මානව අයිතිවාසිකම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Home1.gif

රටක නීතියෙන් සහ අන්තර්ජාතික නීතිය මගින් නෛතික අයිතිවාසිනම් ලෙස නිරතුරුව පිලිගැනෙන සදාචාරත්මක ප්‍රතිපත්තීන් මානව හිමිකම් හෙවත් මානව අයිතිවාසිකම් නම්වේ.

මිනිසාට මිනිසෙකු ලෙස ජිවත්වීමට ඇති අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් ලෙස සරළව හදුන්වාදිය හැකිය. කෙසේවෙතත් මේ ආකරයට මානව අයිතිවාසිකම් යනු කුමක්ද යන්න හදුන්වා දුන්නද එය නිශ්ච්ත නිර්වචනයකින් ඉදිරිපත්කල නොහැකිය. එහිදී විවිධ චින්තකයින් මානව අයිතිවාසිකම් පිළිබද විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇත. මානව අයිතිවාසිකම් යන්න සරළ ලෙස ස්භාවික පියවි ජිවිතයක් ගතකිරීම සදහා මනුෂයකුට අත්‍යවශ්‍ය මුලික අයිතිවාසිකම් ලෙස අර්ථ දැක්විය හැකිය.(ශ්‍රි ලංකා නිතිය හා මානව අයිතිවාසිකම්-නීතිඥ චාරුක සමරසේකර) මානව හිමිකම් යනු මිනිසුන් වීම නිසා ලැබෙන්නා වු අයිතින් වන අතර ඒවා සිවිල් දේශපාලන සංස්කෘතික හා ආර්ථික අයිතින් වන අතර මේවා මනුෂයාගේ ගෞරවය මත රදාපවතී.(විශ්ව කෝෂය- කොළොම්බියානු සරසවිය) මානව අයිතිවාසිකම් යනු යුතුකම්ය.(මහත්මා ගාන්දි) යනුවෙන් තම අදහස් දක්වා ඇත. කෙසේවෙතත් අතීතයේ දී ලොව සැම මිනිසෙකුටම මේම අයිතිවාසිකම් එක හා සමානව හිමිනොවීය. ඒ තුළ ඇති හැකි සුළු පිරිසක් පමණක් අයිතිවාසිකම් භුක්තිවිදිමක් විය. ඇත්තටම එය අයිතිවාසිකම් වලට වඩා වර්ප්ප්‍රසාද නමින් හැදින්විණි. කෙසේවෙතත් නුතන රාජ්‍ය සංකල්පය බිහි විමත් සමග මිනිස් අයිතිවාසිකම් ගැන කතාකිරීමට ලක්විය. එනම් ඒ තුළ සෑම මිනිසෙකුටම සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු බව තීරණය විය. ඒ තුළ මුල් කාලීන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් මුලික කරගත් අයිතිවාසිකම් ඇතුලත් මිනිසාගේ ජීවත්වීමේ අයිතිය ඇතුලත් අයිතීන් ස්වල්පයක් පිළිගැනීමට විය. කෙසේවෙතත් පසු කාලීනව පොදු මනුෂභාවය සංකල්පය බිහිවිමත් සමඟ මානව අයිතිවාසිකම් යන්න ඉතා පුළුල් ලෙස විග්‍රහයට ලක්විය. එනම් එහිදී මිනිසාගේ ආර්ථික,දේශපාලන,සමාජ,සිවිල් සහ සංස්කෘතික අයිතින් සියල්ල මානව අයිතිවාසිකම් ලෙස විග්‍රහයට ලක්විය.

සමාජයේ ජිවත්වන මිනිසාට මිනිසෙකු ලෙස නැගිසිටිමේ ප්‍රථිඵලයක් වශයෙක් වශයෙන් අයිතිවාසිකම් හිමිවිය. අතිතයේ මිනිසා නොයෙක් දුක්ගැහැට විදිමින් තමන්ට හිමි නිසිතැන අහිමිවෙමින් අපමණ දුක්ගැහැට වලට ගොදුරුවෙමින්ජිවත් විය.මෙවන් පදනමක් තුළ ලෝක ප්‍රජාව විසින් අයිතිවාසිනකම් සංකල්පය නිර්වචනය කරමින් මිනිසාට මිනිසකුලෙස නැගීසිටිමට අවස්ථාව උදාවිය. මේතත්වය තුළ මුල්කාලිනව වරප්ප්‍රසාද ලෙස පැවත පසුකාලයේදී ක්‍රමයෙන් වර්ධනය වීමත් සමඟ මානව අයිතිවාසිකම් බිහි විය. මෙවන් තත්වයක් තුළ මුළුලෝකය පුරාම මානව අයිතිවාසිකම් ව්‍යප්ත විය.



මානව අයිතිවාසිකම් 1945 ට පෙර හා පසු[සංස්කරණය]

මානව අයිතිවාසිකම් 1945 ට පෙර හා පසු

1945 න් පසු මානව අයතිවාසිකම් වල වර්ධනය[සංස්කරණය]

Fighting for human rights.jpg


ලෝක ජනතාව මානව අයිතිවාසිකම් නිසිලෙස භුක්ති විදිමක් සිදු වුයේ වර්ෂ 1945 න් පසුව ය. දෙවන ලෝක යුද්ධයෙන් පසු සාමය ඇති කරගැනීම සදහා මානව අයිතිවාසිකම් කොන්දේසියක් මත පිහිටා පිළිගනු ලැබිය. මෙහි ප්‍රථිඵලයක් ලෙස 1945 ඹක්තෝබර් මාසයේ එක්සත් ජාතීගේ සංවිදානය බිහිවිය. මේ තුළින් ලෝකයේ සිටින සියලුම ජනයාගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා ජාතීන්ගේ කැපවීමක තහවුරුවීමක් දක්නට හැකිය. මානව අයිතිවාසිකම් බිහිවීම මේ ආකාර උවද දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව වඩා වේගයෙන් සංවර්ධනය වීම සදහා බලපෑකරුණු දෙකක් විය.

1.ඒ වන විටත් ඇතැම් ජාතික රාජ්‍යයන් විසින් තමන්ගේ නිදහස හෝ මුලික අයිතිවාසිකම් නිදහස ලෙස පිළිගත් එම සිද්ධාන්තය එම රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතතුලත් කිරීම

2.මානුෂික අයිතිවාසිකම් නීතිය ප්‍රවර්ධනයට ජාත්‍යන්තර සංවිධාන හා කලාපීය සංවිධාන වශයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැක්වු උන්දුව.

මෙහි ප්‍රථිඵලයක් වශවයෙන් ලොව සෑම රාජ්‍යයක්ම තම ජාතීන්ගේ උන්නතිය උදෙසා මෙම මානව අයිතිවාසිකම් සුරක්ෂිතව පවත්වා ගැනීමට උන්දු වුහ. මෙය සරළ නිදර්ශනයකටගෙන බලන විට පෙන්වාදිය හැක්කේ එදා 1945දී ජාතීන් 51ක් අතර ඇති කරගනු ලබන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙනි. 2006 වසර වන විට රාජ්‍යයන් 192 ක් සාමාජික්ත්වය දරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ව්‍යවස්ථාව වී ඇත්තේ මේ ප්‍රඥප්තිය වන බැවින් ජාත්‍යන්තර නීතියක් වශයෙන් මානුෂික අයිතිවාසාකම් සංවර්ධනය කිරිම සම්බන්ධයෙන් වන ප්‍රාරම්භක ලේඛනයක් වශයෙන් මෙය පෙන්වාදීමට හැකිය. කෙසේ වෙතත් එහි එක් පරමාර්ථයක් ලෙස මානව අයිතිවාසිකම් නංවාලීම හා සුරැකීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ සදහන් කරන ලදමුත් මානව අයිතින් යන පදය යටතේ කවර නිශ්චිත අයිතින් ඇතුලත් කරන ලද දැයි විස්තර කිරිමක් එහි නොවීය. මානව අයිතින් පිළිබද නිතිය යටතේ වන යුතුකම් සවිස්තරව නිශ්චය කරමින් අනාගතයේදී සම්මුතීන් සම්මත කරනු ඇතැයි ප්‍රඥප්තිය කෙටුම්පත් කල උදවිය සිතූහ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමෙන් අනතුරුව එම සංවිධානය විසින් වහාම අලු‍තෙන් පිහිටුවන ලද මානව අයිතින් කොමිෂන් සභාව මානව අයිතිවාසිකම් සවිස්තරව පෙළගස්වමින් මානව අයිතින් විශ්ව ප්‍රකාශනය කෙටුම්පත් කළාය. එහි පුර්විකාවට අණුව එම ප්‍රකාශනයේ අදහස් කරන ලද්දේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියේ සදහන් කරන ලද මානව අයිතීන් සහ නිදහස පිළිබද පොදු අවබෝධයක් සැපයීමය. 1948.12.10 දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අයිතින් පිළිබද විස‍්තීරණ ප්‍රකාශනයක් ප්‍රජාව විසින් සම්මත කල ප්‍රථම වතාව එය බැවිණි.මානව අයිතිවාසිකම් දිනය වන දෙසැම්බර්10 දින මෙම සිදුවීම් ලොව පුරා අනුස්මරණය කරයි. මානව අයිතින් විශ්ව ප්‍රකාශනය බැදීමෙන් යුත් නෛතික සම්මුතියක්නොවේ. රාජ්‍ය විසින් එය ස්ථිර කලයුතු නැත. ඒ අණුව එහි සදහන් වන්නේ සමජයේ සෑම පුද්ගලයකු හා සෑම සංවිධානයක්ම විසින් නිරතුරුවම මෙම ප්‍රකාශනය සිහියේ තබාගෙන ඉගැන්විම සහ අධ්‍යපනය මගින් මෙය අයිතීන්වලට සහ නිදහසට ගරුකරනු ලැබීමත් දේශීය වශයෙන් හා ජාත්‍යන්තරව ගන්නා ක්‍රමික පියවර මගින් සාමාජික රටවල මෙන්ම ඔවුන්ගේ අධිකරණ බලය සහිතව දේශයන්හි ජනතාව අතර විශ්විය වශයෙන් ඒවා ඵලදායිව පිළිගැනීම හා තහවුරු කිරිමක් අරමුණුකොට සියලු ජනතාව හා ජාතීන් විසින් සාක්ෂාත් කරගතයුතු පොදු ප්‍රමිතියකි. මේ ආකරයට මානව අයිතිවාසිකම් ජාත්‍යන්තර වශයෙන් ඉතා පුළුල්ව වර්ධනය වීම සදහා ඉතා සුවිශාල කර්යභරයක් සිදුකළ ආයතන කීපයක් විය.

1.එක්සත් ජාතීන්ගේ සංවිධානය

2.යුරෝපා මණ්ඩලය

3.අමරිකානු සංවිධානය

4.අප්‍රිකානු එකමුතු සංවිධානය

මේ ආකාරයට මානව අයිතිවාසිකම්වල වර්ධනය පිළිබද නොයෙකුත් පියවර මගින් හදුන්වාදුන්නද මේ සියල්ලටම හේතු වුයේ වඩාත් ක්‍රියාශීලී වැඩකරන පන්තියක වර්ධනය වීමත් ලෝක දේශපාලන බලවේග වර්ධනයත් සහ සමාජවාදී ව්‍යාපාරවල වර්ධනය නිසා බවයි.

පින්තුර ඒකතුව[සංස්කරණය]




මේ අඩවියත් බලන්න[සංස්කරණය]

මානව අයිතිවාසිකම් 1945 ට පෙර හා පසු

"http://si.wikipedia.org/w/index.php?title=මානව_අයිතිවාසිකම්&oldid=290540" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි