ලිංගික සහකරුවන් තෝරාගැනීම

විකිපීඩියා වෙතින්
tiny globe‎
සහකාරියක් දිනා ගැනිමට වෙර දරන මොණරෙක්.

චාල්ස් ඩාවින් ප්‍රකාශ කරන අන්දමට විවිධ සත්ත්ව ප්‍රභේදයන් සහකරුවන් තෝරාගැනීම සදහා යොදාගත් ක්‍රමෝපායයන් ක්‍රමිකව වෙනස් විය. ඩාවින් අර්ථ දක්වන ආකාරයට සහකරුවෙකු තෝරාගැනීමේ දී බොහෝ විට එකම වර්ගයේ පිරිමි සතුන් ගැහැණු සතුන් අයිති කර ගැනීම සදහා සටන් කරයි. මෙහි දී ප්‍රථමයෙන් එකම වර්ගයේ පිරිමි සතුන් සහකාරියක් තෝරා ගැනීම සහ අවසානයේදි ගැහැණු සත්ත්වයා සහ පිරිමි සත්ත්වයා අතර ඇතිවන හැගිමෙනි ඝට්ඨනය ලෙස කොටස් වශයෙන් මෙය දැක්විය හැකිය. පිරිමි සත්වයෙකු තවත් පිරිමි සත්වයෙකු හා සටන් කිරිමට අං තට්ටුව වැනි අංග ලක්ෂණ හේතු කර ගනී. මෙවැනි අංග ලක්ෂණ ආයුධ හෙවත් Weapons ලෙස හදුන්වයි. සහකාරිය විසින් සහකරුවෙකු තෝරා ගැනීමේදී සැළකිලිමත් වන අංග ලක්ෂණ ආහාරණ ලෙස හැදින්වේ. (Ornaments)

ලොව සිටින සමහර ක්ෂිරපායි සහ කුරුළු විශේෂයන්හි ගැහැණු සතුන් පිරිමි සතුන්ගෙන් ඔවුන් නොදැනුවත්වම බීජ ලබා ගනී. වර්තමානයේ මෙවැනි ගැණු සතුන් පිළිබදව පරික්ෂණ පැවැත්විමට වැඩි වශයෙන් අවධානය යොමු වි ඇත. මෙවැනි සත්ත්ව ප්‍රභේදයන්හි පිරිමි සතුන් බීජ ලබා දිමට තරග කරයි.

ගැහැණු සතුන් පිරිමි සතුන්ගේ පිහිටු වැනි බාහිර අලංකර ශරීර ලක්ෂණ අනුව තම සහකරු තෝරාගනී. පිරිමි සතුන්ගේ දේහලක්ෂණ වලට ආකර්ශනය විම Sexy Son Hypothesis ලෙස හැදින්වෙන අතර පිරිමි සතුන්ගේ ඇති රෝග ප්‍රතිරෝධනය කරන හැකියාව වැනි ශරීර අභ්‍යන්තර ලක්ෂණ වලට ආකර්ශනය වීම Good genes hypothesis ලෙස හැදින්වේ.