මුල් මධ්‍යතන යුග‍

විකිපීඩියා වෙතින්

මුල් මධ්‍යතන යුග යන්නෙන් නිටුහන් වන්නේ පොයු 6වන සියවසෙහි සිට 10 වන සියවස දක්වා පැවති යුරෝපියානු ඉතිහාසයෙහි මධ්‍යතන යුගයන්හී ඇරඹුම වෙයි. බටහිර රෝමානු අධිරාජ්‍යයේ පරිහානියෙන් ඉක්බිතිව මුල් මධ්‍යතන යුගයන් ඇතිවූ අතර ඉන් පසුව උච්ච මධ්‍යතන යුග (10වන සිට 13වන සියවස් පමණ දක්වා) පහළ විය. මුල් මධ්‍යතන යුගයන් බෙහෙවින් අපර සම්භාව්‍ය යුගය සමගින් සමපාත වෙයි. "අපර සම්භාව්‍ය" යන පදය භාවිතා කෙරෙනුයේ රෝමානු අධිරාජ්‍යය සමයෙන් පසු දිගටම පවතින දේවල් විස්තර කිරීමට වන අතර, "මුල් මධ්‍යතන යුග" යන්න භාවිතා වන්නේ පසුව ඇතිවූ මධ්‍යතන යුගයේදී ඇතිවූ විකාශයන් පිළිබඳ හුවා දැක්වීමටය.

"https://si.wikipedia.org/w/index.php?title=මුල්_මධ්‍යතන_යුග‍&oldid=394471" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි