ලුම්බිණිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
ලුම්බිණිය, බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය සිදු වූ ස්ථානය
ලෝක උරුම ලැයිස්තුවෙහි දක්වා ඇති පරිදී නම
Lumbini 4.jpg
රට නේපාලය
වර්ගය සංස්කෘතික
නිර්ණායක iii, vi
ආශ්‍රය 666
යුනෙස්කෝ කලාපය ආසියා ශාන්තිකර
ශිලාලේඛන ඉතිහාසය
ශිලාලේඛන 1997 (21වන සැසිය)

ලුම්බිණිය (සංස්කෘත: लुम्बिनी, "මනහර") යනු මහා මායා දේවිය විසින් සිද්ධාර්ථ කුමරුන් ලෙවට බිහිකල ස්ථානයයි. නේපාලයේ රුපන්ඩේශිලා දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.[1] ගෞතම බුදුන් වහන්සේ කි.පු.563 සිට 483 කාලය තුළ ජීවත්ව සිටිසේක. ගෞතම බුදුන් වහන්සේගේ ජීවිතය හා බැඳුණු බෞද්ධයින්ගේ ප්‍රධාන පූජනීය ස්ථාන හතරෙන් එකකි ලුම්බිනිය ඉතිරි ස්ථාන කුශිනාරාව (කුශිනගර්) බුද්ධගයාව සහ සරානාත් වේ.

හිමාලය කඳු වැටිය පාමුල ලුම්බිණිය පිහිටා ඇත්තේය. සිද්ධාර්ථ කුමරුන් අවුරුදු 29 දක්වා හැදුනේ වැඩුනේ මෙම ප්‍රදේශයෙහිය. කපිලවස්තු නගර සභා ප්‍රදේශයේ සිට කි.මි.25 ක් නැගෙනහිර දෙසින් මෙම ප්‍රදේශය පිහිටියේය. “කපිලවස්තු” යනු මෙම ප්‍රදේශයේ නම වූවා සේම යාබද දිස්ත්‍රික්කයේද නමයි. මයා දේවී විහාරය ඇතුලු බොහෝ විහාර ගණනාවක් මෙහි වෙයි. මෙයින් බොහොමයක් වර්තමානයේ (2007) ප්‍රතිසංස්කරණය වෙමින් පවති. පුෂ්කරණි පොකුණ සහ කපිල වස්තු මාළිගයේ නටබුන්ද ලුම්බිණියෙහි දක්නට ලැබේ. බෞද්ධ පුරාවෘතයන්ට අනුව මේ අසල වෙනත් බුදුවරු ඉපදුනු ස්ථානද තිබේ.

බුදුරජාණන්වහන්සේගේ දේශනාවලට අනුව ලුම්බිනියට හිමිතැන[සංස්කරණය]

භාග්‍යවත් සම්බුදු රජාණන් වහන්සේ සැම බෞද්ධයෙකු විසින්ම දැකබලා පහන් සංවේගය උපදවාගෙන වන්දනා මාන කලයුතු පුජනීයවූ භුමි හතරක් පිළිබඳව පරිනිර්වාණ සුත්‍රයෙහි අනුදැන වදාරා ඇත.
සිද්ධාර්ථ බෝසතානන්ගේ උත්පත්තිය සිදුවුන ඒ අසිරිමත් ලුම්බිණිය එයින් එකකි. බෝසතානන් වහන්සේ සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වූ අසම සම බුද්ධගයා පිංබිම, ලෝසතුන්ගේ විමුක්තිය උදෙසා උන්වහන්සේ විසින් ප්‍රථම ධර්ම දේශනාව සිදුකළ මිගදායේ අවිඳු අඳුර දුරැකළාවූ ඉසිපතනාරාමය සහ මහා කාරුණිකයාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ සාල වනය අනෙක් සිද්ධස්ථාන වෙයි. [2]

බුදුන් දවස ලුම්බිණිය[සංස්කරණය]

ප්‍රධාන ප්‍රදේශ හතර

ලුමුබිණි
බුද්ධගයා
සාරානාත්
කුෂිනගර්

අතිරේක ප්‍රදේශ හතර

ශ්‍රාවස්ති
රාජ්ගිර්
සංඛස්ස
වෛශාලි

වෙනත් ස්ථාන

පැට්නා-ගයා
කොසම්බි-මථුරා
කපිල වස්තු-දේවදහ
කේසරියා-පාව
නාලන්දා-වාරානසි

පසු කාලීන ප්‍රදේශ

සාන්චි
රත්නගිරි
එල්ලෝරා
අජන්තා
භාර්රුත්

බුදුන් දවස ලුම්බිනිය, කපිල වස්තු සහ දේවදහ අතර පිහිටි උයනකි. බුදුන් උපත ලද්දේ මෙම ස්ථානයේය. අශෝක රජු ලුම්බිනිය දැක බලා ගැනීමට පැමිනිම සිහිවීම පිණිස තබන ලද කුලුණක් දැනට දක්නට ලැබේ. එහි සලකුණු කරන ලද විස්තර අනුව ලුම්බිනි උයන භාරව සිටි එකල ජනයා විසින් අශෝක රජුගේ පැමිණිම සහ පුද පඬුරු දීම සිහිවීම පිණිස එම කුලුණ පිහිටුවා තිබේ. භගවන්පුරට සැතපුම් දෙකක් උතුරෙන් පිහිටි මෙම උයන ඊට කලින් හඳුන්වා තිබුනේ රුමින්දෙයි යනුවෙනි.

යුත්ත නිපාතයට අනුව (683 ගා) බුදුන් වහන්සේ ලුම්බිනි ජනපදයේ, ශාක්‍යයන්ගේ ගමක ඉපදුනු බව විස්තර කර ඇත. බුදුන් දෙව්දහ නුවරට වැඩි ගමනේදි ලුම්බිනි වනයේ නැවති සිටි දේවදහ සූත්‍රය දේශනා කළ සේක.

ලුම්බිනිය නැවත සොයා ගැනීම[සංස්කරණය]

1896 වර්ෂයේදි නේපාල ජාතික පුරාවිද්‍යාඥයින් පිරිසක් (ඛඩ්ගා සම්ශේර් රානා ගේ මෙහෙයවීමෙන්) මෙම ප්‍රදේශයේ කළ කැනීම් වලදි අශෝක රජු විසින් කරන ලදැයි කියවෙන විශාල කුලුණක් සොයාගන්නා ලදි. චීන වන්දනාකාර ෆා හියැන් විසින් තබන ලද තොරතුරුද මෙම පූජනීය භූමිය හඳුනා ගැනීමේ කාර්යයදී ප්‍රයෝජනයට ගන්නා ලදි.

වර්තමාන ලුම්බිණිය[සංස්කරණය]

යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කළ බිමකි.

ලුම්බිණිය 1997 වන විට ජාත්‍යන්තර ලෝක උරුම වැඩසටහන සඳහා යෝජනා කරන ලදි. යුනෙස්කෝ ලෝක උරුම භූමියක් වන්නේය.

ලුම්බිණි පූජනීය පෙදෙස් වටා විහාර ආරාම රාශියක් ඇත්තේය. එම පෙදෙසෙහි ඉදි කළ හැක්කේ පූජනීය ස්ථාන පමනි. ආපනා ශාලා සාප්පු ආදිය තැනිය නොහැක. එය බටහිර සහ නැගෙනහිර පූජනීය පෙදෙස් වශයෙන් කොටස් දෙකකට බෙදා ඇත. නැගෙනහිර පැත්තේ ථේරවාදි පන්සල් තිබෙන අතර බටහිර පෙදෙසෙහි මහායාන සහ වජ්රයාන විහාර ආරාම ආදිය දක්නට ඇත.

ලුම්බිනිය පූජා භූමියේ පුරාණ පූජනීය ස්ථානවල නටබුන් දැක ගත හැක. ඒවා නම් පූජනීය බෝධි වෘක්ෂය පුරාණ නාන පොකුණ, අශෝක කුලුන සහ මයාදේවි පන්සලය. මෙම මයාදේවි පන්සල පිහිටි තැන බුදුන් ඉපදුනු ස්ථානය ලෙස සැලකේ. හිමිදිරියේ සිට සැන්දෑව දක්වා විවිධාකාර රටවල් වලින් පැමිණෙන වන්දනා කරුවෝ මෙම ස්ථානයේ වන්දනාමාන කටයුතු සහ භාවනා ආදිය කරති. ගැලරිය (චිත්‍රා ගාරය)

ලුම්බිනියේ සංචාරක ආකර්ශණය[සංස්කරණය]

දැනට ලුම්බිණී පුදබිම වෙත වසරකට විදේශිකයින් 2,50,000 පමණත් නේපාල ජාතිකයින් 5,40,000 පමණත් පැමිණෙන බව නේපාල සංචාරක අමාත්‍යාංශය පවසයි. මේ බොහෝදෙනා එහි පැමිණෙන්නේ වන්දනා මාන කරගැනීමේ අරමුණෙන් නිසා මුදල් විය පැහැදම් කරනුයේ ඉතාම සුළුවශයෙන් බවත් වැඩිදෙනා එහි ගතකරන්නේ එක දවසක් පමණක් බවත් ඔවුන් කියති.
ලුම්බිණිය වෙත පැමිණෙන විදේශික වන්දනා කරුවන්ගෙන් වැඩිදෙනා ශ්‍රී ලාංකික බෞද්ධයින් වීමද විශේෂත්වයකි. මෙම වන්දනා කරුවන් සඳහා පසසුකම් වැඩිදියුණු කළහොත් දැනට වඩා වැඩි වන්දනා කරුවන් මෙන්ම සංචාරකයින්ද ලුම්බිණී පුදබිමට මෙන්ම නේපාලයේ සංචාර සඳහාද යොමුකරගත හැකිබව ශ්‍රී ලංකා නේපාල මිත්‍ර සංගමයේ සභාපති ජගත් සවනදාස මහතා පවසා තිබුණි.
සිදුහත් කුමරුන් ගිහිගෙය අතහැර යනතෙක් සිටි සහ ගෞතම බුදුරජානන් වහන්සේ වැඩවාසය කල බොහෝ ස්ථාන දැනට පුරාවිද්‍යා බිම් ලෙස ආරක්ෂාවී ඇත.
මෙම උත්තම කටයුත්ත සාක්ශාත් කරගැනීම උදෙසා අනුපමේය වෙහෙසක් දරු අනගාරික ධර්මපාල උතුමානන්ද මේ අවස්ථාවේ පිංදී සිහිපත්කල යුතුව ඇත.
මේ සියලු පුණ්‍ය භුමි අතරට බෝසතානන් වහන්සේගේ උත්පත්තිය සිදුවූ ස්ථානය සහ මහා මායා දේවියට උපකාරවූ සාල වෘක්ෂය තිබු ස්ථානයද මතු යම් දවසක අප සැමට වැඳ පුදා ගැනීමට අවස්ථාව උදා වනු නිසැකය.
1978 දී නේපාල රජය ලුම්බිණී පුදබිම වන්දනා භූමියක් ලෙසට ජාත්‍යන්තර සංචාරකයින්ගේ ආකර්ෂණය ලබාගැනීමේ වැඩපිළිවෙළක් ඇරැඕය. වසර හතක ඇතුලත සම්පුර්ණකිරීමේ බලාපොරොත්තුවෙන් ආරම්භකෙරුන එම ව්‍යාපෘතිය මේ දක්වා සම්පුර්ණ කිරීමට හැකිවී නැත.
සිදුහත් කුමරුන් උපන් ස්ථානය වැඳ පුදා ගැනීම සඳහා ඉමහත් භක්ත්‍යාදරයකින් පැමිණෙන වන්දනාකරුවන් මෙන් නොව පුරාවිද්‍යා වටිනාකමකින් යුතු තැනක් නැරඹීමට පැමිණෙන සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් මදවීමනිසා බලාපොරොත්තු වූ තරම් අදායමක් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් එම වැඩකටයුතු නිමා කිරීම ප්‍රමාදවෙමින් පවතින බවට වාර්තා විය. [2]

ලුම්බිනියේ වර්තමාන කැණීම්[සංස්කරණය]

යුනෙස්කෝ ආයතනය මඟින් 1997 ලෝක උරුම භූමියක් ලෙස නම් කර ඇති ලුම්බිණියේ නේපාල පුරා විද්‍යා අධිකාරියේ පුර්ණ සහභාගීත්වයෙන් මේ දිනවල ධර්මාශෝක අධිරාජයා විසින් ඉදිකළ ගොඩනැගිල්ලට යටින් ඇති පුරා වස්තුන් පිළිබඳව සොයාබැලීමේ කැනීම් කටයුතු සිදුකරනු ලබන්නේ භූගෝලවිද්‍යා සඟරාවක අනුග්‍රහයෙනි.
මෙම ව්‍යාපෘතිය අලලා වාර්තාමය චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමටත් එය ලොව වටා බෙදා හැරීමටත් ඔවුහු බලාපොරොත්තු වෙති.
ලුම්බිණියේ පුරවස්තුන් මුල්වරට සොයාගනු ලැබුවේ 1896 දීය. ඒ සඳහා මුලිකව කටයුතු කලේ නේපාල ජාතික පුරාවිද්‍යාඥයෙකුවූ කඩ්ගාර් සම්ෂියර් රානා නමැත්තෙකි. ඔහු අශෝක ස්ථම්භය සහ එය පිටුපස තිබු පැරණි ගොඩනැඟිල්ලෙහි නටබුන් සොයා ගත්තේය. [2]

ලුම්බිණි ප්‍රදේශය - නේපාලය
Lumbinibodhi.jpg


Birthplacebuddha.jpg


Asokalumbini.jpg
Eternal peace flame Lumbini.jpg

ආශ්‍රිත[සංස්කරණය]

ඛණ්ඩාංක: 27°28′02″N 83°16′30″E / 27.467155°N 83.274908°E / 27.467155; 83.274908

"http://si.wikipedia.org/w/index.php?title=ලුම්බිණිය&oldid=283860" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි