මැඩෝනා (ගායිකාව)
| මැඩෝනා | |
|---|---|
| [[File:thumb|frameless|alt=Upper body of a middle-aged blond woman. Her hair is parted in the middle and falls in waves to her shoulder. She is wearing a loose dress with black and brown prints on it. A locket is hung around her neck, coming up to her breasts. She is looking to the right and is smiling.|Madonna at the premiere of I Am Because We Are in 2008]] Madonna at the premiere of I Am Because We Are in 2008 |
|
| Background information | |
| මුල් නම | Madonna Louise Ciccone |
| Also known as | Madonna Ciccone, Madonna Louise Veronica Ciccone (confirmation name), Esther (Kabbalah name) |
| උපත | අගෝස්තු 16, 1958 Bay City, Michigan, United States |
| Genres | Pop, rock, dance |
| Occupations | Singer-songwriter, record producer, dancer, actress, film producer, film director, fashion designer, author, entrepreneur |
| Instruments | Vocals, guitar, percussion, drums |
| Years active | 1979–present |
| Labels | Sire, Maverick, Warner Bros, Live Nation Artists |
| Associated acts | Breakfast Club, Emmy |
| වෙබ් අඩවිය |
100px Madonna's signature |
අයි ඈම් බිකෝස් වී ආර් මුහුරත් උළෙලට පැමිණි මැඩෝනා
මූලික තොරතුරු
උපන් නම මැඩෝනා ලූයිස් සිකොන්
වෙනත් නම් මැඩෝනා ලූයිස් වෙරෝනිකා සිකොන් රිචි මැඩෝනා උපත 1958 අගෝස්තු 16 බේ සිටි මිචිගන් එක්සත් ජනපදය
ප‍්‍රභවය නිව් යෝර්ක් නගරය එක්සත් ජනපදය
ශෛලීන් පොප්, ඩාන්ස්, ඉලෙක්ට්‍රොනිකා
රැකියා ගායිකා, ගීත රචිකා, සංගීතවේදී, සංගීත නිශ්පාදිකා, චිත‍්‍රපට නිශ්පාදිකා, චිත‍්‍රපට අධ්‍යක්ෂිකා, මෝස්තර නිර්මාණ ශිල්පිණී, නැටුම් ශිල්පිණී, ලේඛිකා, නිලි
වාද්‍ය භාණ්ඩ කටහඩ, ගිටාර්, ඩ‍්‍රම්ස්
ක‍්‍රියාකාරී වර්ෂ 1982 සිට අද දක්වා
සමාගම් ලයිව් නේෂන් ආර්ටිස්ට්ස් (2008)
වෝනර් බ‍්‍රදර්ස් (1982-2008)
මේව්රික් (1992-2004)
සයර් (1982-1994)
වෙබ් අඩවිය www.madonna.com
කලා ලෝකය තුල මැඩෝනා නමින් ප‍්‍රසිද්ධ මැඩෝනා ලූයිස් සිකෝන් රිචී (උපත 1958 අගෝසතු 16) ගායන, ගීත රචන, නර්තන, සංගීත අධ්‍යක්ෂන හා සංගීත නිශ්පාදන අංශ වල අමෙරිකානු ග‍්‍රැමි සම්මාන ලාභිනියක වන අතර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ලාභි නිලියක වේ. එදා මෙදා තුර විශිෂ්ටතම පොප් ගායිකාවක ලෙස සැලකෙන ඇය ජනමාධ්‍ය මගින් පොප් රැජින ලෙස හුවා දක්වයි. සිය තුරුණු වියේදී බැලේ රංගන ශිල්පිණයක වීමට පෙරුම් පිරූ මැඩෝනා නර්තන නිර්මාපක ඇල්වින් ඇයිලේ වෙතින් ඒ සඳහා පුහුණුව ලැබ ගත්තා ය. ඉන්පසු විනෝදාස්වාද ක්‍ෂේත‍්‍රයේ ඇගේ පළමු ඉදිරිපත් කිරීම පෝල් හර්නැන්ඩෙස් ගේ නර්තන කණ්ඩායමෙන් ඉදිරිපත් කළා ය. ඇය ඩැන් ගිල්රෝයි සමග එක්ව බ්‍රෙක්ෆර්ස්ට් ක්ලබ් නමින් පොප් යුගලක් සංයෝජනය කළා ය. මුලින්ම කණ්ඩායමේ ඩ‍්‍රම්ස් වාද්‍ය ශිල්පිණිය ලෙස කටයුතු කළ ද ඇය ඉන් ඉවත් වන තුරුම එහි ප‍්‍රධාන ගායිකාව ලෙස ද කටයුතු කළා ය. ඉන්පසු ඇය ඩ‍්‍රම්ස් වාදක ස්ටීවන් බ්‍රේ සමග එක්ව ඇගේ දෙවන සංගීත කණ්ඩායම වූ එමී ට එක්විය. පසුව දෙදෙනාම මැඩෝනාගේ ඒක පුද්ගල කලා ජීවිතය අරමුණු කරගෙන කණ්ඩායමෙන් ඉවත් වූහ.
ඇගේ නමින් ම 1983 දී නිකුත් වූ ඇල්බමයෙන් ආරම්භ වූ ඇගේ ඒක පුද්ගල සංගීත දිවිය බිල්බෝර්ඞ් 200 හි පළමු ස්ථානයට පත්වූ ඇල්බම තුනක් පිට පිට බිහිකිරීමත් සමග තාරකා තත්වයට බවට පත්විය. එම ඇල්බම නම් 1984 දී නිකුත් වූ ලයික් අ වර්ජින්, 1986 දී නිකුත් වූ ටෲ බ්ලූ හා 1989 දී නිකුත් වූ ලයික් අ පේ‍්‍රයර් වේ. ඉන්පසු නිකුත් වූ ඇගේ ඇල්බම දෙක වන එරොටිකා (1992) හා බෙඞ් ටයිම් ස්ටෝරිස් (1994) සම්බන්ධයෙන් තරමක් දුර්වල විචාරක හා වානිජ අවධානය ලැබුන ද ඇගේ හත්වන ඇල්බමය වන රේ ඔෆ් ලයිට් මගින් ඇය විචාරක අවධානය දිනා ගත්තාය. ඉන්පසුව තවත් පළමු ස්ථාන දිනූ ඇල්බම තුනක් සමග ඇය පොප් සංගීතයේ ඉදිරියෙන් ම තවදුරටත් රැඳී සිටින්නට සමත් විය. එම ඇල්බම නම් මියුසික් (2000) ඇමෙරිකන් ලයිෆ් (2003) හා කොන්ෆෙෂන්ස් ඔන් අ ඩාන්ස් ෆ්ලෝර් (2005) වේ.
අමෙරිකානු සංගීත කර්මාන්ත සංවිධානය විසින් මැඩෝනා විසිවන සියවසේ වැඩිම අලෙවියක් ලද රොක් කලාකාරිණිය ලෙස නම් කර තිබේ. එසේම ඇය අමෙරිකාවේ වැඩිම අලෙවියක් ලද ගායිකාවන් අතුරින් බාබරා ස්ටේරයිසෑන්ඞ් ට පමණක් දෙවැනි වී ඇත්තේ ඇල්බම මිලියන 63 ක අලෙවියක් සමග ය. ගිනස් වාර්තා පොතට අනුව ඇය ලොව සාර්ථක ම සංගීතවේදිනිය වන අතර ලොව පුරා මිලියන 200 කට අධික ඇල්බම අලෙවි වී ඇති ඇගේ සමස්ත වටිනාකම ඩොලර් මිලියන 400 ඉක්මවයි. බිල්බෝර්ඞ් වාර්තා දක්වන පරිදි ඇගේ 2006 කොන්ෆෙෂන්ස් ලෝක සංචාරය කලාකාරිණියක විසින් රැස් කළ වැඩිම ආදායම සහිත ලෝක සවාරිය යි. 2008 මාර්තු 10 දින ඇය රොක් ඇන්ඞ් රෝල් ඓතිහාසික චරිත අතරට එක් කරනු ලැබුවා ය.
මැඩෝනා සිය රංගන ජීවිතය ආරම්භ කළේ 1979 අඩු වියදම් චිත‍්‍රපටයක් වූ අ සර්ටන් සැක්රිෆයිස් සමගය. 1985 බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ඩෙස්පරේට්ලි සීක්න් සුසෑන් චිත‍්‍රපටයේ ඇගේ පළමු ප‍්‍රධාන චරිතය නිරූපණය කිරීමත් සමග ඇය තාරකාවක් බවට පත් වූවා ය. ඉන්පසු ඇය සාපේක්ෂව අසාර්ථක වූ චිත‍්‍රපට වන ෂැන්ග්හයි එක්ස්ප‍්‍රස් (1986) බොඩි ඔෆ් එවිඩන්ස් (1993) ද නෙක්ස් බෙස්ට් තින්ග් (2000) හා ස්වෙප්ට් අවේ (2002) හි පෙනී සිටියා ය. මීට අමතරව ඇය බොහෝ කෙටි පෙනීසිටීම් වලට ඉදිරිපත් වී තිබේ. එසේ ම ඇය බොක්ස් ඔෆීස් වාර්තා තැබූ චිත‍්‍රපට වන ඩික් ටේ‍්‍රසි (1990) අ ලීග් ඔෆ් දෙයාර් ඔව්න් (1992) හා එවිටා (1996) හා රඟපෑවාය. එවිටා යනු එම නමින් ම වූ සංගීතමය නාට්‍ය පදනම් කරගත් චිත‍්‍රපටයක් වූ අතර එමගින් ඇය සංගීතමය හෝ හාස්‍යමය චිත‍්‍රපටයක හොඳම නිලියට හිමි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය හිමිකර ගත්තා ය.