ලිනක්ස් බෙදාහැරුම් ලයිස්තුව

විකිපීඩියා වෙතින්

ලිනක්ස් යනු පරිගණක මෙහෙයුම් පද්ධති යටතට වැටෙන මෘදුකාංගයකි. මෙම මෘදුකාංගය මුල්ම වරට නිපදවූයේ 1991 ඔක්තෝම්බර් මස පස් වන දිනයි. ඒ යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ මූල කේත මත පදනම්ව වූවද මෙය යුනික්ස් මෙහෙයුම් පද්ධතිය හා සම්භන්ධයක් නොදක්වයි. මෙම ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ මූල කේත මත පදනම්ව විවිධ මෙහෙයුම් පද්ධති රාශියක් නිකුත්ව ඇත.

ලැයිස්තුව-ඩේබියන් පාදක කරගත්[සංස්කරණය]

බෙදාහැරීම විස්තරය
64 Studio x86-64පද්ධති සදහා ශ්‍රව්‍ය හා දෘශ්‍ය මෙහෙයුම් පද්ධතියකට දැරූ උත්සහායකි.
aptosid sidux නමින් මුල් කාලයේ හැදින්වූ මෙය මේස පරිගණක සදහා දිශානත බහු භාෂා සහයෝගීත්වයක් ඇති Debian සථාවර නොවන මෙහෙයුම් පද්ධතිය මූලික කොටගත් මෙහෙයුම් පද්ධතියකි.
BeatrIX පරිශීලකයාට වඩාත් සමීප මෙහෙයුම් පද්ධතියක් බිහිකරනුවස් චෙකොස්ලෝවැකියානු ජනපදය මගින් ඉදිරිපත් කල සංයුක්ත මෙහෙයුම් පද්ධතියකි.
Bharat Operating System Solutions මෙම මෙහෙයුම් පද්ධතිය හදුනන්නේ BOSS GNU/Linux හෝ BOSS Linux ලෙසිනි.
Canaima (operating system) වෙනිසියුලාවෙන් ඉදිරිපත් කෙරෙනු මෙහෙයුම් පද්ධතියකි.
Caixa Mágica පෘතුගාලය මගින් ඉදිරිපත් වූ මෙහෙයුම් පද්ධතියකි.
Corel Linux Xandros ලිනක්ස් ආයතනය මගින් මිලට ගත් කෙටි කාලයක් පැවති මිලදී ගතයුතු වූ මෙහෙයුම් පද්ධතියකි
CrunchBang Linux මුල් කාලයේදී උබුන්ටු පාදක කරගත් මෙහෙයුම් පද්ධතියකි. නමුත් දැන් Debian ස්ථාවර මෙහෙයුම් පද්ධතිය මත පදනම්ව ඇත. Openbox කවුලු කලමනාකරු සමග හෝ Xfceසමග, GTK+යෙදුම් මත ක්‍රියාකරයි.
Dreamlinux බ්‍රසීලය මගින් ඉදිරිපත් වූ මෙහෙයුම් පද්ධතියකි.
Elive ක්‍රියා කරවීම පහසු කිරීම වස් කවුළු පරිපාලනයක් සහිතව නිදහස් කෙ‍රුනු මෙහෙයුම් පද්ධතියකි.
Finnix Live CD මගින් ඉදිරපත් කෙ‍රුනු කුඩා පද්ධති පරිපාලක මෙහෙයුම් පද්ධතියකි.
Freespire 2007 සිට අභාවයට ගිය මහජනයා විසින් නඩත්තු කෙ‍රුනු මෙහෙයුම් පද්ධතියකි. මෙයට අදාල වෙබ් අඩවිය 2011 වර්ශයේ මුල් කාලයේ සිට අක්‍රීයව පවතී.
Gibraltar Router/firewall සදහා නිකුත් කෙරුනු මිලදී ගත යුතු මෙහෙයුම් පද්ධතියකි.
gnuLinEx ස්පාඤ්ඤය මගින් ඉදිරිපත් කෙරුනු මෙහෙයුම් පද්ධතියකි.
grml පද්ධති ප්‍රතිසාධනය සදහා ඉදිරිපත් කෙරුනු මෙහෙයුම් පද්ධතියකි.
Hikarunix Go ක්‍රීඩාව අධ්‍යනය හා ක්‍රීඩා කිරීම සදහාම නිපදවුනු මෙහෙයුම් පද්ධතියකි.Damn Small Linux මත පදනම්ව ඇත.
Isuru Linux ශ්‍රී ලංකා අධයාපන අමාත්‍යංශය විසින් නිපදවුනු ලැබූ මෙහෙයුම් පද්ධතියකි. (පාසල් අධ්‍යාපන අවශ්‍යතා පදනම් කරගෙන නිමවා ඇත.) Ubuntu මත පදනම්ව ඇත. www.isurulinux.lk සංරක්ෂණය කළ පිටපත 2016-07-27 at the Wayback Machine
Kanotix KDE භාවිතා කරන මේස පරිගණක සදහා ස්ථාපනය කල හැකි මෙහෙයුම් පද්ධතියකි, භාවිතයේ පහසුව සදහා පහසු ක්‍රමලේඛ හා අතුරුමුහුනත් ඇත.
Knoppix මුල්ම Live CD (පසුව DVD) Debian GNU/Linux ආකාරයයි.
Kurumin මුල් කාලයේ එය Knoppix බෙදාහැරීමකි, පසුව Debian මගින් නැවත නිර්මාණය කර බ්‍රසීලයනු පරිශීලකයන් සදහා බෙදා හරින ලදී.
LEAF Project Router හා Firewall සදහා නිපදවුනු, මෘදු තැටිති මගින් බෙදාහරිනු ලැබූ මෙහෙයුම් පද්ධතියකි.
LiMux ISO 9241 සහතිකය ලත් ජර්මනියේදී නිපදවුනු මෙහෙයුම් පද්ධතිය.
Linspire Lindows නමින් හැදින්වූ කවුළු පාදක මිලදී ගතයුතු මෙහෙයුම් පද්ධතියකිXandros Linux මගින් මිලයට ගත් මෙහෙයුම් පද්ධතියකි.
Linux Mint Debian Edition ලිනක්ස් මින්ට් ඩේබියන් සංස්කරණය යනු Debian අත්හදාබැලීමේ සංස්කරණය මත පදනම් වූ මෙහෙයුම් පද්ධතියකි. Gnome සමග 32-Bit ශා 64-Bit යන දෙයාකාරයෙන්ම පවතී. මෙහි අරමුණ වුයේ Debian පාදක කොටගෙන සැබෑ ලිනක්ස් මින්ට් හී අයුරින් ක්‍රියා කරන මෙහෙයුම් පද්ධතියක් සෑදීමයි.[1]
Linux Router Project LEAF Project මගින් ඉදිරිපත් වූ අභාවයට ගිය Router හා Firewall වලට සේවා සැපයූ මෘදු තැටිති මගින් බෙදාහරින ලද මෙහෙයුම් පද්ධතියකි.
Maemo Nokia N800, N810 හා Nokia N900 වැනි උපකරණ සදහා නිපදවුන මෙහෙයුම් පද්ධතියකි. එමෙන්ම ටැබ්ලට් පරිගණක හා ලිනක්ස් පාද තවත් උපකරණ සදහා සේවා සැපයිනි.
MEPIS භාවිතයේ පහසුව ඉලක්ක කොට නිපදවා‍ ඇති මෙහෙයුම් පද්ධතියකි. antiX නමින් හදුන්වන සහයෝගය සමඟින් දක්නට ලැබේ, මෙය භාවිතා කරන්නේ අඩු සම්පත් ඇති පැරණි පරිගණක වල භාවිතය සඳහාය.
MintPPC PowerPC පරිගණක සඳහා නිපැදවුන මෙහෙයුම් පද්ධතිය. මෙහි MintLXDE කේතයන් භාවිතා වූවද මෙය Linux Mint ගණයට ඇතුලත් නොවේ.
Neopwn Debian පාදක කරගත් penetration-testing ගණයේ මොබයිල් මෙහෙයුම් පද්ධතියකි.
NepaLinux ඩේබියන් හා මෝපික්ස් පදනම් කරගත් නේපාල භාෂාව උරුම කරගත් පරිශීලකයන් සඳහා නිපැයුන මෙහෙයුම් පද්ධතියකි.
OpenZaurus Debian packages හා ROM image, Sharp Zaurus යන PDA ලබාදීමට සකස් කෙරුනකි. Ångström distribution භාවිතයත් සමඟ මෙය ඉවත් විය.
Parsix පුද්ගල පරිගණක හා උකුල් පරිගණක සඳහාම නිපදවූවකි. ඩේබියන් ආරක්ෂා පිරික්සුම් ඒකකයෙන් නිපදවූ අතර ආරක්ෂක සහයක්ද සමඟින් පැමිණි පද්ධතියකි.
Progeny Componentized Linux Progeny Linux Systems විසින් බෙදා හැරි පද්ධතියකි. ඩේබියන් නිපැදවූ Ian Murdock ගේම නිපැයුමකි.
PureOS Debian පිරික්සුම් පද්ධතිය මත සිට නිපැදවුවකි.
Rxart පුද්ගල පරිගණක ඉලක්ක කරගත් පද්ධතියකි. වැඩි වශයෙන් වාණිජ මෘදුකාංගය ලබා දීම කෙරෙහි අවධානය දක්වා ඇත.
Sacix බ්‍රසීලයේ Telecenter ව්‍යපෘතිය පදනම් කරගනිම්න් නිපැදවුන පද්ධතියකි.
Skolelinux නෝර්වේ රාජ්‍යයේ පාසල් පදනම් කරගත් අඩු බල පරිගණක සඳහා නිපැදවුන පද්ධතියකි.
Sunwah Linux චීනය පදනම් කරගත් පද්ධතියකි.
Symphony OS Mezzo අතුරුමුහුණත සමඟින් බෙදාහැරි පද්ධතියකි. මුල් සංස්කරණයන් Knoppix මත පදනම්ව තිබුනි.
Ubuntu Canonical Ltd. ආයතනය මඟින් සිදුකරන,දකුණු අප්‍රිකාණු ජාතිකයෙක් වන Mark Shuttleworth මහතාගේ ඍජු මූල්‍ය ආධාර ලැබෙන පද්ධතියකි. තනි තැටියක් මත වූ සියල් සපිරි පද්ධතියක් නිපදවීම මෙහි අදහස වේ.
Ulteo Virtual desktop ව්‍යාපෘතියක් හරහා නිපැදවූ පද්ධතියකි.
UserLinux කෙටි කාලයකට සීමා වූ Gnome පාදක කරගත් වාණිජ මෙහෙයුම් පද්ධතියකි.
Vyatta වාණිජ අදහස් පදනම් කරගත් ජාල කරණයට අවශය සහායකයන් රැසක් සමඟින් පැමිනි මෙය Cisco Open source වලට ආදේශකයක් වීමට උත්සහ දැරිණි.
Xandros Open Circulation Edition Xandros 3.0 Standard Edition මත පදනම් වූවකි. විශේෂ කරුණක් ලෙස දැක්විය හැක්කේ මෙහි DVD ලිවීම ඉවත්කර තිබූ අතර CD ලිවීමද උපරිම 4X වේගයක් පමණක් සහිතව ක්‍රියාත්මක කිරීමට කටයුත් සලසා තිබුනි.
Xebian XBox නම් වූ පරිගණක ක්‍රීඩා පද්ධතිය සඳහා නිපදවූවකි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Linuxmint.com