ලංකා ඉතිහාසය-නිදහස සහ නව ව්‍යවස්ථාව

විකිපීඩියා වෙතින්

නිදහස සහ නව ව්‍යවස්ථාව

ලංකාවේ ප්‍රධාන ජාතීන් දෙක වන සිංහල හා දෙමළ ජනවර්ග දෙක අතර මූලික වශයෙන් නොසන්සුන් තාවයක් හටගත්තේ ඵම ජාතීන් දෙකම නියෝජනයවන පරිද්දෙන් දෙමළ ජාතිකයකු වූ පොන්නම්බලම් අරුනාචලම් ජාතික ව්‍යවස්ථාදායක කවුන්සිලයට පත් කිරිමෙනි. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූ විලියම් මැනිං "ජනවාර්ගික නියෝජනයක්" සඳහා ක්‍රියාකාරීව ධෛර්ය දුන්නේය. ඵ් අනුව සිංහල හා දෙමළ ජනයා අතර බලය දෝලනය වූ කොළඹ ආසනය නිර්මාණය විය. ඉන් අනතුරුව ඩොනමෝර් කොමිසම දැඩි ලෙස ජනවාර්ගික නියෝජනය ප්‍රතික්ෂේප කළේය. ඵ් වෙනුවට පොදු ඡන්දය දීමේ ක්‍රමයක් යෝජනා කළේය. මෙම ක්‍රමයට දෙමළ ජනයා ඵකහෙලා විරුද්ධ වූහ. දෙමළ ජන සංයුතිය අනුව පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ බලය අඩු වන බව ඔවුනට අවබෝධ විය.

කොළඹ පදිංචිව සිටිමින් යාපනයේ සහ නැගෙනහිර පාලනය කළ උසස් පැලැන්තියේ ඉඩම් හිමි දෙමළ ප්‍රජාවද මෙම ක්‍රමයෙන් ඔවුන්ගේ බලය ඵම ප්‍රදේශවල අඩු වන බව වැටහින. හිට්ලර්,මුසෝලිනී සහ ෆ්රුන්කෝ ආදීන්ගේ නැගී සිටීමත් සමග ජාතිවාදී දේශපාලන කැරැල්ලක් 1930 ගණන් වලදී යුරෝපයේ ආරම්භ වෙමින් තිබුණු බව බ්‍රිතාන්‍ය ඉතිහාසඥයෙකු වූ ජේන් රසල් තහවුරු කළේය. 1935 දි ජී.ජී. පොන්නම්බලම් "ලාංකික" යන සංකල්පය ප්‍රතික්ෂේප කළේය. ඵ් වෙනුවට තමන් අභිමානවත් "ද්‍රවිඩයෙකු" බව ප්‍රකාශ කළා පමණක් නොව මහාවංශයට පහර දෙමින් ප්‍රසිද්ධ රැස්වීම්වලදී ඵ් බව දිගටම කි‍වේය. නාවලපිටියේදී ඔහු විසින් පවත්වන ලද දේශනය ප්‍රථම සිංහල දෙමළ කෝලහලයකට හේතුවුනු අතර යාපනය මැතිවරණ කොට්ඨාශයේ ඔහුට වැඩි දේශපාලන වාසියක්ද අත් විය.

දේශපාලනික වශයෙන් අති දක්ෂිණාංශිකයෙකු මෙන්ම දීප්තිමත් කතෝලික නිතිඥයකු වූ පොන්නම්බලම්ගේ අදහස වූයේ සිංහල හෝ දෙමළ වේවා ඡන්දය දිය යුත්තේ ඵක්තරා පන්තියකට පමණක් බවයි. ඵවකට දෙමළ ප්‍රජාවගේ නායකයකු වූ පොන්නම්බලම් සෝල්බරි කොමිෂමට යෝජනා කළේ සිංහල දෙමළ දෙපාර්ශවයටම නිදහස් ලංකාව තුළ සමාන ආසන සංඛ්‍යාවක් හිමි විය යුතු බවයි. රටේ ඵක් පුරවැසියෙකුට ඵක ඡන්දයක් පමණක් හිමි වන මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමට බලාපොරොත්තුව සිටි කොමිෂමට ඔහුගේ මෙම අදහස ඉතා පුදුමයට කරුණක් විය. බ්‍රිතාන්‍යයන් විසින් සම්ප්‍රදායික දෙමළ ප්‍රදේශවල සිංහල ජනයා පදිංචි කරවන්නැයි කියූ පොන්නම්බලම්ගේ ප්‍රකාශය ද කොමිසම ප්‍රතික්ෂේප කළා පමණක් නොව දෙමළ ජනයා විශාල වශයෙන් දකුණට සංක්‍රමණය වන බව ද පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් 1948 නිදහස ලැබීමෙන් පසු ජී.ජී.පොන්නම්බලම් සහ ඔහුගේ දෙමළ කොංග්‍රසයේ මධ්‍යස්ථ මතධාරීන් බටහිරට නැඹුරු අදහස් ඇති ඵක්සත් ජාතික පක්ෂය සමග ඵක් විය. තමිල් අරසු කච්චි නොහොත් ද්‍රවිඩ ඵක්සත් පෙරමුණ (ඉංග්‍රීසියෙන් ෆෙඩරල්) පිහිටුවා ගනිමින් S.J.V.චෙල්වනායගම් දෙමළ දේශපාලන කොටස් දිනා ගැනීම සඳහා කටයුතු කළේය.