රූපවාහිනිය

විකිපීඩියා වෙතින්
Braun HF 1 වර්ගයේ රූපවාහිනියක්,ජර්මනිය,1958.

'ප්‍රථම වරට රූපවාහිනිය නිපදවන ලද්දේ ජෝන් ලොගී බෙයාර්ඩ්(jon logi beard) විසිනි. රූපවාහිනී' (කෙටියෙන් ටීවී හෝ ටෙලි) යනු යම්කිසි දුර ප්‍රමාණයක් හරහා චලනය වන රූප සහ ශබ්ද ලබා ගැනීම හා විකාශනය සඳහා බහුලව භාවිතා කරන විදුලි සංදේශ පද්ධතියකි. මෙම වදන සමහරක් විට විශේෂයෙන් රූපවාහිනියක්, වැඩසටහන්ගත කිරීම හෝ රූපවාහිනී සම්ප්‍රේශණය හැඳින්වීමට ද යොදා ගනී. මෙම වදන දුර දැක්ම යන තේරුම දෙන ග්‍රීක වදන මත පදනම්ව ගෙතුනු එකකි.

1930 සිට වාණිජමය වශයෙන් මිළට ගත හැකි වූ රූපවාහිනී නිවාස හා ආයතනවල විශේෂයෙන් විනෝදාස්වාද හා ප්‍රවෘත්ති ප්‍රභවයක් ලෙස බහුලව භාවිතා වන ගෘහස්ථ සන්නිවේදන උපකරණයක් බවට පත්විය. 1970 VCR පටි මත වීඩියෝ පටිගත කිරීමේ සිට DVD වැනි සංඛ්‍යාංක ධාවන පද්ධති රූපවාහිනී මඟින් පටිගත කළ චිත්‍රපටි හා අනෙකුත් වැඩසටහන් නැරඹීමට ඉඩ ප්‍රස්ථාව ලබා දී ඇත.

රූපවාහිනී පද්ධතියක් බහු ඒකක රාශියකින් සෑදී තිබිය හැක. එමනිසා විකාශන සංඥා ලබා ගැනීම සඳහා අභ්‍යන්තර ටියුනරයක් නොමැති තිරයක් රූපවාහිනියක් ලෙස නොව මොනිටරයක් ලෙස හඳුන්වනු ලැබේ. රූපවාහිනියක් HDTV වැනි විවිධ විකාශන හෝ දෘශ්‍ය ආකෘති ලබා ගැනීමට සාදා තිබිය හැක. HDTV සාමාන්‍ය ටීවී එකකට වඩා මිළෙන් වැඩි නමුත් එය වඩාත් සුලභ වෙමින් පවතී.

රූපවාහිනියේ ඉතිහාසය[සංස්කරණය]

රූපවාහිනි තාක්ෂණයේ ඉතිහාසය ආකාර දෙකකට බෙදිය හැක. ඒවා නම් යාන්ත්‍රික සහ ඉලෙක්ට්‍රෝගත මුලධර්මය මත පදනම් වු ඒවා යන සම්පුර්ණයෙන් ‍ඉලෙක්ට්‍රෝනික ඒවා වේ. සියලු නවික රූපවාහිනි සදහා ඉලෙක්ට්‍රෝනික මුලධර්ම උරුම වේ. නමුත් යාන්ත්‍රික පද්ධති සොයා ගැනිම් සහ ප්‍රතිවේදයක් තොරව එය සිදු කල නොහැක.

රූපවාහිනී සාහිත්‍ය නිර්මාණ[සංස්කරණය]

රූපවාහනී සාහිත්‍ය නිර්මාණ පුළුල් පරාසයක් තුළ දිවයයි. ඒ අතර රසවින්දනාත්මක, තොරතුරු පදනම් වූ හා අධ්‍යාපනික අංගයන් මේ අතර විශේෂ වේ. නිෂ්පාදනයේදී වැඩිම වියදමක් දැරිමට සිදුවන්නේ රස වින්දනාත්මක නාට්‍ය හා නාට්‍යමය කෙටි වැඩසටහන් නිර්මාණය කිරීමේදීය.කෙසේ වුවත් ඓතිහාසික හා බටහිර නිර්මාණ සඳහා වැය වන වියදමද ඉහළ අගයක පවතී. රසවින්දනාත්මක නිර්මාණ අතර පොලිස් කටයුතු,අපරාධ, රහස් පරීක්ෂක නාට්‍ය ,අත්භූත වින්දනාත්මක නිර්මාණ ආදියද වේ.එසේම නාට්‍යමය නිර්මාණ අතර වෛද්‍යමය නාට්‍යයද ,හුදෙක් පහත් ආශ්වාදයක් ඇති නිර්මාණද වේ.විද්‍යා ප්‍රබන්ධයන් එහි ඇති දාර්ශනික බව හා වීරත්වය අනුව නාට්‍ය හා රංග සහායට ඇතුලත් වන අතර අවස්ථානුකූලව ප්‍රහසන (Comedy) නිර්මාණ හා වැඩිහිටි පරපුර සඳහා සජීවී ප්‍රසංගයන් නිර්මාණය ද බහුලව වේ. උදා- South Park වියදම ඉතා අවමයෙන් කළ හැකි නිර්මාණ වන්නේ විනෝද

ඇමෙරිකන් පවුලක් රූපවාහිනිය නරඹමින්,1958

ක්‍රීඩා,කථික, විවිධ ප්‍රසංග හා සත්‍ය කථා ආදියයි.විනෝද අංශ අතර නරඹන්නන්ගෙන් ප්‍රශ්න විචාරිම සහ ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානයද ඇතුළත් වේ. කථික ප්‍රසංගයන් අතර චිත්‍රපට රූපවාහිනී හා සංගීත ධරයන් සමඟ කෙරෙන සාකච්ඡා ගත නොහැකිය. විවිධ ප්‍රසංගයන් අතර රසවින්දනාත්මක සංගීත නිර්මාණ,විකට රුගුම් හා මැජික් සංන්දර්ශන දැකගත හැකිය. සමහර වැඩසටහන් එකිනෙක මිශ්‍රව පවතින අවස්ථාද ඇත. එනම් විශේෂිත කථික වැඩසටහන් සංගීතය ගායන හැකියාව මත මිශ්‍රව තිබෙන අතර සාමාන්‍ය ඉදිරිපත් කරන්නන් සම්මුඛ සාකච්ඡා ස්වරූපයෙන් පවත්වාගෙන යයි. Reality TV shows තුල විග්‍රහ කරනු ලබන්නේ එදිනෙදා ජීවිතයේ ආසාමාන්‍ය අභියෝගයන්ට මුහුණ දුන් පුද්ගලයන්ගේ අත්දැකීම්ය.එම අවස්ථා පොලිසිය මගින් අත් අඩංගුවට ගත් පුද්ගලයන්ගේ සිට කම්කරුවා දක්වා විහිදී යයි.

වැඩසටහන් පටිගත කිරීම[සංස්කරණය]

රූපවාහිනී වැඩසටහන් පටිගත කිරීම හා ඒවා මහජනයාට පෙන්වීම බොහෝමයක් ආකාරවලින් සිදු විය හැකිය. නිෂ්පාදනයෙන් පසු ඊළඟ පියවර වන්නේ වෙළෙඳ පොළ වන අතර එමඟින් වෙළෙඳ පොළ විවෘත ඕනෑම තැනකට නිෂ්පාදනය බෙදා හරී. මෙය සිදු වන්නේ මට්ටම් 2 ක් මතය.

1. පළමු ධාවනය - නිෂ්පාදකයෙක් ඒක හෝ බහු කථාංගවලින් යුත් වැඩසටහනක් නිර්මාණය කරන අතර එය නිෂ්පාදනය සඳහා ගාස්තු ගෙවා ඇති හෝ නිෂ්පාදකයා මඟින් අවසර ලබා දී ඇති ජාලයක් මත ප්‍රදර්ශනය කරයි.
2. ව්‍යාපාරගත කිරීම - මෙය ද්විතීක වැඩසටහන්කරන භාවිතය විස්තර කිරීම සඳහා පුළුල්ව යොදා ගැනෙන වදනකි. මෙයට ප්‍රථම නිකුත් කිරීම සිදු කළ රටෙහි ද්විතීක ධාවන මෙන්ම නිෂ්පාදකයා විසින් පාලනය කරනු ලබන හෝ නොකර හෝ ජාත්‍යන්තර භාවිත ද ඇතුළත් වේ. බොහොමයක් අවස්ථාවලදී වෙනත් සමාගම් හෝ රූපවාහිනී නාලිකා හෝ පුද්ගලයන් හෝ ව්‍යාපාර කිරීමේ කාර්යයේ යෙදී ඇත. වෙනත් වචනවලින් පවසතොත් ප්‍රකාශන හිමිකම් ධාරකයන් ගෙන් හෝ බොහෝමයක් අවස්ථාවල නිෂ්පාදකයන්ගෙන් අවසර ලැබී ඇති වෙළෙඳපොළ සඳහා නිෂ්පාදන විකිණීම ලෙස ද මෙය හැඳින්විය හැකිය.

එක්සත් ජනපදයෙන් පිට ප්‍රථම ධාවන වැඩසටහන්ගතකරණය ග්‍රාහක සේවා මත වැඩියෙන් පවතින නමුත් සමහරක් ගෘහස්තව නිෂ්පාදනය කෙරුණු වැඩ සටහන් ගෘහස්ථ FTA මත ව්‍යාපාරගත වේ. කෙසේ නමුත් මෙම ක්‍රියා පිළිවෙල digital only FTA නාලිකාවල හෝ subscriber – only ප්‍රථම ධාවන ද්‍රව්‍ය මත වර්ධනය වේ.

එක්සත් ජනපදය මෙන් නොව FTAජාල වැඩසටහන්වල නැවත FTA තිරගත කිරීම සිදු වන්නේ එම ජාලයේ පමණි. තවද අනුබන්ධකයින් දේශීය අවස්ථා මත පදනම් නොවූ ජාලගත නොවූ වැඩසටහන්ගත කිරීම් මිළ දී ගැනීම හෝ නිෂ්පාදනය කිරීම සිදු කරන්නේ ඉතා කලාතුරකිනි.

රූපවාහිනිය නිසා සැලසෙන අධ්‍යාපනික වාසි[සංස්කරණය]

ඩේවිඩ් ගවුන්ට් ලෙඩ්ගේ “Ten things wrong with the media effects model” ලිපියට අනුව දිමිත්‍රි ක්‍රිස්ටේකිස් හඳුන්වා සිටින්නේ “SESAME STREET” හා වෙනත් අධ්‍යාපනික වැඩසටහන් නැරඹූ පෙර පාසල් දරුවන් ඉහළ සාමාර්ථ ලබා ගත් අතර ජයග්‍රහණය මත වැඩි වටිනාකමක් රඳවන හා වඩා නිර්මාණශීලී පොත් වැඩි වශයෙන් කියවූ බවයි. සමානවම ඍණාත්මක ආකෘතිවලට නිරාවරණය වූ අය එහි ප්‍රතිඵල අත්විඳි අතර ධනාත්මක ආකෘතිවලට නිරාවරණය වූ අය යහපත්ව හැසිරිණි. නූතන ලෝකයේ දරුවන් හට සොයා යෑමට පොත්, පත්තර, රූපවාහිනි අන්තර්ජාලය ආදි නොයෙක් සන්නිවේදන මාධ්‍ය රැසක් පවතියි. එබැවින් පෙර පරම්පරාවල දරුවන්ට වඩා පහසුවෙන් නූතන පරම්පරාවල දරුවන් ඉතිහාසයට, ප්‍රවෘත්ති හා විද්‍යාවට නිරාවරණය කළ හැකිය.

රූපවාහිනී බදු හෝ රූපවාහිනී බලපත්‍ර[සංස්කරණය]

සමහර රටවල රූපවාහිනි සේවයන්ගේ මූල්‍ය ශක්තිය වන්නේ බලපත්‍ර සඳහා අය කරනු බන බදු මඟිනි. ඉන් අදහස් වනනේ වෙළඳ දැන්වීම් මඟින් ලැබෙන ආදායම ඉතා අඩු කාර්යක් කරන බව සමහර විට වෙළඳ දැන්වීම් භාවිතය කෙ‍ෙස්වත් නොකරන බව ද පැහැදිලි වේ. සමහර රූපවාහිනී සේවයන් වෙළඳ දැන්වීම ප්‍රචාරය කිරීම ඉතා අඩුවෙන්ම හෝ ප්‍රචාරය නොකරන තත්වයේම ඇත. ඉන් කිහිපයකි.

එක්සත් රාජධානියේ BBC සේවය හා ඕස්ට්‍රේලියාවේ ABC සේවය

BBC සේවය කිසිම වෙළඳ දැන්වීමක ප්‍රචාරය නොකරන අතර එහි මුල්‍යමය අවශ්‍යතා සපුරා ගනුයේ රූපාවාහිනී පාවිච්චි කරන්නන්ගෙන් අයකර ගන්නා බලපත්‍ර රජය මඟින් නියම කරනු ලැබූ ද BBC ආයතනයේ ඊට ප්‍රතිචාර රජයට නොදක්වන අතර එය ස්වාධීන ආයතනයක් ලෙස සිය තීරණ ගනු ලබයි. මෙසෙ අය කරන ගන්නා බදු මුදල් රේඩියෝ සේවයන්, විකාශන මධ්‍යස්තාන හා BBC වෙබ් අඩවි සඳහා මූල්‍ය ශක්තිය ලබා දේ.

ජනගහනයෙන් 90% සෑම සතියකම BBC සේවය නරඹනු ලබන අතර 27%ක කොටසක් දායකත්වයක් නරඹන්නන්ගෙන් ලැබේ. මෙම දායකත්වය විවිධ චැනලයන් නැරඹීමේ 85% ක හැකියාවක් ඇති ජන කොටසක් සිටිනා අතර වන අතර ඉන් 42% සේවයන් චන්ද්‍රිකා තාක්ෂණ මඟින් චැනලයන් 200ක පහසුකම් ලබා ගැනීමේ හැකියාවන් තිබිය දීය. එසේම තවත් 43%ක ප්‍රමාණයකට නිදහස් දර්ශකයන් 30ක් සමග ලබා ගැනීමේ පහසුකම ද ඇතළත් වේ. මෙම බදු ආදායම්වලින් මූල්‍ය ශක්තිය ලබා දෙන BBC රූපවාහිනී සේවයනට එනම් වෙළඳ දැන්වීම් භාවිතා නොකරන ආයතනයනට වැයවන මුදල වාර්ෂිකව පවුම් 136 ක මුදලක් වන අතර එය තම ආයතනය සතුව ඇති රූපවාහිනී ප්‍රමාණය සැලකිල්ලට නොගෙනය. BBC චැනලය හා වාණිජමය චැනලයන්‍යන දෙකේ ක්‍රීඩා පිළිබඳ අවස්ථාවන් ඉදිරිපත් කිරීමේ දී BBC නිතරම නිතරඟයෙන් නරඹන්නගේ වැඩිම ආකර්ශනයක් ලබා ගන්නා අතර එයට හේතුව නරඹන්නන් නැරඹීමේ දී බාධාවක් නොවී නැරඹීමට වඩා රුචි කරන බැවිනි.

ABC ඕස‍්ට්‍රේලියානු ප්‍රචාරක සංස්ථාව වෙළඳ දැන්වීම් ප්‍රචාරණය නොකරන අතර ‍එසේ ප්‍රචාරය කිරීම 1983 පනවනු ලැබූ ව්‍යවස්ථාවකට අනුව තහනම් කිරීමට ලක් කර ඇත. සිය මූල්‍ය අවශ්‍යතා ඕස්ට්‍රේලියානු රජය මඟින් සෑම අවුරුදු තුනකට සැරයක් ලබා දීම සිදු කෙරේ. 2006/2007 අයවැයෙන් ABC ආයතනය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 822.67 ලැබූ අතර එය සිය වියදම් හා වගකීම් පියවීමට ප්‍රමාණවත් විය. එසේම ABC සාප්පු සංකීර්ණයන්ගෙන් ද සිය අරමුදල තර කර ගැනීම අවශ්‍ය තරම් මුදල් උපයා ගනී

ධනාත්මක බලපෑම[සංස්කරණය]

රූපවාහිනිය වටා කෙරෙන බොහෝ සාකච්ඡා වලදි එහි සමාජිය බලපෑම සහ බව සාකච්ඡා වුවක් මාධ්‍ය කෘතවරයෙකු වු ජොෂුවා රූපවාහිනිය පැමිණිමට පෙර තොරතුරු සහ දැනුම ලබා ගැනිමේ ප්‍රධාන මාර්ගය මුදුණය බව සලකන ලදි. එම දිනවල මිනිසුන් තොරතුරු ලබා ගත් ආකාරය විවිධ ආකාරයෙන් සිමිත වේ.

සාමාජයීය බලපෑම[සංස්කරණය]

නීති සම්පාදකයින්, විද්‍යාඥයින් හා දෙමාපියන් විසින් රූපවාහිණිය මගින් එහි නරඹන්නන් මත වන රූපවාහිණි ප්‍රචණ්ඩතාව (විශේෂයෙන් යෞවනයන්) පිළිබදව වු ආචරණය ගැන වාද විවාද පවත්වයි. රූපවාහිණිය මගින් ළමුන්ගේ චෛතසික හා සමාජීය සංවර්ධනයට වන බලපෑම් පිලිබද වන වසර 50 ක පර්යේෂණ තවමත් එම විවාදය අවසාන කර නොමැත. (See Bushman & Anderson 2001 ; Savage, 2008)

අනෙක් අය මෙන්ම බුෂ්මන් හා ඇන්ඩර්සන් (2001) පවසා සිටින්නේ මාධ්‍ය ප්‍රචණ්ඩත්වය හා සමාජීය ප්‍රචණ්ඩත්වය අතර සම්බන්ධයකට සාක්ෂි පැහැදිලිවම සහය දක්වන බවයි. කෙසේ නමුත් අනෙක් නිර්මාණ කරුවන් (ඔල්සන්, 2004, සැවේජ්, 2008) විසින් සාහිත්‍ය හා එක්සත් ජනපදයේ වැඩිවන මාධ්‍ය ප්‍රචණ්ඩත්වය හා අඩුවන අපරාධ සීඝ්‍රතාවය අතර නොගැළපීම සමග සැලකිල්ලට ගත යුතු ක්‍රමානුරූපි ප්‍රශ්න අවධානයට බදුන් කරයි.

සයින්ටිෆික් ඇමරිකන්හි 2002 ලිපියක් යෝජනා කර සිටින්නේ අඛණ්ඩ TV නැරඹීම, රූපවාහිණි ඇබ්බැහි වීම අනෙකුත් ඇබ්බැහි වීමකට වඩා එතරම් වෙනසක් නොවන බවයි. කෙසේ නමුත් මෙම දර්ශනය තවමත් බොහෝමයක් ප්‍රඥයින් අතර පුළුල් ඒක මතිකත්වයට පත්වී නොමැති අතර රෝග විනිෂ්චය කිරීමේ හා සංඛ්‍යාත්මක මැනුවලය - IV – TR ට අනුව රූපවාහිණී ඇබ්බැහි වීම විනිෂ්චය කළ නොහැකි තත්ත්වයකි.

එක් අධ්‍යයනය කිරීමකට උදාහරණයක් ලෙස, මිනිසුන් 1000 ක් (ළමා වයසේ සිට වයස 26 දක්වා) ඇතුළත් නවසීන්තයේ පැවැත්වු ආයත අධ්‍යයනය නිරූපණය කර සිටියේ ළමා කාලයේ දී හා වැඩිහිටි අවධියේදී රූපවාහිණිය නැරඹීම වය‍ෙස් අවුරුදු 12 කදී වන දුර්වල අධ්‍යාපනික ජයග්‍රහණය කිරීම් සමග සම්බන්ධ වන බවයි. Sexuality Research And Social Policy ජ’නලයේ ප්‍රකාශයට පත් වු අධ්‍යනයන් කියා සිටින්නේ මව්පියන් පිළිබදව වු රූපවාහිණි වැඩ සටහන් වැඩිවියට පත්වු ගැහැණු දරුවන් අතර වැඩි ශරීර තෘප්තිමත් කිරීමක්, ගැහැණු හා පිරිමි යන දෙපක්ෂයේම වැඩිවියට පත් වූවන් අතර අඩු ලිංගික අත්දැකීම් සමග සම්බන්ධ වන බවත් මෙම රූපවාහිණි වැඩ සටහන් වල ප්‍රතිඵලයක් ලෙස ආත්ම ගරුත්වයට හා තම ප්‍රතිරූපයට බලපෑමක් එල්ල විය හැකි බවත්ය. රූපවාහිණිය නැරඹීම හා පාසැල් ශ්‍රේණි අතර වන සම්බන්ධතාවය මත බොහෝමයක් අධ්‍යයන සිදු කර ඇත. කෙසේ නමුත් අනෙකුත් අධ්‍යයන බොහෝමයක් ද රූපවාහිණි නැරඹීම නරඹන්නන් මත කිසිදු බලපෑමක් ඇති නොකරන බව (හෝ ඉතා සුළු බලපෑමක්) සොයා ගෙන ඇත. (Freedman , 2002 බලන්න)

පාරිසරික බලපෑම[සංස්කරණය]

CRT හි අධි ඊයම් අන්තර්ගතය හා පැතලි තිර සංදර්ශක තාක්ෂණවල වේගවත් ව්යාප්තිය, රසදිය ඇතුළත් ලාම්පු භාවිතා කරන සමහරක් ඒවා (LCD) සමඟ ඉවත දමන ලද රූපවාහිනීවලින් වන ඉලෙක්ට්රෝනික අපද්‍රව්‍ය පිළිබඳ වැඩි දියුණු වන සැලකිල්ලක් දක්නට ලැබේ. කොටස්කරන්නන් විසින් CRT වලින් තඹ රැහැන් හා අනෙක් ද්රව්ය ඉවත් කිරීම සඳහා ද අදාල සෞඛ්යමය සැලකිලි දක්නට ලැබේ. තවදුරටත් රූපවාහිනියේ සැලසුම් කිරීමට සම්බන්ධ පාරිසරික සැලකිලි දක්නට ලැබෙන අතර භාවිත කිරීම සම්බන්ධව උපකරණවල වැඩිවන විද්යුත් ශක්ති වුවමනාවන් පිළබඳ සැලකිලි ද වේ.

සටහන්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රූපවාහිනිය&oldid=651410" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි