රාජ්‍ය නොවන සංවිධාන
රාජ්‍ය නොවන සංවිධානයක් යනු පෞද්ගලික පිරිසක් හෝ සංවිධානයක් විසින් රජයන්ගෙන් ස්වාධීනව ඇති කර ගනු ලබන, ලාභ නොපතන නෛතික සංවිධානයකි. මේවාට මූල්‍යමය ආධාර සම්පූර්ණයෙන්ම හෝ අඩක් රජයෙන් ලැබෙන විට දී ද, එම සංවිධාන තම සාමාජිකත්වයෙන් රජය බැහැර කරයි.
ජාත්‍යන්තරව ක‍්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන 40,000ක් ඇතැයි ගණන් බලා ඇත. ජාතික වශයෙන් මීට වැඩි සංඛ්‍යාවක් ඇත. රුසියාවේ පමණක් 277,000ක් පවතින අතර, ඉන්දියාවේ මිලියන 1- 2ත් අතර ප‍්‍රමාණයක් රාජ්‍ය නොවන සංවිධාන ඇත.
පටුන |
[සංස්කරණය] අර්ථ දැක්විම
රාජ්‍ය නොවන සංවිධාන යන වචනයේ විවිධ යෙදුම් නිසා අර්ථ දැක්විම හා වෙන්කර දැක්විම අපහසුය.රාජ්‍ය නොවන සංවිධාන වෙන්කර දැක්විමට ඒවා ක්‍රියාත්මක වන සංවිධානාත්මක මට්ටම් සහ අරමුණු සැලකිලිමත් විය යුතුය.මෙවායේ අරමුණු පරිසර සංරක්ෂණය, ආර්ථික සංවර්ධනය හෝ නීතිමය ගැටළුවලට සහන සැපයිම විය හැක.
[සංස්කරණය] රාජ්‍ය නොවන සංවිධාන වර්ග
රාජ්‍ය නොවන සංවිධාන ඒවායේ අරමුණු සහ ක්‍රියාකාරි මට්ටම් අනුව වර්ග කර දැක්විය හැකිය.
[සංස්කරණය] අරමුණු පදනම්ව
- සුබසාධන සංවිධාන
- මුල්‍යාධාර සපයන සංවිධාන
- වෙනත් සංවිධාන සමඟ හවුලේ ක්‍රියාකරන සංවිධාන
- සේවා සපයන සංවිධාන
[සංස්කරණය] ක්‍රියාකාරි මට්ටම මත පදනම්ව
- ප්‍රජා සංවිධාන
- නගර මට්ටමින් ක්‍රියාත්මක වන සංවිධාන
- ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන සංවිධාන
- අන්තර්ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන සංවිධාන