මුල් කාලීන රූපවාහිනී ස්ථාන

විකිපීඩියා වෙතින්

මෙම 1920 හා 1930 කාලයේ වූ මුල් කාලීන රූපවාහිනී ස්ථාන ලැයිස්තුව ලෝකයේ ප්‍රථම ඒවා අතර වේ. මෙම බොහෝමයක් පර්යේෂණාත්මක ස්ථාන පිහිටා තිබුණේ යුරෝපයේ (එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, නෙදර්ලන්තය හා රුසියාව) හා එක්සත් ජනපදයේය. සමහරක් නූතන විකාශනකරුවන් ඔවුන්ගේ සම්භවය මෙම මුල් කාලීන සේවා ස්ථානවලට ඈඳා ගනී.

1941 ජූලි මසට පෙර එක්සත් ජනපදයේ වූ සියලු රූපවාහිනී බලපත්‍ර කාර්යාලීය වශයෙන් පර්යේෂණාත්මක ඒවා වූ බව සැලකිල්ලට ගත යුතුය. එය එසේ වූයේ ඒ කාලය වන විට NTSC රූපවාහිනී සම්මතය තවදුරටත් වර්ධනය වීමට තිබූ නිසාය. තවද සමහරක් ඇමරිකානු රූපවාහිනී විකාශනකරුවන් 1947 වැනි කාලයක් තෙක්ම ඔවුන්ගේ පර්යේෂණාත්මක බලපත්‍රය යටතේ ක්‍රියාත්මක වීමට අඛණ්ඩව සිදු කරන ලදී. එසේ නමුත් එම කාලය වන විට ඔවුන් විසින් ඔවුන්ගේ වාණිජමය සහෝදරයන් මෙන්ම එකම තාක්ෂණික සම්මත භාවිතා කරන ලදී.