මහා රාවණා කොටුව

විකිපීඩියා වෙතින්

මහා රාවණා ප්‍රදීපාගාරය ✍️ නිල්වන් අහස්‌ කුසේ නැඟි පෙනකැටිවන් වළාපෙළත් මැදිකරගගනිමින් විසල් ප්‍රදීපාගාරය සාගරය පරයා නැඟී සිටින්නට වෙර දරනවා. ගොඩබිමේ සිට කිලෝමීටර් 13 ක්‌ පමණ දුරකින් පිහිටි මෙහි උස මීටර් 34 ක්‌. 1873 දී නිර්මාණය කර ඇති මෙය ඉංග්‍රීසීන්ගේ නිර්මාණයක්‌. මයිකල් පැරඩේගේ උපදෙස්‌ අනුව මෙය සැළසුම් කර ඇත්තේ සර් ජේම්ස්‌ නිකලස්‌ ඩග්ලස්‌ නම් සුදු ජාතිකයා. එය ගොඩ නගා ඇත්තේ විලියම් ඩග්ලස්‌ නම් ඔහුගේ සහෝදරයා. ගිනිකොණදිග මුහුදේ මෙය පිහිටුවා ඇත්තේ එකල ධීවරයන්ටත් වඩා නැව් ගමනා ගමනය සඳහා පහසුවෙන විදිහට. නොදියුණු කලෙක මෙවන් ප්‍රදීපාගාරයක්‌ මුහුද මැද ඉදිකිරීම කොයිතරම් අභියෝගයක්‌ද? ඒ විතරක්‌ නෙමේ මෙතැන පිහිටි ගල්පරය හේතුවෙන් අතීතයේදී නාවික අනතුරු රැසක්‌ සිදුවුණාලු. ඒ නිසා තමයි මෙතැන මෙවන් ප්‍රදීපාගාරයක්‌ ඉදිකර තියෙන්නේ.

"https://si.wikipedia.org/w/index.php?title=මහා_රාවණා_කොටුව&oldid=485037" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි