යුද්ධ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

යුද්ධය යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇතිවූ සටන් වලට වර්ධනය වී ඇත. 'යුද්ධය' යන වචනය වර්තමානයේ ඕනෑම අරගලයකට භාවිතා වේ. උදාහරණ වශයෙන් ඖෂධ වල යුද්ධය (war on drugs) හා භීෂණයේ යුද්ධය (war on terror) දක්විය හැක. අතීතයේ යුධ සටන් කරන එකම සත්වයා මිනිසා යැයි සිතුවද, සත්ව ජීවීන් සියුම් ලෙස නිරීක්ෂණයෙන් කුහුඹුන්ගේ ජනාවාස අතර යුද්ධයන්ද, චිම්පන්සි ගෝත්‍ර අතරද, යුද්ධය දැකගත හැකි වී ඇත. සටන්කරුවන් සමූහය සහ ඔවුන්ගේ අධාරකරුවන් පොළොවේදී බිම් හමුදාව ලෙසත්, සයුරේදී නාවික හමුදාව ලෙසත්, ගුවනේදී ගුවන් හමුදාව ලෙසත් නම් කෙරේ. යුද්ධය සමකාලීන ලෙස රඟභූමීන් කිහිපයක් අනුගමනය කළ හැක. එක් රඟභූමියක් හි අනුගාමී යුධ ව්‍යාපාර කිහිපයක් තිබිය හැක. යුධ ව්‍යාපාරයක සටන් පමණක් නොව, තොරතුරු, භට කණ්ඩායම් සංචලනය, සැපයුම්, ප්‍රචාරක කටයුතු හා වෙනත් දේ අදාල වේ. දිඝු කාලීන සංඝට්ටන සාම්ප්‍රදයික ලෙස සටනක් ලෙස නම් කළද, එම නාමකරණය යුධ භටයින්ගෙන් තොර අහස් යානා, බෝම්බ හා මිසයිල ප්‍රහාර ආදී සංඝට්ටන වලට භාවිතා නොවේ. සිවිල් යුද්ධය යනු බලහත්කාරකමින් අභ්‍යන්තර වෙනස්කම් විසදීමයි.

ඉලිනොයිස් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යය වරයෙකු වන ලෝරන්ස් එච්. කීලී “War Before Civilization” නම් කෘතියේ ගණනය කර දක්වා ඇත්තේ 90-95% ක් පමණ දන්නා සමාජයන් කාලීන සංඝට්ටන වලද, විශාල සංඛ්‍යාවක් නිරන්තර සටන් වලද නිරත වූ බවයි.


යුද්ධයකට හේතුවන සාධක[සංස්කරණය]

නියම යුද්ධයක් ඇරඹෙන්නේ නිල වශයෙන් යුද්ධයක් නැවැත්වීමෙන් පසුවය. එහෙත් නොනැවතුණු යුද්ධ පමණක් දැකිය හැකිය. යුද්ධ විස්තර කිරීම සාමාන්‍ය මූලධර්මයක් වුවද යුද්ධය පමණක් නොව සාමය පිළිබඳව ද විස්තර කර ඇත. එසේ විස්තර කළ යුත්තේ සාමකාමී අවස්ථා ද යුධ ඉතිහාසයේ සඳහන්ව තිබෙන නිසාවෙනි. II වන ලෝක යුධ සමය ඊට කදිම නිදසුනයි.

යුද්ධයක් පටිපාටි ගත කිරීමකට වඩා යුද්ධයක් භාරගැනීමෙන් යුද්ධයකට කරන පෙළඹවීම අතිමහත්ය. යුද්ධයක නිරතවීමට රටක නායකත්වයෙන් , හමුදා බලකායන්ගෙන් සහ රටවැසියන්ගෙන් මනා සහයෝගයක් තිබීම අනිවාර්යය වේ. නිදසුනක් ලෙස රෝමයේ සිදු වූ III වන Punic යුධ ගැටුමේදී සොල්දාදුවන් තම සතුරා නැවත නැගී සිටීම වළක්වාලන අරමුණ පෙරදැරි කොට ගෙන දැඩි අභිප්‍රේරණයකින් සටන් වැදුණහ. සටන් තම දිවිය හා සම්බන්ධ කරගෙන යුධ වදින සියල්ලන්ම ජයග්‍රහණයකට මග පාදා ගනී. “ඩාරියන්ඩෝර්මර්” ගේ “Why Nations Go to War” [රටක් යුද්ධයකට පෙළඹෙන්නේ ඇයි?] නම් කෘතියට අනුව යුධ වදින පාර්ශව දෙකම යුද්ධය වෙනුවෙන් විශාල කැපවීමක් කළ යුතු වේ. තවද, යුධ කටයුතුවලින් පසුව ලැබෙන ප්‍රතිලාභ [තුවාල කරුවන්, වියදම්] ආදිය පිළිබඳව සර්ව ශුභවාදී ලෙස නිරීක්ෂණය කළ යුතු බවත්, සතුරු චේතනාවන් පිළිබඳව ද අවබෝධයෙන් සිටිය යුතු බවත් කර්තෘවරයා වැඩිදුරටත් පවසයි.


යුද්ධයේ මානසික නියමයන්[සංස්කරණය]

මනෝ විද්‍යාඥයන් වන ඊ.එෆ්.එම්. ඩර්බන් සහ ජෝන් බොව්ල්බි මිනිසුන් උපතින්ම රෞද්‍ර බවට තර්ක ඉදිරිපත් කළේය.මේ රෞද්‍ර බව සාමාන්‍ය සමාජය යටපත් කළහ.මේ හේතුන් නිසා යුද්ධයකදී ඇතිවන ප්‍රතිඵල යන්ට සමාජයට මුහුණ දීමට සිදු විය. යුද්ධය නිසා මිනිසුන් තුළ පවතින දුක් ගැනවිලි ,එක් එක් ජනවර්ග අතර,ජාතීන් අතර සහ එක් එක් ධර්මයන් අතර පවතින වෛරය සහ අගතිගාමි අදහස් වලට පෙරලිණි.මේ නියමයන් යුද්ධය ඇතිවන්නේ ඇයි යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට ඉවහල්විය. මේ නියමයන් යුද්ධ රහිත මිනිසුන්ගෙන් සැදී සංස්කෘතියක් ඇති බව ප්‍රකාශ නොකරන ලදී. මිනිසුන්ගේ මනෝභාවය නොවෙනස්ව පවතින නිසා සහ එක් එක් අය තුළ පවත්නා වෙනස්කම් නිශ්චිත නොවන නිසාත් මෙලෙස ප්‍රකාශ කරන ලදී. මෙම ප්‍රශ්නයට අදාළව පිළිතුරක් ෆ්‍රාන්ස් ඇලෙක්සැන්ඩර් ප්‍රකාශ කර සිටිනවා.එය නම් යුද්ධ නොමැති කාලයක් නොමැති බවයි.සාමය ඇති කාලයක් ද නොමැති බවයි. සාමයක් ඇතැයි සිතෙන කාලය තුළ සිදුවන්නේ තවත් විශාල යුද්ධයකට සූදානම් වීමයි. එසේත් නැතිනම් මෙම කාලය ඇතීවී තිබෙන්නේ යුද්ධය විශාල බලයක් මඟින් නවතා තැබීමෙනි. උදාහරණයක් ලෙස පැක්ස් බ්‍රිටැනිකා දැක්විය හැකිය.

මනෝ විද්‍යාත්මක නියමයන්ට අනුව යුද්ධය යනු මිනිස් ස්වභාවය තුළ සහජයෙන්ම හටගන්නා වූ දෙයකි.මේ නිසා මෙය මඟ හැර යාමට අපහසුය. මනෝ විශ්ලේෂකයින්ගේ මතයට අනුව මිනිසුන් තුළ යුද්ධ මානසික තත්වයක් තිබුණත් එය සැබෑ යුද්ධයක් බවට පත් වන්නේ මානසික වශයෙන් අසමතුලිත පුද්ගලයෙක් ජාතියක් පාලනයට යොමු වු විටය.මෙයින් කියවෙන්නේ නැපෝලියන්,හිට්ලර් සහ ස්ටාර්ලින් වැනි අය අසාමාන්‍ය මානසික තත්ත්වයක් තිබූ අය බවය.නමුත් මෙම නියමය මඟින් සාමන්‍ය නිදහස් සහ හොඳ සිහිය ඇති මිනිසුන්,ඉතාම දරුණු ලෙස යුධ වැදුණු අවස්ථා පැහැදිළි නොකරයි.

ගැරී මෙල්චර්ස්, යුද්ධය පිළිඹිබු කරන බිතු සිතුවම, 1896.

යුද්ධයට අදාළ මනෝ විද්‍යාව සම්බන්ධව වෙනස් මතයන් කිහිපයක් පවතී. මෙම නියමයන් පරිණාම වාදී නියමයන් ලෙස හැඳින්විය හැකිය.මෙයින් කියවෙන්නේ සතුන් තුළ පවත්නා සමහර අංග මිනිසුන් යුද්ධ මානසිකත්වය දක්වා පරිණාමය කරන බවයි යන්නයි. සතුන් අතර පවතින භූමිත්වය සහ තරඟකාරී බව යුද්ධයක් දක්වා පරිණාමය වී ඇති බව මෙයින් කියවේ. කෙසේ නමුත් යුද්ධය සඳහා ස්වභාවික හේතූන් බලපෑවත්,තාක්ෂණික දියුණුව නිසා ඉතා විනාශකාරී ලෙස ජීවීන් විනාශ වීම සිදුවේ. මිනිසුන් සහ චිම්පන්සීන් අතර සම්බන්ධතාවයක් තිබුණත් මිනිසුන්ට චිම්පන්සීන්ට වඩා බලගතු හැගීම් ඇත. ඉහත නියමයන් විවේචනය කළ අය අතර ජොන් කෙනඩි සිටි අතර ඔහුගේ මතය වුයේ මිනිසුන් අතර ඇතිවන යුද්ධ ,සතුන් අතර භූමිය සම්බන්ධව ඇතිවන සටන් වලට වඩා වෙනස් බවය.යුද්ධය ගැන අදහස් පළකල ඇෂ්ලි මොන්සාටෙගු පවසා ඇත්තේ ඔහු ආශයික මතභේදයන් ප්‍රතික්ෂේප කරන බවයි. සාමාජීය සාධක සහ ළමා අවධිය සමාජමය කිරීම යුද්ධය ඇතිවීම පිළිබඳව බලපාන වැදගත් සාධකය වේ. මිනිස් චණ්ඩභාවය විශ්වීයව ඇතිවන්නක් නිසා යුද්ධ යන්න ඉතිහාසයට පමණක් සීමා නොවේ.මෙය එක් එක් මිනිස් සමාජයන් අතර එක් වී තිබෙන්නකි.

ඉතාලියානු මනෝ විශ්ලේෂක ෆ්‍රැන්ස්කෝ ෆොමාරි හා මෙලනි ක්ලීන්ගේ අනුගාමිකයෙක්, පවසා ඇත්තේ යුද්ධය යනු මානසික විකෘති භාවයන් හෝ ප්‍රක්ෂේ පිව විස්තාරණය වු ශෝකාන්තයක් බවයි.අපගේ ජාතිය හා රට අචේතනිකව අපගේ හැගීම් සඳහා මාතෘත්වයක් ලබා දෙයි. මෙයින් හැඟෙන දේ ලෙස ඉදිරිපත් වන යෙදුම වන්නේ මව් රට යන්නයි. ෆොමාරි තවදුරටත් පවසා ඇති ආකාරයට යුද්ධ සහ ගැටුම් හට ගන්නේ ආදරයේ අවශ්‍යතාවය නිසාය. තවදුරටත් සඳහන් කර ඇති පරිදි අපගේ සිත් තුළ පවතින හා අප බැදී පවතින උතුම් වස්තුව රැකගැනීම සහ ආරක්ෂා කරගැනීම සඳහායි.එනම් අපගේ මුල් මව සහ එයට අප තුළ ඇති බැඳිමයි.වැඩිහිටියන් සඳහාය. ජාතීන් සදහාය යනු යුද්ධය බිහිකරන උතුම් වස්තූන් වේ.ෆොමාරි පවසා ඇති පරිදි දිවිපිදීම යනු තම දේශය උදෙසා මියයෑමට ඇති කැමැත්තයි.ඔවුන්ගේ සිරුරු ඔවුන්ගේ ජාතීයට ලබාදීමයි.ෆොමාරි යුද්ධය පිළෛබඳව අදහස් දක්වා ඇත්තේ එය මරණයකින් පසු මිනිසුන්ගේ තත්ත්වය විශිෂ්ට ලෙස තහවුරු කරන සාධකයක් යනුවෙනි බවයි. අපිට විශ්වාසයි අපි මියයන හේතුව සත්‍යයි කියා, ඒ මන්ද යත් මරණය ආදේශන ක්‍රියාවලියක් වන නිසාය.


යුද්ධයට ඇති සදාචාරය[සංස්කරණය]

"යුද්ධයක සාදචාරය" යන්න විශාල ආන්දෝලනයක් ඇතිකළ කරුණකි. අතීතයේ බොහෝ ජාතින් යුධ වැදීම් උතුම් ලෙස සැලකුවේය. කාලයක් සමග එහි ඇති සදාචාර සම්පන්න බව සලකන්නට වු අතර වර්තමානයේ යුද්ධය සදාචාරාත්මක වශයෙන් ගැටලුවක් ලෙස සලකයි. එනමුත් බාහෝමයක් යුධ වැදිම හෝ අඩු වශයෙන් යුද්ධයට සුදානම්ම වීම රටේ ආරක්ෂාවට අවශ්‍ය ලෙස සලකයි. පැසිස්ට් වාදින් යුද්ධයට පිටු දකින අතර කිසිම යුද්ධයක් නොපැවතිය යුතු බව කියයි.

යුද්ධය හා සම්බන්ධ සෘණාත්මක අදහස් පුළුල් වශයෙන් වාර්තාමානයේද සාකච්ඡා නොවේ. Heinrch Von Treitschke ට අනුව යුධ වැදීම යනු මනුෂ්‍යත්වයේ ගෞරවනීයට හා උත්සහවන්ත ක්‍රියාව වන අතර, කෞෂල්‍ය අනෙක් හැම උත්සහයකට ම වඩා වැදගත් වේ. Friedrich Nietxsche යුද්ධය ubermersh සංකල්පය අනුව වීරත්වය ප්‍රදර්ශනයට අවස්ථාවක Ubermensh සංකල්පය වන්නේ යුද්ධය මිනිසුන්ගේ පරමාර්ථ පිළිබඳ සංකල්පයකි. Georg wilhere Frietrich Hgel සමාජයේ දියුණුවට ඓතිහාසික යුද්ධ අවශ්‍ය බව ප්‍රකාශ කරයි. පලමු ලෝක යුද්ධ සමයේ Thorms Menn ලේඛකයා "සාමය යනු ජනතාවගේ දුෂණයන් හා යුද්ධ නැතිකිරීම නිදහස් සමාජයක් ගැන විශාල බලාපොරොත්තුවක් නෝවේද? " යනුවෙන් ප්‍රශ්න කළේය. මෙම අදහස් රෝමානු යුගයේ පටන්ම ජනතව අතර පවත්වා අදහසකි.

ජාත්‍යන්තර නීතියේ යුද්ධය සම්බන්ධ නීති දෙකක් සලකා ඇත.

1.ආරක්ෂාව පතා කරන යුද්ධ යම් දේශයක් ආක්‍රමණිකයෙකුගේ ප්‍රහාරයට ලක්වන විට එම දේශයට තම දේශයේ ආරක්ෂාව පතා ප්‍රතිහාර එල්ල කිරීම නිත්‍යානුකූල වේ. එක්සත් ජාතීන් ආරක්ෂක මණ්ඩලයේ යුධ අනුමැතිය

2.එක්සත් ජාතීන් එක් රටකට විරුද්ධ සටන් වැදීම (සාමය පෙරදැරි කොට)

ජාත්‍යන්තර නීතියේ උපකුලක වන මානව අයිතින් පිළිබඳ නීති හා යුධනීති, යුද්ධයන්ට බලපාන අනෙකුත් නීති වේ. එලෙසට ජිනිවා සමුළුවේ නියමුවු යුධ උපකරණ වර්ග, යුධ සිරකරුවන් සැලකීම යන නීති වලංගු වේ. මෙම නිති උල්ලංඝනය යුධ අපාරාධ නම් වන අතර, දෙවන ලෝක යුද්ධයේ Nurembers triel නඩු විභාගයන් පටන් මෙවැනි අපරාධ වලට උසාවි පද්ධති රැසක් ඉදිරිපක් කර ඇත.

"http://si.wikipedia.org/w/index.php?title=යුද්ධ&oldid=290547" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි