රජිත් කීර්ති තෙන්නකෝන්

විකිපීඩියා වෙතින්
Rajith Keerthi Tennakoon/Executive Director/ Campaign for Free and Fair Elections (CaFFE) (2008 to date) Executive Director/Center for Human Rights and Research (CHR) Sri Lanka (2010 - to date) Advisor/Anti-corruption Front (2015 - to date) E mail: rajith_tennakoon@yahoo.com Tel 00 94 777791225
Rajith Keerthi Tennakoon/Executive Director/ Campaign for Free and Fair Elections (CaFFE) (2008 to date) Executive Director/Center for Human Rights and Research (CHR) Sri Lanka (2010 - to date) Advisor/Anti-corruption Front (2015 - to date) E mail: rajith_tennakoon@yahoo.com Tel 00 94 777791225

රජිත් කීර්ති තෙන්නකෝන්  (තෙන්නකෝන් මුදියන්සේලාගේ රජිත් කීර්ති තෙන්නකෝන්)  Rajith Keerthi Tennakoon  (උපත 1970 ජූනි 16) යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සිවිල් ක්‍රියාකාරිකයෙකි. රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙකි.  ලේඛකයෙකි.  

මුල් කාලීන ජීවිතය

1970 ජූනි මස 16 දින උපත ලැබූ කීර්ති තෙන්නකෝන් මහතා ගේ පියා වැලිමඩ මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයෙකු වූ ටී.එම්.දසනායක ය.  මව ප්‍රේමලතා දසනායක ය. සිය පාරම්පරික උරුමයෙන් හිමිවූ 'හේනබැද්ද වත්ත’ හි ළමා විය ගෙවූ කීර්ති වංගියකුඹුර මධ්‍ය මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලැබීය.  සිව්වන ශ්‍රේණිය සදහා ගුරුතලාව ශාන්ත තෝමස් විදුහලට එක් වූ ඔහු හත්වන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබීය.

1991 වසරේ දී නුවරඑළිය වෝටර්ෆීල්ඩ් ඉන්ස්ටිටියුට් හි මුලික කලමනාකරණ ඉගෙනගත් ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍රවේදී උපාධිය ලැබීය.  2008 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය ඩිප්ලෝමා විෂය සදහා දක්ෂතම ශිෂ්‍යයාට හිමිවන රන් පදක්කම ලැබීය.   

1993 වසරේ දී කැලණිය විශ්වවිද්‍යාලයට අනධ්‍යන සේවකයෙකු ලෙස එක් වූ ඔහු 1996 වසරේ දී භාරත ගුණතිලක සමග එක්වී ‘වෛද්‍යවරයා’ සිංහල ඩයිජස්ට් වර්ගයේ වෛද්‍ය සගරාව ඇරඹීය.  ලක්බිම, රාවය, ඉරිදා පෙරමුණ, පුවත් පත් හි ලේඛකයෙකු ද ලෙස කටයුතු කළ තෙන්නකෝන් මහතා කෙටි කලකින් සිංහල පුවත්පත් හි නිත්‍ය ලේඛකයෙකු බවට පත් විය. 

2002 වසරේ දී එක්සත් ජාතික පෙරමුණ රජය යටතේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් තනතුරට දැරූ ඔහු 2004 දී එයින් ඉවත් විය.  

පුද්ගලික ජීවිතය

2004 දී විශාකා තුෂාරි දක්ෂිකා ආනන්ද සමග විවාහ වූ තෙන්නකෝන් මහතා ට දනිදු පංකජ (2004) සහ දිනුලි හසංජා (2006) දරුවන් දෙදෙනෙකි. 

2013 දී විශාකා තුෂාරි රෝගී තත්වයකින් මරණයට පත් විය.  

ලේඛණ ජීවිතය

සිය විශේෂඥතා විෂය ලෙස ‘ශ්‍රී ලංකා වේ වාරණ භාවිතයන්’ තෝරාගත් තෙන්නකොන් මහතා 2002 වසරේ දී ‘වාරණ පුරාණය’ (පිටු 390) පර්යේෂණ කෘතිය රචනා කළේය. ජනමාධ්‍ය වාරණය පිළිබද සිංහල භාෂාවෙන් ලියැවී ඇති විශිෂ්ඨතම කෘතිය ලෙස ‘වාරණ පුරාණය’ සැලකේ.

ජනමාධ්‍ය හා දේශපාලනය සමීපව අසුරු කළ තෙන්නකෝන් මහතා ‘දේශපාලන සන්නිවේදනය හා පක්ෂ දේශපාලන කේෂ්ත්‍රයේ පර්යේෂණ ගණනාවක් සිදු කළේය.  එක්සත් ජාතික පක්ෂය පිළිබද ඔහු සිදුකළ පර්යේෂණය ‘මහා සම්ප්‍රදායේ කථාව’ (පිටු 402) සහ ‘රජුන් තැනීමේ කලාව - දේශපාලන සන්නිවේදනය’ (පිටු 260) එම විෂය කේෂ්ත්‍රයේ ප්‍රමුඛ පර්යේෂණයන් ලෙස සැලකේ.  

ජනමත නායකයෙකු හා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීත්වය

2008 වසරේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය ආරම්භ වූ අවස්ථාවේ දී ඔහු එහි මාධ්‍ය ප්‍රකාශකවරයා බවට පත් වූ අතර නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ සිදු වූ ප්‍රචණ්ඩක්‍රියා, මහජන දේපල අයථා පරිහරණය හා මැර ක්‍රියා, මැතිවරණ දුෂණ හෙළි කිරීමේ ප්‍රමුඛ පුද්ගලයා බවට පත් විය.  2008 වසරේ දී එවකට පැවති මහින්ද රාජපක්ෂ රජයේ දැඩි කෝපයට ලක් වූ ඔහු සබරගමුව හා උතුරු මැද පළාත් සභා මැතිවරණයෙන් පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ සේවයෙන් ඉවත් කරනු ලැබීය[i].  ඔහුට එරෙහිව රජය විවේචණය කිරීමේ චෝදනා එල්ල විය.  දැඩි ශිෂ්‍ය මර්ධනයක් පැවති සමයක ශ්‍රාස්ත්‍ර නිදහස සම්බන්ධයෙන් වන කතිකාවක් ඔහුට රැකියාව අහිමි කිරීම හේතුවෙන් ඇති විය. 

2009 වසරේ දී කැෆේ සංවිධානයේ[i] විධායක අධ්‍යක්ෂ ධූරයට පත් තෙන්නකෝන් මහතා 2010 වන විට රාජපක්ෂ රජයේ දැඩි තර්ජනයට ලක් වූ සිවිල් ක්‍රියාකාරිකයෙකු විය.  මාධ්‍යවේදීන් සිවිල් ක්‍රියාකාරිකයින් තර්ජන හමුවේ රට හැර යද්දී තර්ජන හමුවේ ඔහු ජනමත නායකයෙකු ලෙස ක්‍රියාකළේය.  ඡන්දදායකයින් ලියාපදිංචි කිරීම, ඡන්දදායකියන් දැනුවත් කිරීම[ii] හා ඔවුන්ට පහසුකම් සැලසීම ඒ අතර මුලික විය.

2010 වසරේ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ධූරයට  පත් තෙන්නකෝන් මහතා එම සංවිධානය ජනතාවට සමීප රැකවරණය, දේශපාලන හා සමාජ නිදහස වෙනුවෙන් බලපෑම් සිදු කරන ප්‍රමුඛ රාජ්‍ය නොවන සංවිධානයක් බවට පත් කළේය.  LLRC කොමිෂන් සභාවේ කටයුතු සිදුවන ආකාරය පිළිබද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ වාර්තා අති මහත් බලපෑමක් සිදු කළේය. දෛනිකව වාර්තා නිකුත් කිරීම, සාක්ෂිකරුවන්ට තර්ජන කිරීම වාර්තා කිරීම ඒ අතර සුවිශේෂී වේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම[iii], ශිෂ්‍ය නිදහස, වෘත්තීය සමිති, මාධ්‍ය නිදහස, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, මානව හිමිකම්, පරිසරය වැනි කේෂ්ත්‍ර ගණනවක ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය කටයුතු කරයි.

2015 ජනවාරි 8 දින ආණ්ඩු පෙරළියෙන් පසුව පිහිටවනු ලැබූ ‘දුෂණ විරෝධී පෙරමුණේ සංරක්ෂණය කළ පිටපත 2018-01-09 at the Wayback Machine උපදේශකවරයෙකු ලෙස ද තෙන්නකෝන් මහතා කටයුතු කරයි. රජයේ විවිධ ආයතන 6 ක් වෙත පැමිණිලි 450 කට වැඩි ප්‍රමාණයක් යොමු කළ දුෂණ විරෝධී පෙරමුණ[iv] ලංකාවේ ප්‍රබලතම දුෂණ විරෝධී සමාජ ව්‍යාපාරය බවට පත් කිරීමට හේ මුලික විය[v].  

තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා පොලිස් ප්‍රතිසංස්කරණ කමිටුවේ සාමාජිකයෙකු ද වේ.

අධිකරණයේ ස්වාධීනත්වය සදහා ක්‍රියාකාරී සමාජ මෙහෙවක් ඉටු කළ තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ පැමිණිලි[vi] මත 2017 වසරේ දී මහෙස්ත්‍රාත් අසංක දිසානායක අධිකරණ සේවයෙන් පහ කරනු ලැබීය[vii].  මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ ට[viii] එරෙහිව පැමිණිලි ඉදිරිපත් කරනු ලැබූවේ තෙන්නකෝන් මහතා විසිනි.

ජනමත නායකත්වය

2016 දී ලංකාවේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයේ වැඩිම අවධානය දිනාගත් ජනමත නායකයින් අතර තෙන්නකෝන් ප්‍රමුඛ වේ. දේශපාලන හා සිවිල් ප්‍රතිසංස්කරණ, ආණ්ඩුක්‍රම හා මැතිවරණ සංශෝධන වෙනුවෙන් ද, අධිකරණයේ ස්වාධීනත්වය[i] සහ සංක්‍රාන්ති යුක්තිය[ii], දුෂණ විරෝධය[iii] වෙනුවෙන් ද ජනමතය හසුරුවන සංරක්ෂණය කළ පිටපත 2016-09-02 at the Wayback Machine ප්‍රබල සිවිල් ක්‍රියාධරයෙකි[iv].  

ජාත්‍යන්තර වැඩමුළු සම්මන්ත්‍රණ

මැතිවරණ ක්‍රියාවලිය, මානව හිමිකම් පිළිබද තෙන්නකෝන් මහතා යුරෝපා සංගමය, ජිනීවා මානව හිමිකම් කොමිසම සංරක්ෂණය කළ පිටපත 2016-12-06 at the Wayback Machine, වෝර්සෝ සංවාදය වැනි ආයතන සමග කටයුතු කොට ඇත.  පොදු රාජ්‍ය මණ්ඩලීය විශේෂඥ මැතිවරණ නිරීක්ෂකයෙකු ලෙස ස්වාසිලන්තය සහ සොලමන් දුපත් හි කටයුතු කර ඇති තෙන්නකෝන් මහතා ජැමෙයිකාව හා ඉන්දුනිසීයාවේ පුහුණුව ලැබූවෙකි. 

මුලදී එක්සත් ජාතික පක්ෂ දේශපාලනයේ නිරත වූ ඔහු, පසුව ස්වාධීන යැයි කියාගන්නා මැතිවරණ නිරීක්ෂකයකු විය. රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට එරෙහිව, මෛත්‍රී ගුණරත්න සමහ එක්ව සජිත් නායකත්වයට ගෙන ඒමට උත්සාහ දැරීය. ඉන් පසු 2015 ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා සමහ එක්වූ අතර පිං ආණ්ඩුකාර තනතුරක්ද දැරීය. ඉන්පසු 2019 ජනාධිපතිවරණයේදී සජිත් ට වක්‍රව සහය පළ කළේ ආණ්ඩුකාර තනතුරේ සිටියදීමය. නමුත් 2020 මහමැතිවරණයේ දී ජා.ලැ. මන්ත්‍රීධූරයක් නොලැබීම මත සජිත්ගෙන් වෙන්වී පාඨලී චම්පකගේ 43 සේනාංකයට සම්බන්ධ විය. නමුදු නැවත මෙතුමා රනිල් වික්‍රමසිංහයන් සමග දැන් දේශපාලනය සිදු කරයි.


[i] http://www.thesundayleader.lk/2017/02/26/separating-fact-from-fiction/ 

[ii] http://www.caffesrilanka.org/posters/170222140245Sri%20Lankan%20Transitional%20justice.pdf 

[iii] http://srilankabrief.org/2016/10/independent-commissions-are-ignoring-political-realities-rajith-keerthi/ 

[iv] http://sinhala.srilankabrief.org/2017/02/%e0%b7%83%e0%b6%82%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92-%e0%b6%ba%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b7%81%e0%b7%8a%e2%80%8d/  


[i] www.caffesrilanka.org 

[ii] http://www.colombopage.com/archive_15B/Aug08_1439019548CH.php 

[iii] http://www.ft.lk/article/465843/CaFFE-reiterates-call-to-abolish-the-PTA 

[iv] http://www.acfsrilanka.lk/ 

[v] http://srilankabrief.org/2016/03/justice-delayed-in-anti-corruption-drive-in-sri-lanka-acf/ 

[vi] http://www.chrsrilanka.com/news/view/6541/Magistrate-Asanka-Dissanayake-removed-from-his-post 

[vii] http://colombogazette.com/2017/02/02/magistrate-asanka-dissanayake-removed-from-his-post/ 

[viii] https://www.dailynews.lk/2016/06/09/local/84121 


[i] https://freemediasrilanka.wordpress.com/tag/caffe/