ලාංකීය ආයුර්වේද සම්ප්‍රදාය

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාව සතුව එයටම ආවේණික වු සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයක් ඇත. මෙම ක්‍රමය සියවස් ගණනාවක සිට දිවයින තුළ පුරුදු පුහුණු කොට ඇත. ශ්‍රී ලංකාවේ ආයුර්වේද සම්ප්‍රදාය ඉන්දියාවේ 'සිද්ධ' ආයුර්වේද ක්‍රමයද අරාබියේ 'යුනානි' වෛද්‍ය ක්‍රමයේද සම්මිශ්‍රණයකි. වඩාත් වැදග් වන්නේ දේශීය චිකිත්සා හෙවත් සිංහල වෙදකම යනුවෙන් හැදින්වෙන ලංකා‍වට පමණක් ‍ආවේණික වු දේශීය වෛද්‍ය ක්‍රමයයි.

ඉතිහාසය[සංස්කරණය]

වසර තුනදාහක කාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන වට්ටෝරු ක්‍රම පදාක කර ගැනීමෙන් ශ්‍රී ලංකා‍ව තුළ එය ආවේණික වු දේශීය ආයුර්වේද පද්ධතියක් ගොඩ නැංවී ඇත. වෛද්‍යවරුන් වශ යෙන් ප්‍රචලිත ව සිටි පුරාණ රජවරුද ආයුර්වේදයේ ජීවනය සහ දීර්ඝ කාලීන පැවැත්ම තහවුරු කිරීම සදහා කැපී පෙනෙන ප්‍රයත්නයක් ගත්හ. ක්‍රි.ව. 398 දී විසු බුද්ධදාස රජතුමා ආයුර්වේදයෙහි ලා බොහෝ බලපෑමක් ඇතිකළ වෛද්‍යවරයෙකු ලෙස සදහන් කළ හැකිය. 'සාරාර්ථ සංග්රහය' නමින් එතුමා විසින් රචනා කළ සවිස්තරාත්මක ලේඛනය අද දින පවා ශ්‍රී ලාංකික වෛද්‍යවරු පරිහරණය කරති.

පුරාණ සෙල්ලිපි මගින්ද ආදි ශ්‍රී ලංකාව තුළ ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ සංවිධානාත්මක වෛද්‍ය සේවාවක් පැවති බවට සාක්ෂි ඇත. ලෝකයේ ප්‍රථමවරට රෝගීන් වෙනුවෙනුම කැපවුණු ආරෝග්‍යශාලා පද්ධතියක් පිහිටුවන ලද්දේ ශ්‍රී ලංකාවේ බවට වාර්තා වීඇත. මිහින්තලා කදු මුහදුනේ ලොව ප්‍රථම ආරෝග්‍ය ශාලාව පැවති බවට විශ්වාස කරන ගොඩනැගිල්ලක නටඹුන් ඇත. මෙම නටඹුන් කෙරෙහි ආකර්ශනය වන විදේශිකයෝද ‍ඒවායේ ශ්‍රී විභූතිය දැක මවිත වෙති. එකළ පැවති රෝග සුව කිරීම සහ රෝගීන්ට ලබා දුන් සත්කාර පිළිබද සංකේතාත්මක හැගීමක් මෙම ස්ථාන වලට ගිය අපට දැනේ.

දුරාතීතයේදී ආයුර්වේද වෛද්‍යවරු සමාජ අනුක්‍රමාධිපත්‍යයෙහි උතුම් ස්ථානයක් හිමි කර ගත්තේ ඔවුන්ට රාජකීය අනුග්‍රහය හා උපකාරය ලැබීම හේතුකොටගෙනය. 'ඔබට රජෙකු වීමට නොහැකි නම් වෙදෙකු වන්න' යනු මේ හේතුවෙන් ගොඩ නැගුණු ප්‍රසිද්ධ කියමනකි. බුද්ධාගමෙහි ආගමනයක් සමග ආයුර්වේදය සහ රාජකීයයන් අතර පැවති අන්තර් සම්බන්ධතාවය ශ්‍රී ලංකාවේ දේශපාලනය කෙරෙහි ද බලපෑම් ඇති කොට ඇත.


ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි ඉලක්ක

  1. රෝග වලක්වා ගැනීම
  2. රෝග වලට ප්‍රතිකාර කිරීම හා සුව කිරීම

මෙම ඉලක්ක මගින් තුන් වැදෑරුම් ආකාරයකට සෞඛ්‍යය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වෙයි.

  1. මානසික
  2. ශාරීරික
  3. අධ්‍යාත්මික

කුමාර තන්ත්‍රය

ආශ්‍රිත[සංස්කරණය]