රෙක්කෛ කට්ටි පරක්කුදු මනසු

විකිපීඩියා වෙතින්
රෙක්කෛ කට්ටි පරක්කුදු මනසු
රෙක්කෛ ට්ටි පරක්කුදු මනසු තේමා රුව
ප්‍රභේදයසෝප් ඔපෙරා
ප්‍රේම වෘත්තාන්ත
පවුල
නාට්‍ය
මත පදනම්වතුජ්හ්‍යාත් ජීව් රංගාලා
රචනය කලේඔරේන්ජ් මීඩි‍යා ප්‍රොඩක්ෂන්ස් (දෙබස්)
අධ්‍යක්ෂණය කලේබෂීර්
රඟපෑම
තේමා සංගීත නිර්මාණකරුවිශාල් චන්ද්‍රසේඛර් (තේමා ගීතය)
අරුන් (පසුබිම් ස්වරමාලාව)
ඇරඹුම් තේමාව"එන් මනසු"
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)දෙමළ
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)සයිද් අන්වර්
සමීරා ෂෙරීෆ්
සංස්කාරක(යන්)
  • එස්. මතන් කුමාර්
ස්ථානය(න්)තේනි දිස්ත්‍රික්කය
සිනෙමාරූපණයඊ. මාර්ටින් ජෝ
සන්තෝෂ්
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයආසන්න. මිනිත්තු 22–24
නිෂ්පාදන සමාගමඔරේන්ජ් මීඩියා ප්‍රොඩක්ෂන්ස්
ප්‍රචාරණය
මුල් නාලිකාවසී තමිල්
මුල් ධාවනය19 ජුනි 2017 (2017-06-19) – වර්තමානය
බාහිර සබැඳි
වෙබ් අඩවිය
නිෂ්පාදන වෙබ් අඩවිය

රෙක්කෛ කට්ටි පරක්කුදු මනසු (දෙමළ: றெக்கை கட்டி பறக்குது மனசு) යනු ඉන්දියානු දෙමළ-භාෂා රූපවාහිනී සෝප් ඔපෙරාවකි. මෙහි ප්‍රධාන රචිත නිරූපණය රකන්නේ සිද්ධාර්ත් සහ සමීරා විසිනි.[1] සෑම සතියේ දිනකම ප.ව. 9:30ට (IST) සී තමිල් නාළිකාව ඔස්සේ මෙය විකාශය වේ. මෙහි පළමු කථාංගය 2017 ජූනි 19 විකාශය විය.[2]

මෙම වැඩසටහන නිෂ්පාදනය කරන්නේ සයිද් අන්වර් සහ සමීරා ෂෙරීෆ් විසිනි. මෙය 2016 වර්ෂයේ සී මරාඨි නාළිකාවෙන් විකාශය වූ තුජ්හ්‍යාත් ජීව් රංගාලා නම් මරාඨි-භාෂා රූපවාහිනී කතාමාලාවේ ප්‍රතිනිර්මාණයකි.[3]

කථාපුවත[සංස්කරණය]

ප්‍රේම වෘත්තාන්ත කතාමාලවක් වන මෙමගින් ගොවියකු සහ මල්ලව පොර ශිල්පියකු වන තමිල් (සිද්ධාර්ත්) සහ අලුතෙන් ගම්මානයට පැමිණෙන උගත් පාසල් ගුරුවරියක වන මලර් (සමීරා) අතර ඇතිවන ප්‍රේමය නිරූපණය වේ. ඔවුන්‍ගේ වෙනස් අදහස්, ජීවන රටාවන් සහ චර්යාවන් හේතුවෙන් කථාව තවත් රසවත් මෙන්ම සංකීර්ණ ද වී ඇත.

චරිත නිරූපණය[සංස්කරණය]

වර්තමාන
  • සිද්ධාර්ත්, තමිල් ලෙස
  • සමීරා, මලර් ලෙස
  • ශාන්ති විලියම්ස්, තයාරම්මා ලෙස (තමිල් සහ ශක්තිව රැකබලාගන්නා තැනැත්තියයි) (කථාංගය 41 සිට)
  • ශ්‍රීලතා, ධනලක්ෂ්මී ලෙස (තමිල්ගේ මව)
  • අශ්වින් කාර්තික්, ශක්ති ලෙස (තමිල්ගේ බාල සොහොයුරා)
  • වන්දනා, නන්දිනී ලෙස (ශක්තිගේ බිරිඳ)
  • දීපා, ගංගා ලෙස (න්නදිනීගේ සේවිකාව)
  • රාගවී රේණු, කාජල් ලෙස (මලර්ගේ හොඳම මිතුරිය)
  • කේ. සංකරනාරායණන්, විශ්වනාතන් ලෙස (මලර්ගේ පියා)
  • ශීලා (මලර්ගේ මව)
  • අරිවු අලගන් තමිල්ගේ හොඳම මිතුරා ලෙස
  • කාර්ති
  • ? අශාන් ලෙස
  • ? මාරි ලෙස
හිටපු

නළුවරණය[සංස්කරණය]

මෙහි ප්‍රධාන චරිතය වන තමිල්ගේ චරිතය වෙනුවෙන් එන් පෙයර් මීනාක්ෂි, ඔෆිස් වැනි කතාමාලාවලින් කීර්තියට පත් සිද්ධාර්ත් ‍තෝරාගැනිණි. සිද්ධාර්ත් නැවත රංගනයේ යෙදෙන්නේ වසර දෙකකට පසුවයි. පගල් නිලවු කතාමාලාව හේතුවෙන් ප්‍රකට වූ සමීරා මෙහි මලර්ගේ චරිතය සඳහා තෝරාගැනිණි.

දෙමළ බසින් ප්‍රතිනිර්මාණය වූ ප්‍රථම මරාඨි-භාෂා කතාමාලාව මෙයයි. මෙය වඩිවුක්කරසි සහ ශ්‍රීලතා යන නිළියන් රංගනයෙන් දායක වූ ප්‍රථම සී තමිල් කතාමාලාවයි. එසේම මෙය සමීරාගේ දෙවන දෙමළ කතාමාලාව ද වේ.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Rekka Katti Parakkudhu Manasu new serial on Zee Tamil". cinema.dinamalar.com.
  2. "This serial is packed with love and drama". timesofindia.indiatimes.com.
  3. "Anwar and Sameera to Produce new serial on Zee Tamil". cinema.dinamalar.com.

බාහිර සබැඳි[සංස්කරණය]