මර්ලින්

විකිපීඩියා වෙතින්

(මෙම ලිපිය "මර්ලින්" 2008-2012 බ්‍රිතාන්‍ය රූපවාහිනී කතා මාලාව පිළිබඳ වේ.)

Merlin
ගොනුව:Merlin - Screen Capture.jpg
මෙලෙසද හැඳින්වේThe Adventures of Merlin[1]
ප්‍රභේදයFamily drama
Medieval fantasy
තැනුවේJulian Jones
Jake Michie
Johnny Capps
Julian Murphy
රඟපෑමColin Morgan
Bradley James
Angel Coulby
Katie McGrath
Richard Wilson
Anthony Head
John Hurt
Nathaniel Parker
තේමා සංගීත නිර්මාණකරුRob Lane
ඇරඹුම් තේමාව"Merlin's Arrival at Camelot"
අවසන් තේමාව"The Call of Destiny"
Composer(s)Rob Lane
Rohan Stevenson
සම්භව රටUnited Kingdom
භාෂාව(න්)English
No. of series5
කථාංග ගණන65 (කථාංග ලැයිස්තුව)
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)Julie Gardner
Bethan Jones[2]
ස්ථානය(න්)Wales
France
ධාවන කාලය45–50 minutes
නිෂ්පාදන සමාගමShine Television
බෙදාහරින්නාFremantleMedia
ප්‍රචාරණය
මුල් නාලිකාවBBC One
BBC One HD (Series 4 – Series 5)
රූප ආකෘතිය1080i (HDTV)
ශබ්ද ආකෘතියDolby Digital 5.1
මුල් ධාවනය20 සැප්තැම්බර් 2008 (2008-09-20) – 24 දෙසැම්බර් 2012 (2012-12-24)
කාලානුක්‍රමය
සබැඳි දර්ශනMerlin: Secrets and Magic
බාහිර සබැඳි
වෙබ් අඩවිය

මර්ලින් ( ම(ර්)ලින් ; ඉංග්‍රීසි : Merlin) යනු බ්‍රිතාන්‍ය ෆැන්ටසි හා වික්‍රමාන්විත ගණයේ රූපවාහිනී ටෙලිනාට්‍ය මාලාවකි. ජුලියන් ජෝන්ස්, ජේක් මිශී, ජුලියන් මර්ෆි සහ ජොනී කැප්ස් එහි නිර්මාපකයින් වේ. මෙම කතා මාලාව මුලින්ම BBC One (බී.බී.සී. වන්) නාලිකාවේ 2008 සැප්තැම්බර් 20 දින සිට 2012 දෙසැම්බර් 24 දක්වා විකාශය විය.
කොලින් මෝර්ගන් (මර්ලින්), බ්‍රැඩ්ලී ජේම්ස් (ආතර්), එන්ජෙල් කොල්බි (ග්වෙනවියර්), කැතී මැග්‍රාත් (මොගනා), ඇන්තනි හෙඩ් (යුතර් රජු) සහ රිචඩ් විල්සන් (ගයස්) මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වේ.

මර්ලින් රූපවාහිනී කතා මාලාව එංගලන්තයේ ආතර්ගේ පුරාවෘතය පාදක කරගෙන නිර්මාණය කර තිබේ. එය ආතර් පෙන්ඩ්‍රැගන්ට සේවය කරන මර්ලින් නමැති තරුණ ඉන්ද්‍රජාලිකයා වටා ගෙතී ඇත. එහෙත් මෙය පුරාවෘතයේ එන මුල් කතාවට වඩා වෙනස්කම් රැසක් පෙන්වයි. එමෙන්ම මෙය Smallville නමැති ඇමෙරිකානු රුපවාහිනී නාට්‍ය මාලාවටද සමානකමක් දක්වයි. 2006 වසරේදී මුලින්ම මර්ලින් කතා මාලාව නිර්මාණය කිරීමට සුදානම් වුවද එය 2008 දක්වා කල් ගියේය. පසුව ඇමෙරිකාවේ NBC නාලිකාවේද මුල් කොටස් විකාශය වූ අතර ඉතුරු කොටස් Syfy නාලිකාවේ විකාශය විය. මෙම කතාමාලාව ශ්‍රී ලංකාවේදී හිරු TV නාලිකාවේ, 2013 මාර්තු සිට ඔක්තෝබර් දක්වා පළමු වරට විකාශය විය.

කතාමාලා පෙරදැක්ම[සංස්කරණය]

මෙම කතාවෙන් කියවෙන්නේ කැම්ලොට් නුවර ආතර් කුමරු ආරක්ෂා කිරීමට තම මායා හැකියාවන් යොදාගන්නා මර්ලින් නමැති තරුණ සේවකයා ගැනය. කතාව ආරම්භයේදී තම මව සැලසුම් කර දී ඇති පරිදි කැම්ලොට් නුවර රාජකීය වෙදැදුරු ගයස් සමග නැවතීම සඳහා මර්ලින්, කැම්ලොට් නුවරට පැමිණෙයි. එහි වත්මන් රජු වන යුතර්, මායාව භාවිත කිරීම තහනම් කොට, අවසන් ශ්‍රේෂ්ඨ මකරා ද යටි බිම් ගෙයි සිරගත කර ඇති බව මර්ලින් එහිදී අවබෝධ කරගනි. තම හිස තුලින්ම ඇසෙන අත්භුත හඬක් නිසා මර්ලින් සිරගත කර ඇති මකරා හමුවට යයි. එහිදී මකරා මර්ලින්ට පවසන්නේ, මර්ලින්ට වැදගත් රාජකාරියක් පැවරී ඇති බවයි. ඒ, අනාගතයේ ඇල්බියන් දේශය පිහිටුවන ආතර් කුමරු, ඉදිරියේදී මුහුණ දෙන විපත් වලින් ගලවා ගැනීමයි. පසුව සිදුවන සිදුවීමකින් ආතර්ගේ ජීවිතය බේරාගන්නා මර්ලින්, ඒ නිසාම අතර්ගේ සේවකයා ලෙස රජු විසින් පත් කෙරේ. කෙසේ වෙතත් මුලදී මර්ලින්ට ආතරුත්, ආතර්ට මර්ලිනුත් නුරුස්සන අතර, පසුව ඔවුන් හොඳ මිතුරන් බවට පත්වේ. යුතර් රජුගේ ක්‍රියාකලාපය නිසා කැම්ලොට් රාජධානියට විරුද්ධව කටයුතු කරන මොගානා ගෙන් ඇල්බියන් දේශය ආරක්ෂා කරගැනීමට ආතර්ට උදව් වීමට මර්ලින් ගන්නා උත්සාහයත් සමග කතාව ඉදිරියට යයි. ඒ සමගම තම මායා හැකියාවන් අන් අයගෙන් වසන් කරගැනීමට ද මර්ලින් කටයුතු කරයි. කෙසේවෙතත් ගයස් සහ ලාන්ස්ලොට් නයිට්වරයා මර්ලින්ගේ මායාව ගැන මුලින්ම දැන ගනී.කතාව අවසානයේ ආතර් රජු සහ ග්වෙනවියර් ද මර්ලින්ගේ මෙම හැකියාව ගැන දැනගනී.

ප්‍රධාන රංගනය[සංස්කරණය]

කොලින් මෝගන් , මර්ලින් ලෙස: ආතර් ගේ සේවකයා ලෙස ගයස් ගේ කාමරයේ රැදී සිටින මර්ලින්, යුතර් රජු හා අර්තර් කුමරුගෙන් තම මායා හැකියාව සඟවා ගනිමින් ජීවත් වේ. කතාව අතරතුර කිහිප වරක්ම තම මායා හැකියව අන් අය දැනගත්තද ගයස් හා ලාන්ස්ලොට් පමණක් මෙය ස්ථිරවම දැනගනී. මර්ලින් ද්විත්ව චරිතයක් නිරූපණය කරයි. සාමාන්‍ය චරිතයට අමතරව 'එමිරස්' යන අනෙක් ස්වරූපයෙන්ද පෙනී සිටියි.

බ්‍රැඩ්ලී ජේම්ස්, ආතර් පෙන්ඩ්‍රැගන් ලෙස: පසුව කැම්ලොට් රජු වේ. එමෙන්ම නයිට්වරුන්ගේ අණදෙන්නා ද වේ.

කතාමාලා 5 කින් සහ එක් කතාමලාවක කතා 13 බැගින් කතා 65 කින් සමන්විත මර්ලින් රුපවාහිනී කතාමාලාව ලොව පුරා ජනප්‍රිය වූ නිර්මාණයකි.(පහත වගුව බලන්න.)

සම්පූර්ණ කතාමාලාව නිකුත් කල දිනයන්
බ්‍රිතාන්‍යයේ ඇ.එ.ජනපදයේ
Volume 1 Discs Volume 2 Discs Complete Box Set Discs Complete Box Set Discs
1st 24 November 2008 3 9 February 2009 3 5 October 2009 6 20 April 2010 6
2nd 23 November 2009 3 8 February 2010 3 8 February 2010 6 18 January 2011 6
3rd 15 November 2010 3 24 January 2011 3 24 January 2011 5 17 January 2012 5
4th 28 November 2011 3 23 January 2012 3 23 January 2012 5 15 January 2013 4
5th 26 November 2012 3 21 January 2013 3 21 January 2013 5 23 April 2013 4
1st, 2nd, 3rd, 4th, 5th - - - - 28 October 2013 27 TBA TBA
  1. "The Adventures of Merlin". Freemantle Media Enterprises. 2009. සම්ප්‍රවේශය 1 December 2012.
  2. "Merlin's Secrets Revealed" (Press release). BBC Press Office. 23 July 2008. සම්ප්‍රවේශය 23 July 2008.
"https://si.wikipedia.org/w/index.php?title=මර්ලින්&oldid=599833" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි