රූපවාහිණිය- මනෝ විද්‍යාත්මකව ඇති සෘණ‍ාත්මක බලපෑම

විකිපීඩියා වෙතින්

ඇතැම් අධ්‍යන මගින් සොයාගෙන ඇති අන්දමට මොළයෙහි “පාදස්ථ ගැංග්ලියා” නම් කොටස යම් කිසි පුද්ගලයකු විසින් වීඩියෝ ක්‍රීඩාවන් වල නිරත වීමේදී සහ රූපවාහිනිය නැරඹීමේ දී ඉතාමත් විශාල වශයෙන් සක්‍රීය වේ. මෙයට ප්‍රතිචාරයක් වශයෙන් සිරුරෙන් “ඩෝපැමින්” නම් රසායනික ද්‍රව්‍ය මුදාහරී “රිටලීන් “ (සහ කොකේන්) ද මොළයේ පාදස්ථ ගැංග්ලියා මත ක්‍රියාකාරී වීමෙන් ඩෝපැමින් ශ්‍රාවය ඉහල නංවයි. ඇතැම් පාර්යේෂකයන් විසින් සිතන ආකාරයට ඩෝපැමින් ශ්‍රාවය ඉහල යත්ම සිරුරේ අනෙකුත් ක්‍රියාකාරකම් සිදුකර ගැනීම පිණිස අවශ්‍ය අනෙකුත් ස්නායු සම්ප්‍රේෂකයන් ප්‍රමාණය අඩුවීමක් සිදුවේ. නමුත් මෙකී විශ්වසය තවදුරටත් මතබේදාත්මකව පවතී.