දෙකක් උතුරෙන් පිහිටි මෙම උයන ඊට කලින් හඳුන්වා තිබුනේ රුමින්දෙයි යනුවෙනි.
යුත්ත නිපාතයට අනුව (683 ගා) බුදුන් වහන්සේ ලුම්බිනි ජනපදයේ, ශාක්‍යයන්ගේ ගමක ඉපදුනු බව විස්තර කර ඇත. බුදුන් දෙව්දහ නුවරට වැඩි ගමනේදි ලුම්බිනි වනයේ නැවති සිටි දේවදහ සූත්‍රය දේශනා කළ සේක.
[සංස්කරණය] ලුම්බිනිය නැවත සොයා ගැනීම
1896 වර්ෂයේදි නේපාල ජාතික පුරාවිද්‍යාඥයින් පිරිසක් (ඛඩ්ගා සම්ශේර් රානා ගේ මෙහෙයවීමෙන්) මෙම ප්‍රදේශයේ කළ කැනීම් වලදි අශෝක රජු විසින් කරන ලදැයි කියවෙන විශාල කුලුණක් සොයාගන්නා ලදි. චීන වන්දනාකාර ෆා හියැන් විසින් තබන ලද තොරතුරුද මෙම පූජනීය භූමිය හඳුනා ගැනීමේ කාර්යයදී ප්‍රයෝජනයට ගන්නා ලදි.
[සංස්කරණය] වර්තමාන ලුම්බිණිය
යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කළ බිමකි.
ලුම්බිණිය 1997 වන විට ජාත්‍යන්තර ලෝක උරුම වැඩසටහන සඳහා යෝජනා කරන ලදි. යුනෙස්කෝ ලෝක උරුම භූමියක් වන්නේය.
ලුම්බිණි පූජනීය පෙදෙස් වටා විහාර ආරාම රාශියක් ඇත්තේය. එම පෙදෙසෙහි ඉදි කළ හැක්කේ පූජනීය ස්ථාන පමනි. ආපනා ශාලා සාප්පු ආදිය තැනිය නොහැක. එය බටහිර සහ නැගෙනහිර පූජනීය පෙදෙස් වශයෙන් කොටස් දෙකකට බෙදා ඇත. නැගෙනහිර පැත්තේ ථේරවාදි පන්සල් තිබෙන අතර බටහිර පෙදෙසෙහි මහායාන සහ වජ්රයාන විහාර ආරාම ආදිය දක්නට ඇත.
ලුම්බිනිය පූජා භූමියේ පුරාණ පූජනීය ස්ථානවල නටබුන් දැක ගත හැක. ඒවා නම් පූජනීය බෝධි වෘක්ෂය පුරාණ නාන පොකුණ, අශෝක කුලුන සහ මයාදේවි පන්සලය. මෙම මයාදේවි පන්සල පිහිටි තැන බුදුන් ඉපදුනු ස්ථානය ලෙස සැලකේ. හිමිදිරියේ සිට සැන්දෑව දක්වා විවිධාකාර රටවල් වලින් පැමිණෙන වන්දනා කරුවෝ මෙම ස්ථානයේ වන්දනාමාන කටයුතු සහ භාවනා ආදිය කරති. ගැලරිය (චිත්‍රා ගාරය)