මහා පරිගණකය

විකිපීඩියා වෙතින්
හනීවෙල් - බුල් DPS 7 මේන්ෆ්‍රේම් , සර්කා (circa) 1990

මේන්ෆ්‍රේම් (සාමාන්‍ය ව්‍යවහාරයේ දී බිග් අයන් ලෙස හඳුන්වයි) යනු සංගණන , කර්මාන්ත හා පාරිභෝජක දත්ත, ERP හා මූලය ගණුදෙණු සැකසීම වැනි අති විශේෂ යෙදුම් සඳහා විශාල ආයතන විසින් යොදා ගන්නා පරිගණකයි. මෙම වදන ඇති වී තිබෙන්නේ මුල් කාලීන මේන්ෆ්‍රේම් වලිනි. මන්ද ඒවා අසුරා තිබුණේ කාමර ප්‍රමාණයේ ඇසුරුම්වල අන්තර්ගත වූ සුපිරි ගණයේ වාණිජ යන්ත්‍ර බල සම්පන්න බවින් අඩු ඒවා‍යින් වෙන් කර දැක්වීමට මෙම වදන භාවිතා විය. වර්තමාන භාවිතයේ දී මෙම වදන යෙදෙන්නේ 1965 දී මුලින්ම හඳුන්වා දුන් IBM සිස්ටම් 360 සමඟ ගැලපෙන පරිගණක හැඳින්වීමටය. (IBM සිස්ටම් z10 is IBM's හි නවතම නිපැයුමයි) වෙනත් ලෙසකින් සමාන ක්‍රියාකාරීත්වයෙන් යුත් නමුත් IBM සිස්ටම් 360 මත පදනම් නොවූ පද්ධති සේවාදායක (servers) ලෙස හඳුන්වනු ලැබේ. කෙසේ නමුත් මේන්ෆ්‍රේම් හා සේවා දායක යන දෙක පර්යාය තුල්‍යාර්ථක නොවේ. (සේවාදායක සත්කාරක බලන්න) පැරණි (ප්‍රී -වෙබ්) සේවාදායක තාක්ෂණය සමඟ ගැලපෙන හෝ එමඟින් ව්‍යුත්පන්න වූ සිස්ටම්/360 සමඟ නොගැලපෙන සමහරක් පද්ධති මේන්ෆ්‍රේම් ලෙස සැලකේ. මේ සඳහා බුරෝ(ග්)හ්ස් (Burroughs) විශාල පද්ධති, UNIVAC 1100/2200 ශ්‍රේණියේ පද්ධති හා පී-සිස්ටම්/360 IBM 700/7000 ශ්‍රේණිය ද ඇතුළත් වෙයි. බොහෝමයක් මහා පරිමාණ පරිගණක සැලසුම් නිර්මාණය වූයේ 1960 කාල වකවානුවේ දීය. බොහොමයක් විශාල පරිගණක පදනම් වූයේ එම සැලසුම් මතය. එය වෙනස් වූයේ 1990 කාලයේ වෙබ් සත්කාරකවල පැමිණීමත් සමඟය. (අවධානය දිනා ගන්නා දෙය නම් ස්විට්සර්ලන්තයෙන් පිට ධාවනය වූ ප්‍රථම වෙබ් සේවාදායකය ධාවනය වූයේ 1990 තරම් මුල් කාලයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මේන්ෆ්‍රේම් එකක් වීමයි. විස්තර සඳහා විශ්ව විසිරි වියමනේ ( World Wide Web) හි ඉතිහාසය බලන්න. 1970 හා 1980 කාලයේ මතු වූ මිනි පරිගණක මෙහෙයුම් පද්ධති හා සැලසුම් කිහිපයක් විය. නමුත් ඒවා මේන්ෆ්‍රේම් ලෙස නොසැලකේ. (UNIX බිහි වූයේ මිනි පරිගණක මෙහෙයුම් පද්ධතියක් ලෙසය. එය වසර කිහිපයක් තිස්සේ දියුණු වෙමින් මේන්ෆ්‍රේම් ගතිගුණ කිහිපයක් දැරීමට තරම් සුදුසු තත්වයකට පත්ව ඇත) 1960 දී අර්ථ දක්වන ලද මේන්ෆ්‍රේම් ගතිගුණ බොහොමයක් ප්‍රකාශයට පත් කරන ලදී. නමුත් එම ගති ගුණ බොහොමයක් පුළුල් වී වර්තමානයට විකසනය වී ඇත.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Mainframes

"https://si.wikipedia.org/w/index.php?title=මහා_පරිගණකය&oldid=623701" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි