මොහොමඩ් නබි

විකිපීඩියා වෙතින්
මොහොමඩ් නබි

මොහොමඩ් නබි අයිසාකිල් (Pashto: محمد نبي عیسی خېل) යනු වත්මන් වි20 ජාත්‍යන්තර කණ්ඩායමේ නායකයා වන ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. නබි දකුණත් පිතිකරුවෙකු සහ පිට දග පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කරන ප්‍රහාරාත්මක පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. 2009 අප්‍රේල් මාසයේදී ඔවුන්ගේ පළමු එක්දින ජාත්‍යන්තර තරගය සහ 2018 ජුනි මාසයේදී ඔවුන්ගේ පළමු ටෙස්ට් තරගය යන දෙකටම ක්‍රීඩා කරමින්, ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම තලයට නැඟීමට ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. 2014 ආසියානු කුසලානයේ පළමු තරගවලදී හා 2015 ක්‍රිකට් ලෝක කුසලානය ඔහු නායකත්වය දැරීය. නබි විස්සයි20 ෆ්‍රැන්චයිස් තරඟාවලි රාශියකට ද ක්‍රීඩා කර ඇති අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී ඇෆ්ගනිස්ථානයෙන් තේරී පත් වූ පළමු ක්‍රීඩකයා ද විය.

"https://si.wikipedia.org/w/index.php?title=මොහොමඩ්_නබි&oldid=513344" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි