රූපවාහිනියේ සාමාජීය බලපෑම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

රූපවාහිනී සමාජීය බලපෑම් යනු මාධ්‍ය එහි ක්‍රියාත්මක වීමේ සිට සමාජය මත සිදුකළ බලපෑම්ය. විශ්වාසය වන්නේ මෙම ඝට්ටනය ක්‍රමානුකූල හා විශාලව අභියෝගයට ලක් නොවූ බවයි. කෙසේ නමුත් එම බලපෑම් මොනවාද, අතු විහිදීම් කොතරම් සංකීර්ණ ද හා මෙම බලපෑම් මිනිස් සන්නිවේදනය සමඟ වැඩි හෝ අඩු පරිණාමී ද වැනි මතභේද බොහොමයක් පවතී.

ධනාත්මක බලපෑම්[සංස්කරණය]

ළමයින් සමාජගත කිරීමට රූපවාහිනියේ දායකත්වය[සංස්කරණය]

කාලයක් ළමුන්ගේ නිර්මාණාත්මක කුසලතා පාලනය කරනු ලැබුවේ වැඩිහිටියන් විසිනි. ඒ ඔවුනට ලබාදෙන නානාවිධ අධ්‍යාපනය හා සාක්ෂරතා විධි හරහාය. පොත් වලින් ලබාදෙන දැනුම මට්ටම බොහෝ විට ළමයින්ට උචිත මාතෘකා සමඟ අනුරූප වේ. ළමයින්ට නුසුදුසු මාතෘකා ඉහළ මට්ටම් සඳහා ලියනු ලබන අතර බොහෝමයක් ළමයින් මෙම පොත් කියවීමට යත්න දරන විට ඒවා ඔවුන්ගේ සාක්ෂරතා හැකියාවලින් ඔබ්බෙහි වනු ඇත.

රූපවාහිනියක් නැරඹීමේදී එහි දර්ශනය වන යමක් වටහා ගැනීමට එතරම් වෙහෙස දැරිය යුතු නොවේ. මෙනිසා එහි සාක්ෂරතා මට්ටම වඩාත් පහළ අගයක පවතින අතර ළමයින් ඉන් ලබා ගන්නා දැනුම පිළිබඳව අවබෝධ කර ගැනීමද අපහසු වේ. තවද ඒ හරහා ගෙන එන අන්තර්ගතය එය ප්‍රදර්ශනය වීමට කලින් උපකල්පනය කළ නොහැකිය.එමෙන්ම එයින් දරුවාගේ චින්තනය වර්ධනය කළ නොහැකිය. කෙසේ නමුත් පාලනය නැවත ලබා ගැනීමට, ළමයින්ගේ රූපවාහිනී භාවිතය සීමා කිරීමට හා ඒවා නිරීක්ෂණය කිරීමට, පර්යේෂණ හා දියුණු කිරීම් රාශියක් සේවයෙහි යෙදී ඇත.

බොහෝ විට රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන වැඩිහිටියන් විසින් ළමයින් දැන නොගත යුතුයි සිතන දෑ පවා පෙන්විය හැකිය. මේ සඳහා ප්‍රමුඛතම උදාහරණයක් වන්නේ ෆාදර් නෝව්ස් බෙස්ට් (Father Knows best) රූපවාහිනී වැඩසටහනයි. එහිදී ළමා මනසට නොගැලපෙන බොහෝ දේ දැන ගැනීමට සලස්වයි.


රූපවාහිනී තාක්ෂණයේ ප්‍රවණතා කෙරෙහි සමාජීය දායකත්වය[සංස්කරණය]

රූපවාහිනිය එහි ආරම්භයේදී අල්පකාලීක මාධ්‍යයක් විය. ක්‍රමික වැඩසටහන් ලෝලීන් විසින් ඔවුන්ගේ දින සටහන එම වැඩසටහන විකාශනයේ දී නැරඹිය හැකි පරිදි සැලසුම් කර ගන්නා ලදී. මෙය හැදින්වීම සදහා වෙළෙන්දන් විසින් අවස්ථාවක් වෙන්කර ගනිමින් රූපවාහිනිය (Appointment Television) යන වදන ඇති කරන ලදී.


වැඩසටහන් පෙළගැස්ම මත නරඹන්නාගේ පරාධීනත්වය නීරීක්ෂණය කළ හැකිවිය.වීඩියෝ කැසට් පටිගතකරණය හා ඩිජිටල් වීඩියෝ පටිගතකරණය වැනි වැඩසටහන් පටිගත කළ හැකි වීඩියෝ පටිගත කිරීමේ උපකරණවල හඳුන්වාදීමත් සමගම එය පරිහානියට ලක්විය.පාරිභෝජකයින්ට අදාළ වැඩසටහන් විකාශය කිරීම හා පටිගත කිරීම සිදු කළ පසුව ඔවුන්ට අවශ්‍ය ඕනෑම වේලාවකදී ඒවා නැරඹිය හැකිය. රූපවාහිනි සේවා සපයන්නන්ගේ ඉල්ලුම මත වීඩියෝ (Video on demand) යන නමින් සේවාවක් සපයන අතර එය ඕනෑම අවස්ථාවකදී නැරඹිය හැකි වැඩසටහන් එකතුවක් වෙයි.

ජංගම දුරකථන ජාල හා අන්තර් ජාලයද වීඩියෝ ප්‍රවාහ රැගෙනයාමේ පහසුකම් වලින් යුක්ත වෙයි. වර්තමානයේදී අන්තර් ජාල TV විශාල ප්‍රමාණයක් පවතින අතර ඒවා සජීවි ලෙස හෝ භාගත කරගත හැකි වැඩසටහන් ලෙස පවතියි. තවද වීඩියෝ හුවමාරු කර ගැනීමේ වෙබ් අඩවි විශාල වශයෙන් ජනප්‍රිය වී ඇත.

ජපාන නිෂ්පාදකයෙකු වන Scalar විසින් අක්ෂි වීදුරුවට ඇමිනි ඇති ඉතා කුඩා රූපවාහිණි පද්ධතියක් නිර්මාණය කර ඇති අතර එය Teleglass T3 – F ලෙස නම් කොට ඇත.

රූපවාහිනිය නිසා සැලසෙන අධ්‍යාපනික වාසි[සංස්කරණය]

ඩේවිඩ් ගවුන්ට් ලෙඩ්ගේ “Ten things wrong with the media effects model” ලිපියට අනුව දිමිත්‍රි ක්‍රිස්ටේකිස් හඳුන්වා සිටින්නේ “SESAME STREET” හා වෙනත් අධ්‍යාපනික වැඩසටහන් නැරඹූ පෙර පාසල් දරුවන් ඉහළ සාමාර්ථ ලබා ගත් අතර ජයග්‍රහණය මත වැඩි වටිනාකමක් රඳවන හා වඩා නිර්මාණශීලී පොත් වැඩි වශයෙන් කියවූ බවයි. සමානවම ඍණාත්මක ආකෘතිවලට නිරාවරණය වූ අය එහි ප්‍රතිඵල අත්විඳි අතර ධනාත්මක ආකෘතිවලට නිරාවරණය වූ අය යහපත්ව හැසිරිණි. නූතන ලෝකයේ දරුවන් හට සොයා යෑමට පොත්, පත්තර, රූපවාහිනි අන්තර්ජාලය ආදි නොයෙක් සන්නිවේදන මාධ්‍ය රැසක් පවතියි. එබැවින් පෙර පරම්පරාවල දරුවන්ට වඩා පහසුවෙන් නූතන පරම්පරාවල දරුවන් ඉතිහාසයට, ප්‍රවෘත්ති හා විද්‍යාවට නිරාවරණය කළ හැකිය.

ඍණාත්මක බලපෑම්[සංස්කරණය]

රූපවාහිනියේ සමාජයීය බලපැම්වල වඩා ඍණාත්මක බලපෑම් ද දක්නට ඇත. සන්නිවේදනය ප්‍රධාන ආකාරය බවට රූපවාහිනිය පත් වීමත් සමඟ විවේචකයින් එහි පොදු රුචිකත්වයන්ට සේවය කිරීමේ පොරොන්දුව රැක ගත්තේ කෙතරම් දුර්වල ලෙස දැයි චෝදනා එල්ල කරන ලදී. මෙය වඩාත්ම හොඳින් ප්‍රකට වූයේ නිවුටන් එන් මිනෝව්ගේ දවසේ රූපවාහිනී වැඩසටහන්ගත කිරීම වූ “Vast Wasteland” විස්තර කිරීමේ 1961 කතාවේ දීය. රූපවාහිනිය “Boob Tube”, කාලය පුරවා දමන්නක් ලෙස වර්ගීකරණය වී තිබිණි.

එහි හඳුන්වාදීමේ සිට රූපවාහිනිය සමාජයීය ගුණවල සීමා පරීක්ෂා කිරීම පිළිබඳ චෝදනා ලබා තිබිණි. මෙය 1960 මිල්ටන් ෂල්මන්ගේ රූපවාහිනිය පිළිබඳ උදාහරණයට වෙනස් වේ. එහිදී කියා සිටින්නේ රූපවාහිනී කාටූන් තන බුරුල්ලකින් තොරව එළදෙනුන් පෙන්වූ අතර ඉන්පසු නැවතීමක්වත් නොමැතිව ඔවුන් ගැබ්බර බව පෙන්වූ බවයි. ෂල්මන් කියා සිටින්නේ 1970 වන විටත් රූපවාහිනිය එමඟින් ආවරණය වූ රටවල ගුණ හා සුදුසු බව පිළිබඳ ආකල්ප හැඩ ගස්වමින් තිබූ බවයි. ඔහු කියා සිටින්නේ පැතිරී පවතින හා සැමතැනම පවතින මාධ්‍යයක් ලෙස වරක් සාමාජයීය වශයෙන් පිළිනොගෙන තිබූ භාෂා හැසිරීම් සමඟ එකඟ වීම් හා සුහදතා ඇති කිරීමට රූපවාහිනියට හැකි බවයි. රූපවාහිනිය එහි නරඹන්නන් මත බලපෑම් ඇති කරනවා මෙන්ම අනෙකුත් තරඟකාරී මාධ්‍යවලින් තරඟය පවත්වා ගැනීමට හා නරඹන්නන් හෝ කියවන්නන් රඳවා ගැනීමට යත්න දරන විට එම මාධ්‍යවලින් අනුකරණ ප්‍රතිචාර ද උපද්දවයි.

රූපවාහිනියේ සාමාජීය බලපෑම් පිළිබඳ ‍චෝදනා, පර්යේෂකයන් හා චෝදනා පවරන්නන් වැනි සාධාරණ පද්ධති මඟින් ද එල්ල වේ. ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරන එය CSI සින්ඩ්‍රෝමය ලෙස හැඳින්වේ. ඔවුන් චෝදනා කර සිටින්නේ CSI හි ජනප්‍රියතාව හා සැලකිය යුතු නරඹන්නන් සංඛ්‍යාව නිසා වර්තමානයේ ජූරිය මුලා වීම අපේක්ෂා කරන අතර චෝදනාකරුවන් විසින් පෙළඹීම් හා සාක්ෂි ඉදිරිපත් කර තිබුණත් වැදගත් භෞතික සාක්ෂි නොමැති නම් අපරාධකරුවන් චෝදනාවලින් නිදහස් කිරීම සිදු කරයි.

රූපවාහිනියේ මනෝ විද්‍යාත්මකව වශයෙන් වු සෘණාත්මක බලපෑම[සංස්කරණය]

ඇතැම් අධ්‍යයන මගින් සොයාගෙන ඇති අන්දමට මොළයෙහි “පාදස්ථ ගැංග්ලියා” නම් කොටස යම් කිසි පුද්ගලයකු වීඩියෝ ක්‍රීඩාවන් වල නිරත වීමේදී සහ රූපවාහිනිය නැරඹීමේ දී ඉතාමත් විශාල වශයෙන් සක්‍රීය වේ. මෙයට ප්‍රතිචාරයක් වශයෙන් සිරුරෙන් “ඩෝපැමින්” නම් රසායනික ද්‍රව්‍ය මුදාහරී “රිටලීන් “ (සහ කොකේන්) ද මොළයේ පාදස්ථ ගැංග්ලියා මත ක්‍රියාකාරී වීමෙන් ඩෝපැමින් ශ්‍රාවය ඉහළ නංවයි. ඇතැම් පර්යේෂකයන් විසින් සිතන ආකාරයට ඩෝපැමින් ශ්‍රාවය ඉහළ යත්ම සිරුරේ අනෙකුත් ක්‍රියාකාරකම් සිදුකර ගැනීම පිණිස අවශ්‍ය අනෙකුත් ස්නායු සම්ප්‍රේෂකයන් ප්‍රමාණයේ අඩුවීමක් සිදුවේ. නමුත් මෙකී විශ්වාසය තවදුරටත් මතබේදාත්මක තත්ත්වයේ පවතී.


රූපවාහිනිය නැරඹීමේ අහිතකර ප්‍රතිඵල[සංස්කරණය]

නීති සම්පාදකයින්, විද්‍යාඥයින් හා දෙමාපියන් විසින් රූපවාහිනිය මගින් එය නරඹන්නන් කෙරෙහි බලපාන රූපවාහිනි ප්‍රචණ්ඩත්වය (විශේෂයෙන් යෞවනයන්) ගැන වාද විවාද පවත්වනු ලබයි. රූපවාහිනිය මගින් ළමුන්ගේ චෛතසික හා සමාජීය සංවර්ධනයට වන බලපෑම් පිළිබද වසර 50 ක් වැනි දිගු කලක් තිස්සේ පර්යේෂණ පැවතියද තවමත් එම විවාදය අවසාන වී නම් නොමැත. (See Bushman & Anderson 2001 ; Savage, 2008)

අනෙක් අය මෙන්ම බුෂ්මන් හා ඇන්ඩර්සන් (2001) පවසා සිටින්නේ මාධ්‍ය ප්‍රචණ්ඩත්වය සමාජීය ප්‍රචණ්ඩත්වය කෙරෙහි සෘජුවම බලපාන බවයි. කෙසේ නමුත් අනෙක් නිර්මාණ ඔල්සන්, 2004, සැවේජ්, 2008) මඟින් සාහිත්‍ය හා එක්සත් ජනපදයේ වැඩිවන මාධ්‍ය ප්‍රචණ්ඩත්වය හා අඩුවන අපරාධ ශීඝ්‍රතාවය අතර නොගැළපීම සමග සැලකිල්ලට ගත යුතු ක්‍රමානුරූපි ප්‍රශ්න අවධානයට බඳුන් කරයි.

2002 සයින්ටිෆික් ඇමරිකන් සඟරාවේ ලිපියකින් යෝජනා කර සිටින්නේ අඛණ්ඩව රූපවාහිනි නැරඹීම හෙවත් රූපවාහිනියට ඇබ්බැහි වීමත් අනෙකුත් ඇබ්බැහි වීම් අතරත් එතරම් වෙනසක් නොමැති බවයි. කෙසේ නමුත් මෙය තවමත් බොහෝ ප්‍රාඥයින් අතර පුළුල් වශයෙන් ඒක මතිකත්වයට පත්වී නොමැත.කෙසේ වුවත් රෝග විනිශ්චය කිරීමේ හා සංඛ්‍යාත්මක මැනුවලය - IV – TR ට අනුව රූපවාහිනියට ඇබ්බැහි වීම විනිශ්චය කළ නොහැකි තත්ත්වයකි.

එක් අධ්‍යයනය කිරීමකට උදාහරණයක් ලෙස, මිනිසුන් 1000 ක් (ළමා වයසේ සිට වයස 26 දක්වා) ඇතුළත් කරගනිමින් නවසීලන්තයේදී පැවැත්වු ආයත අධ්‍යයනය මඟින් නිරූපණය කර සිටියේ ළමා කාලයේ දී හා වැඩිහිටි අවධියේදී රූපවාහිනිය නැරඹීම අවුරුදු 12 දී පමණ වන අධ්‍යාපනය දුර්වල කෙරෙහි බලපාන බවයි. Sexuality Research And Social Policy ජ’නලයේ ප්‍රකාශයට පත් වු අධ්‍යයනයන් මඟින් කියා සිටින්නේ මව්පියන් පිළිබඳව වු රූපවාහිනි වැඩසටහන් නිසා වැඩිවියට පත්වු ගැහැණු දරුවන් අතර වැඩි ශරීර තෘප්තිමත් කිරීමකටත්, ගැහැණු හා පිරිමි යන දෙපක්ෂයේම වැඩිවියට පත් වූවන් අතර අඩු ලිංගික අත්දැකීම් සමග සම්බන්ධ වන බවත්ය. එමෙන්ම මෙම රූපවාහිනි වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙස එම දරුවන්ගේ ආත්ම ගරුත්වයට හා ප්‍රතිරූපයට බලපෑමක් එල්ල විය හැකි බවය. රූපවාහිනිය නැරඹීම හා විවිධ වයස් මට්ටමේ පාසැල් දරුවන් අතර වන සම්බන්ධතාවය මත බොහෝමයක් අධ්‍යයන සිදු කර ඇත. කෙසේ නමුත් අනෙකුත් අධ්‍යයන බොහෝමයක් ද රූපවාහිනි නැරඹීම නිසා නරඹන්නන් මත කිසිදු බලපෑමක් ඇති නොකරන බවට (හෝ ඉතා සුළු බලපෑමක්)ද තොරතුරු සොයා ගෙන ඇත. (Freedman , 2002 බලන්න)

රූපවාහිනීය නරඹන්නන් සඳහා දක්වන යෝග්‍යතාව[සංස්කරණය]

මාධ්‍යය ඔස්සේ විකාශනය වන වැඩසටහන් පිළිබඳව කලින් උපකල්පනය කළ නොහැකි නිසා ඇතැම් වැඩසටහන් විකාශය කිරීමට නුසුදුසු, වැරදි සහගත හෝ අසභ්‍ය ඒවා බවට චෝදනා එල්ල වී ඇත. ජීන් කීබෝඩ් වැනි විවේචකයන් රූපවාහිනිය මෙන්ම අනෙකුත් මාධ්‍ය රූප තරුණ ගැහැණු ළමයින්ගේ ආත්ම ප්‍රතිබිම්බයටද හානි කරන බවට ප්‍රකාශ කරයි. සට් ජැලී වැනි වෙනත් විස්තර විචාරකයින් ප්‍රකාශ කර සිටින්නේ US හි වූ රූපවාහිනී ප්‍රචාරකකරුවෝ සතුට යන්න භාණ්ඩ මිළ දී ගැනීම සමඟ සමාන කිරීමට යත්න දරන බවයි. බොහෝමයක් පුද්ගලයන්ට සතුට ඇති වන්නේ උණුසුම් මිතුරුකම් හා වෙනත් සමාජයකට වූ සබැඳියාවේ හැඟුම් වැනි ද්‍රව්‍යමය නොවන විෂයන් මඟින්ම යැයි පෙන්වන අධ්‍යයනයන් නොසලකා හරිමිනි. ජෝර්ජ් ගර්බ්නර් විසින් නිතර අපරාධ ප්‍රදර්ශනය කිරීම (කුඩා අපරාධ) පහත් ලෝක සින්ඩ්‍රෝමයට මඟ පාදා ඇති බවට සාක්ෂි ඉදිරිපත් කරන ලද අතර නිතර රූපවාහිනී නරඹන්නන් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි අපරාධ සංඛ්‍යාතයක් නිරූපණය කරන බවද ප්‍රකාශ කරයි. මීට අමතරව බොහොමයක් රූපවාහිනී දේශපාලනික හෝ වෙනත් ප්‍රචාරණ කටයුතු ඉදිරිපත් කිරීම හා අඩු බුද්ධි මට්ටම් කෙරෙහි පතිත වීම නිසාද චෝදනාවට බඳුන් වී ඇත.

රූපවාහිනිය පිළි‍්බද සමාජිය දර්ශනය[සංස්කරණය]

රූපවාහිනිය සාමාජික දර්ශනය කෙරෙහි මාධ්‍ය ආභාෂ සමජයේ ආරම්භයේ සිටම පැවතිනි. මෙම බලපෑම පිලිබද සමාජයේ ආරම්භයේ සිටම පැවිතිණි. මෙම බලපෑම පිලිබද මතය ප්‍ර‍බෝධමත් වන අතර මාධ්‍ය න්‍යායන් විශාල වශයෙන් අභියෝග කල නොහැකි එකකි. කෙසේ නමුත් මෙම බලපෑම පිලිබද තර්ක ඇති අතර මානව සන්නිවේදනය සම්බන්ධ පරිනාමණයේදි සංකීර්ණතාවය පෙන්වයි.

අන්තර් ක්‍රියාකාරි රූපවාහිනිය පිළිබද අර්ථ දැක්විම[සංස්කරණය]

අන්තර්ක්‍රියාකාරි රූපවාහිනිය මගින් අඩු අන්තර්ක්‍රියාකාරි සන්නායක නිරූපනය කිරීම (TV on/Off හඩ චාලනයන් වෙනස් කිරිම් සිට මාධ්‍යය අන්ත් ක්‍රියාකාරි) (රැගිම් පාලක නොමැතිව අවශ්‍යතා අනුව සරල චිත්‍රපට ) සහ ඉහල අන්තර් ක්‍රියාකාරි වැඩ සටහන් ක්‍රියාත්මක වේ. උදාහරණයක් ලස සාමාජිකයන් වැඩ සටහන් නරඹා ඇති අකාරය බලපෑම ලබයි. වඩාත් පැහැදිලි උදාහරණයක් නම් තිරය ඡන්දය ප්‍රකාශ කිරිමට ඇති හැකියාවයි. නැරඹන්නේ ගේ ඡන්දය මගින් තිරණය ගැනිමට හැකි අතර නැවත දර්ශන පවත්වාගෙන යුතු ආකාරය පිලිබද අදහස් ලබා දේ . වැඩසටහන් සපයන්නාගේ ආපසු මග අන්තර් ක්‍රියාකාරි වැඩසටන් පලපුරුද්දක් තිබිම ප්‍රමාණයත් නොවේ. උදාහරණයක් ලෙස චිත්‍රපටියක් අවනනට කිරිමේදි පාලකයන් සියල්ල දේශිය විය හැක. වැඩසටන අවපනත කිරිම සම්බන්ධයන් අවශ්‍ය වන අතර අන්තර්ගත සහ මෘදුකාංග දේශිය ලෙසද ක්‍රියාත්මක කල හැක. මේ සදහා set –top box හෝ 1RD සංශෝධිත රිසවර් විකේතකය යොදා ගනු ලැබේ. මෙය ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන අතර බලන්නාට අවශ්‍ය නාලිකාවට ඇතුලත් විය හැක.