මයිකල් ෆැරඩේ

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය
මයිකල් ෆැ‍රඩේ රූ ආලේපනය කරන ලද්දේ තොමස් පිලිප්ස් විසිනි . 1841-1842
  • උපත-1791 සැප්තැම්බර් 22,කුණු ‍ලන්ඩන් , එංගලන්තය
  • විපත-1867 අගෝස්තු 25 (වයස 75),හැම්ප්ටන් චතුරස්‍රය , ලන්ඩන් , එංගලන්තය
  • පදිංචිය-එංගලන්තය
  • ජාතිය-බ්‍රිතාන්‍ය
  • ක්ෂේත්‍ර-භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව
  • ආයතන-රාජකීය ආයතනය
  • සැළකිය යුතු සම්මාන-රාජකීය පදක්කම (1846)
  • ආගමික මතය-සැන්ඩෙමේනියන් (Samdemanian)


පටුන

[සංස්කරණය] සටහන්

ෆැරඩේ විශ්ව විද්‍යාලයකට නොගිය නමුත් ඔහුගේ විද්‍යා උපදේශකයා ලෙස ඔහු සමග වසර ගණනක් වැඩ කළ හම්ප්‍රි ඩේවි හදුන්වා දීමට පුළුවන.

මයිකල් ෆැරඩේ , FRS (1791 සැප්තැම්බර් 22 – 1867 අගෝස්තු 25) ඉංග්‍රීසි රසායනඥයෙක් හා භෞතිකඥයෙක් වූ අතර ( හෝ පාරිතෝෂිතයෙහි ස්වාභාවික දාර්ශනිකයෙක් එම කාලයේ) විද්‍යුත් චුම්භකත්වය හා විද්‍යුත් රසායනය යන ක්ෂේත්‍රවලට දායකත්වය ලබා දුණි.

ෆැ‍රඩේ සෘජු විදුලි ධාරාවක් රැගෙන යන සන්නායකයක් වටා චුම්භක ‍ක්ෂේත්‍රය අධ්‍යයනය කර භෞතික විද්‍යාවේ චුම්භක ක්ෂේත්‍ර සංකල්පයට අඩිතාලම සැපයීය. ඔහු විද්‍යුත් චුම්භක ප්‍රේරණය පාර ක්ෂේත්‍ර චුම්භකත්වය හා විද්‍යුත් විච්ඡේදනය සොයා ගන්නා ලදී. චුම්භකත්වයට ආලෝක කිරණවල බලපෑමක් එල්ල කළ හැකි බවත් මෙම සංසිද්ධි දෙක අතර සැගවුණු සබඳතාවක් ඇති බවත් ඔහු ප්‍රකාශනයට පත් කළේය. ඔහු නිපැයූ විද්‍යුත් චුම්භක රොටරි යන්ත්‍රය , විද්‍යුත් මෝටර තාක්ෂණයේ ආරම්භය සනිටුහන් කළේය. විදුලිය තාක්ෂණයේදී යොදා ගත හැකි වීමට වඩාත්ම පිටිවහලක් වූයේ ඔහුගේ උත්සාහයන්ය.

රසායනඥයෙක් ලෙස ෆැරඩේ , බෙන්සීන් සොයා ගන්නා ලදී. ක්ලෝරීන් clathrate සජලනය සොයාගන්නා ලදී. තවද ‍බන්සන් දාහකයේ මුල් ආකාරය ඔක්සිකරණ අංක පද්ධතිය හා ඇනෝඩය , කැතෝඩය , ඉලෙක්ට්‍රෝඩය (electrode)හා අයනය (ion) යන පාරිභාෂිත ද හඳුන්වා දෙන ලදී.

ෆැරඩේ කුඩා විධිමත් අධ්‍යාපනයක් ලැබූවත් කළනය වැනි උසස් ගණිතය පිළිබඳ යන්තම් පමණක් දැන සිටියත් ඔහු ඉතිහාසයේ වඩාත් කැපී පෙනෙන විද්‍යාඥයෙක් විය. සමහරක් ඉතිහාසඥයින් විද්‍යා ඉතිහාසයේ හොඳම පරීක්ෂණඥයා ලෙස ද මොහු හඳුන්වනු ලබයි. ධාරිතාවේ SI ඒකකය මොහු වෙනුවෙන් “ෆැරඩ්” ලෙස නම් කළ අතරම ඉලෙක්ට්‍රෝන මවුලයක ආරෝපණය (කූලෝම් 96485 ක් පමණ) ෆැරඩේ නියතය ලෙස හදුන්වනු ලබයි. ප්‍රේරණය පිළිබඳ ෆැරඩේ නියම කියා සිටින්නේ කාලයත් සමග වෙනස්වන චුම්භක ක්ෂේත්‍රයක් එයට සමරූප විද්‍යුත් චාලක බලයත් ඇති කරන බවයි.

ෆැරඩේ මහා බ්‍රිතාන්‍යයේ රාජකීය ආයතනයේ පළමු හා වැදගත් රසායන විද්‍යාව පිළිබඳ fullerian මහාචාර්යවරයා විය.


[සංස්කරණය] මුල් ජීවිතය

මයිකල් ෆැරඩේ , ජෝන් වැට්කින්ස් ගේ ජායාරූපයකි, බ්‍රිතාන්‍ය පුස්තකාලය

මයිකල් ෆැරඩේ එංගලන්තයේ දකුණු ලන්ඩනයේ කොටසක් වූ නිවින්ග්ටන් බට්ස් (Newington butts) හිදී උපත ලැබීය. ඔහුගේ පවුල ධනවත් එකක් නොවීය. ඔහුගේ පියා ජේම්ස් ක්‍රිස්තු ධර්මයේ සැන්ඩමේනියානු නිකායෙහි සාමාජිකයෙක් විය. ජේම්ස් ෆැරඩේ ලන්ඩන් නුවරට පැමිණ ඇත්තේ 1790 දී වෙස්ට්මෝලන්ඩ් හි අවුත්ගිල් සිටය. එහිදී ඔහු ගම්මානයේ කම්මල්කරු ලෙස සේවය කර ඇත. දරුවන් හතර දෙනාගෙන් කෙනෙකු වූ මයිකල් ‍ෆැරඩේට පාසල් අධ්‍යාපනයේ මූලිකම දේ පමණක් ලැබුණු හෙයින් තමා විසින්ම බොහෝ දේ ඉගෙන ගැනීමට සිදුවිය. වයස අවුරුදු දාහතරේදී ඔහු දේශීය පොත් බදින්නෙකු හා පොත් විකුණන්නෙකු වූ ජෝර්ජ් රූබන් ළග ආධුනිකයෙකු ලෙස සේවයට එක් විය. වසර හතක ආධුනිකත්ව කාලය තුළ ඔහු අයිසැක් වොට්ගේ ඉම්ප්රූව්මන්ට් ඔෆ් මයින්ඩ් (The Improvement of mind ; මනසේ දියුණුව) ඇතුළු පොත් රාශියක් කියවූ අතර එහි අඩංගු නියම හා යෝජනා ක්‍රියාවෙහි යොදවන ලදී. විද්‍යාව හා විදුලිය කෙරෙහි ඔහුට විශාල ඇල්මක් ඇතිවිය. තවද ජේන් මාකෙට්ගේ කන්වර්සේෂන්ස් ඉන් කෙමිස්ට්‍රි ( Conversations in Chemistry ; රසායන විද්‍යාවේ සංවාද) ග්‍රන්ථය ද බෙහෙවින් ඔහුගේ සිත් ගත්තේය.

1812 දී ඔහුගේ ආධුනික කාලය අවසානයේදී ඔහුට වයස අවු 20 ක් වන විට ෆැරඩේ රාජකීය ආයතනයේ හා රාජකීය හා රාජකීය සමිතියේ ඉංග්‍රීසි රසායනඥයෙක් හා භෞතිකඥයෙක් වූ හම්ප්‍රි ඩේවිගේ දේශනවලට සහභාගී විය. තවද ඔහු නාගරික දාර්ශනික සමිති‍ෙය් නිර්මාතෘ වූ ජෝන් මැටුම්ගේ ‍දේශනවලට ද සහභාගී විය. මෙම දේශන බොහෝමයක් සඳහා ඔහුට ප්‍රවේශපත් ලබා දෙන ලද්දේ විලියම් ඩාන්ස් විසිනි. (රාජකීය සංගීතයට ලැදි සමිතියේ එක නිර්මාතෘ කෙනෙකි) ඉන්පසු ෆැරඩේ විසින් ඩේවි හට ඔහුගේ දේශනවලින් ගන්නා ලද සටහන් අඩංගු පිටු තුන්සීයක පොතක් යැවීය. ඩේවිගේ ප්‍රතිචාරය ඉක්මන් කරුණාවන්ත හා සතුටුදායක එකක් විය. නයිට්‍රජන් ට්‍රයික්ලෝරයිඩ් මගින් සිදුවූ අනතුරක් නිසා ඩේවිට ඇස් පෙනීම අහිමි වූ පසු ඔහු ෆැරඩේ තම ලේකම්වරයා ලෙස ගැනීමට තීරණය කළේය. රාජකීය ආයතනයේ සහායකයෙකු වූ ජෝන් පේන් වෙඩි වැදීමෙන් මිය ගිය අතර හිස් වූ තනතුරට කෙනෙකු යෝජනා කිරීමට භාර වූයේ සර් හම්ප්‍රි ඩේවිටය. ඔහු මාර්තු මස 1 වැනිදා ෆැ‍රඩේ රාජකීය ආයතනයේ රසායන සහකාරවරයකු වශයෙන් පත් කළේය.

පන්ති මත පදනම් වූ එකළ ඉංග්‍රීසි සමාජයේ ෆැරඩේ වැදගතෙකු ලෙස පිළි නොගැනුණි. 1813 -5 දී ඩේවි යුරෝපයේ විශාල සංචාරයක් සදහා ගිය විට ඔහුගේ සේවකයෝ ඔහු සමග නොගියේය. ඩේවිගේ විද්‍යා සහයකයා ලෙස ඔහු සමග ගිය ෆැරඩේ හට කෙනෙකු සොයා ගන්නා තෙක් සේවකයාගේ කාර්යභාරය ද ඉටු කිරීමට විය. ඩේවිගේ භාර්යාව ජේන් ඇප්‍රීස් ෆැරඩේට සමසේ සැලකීම ප්‍රතික්ෂේප කළ අතර (ඔහුට වාහනයෙන් පිට ගමන් කිරීම‍‍ට සැලැස්වීම, සේවකයින් සමග ආහාර ගැනීම ආදිය විය) එමගින් ෆැරඩේ ඉතා කළ කිරීමට පත් වූ අතර තනිව එංගලන්තයට ගොස් සියලු විද්‍යා වැඩ අතහැර දැමීමට සිතුවේය. කෙසේ නමුත් ඔහු චාරික‍ාවේ රැදී සිටි අතර එහිදී ඔහුට යුරෝපීය විද්‍යා විශිෂ්ටයන් හා උනන්දුව ඇති කරන අදහස් ඇති විශාල සංඛ්‍යාවක් ද හමු විය. ඹහුගේ අනුග්‍රාහකයා හා උපදේශකයා වූයේ රාජකීය ආයතනයේ රසායන විද්‍යාව පිළිබද ‍ෆුලේරියන් මාහාචාර්ය පදවිය ඇති ජෝන් ‘මැඩ් ජැක්’ ෆුලර්ය.

ෆැරඩේ ඉතා භක්තිමත් කතෝලිකයෙකු වූ අතර කුඩා සැන්චෙමේනියන් නිකායේ සාමාජිකයෙක් විය. පසුව ඔහු වාර 2ක් වැඩිහිටියෙකු ලෙස පල්ලියට සේවය කළේය.

1821 ජුනි 2 දා ෆැරඩේ සාරා බර්නාඩ් (Sarah Barnard) (1800 – 1879) විවාහ කර ගත්තේය. නමුත් ඔවුනට දරුවන් නොලැබුණි. ඔවුන් එකිනෙකා හමුවුනේ සැන්චමේනියන් පල්ලියකදීය.

1824 දී රාජකීය සමාජයේ සාමාජිකයෙකු ලෙස තෝරා ගත් ඔහු 1825 දී රසායනාගාරයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත් කරන ලදී. 1833 දී දේශන සිදු කිරීමේ රාජකාරියෙන් තොරව ඔහු ආයතනයේ රසායන විද්‍යාව පිළිබඳව ෆුලේරියන් මහාචාර්යවරයා ලෙස පත් කරන ලදී.


[සංස්කරණය] විද්‍යාත්මක ජයග්‍රහණ

[සංස්කරණය] රසායන විද්‍යාව

ඉටි පන්දමේ රසායනික ඉතිහාසයේ මුල් පිටුව (1861)

ෆැරඩේ මුල්ම රසායනික වැඩ සිදුකරන ලද්දේ ඩේවිගේ සහායකයා ලෙසය. ෆැරඩේ ක්ලෝරීන් පිළිබද විශේෂයෙන් අධ්‍යයනය කළ අතර කාබන්හි නව ක්ලෝරයිඩ 2ක් සොයාගන්නා ලදී. ජෝන් ‍ඩෝල්ටන් විසින් මුලින් පෙන්වා දුන් තෝමස් ග්‍රැහැම් හා ජෝසප් ලොෂ්මිඩ් විසින් භෞතික වැදගත්කම පෙන්වාදුන් වායු විසරණයේ ප්‍රථම දළ පරීක්ෂණය ඔහු විසින් සිදු කරන ලදී. ඔහුට වායු වර්ග කිහිපයක් ද්‍රවීකරණය කළ හැකි විය. තවද වානේවල මිශ්‍ර ලෝහ කිහිපයක් සොයා ගැනීමට ද විවිධ අවශ්‍යතා සදහා යොදා ගත හැකි වීදුරු වර්ග නිපදවීමට ද ඔහුට හැකි විය. මෙම වීදුරු වර්ගවලින් එක් වර්ගයක් පසුව ‍ෛඑතිහාසිකව විශාල වැදගත්කමකට උරුමකම් කීය. චුම්භක ක්ෂේත්‍රයක් තුළ තැබූ එම වීදුරු මගින් තල ධ්‍රැවිත ආලෝක තලය වෙනස් වන බව ෆැරඩේ සොයා ගන්නා ලදී. තවද චුම්භක මගින් මුලින්ම විකර්ෂණයට ලක් වූයේ ද එම වීදුරු වර්ගයයි. සෑම විද්‍යාරයකට පාහේ තාප මූලාවයක් ලෙස භාවිතා වන බන්සන් දාහකයේ මුල් ආකාරයක් හදුන්වාදීමේ ගෞරවය හිමි වන්නේ ද ෆැරඩේටය.

ෆැරඩේ රසායන විද්‍යා ක්ෂේත්‍රය තුළ ඉතා පුළුල් සේවයක් සිදු කළේය. බෙන්සීන වැනි රසායනික ද්‍රව්‍ය සොයා ගැනීම , (හයිඩ්‍රජන්හි බයිකාබියුරේට් ලෙස ඔහු හැඳින්වූ) ඔක්සිකරණ අංක පද්ධතිය හදුන්වා දීම , ක්ලෝරීන් වැනි වායු ද්‍රවීකරණය කිරීම ඒ අතර වේ. 1820 දී මුල්වරට කාබන් හා ක්ලෝරීන් අඩංගු සංයෝග (C2Cl6 හා C2Cl4) සංස්ලේෂණය කළ බව වාර්තා කළ අතර ඊළග වර්ෂයේදී ඔහු එම ප්‍රතිඵලය ප්‍රසිද්ධියට පත් කළේය. තවද ෆැරඩේ හම්ප්‍රි ඩේවි විසින් 1810 දී සොයාගත් ක්ලෝරීන් clathrate සජලයෙහි සංයුතිය තීරණය කළේය.

ෆැරඩේ විද්‍යුත් විච්ඡේදනයේ නීති සොයා ගත් අතර විලියම් වෙවෙල් මගින් නිර්මාණය කරන ලද ඇනෝඩය , කැතෝඩය , ඉලෙක්ට්‍රෝඩය හා අයන යන පාරිභෝෂිත ප්‍රචලිත කරන ලදී.

පසු කාලයේ දී ලෝහක නැනෝ අංශු ලෙස හැඳින්වූ චෑ ගැන මුලිකව වාර්තා කරන ලද්දේ ෆැරඩේ විසිනි. 1847 දී රත්‍රං කලිලවල ද්‍රශ්‍ය ගුණ රත්‍රං කුට්ටියකට වඩා වෙනස් බව ඔහු සොයා ගන්නා ලදී. මෙය ක්වොන්ටම් ප්‍රමාණයේ බලපෑම පිළිබඳ ප්‍රථම වර්තමාන නිරීක්ෂණය වන අතර නැනෝ විද්‍යාවේ උපත ලෙස ද මෙය සැළකීමට පුළුවන.


[සංස්කරණය] විදුලිය

Faraday photograph ii.jpg

ෆැරඩේ වැදගත්ම සේවයක් සිදුකරන ලද්දේ විදුලිය හා චුම්භකත්වය යන ක්ෂේත්‍ර හරහාය. ඔහු විසින් සිදු කරන ලදැයි වාර්තා වන ප්‍රථම පරීක්ෂණය වන්නේ පැන්ස භාගයේ කොටස් හතක් , තුත්තනාගම් තහඩු තැටි හතක් හා ලුණු වතුරෙහි පෙගවූ කඩදාසි කැබලි හයක් යොදාගෙන වෝල්ටීයතා කුළුණක් සෑදීමයි. මෙය යොදාගෙන ඔහු මැග්නීසියම් හි සල්ෆේට වියෝජනය කරන ලදී. (ඇබොට්හට ප්‍රථම ලිපිය 1812 ජුලි 12)

මයිකල් ෆැරඩේ 1845 දී ඔහු විසින් භාවිතා කරන ලද වීදුරු පටියක් යොදා ගනිමින් චුම්භකත්වය මගින් ආලෝකයට බලපෑමක් එල්ල කළ හැකි බව පෙන්වීය. හෙන්රි ඇඩ්ලාර්ඩ්ගේ කැටයමක විස්තර මෝල් හා පොලි බ්ලෑන්ක්ගේ ඡායාරූප මත පදනම්වය.

1821 දී ඩෙන්මාර්ක් ජාතික භෞතිකඥයෙකු හා රසායනඥයෙකු වූ හාන්ස් ක්‍රිස්ටියන් ඕර්ස්ටෙඩ් විද්‍යුත් චුම්භකත්වය යන සංසිද්ධිය සොයාගත් වගාව ඩේවි හා බ්‍රිතාන්‍ය විද්‍යාඥ විලියම් හයිඩ් වොල්ස්ටන් විදුලි මෝටරයක් නිර්මාණයට අත්සාහ කළද අසාර්ථක විය. ඔවුන් දෙදෙනා සමග උද්ගත වූ ගැටලු සාකච්ඡා කළ ෆැරඩේ උපකරණ 2ක් නිර්මාණ කරන ලදී. එකක් විද්‍යුත් චුම්භක භ්‍රමණය ලෙස හැදින්වූ අතර එහි වයරයක් වටා ඇති වෘත්තාකාර චුම්භක බලය නිසා අඛණ්ඩ වෘත්ත චිලතයක් ඇතිවන පරිදි ද අනිකේ වයරයක් චුම්භකයක් තබා ඇති රසදිය බදුනක් තුළ බහා රසායනික බැටරියකින් ධාරාව සැපයූ විට චුම්භකය වටා භ්‍රමණය වන පරිදි ද සකසා ඇත. පසුව විස්තර කරන ලද්ද සමධ්‍රැවීය මෝටරයක් ලෙස හැදින්වේ. මෙම පර්යේෂණ හා නිපැයුම් නවීන විද්‍යුත් චුම්භක තාක්ෂණයේ පදනම විය. ෆැරඩේ වොල්ස්ටන් ට හා ඩේවිට තම වගකීම් ඉටු නොකර ඔහුගේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ අතර එම නිසා ෆැරඩේට වසර කිහිපයකට විද්‍යුත් චුම්භක පර්යේෂණවලින් සමුගැනීමට සිදුවිය. මෙම අවධියේ දී ඩේවි විසින් විද්‍යාඥයෙකු ලෙස ෆැරඩේගේ මතුවීම පමා කිරීමට උත්සාහ දැරූ බවට ද සාක්ෂි ඇත. උදාහරණයක් ලෙස 1825 දී ඩේවි ඔහුව දෘශ්‍ය වීදුරු පර්යේෂණයක් සඳහා යෙදවූ අතර වසර හයක් පුරාවටම කිසිදු ප්‍රතිඵලයක් නොමැතිව එය සිදු කිරීමට ඔහුට සිදුවිය. 1829 දී ඩේවිගේ මරණයෙන් පසු මෙම ප්‍රතිඵල රහිත වැඩය අතහැර දැමූ ෆැරඩේ වඩාත් වටිනාකමක් ඇති දේ සඳහා යොමු විය. වසර දෙකකට පසු 1831 දී විද්‍යුත් චුම්භක ප්‍රේරණය සොයාගත් විශාල ‍පර්යේෂණ පෙළ ඔහු විසින් ආරම්භ කරන ලදී. ජෝසප් හෙන්රි මාස කිහිපයකට පෙර ස්වයං ප්‍රේරණය සොයාගත් අතර 1829 හා 1830 දී ඉතාලියේ සිටි ෆ්‍රැන්සෙස්කො සැ(z)න්ටඩෙචිගේ ක්‍රියාකාරකම්වලින් දෙදෙනාට බලාපොරොත්තු සහගත වන්නට ඇත.

ෆැරඩේගේ විශාල ඉදිරි ගමන සිදුවූයේ ඔහු පුඩුවකට සවිකරන ලද විශාල යකඩ මුද්දක් වටා පරිවරණය කළ වයර් පටවල් දෙකක් ඔතා එක් පටක් තුළින් ධාරාවක් යැවූ විට අනික තුළින් ක්ෂණික ධාරාවක් ප්‍රේරණය විය. මෙම සංසිද්ධිය අන්‍යේන්‍ය ප්‍රේරණය ලෙස හැඳින්විය. යකඩ වළලු දගර උපකරණය අදත් රාජකීය ආයතනයේ ප්‍රදර්ශනයට තබා ඇත. තවද කම්බි පුඩුවක් තුලින් චුම්භකයක් ගෙන ගිය විට කම්බියේ ධාරාවක් ප්‍රේරණය වන බවද ඔහු විසින් සොයා ගන්නා ලදී. කම්බියක් නිශ්චල චුම්භකයක් හරහා චලනය කළ ද කම්බිය තුලින් ධාරාවක් ගලයි. ඔහුගේ ආදර්ශන මගින් වෙනස්වන චුම්භක ක්ෂේත්‍රයක් මගින් විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතිවන විට පෙන්වා දුණි. සම්බන්ධතාව ෆැරඩේ නියමයෙන් ගණිතමය ලෙස ආදර්ශනය කළ අතර පසු කලෙක එය මැක්ස්වෙල් සමීකරණ හතරෙන් එකක් බවට පත්විය. මේවා වර්තමානයේ ක්ෂේත්‍ර සිද්ධාන්තය ලෙස හඳුන්වන ව්‍යාපනයට දායක විය.

Faraday-Millikan-Gale-1913.jpg


[සංස්කරණය] ෆැ‍රඩේ‍ගේ පසු කාලීන ජීවිතය

ෆැරඩේ පසුව මෙම නියමය යොදාගෙන නූතන විදුලි ජනකවල ආරම්භකයා වූ විදුලි ඩයිනමෝව නිපදවිය.

1839 විදුලියේ ස්වභාවය සොයා ගැනීමට ඔහු විසින් පර්යේෂණ මාලාවක් සිදු කරන ලදී. ෆැරඩේ ස්ථිති විද්‍යුත් ආකර්ෂණය විද්‍යුත් විච්ඡේදනය , චුම්භකත්වය ආදී සංසිද්ධි ඇති කිරීමට බැටරි හා සත්ව විදුලිය භාවිතා කරන ලදී. එකල පැවති විද්‍යාත්මක මතයට පටහැනිව යමක් විවිධ විදුලි වර්ග අතර බෙදීම් ව්‍යාජ බවට අවසානයේ නිගමනය කරන ලදී. එක් විදුලියක් පමණක් පවතින බව ප්‍රකාශයට පත් කළ ඔහු ප්‍රමාණය හා තීව්‍රතාව (වෝල්ටීයතාව හා ආරෝපණය) වෙනස් කිරීමෙන් විවිධ සංසිද්ධි ඇතිවන බව පෙන්වා දුන්නේය.

ඔහුගේ වෘත්තියේ අවසාන කාලයේදී සන්නායකයක් අසල දී විද්‍යුත් චුම්භක බල අවකාශයට පැතිරෙන බවට යෝජනා කරන ලදී. ඔහුගේ අදහස එවකට සිටි විද්‍යාඥයන් විසින් ප්‍රතික්ෂේප කළ අතර එය යථාර්තයක් බවට පත්වන දිනය දැක ගැනීමට ඔහු ජීවත් නොවීය. ආරෝපිත ද්‍රව්‍ය වලින් හා චුම්භකවලින් ස්‍රාව රේඛා නිස්‍රාවය වීමේ ‍ෆැ‍රඩේගේ සංකල්පය විද්‍යුත් හා චුම්භක ක්ෂේත්‍ර ආදර්ශනය කිරිමට ක්‍රමයක් සැලසීය. 19 වන සියවසේ ඉංජිනේරු හා කාර්මික ක්ෂේත්‍ර දිග්විජය කළ විද්‍යුත් යාන්ත්‍රික උපකරණවල දියුණුවට හේතු වූයේ මේ මානසික ආකෘතියයි.

1845 දී වර්තමානයේ ෆැරඩේ ආචරණය ලෙස හඳුන්වන ඔහු විසින් පාර ක්ෂේත්‍ර චුම්භකත්වය ලෙස හැඳින්වූ සංසිද්ධිය සොයාගන්නා ලදී. ද්‍රවමය මාධ්‍යයක් හරහා පතුරවන ලද රේඛීය ලෙස ධ්‍රැවිත ආලෝකයේ ධ්‍රැවණ තලය ව්‍යාප්ත දිශාව ඔස්සේ ඇති බාහිර චුම්භක ක්ෂේත්‍රයක් මගින් භ්‍රමණ කළ හැකිය. ඔහු ඔහුගේ සටහන් පොතේ “අවසානයේදී බල රේකාවක් හෙවත් චුම්භක වක්‍රයක් ආලෝක කරණය කිරීමටත් ආලෝක කිරණයක් චුම්භකික කිරීමට මා සමත් වූයෙමි.” යනුවෙන් සටහන් කර ඇත.

ස්ථිතික විදුලිය පිළිබඳ ඔහුගේ ක්‍රියාකාරකම්වලදී ආරෝපණ රදා පවතින්නේ සන්නායකයක් පිටත පෘෂ්ටයේ බවත් සන්නායකය තුළ පවතින කිසිදු දෙයකට එම බාහිර ආරෝපණයේ කිසිදු බලපෑමක් නොමැති බවත් ඔහු විදහා දැක්වීය. මෙය සිදුවන්නේ බාහිර ආරෝපණ නැවත ව්‍යාප්තවීමේදී අභ්‍යන්තර ක්ෂේත්‍ර නිශේධනය වන නිසාය. දැනට ෆැරඩේ කුටීර ලෙස හඳුන්වන යෙදීමේදී මෙම ආචරණ සංසිද්ධිය භාවිතයට ගැනේ.

ෆැරඩේ ඔහුගේ අදහස් පැහැදිලිව හා සරල භාෂාවකින් ඉදිරිපත් කළ ශ්‍රේෂ්ඨ පරීක්ෂණඥයෙකි. කෙසේ වුවත් ඔහුගේ ගණිතමය හැකියාව සරල වීජ ගණිතයට පමණක් සීමා විය. ජේම්ස් ක්‍ලාර්ක් මැක්ස්වෙල් විසින් ෆැරඩේගේ කාර්යය භාරගන්නා ලද අතර සමීකරණ සමූහයකින් එය සවිමත් කරන ලදී. විද්‍යුත් චුම්භක සංසිද්ධිවල සියලු නූතන සිද්ධාන්තවල හරය වී ඇත්තේ මෙම සමීකරණ සමූහයයි.


[සංස්කරණය] මහජන සේවය

මයිකල් ෆැරඩේ ෆාදර් තේම්ස් මුණ ගැසේ. Punch ගෙන් (1855 ජුලි 21)


රාජකීය ආයතනයේ රසායන විද්‍යාව , විදුලිය හා චුම්භකත්වය යන අංශ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණවලට හැර පුද්ගලික ව්‍යාපාර හා බ්‍රිතාන්‍ය ආණ්ඩුව සඳහා සේවා ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් සිදු කරන ලදී. මෙම කාර්යයන්ට පතල්වල පිපිරුම් අධ්‍යයනය , උසාවියේ ප්‍රවීන සාක්ෂිකරුවෙක් වීම හා උසස් තත්වයේ දෘශ්‍ය වීදුරු නිර්මාණය ඇතුළත් විණි.

මුහුදු බඩ කටයුතු පිළිබඳ විශාල උනන්දුවක් ඇති ජාතියක ගෞරවාන්විත විද්‍යාඥයෙකු වූ ෆැරඩේට ප්‍රදීපාගාර ඉදිකිරීම හා ක්‍රියාත්මක කිරීම හා මල බැදීමෙන් නෞකාවල පතුල ආරක්ෂා කිරීම වැනි ව්‍යාපෘති සඳහා විශාල කාලයක් වැය කිරීමට සිදුවිය.

පාරිසරික විද්‍යාව හෝ ඉංජිනේරු ශිල්පය ලෙස වර්තමානයේ හඳුන්වන ක්ෂේත්‍රයෙහි ද ෆැරඩේ ක්‍රියාකාරී විය. ඔහු Swansea හි කාර්මික දූෂණය පරීක්ෂා කළ අතර Royal Mint හි වායු දූෂණය ද සැලකිල්ලට ලක් කළේය. 1855 ජූලි මස ෆැරඩේ ‘ද ටයිම්ස්’ පුවත්පතට තේම්ස් නදියේ අහිතකර තත්වය යන මැයෙන් ලිපියක් ලියූ අතර එය Punch හි නැවත මුද්‍රිත කාටුනයකට මග පෑදීය. (විශාල අප්‍රසාදය ද බලන්න)

1851 දී ලන්ඩන් හි පැවති මහා ප්‍රදර්ශනයට ප්‍රදර්ශන භාණ්ඩ සැලසුම් කිරීමට හා තීරණය කිරීමට ෆැ‍රඩේ සහාය දුණි. ඔහු ජාතික ගැලරියට එහි කලා එකතුව පිරිසිදු කිරීමට හා ආරක්ෂා කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර 1857 දී ජාතික ගැල‍රියේ කොමිසමට ද සේවය ‍කළේය.

අධ්‍යාපනය ෆැරඩේගේ තවත් සේවා අංශයක් විය. 1854 දී රාජකීය ආයතනයේ දේශන පැවැත්වූ ඔහු 1862 දී මහා බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ගැන අදහස් දැක්වීමට පොදු පාසල් කොමිසම ඉදිරියේ පෙනී සිටියේය.


[සංස්කරණය] පසුකාලීන ජීවිතය

අවසාන අවදියේ ෆැරඩේ


1832 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් සිවිල් නීතිය පිළිබඳ (ගෞරව) ආචාර්ය උපාධියක් පිරිනැමීය. ඔහුගේ ජීවිත කාලය තුළ නයිට් පදවියක් ප්‍රතික්ෂේප කළ ෆැරඩේ දෙවරක් රාජකීය සංගමයේ සභාපතීත්වය ප්‍රතික්ෂේප කළේය.

1848 දී Consort කුමරුගේ යෝජනා කිරීම්වලට අනුව ෆැරඩේ හට සරේ (Surrey) හි හැමිල්ටන් චතුරස්‍රයේ නිල නිවාසයක් සියලු වියදම්වලින් තොරව ලැබුණි. මෙය ප්‍රධාන පෙදරේරුවන්ගේ නිවස වූ අතර පසුව ෆැරඩේ නිවස විය. වර්තමානයේදී අංක 37, හැම්ප්ටන් චතුරස්‍රය පාර නම් වේ. 1858 දී ෆැරඩේ විශ්‍රාම ගෙන එහි පදිංචියට ගියේය.

1867 අගෝස්තු 25 වන දින හැම්ප්ටන් චතුරස්‍රයේ පිහිටි ඔහුගේ නිවසේ දී ෆැරඩේ මිය ගියේය. වෙස්ට් මිනිස්ටර් අසපුවේ ඔහු භූමිදානය කිරීම ප්‍රතික්ෂේප කළ නමුත් එතැන සර් අයිසැක් නිවුටන්ගේ සොහොන අසල ඔහුගේ සමරු ඵලකයක් පිහිටුවා ඇත. ෆැරඩේ හයිගේට් (Highgate) සුසාන භූමියේ සැන්ඩමේනියන් කොටසේ භූමිදාන කෙරිණි.


[සංස්කරණය] විවිධ

Faraday Michael grave.jpg


හයිගේට් සුසාන භූමියෙහි වූ මයිකල් ෆැරඩේගේ සො‍හොන ෆැරඩේ ඉටිපන්දමේ රසායනික ඉතිහාසය ලෙස හැදින්වූ ගිනි දැ‍ල්ලේ රසායනය හා භෞතිකය පිළිබඳ දේශන මාලාවක් රාජකීය ආයතනයේ දී පැවැත්වීය. මෙය අඩු වයස් පුද්ගලයන් තවමත් වසරක් පාසා එය පැවැත්වෙයි. 1827 හා 1860 කාල ප්‍රාන්තර අතරතුර ෆැරඩේ විසින් වාර්තා ගත ලෙස දහ නව වතාවක් නත්තල් දේශන පැවැත්වීය.

ක්‍රයිමියන් යුද්ධය සදහා රසායනික ආයුධ නිෂ්පාදනයට සම්බන්ධ වීම සාදාචාරාත්මක හේතු මත ඔහු විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

මයිකල් ෆැරඩේ - සැවෝයි ප්ලේස් හි පිළිමය , ලන්ඩන් මූර්තිකරු ජෝන් හෙන්රි ෆෝලේ.

ලන්ඩන් හි සැවෝයි පෙදෙසේ විද්‍යුත් ඉංජිනේරු ආයතනය අසල ෆැරඩේගේ පිළිමයක් ඇත.

බ්රූනල් විශ්ව විද්‍යාලයේ මෑතකදී නවාතැන් පහසුකම් සදහා ඉදි කරන ලද ගොඩනැගිල්ලක් ෆැරඩේ නමින් නම් කරන ලදී.

1960 දී ලෝබොරෝ විශ්ව විද්‍යාලයේ ශාලාවක් ෆැරඩේ නමින් භාවිතා කරන ලදී. එහි ආහාර ගන්නා කාමරයට ඇතුල්වන තැන විදුලි පරිණාමකයක සංකේතය නිරූපණය කරන ලෝකඩ වාස්තුවක් ඇත. එම කාමරය තුළ බිතු සිතුවමක් ප්‍රදර්ශනය වේ. එම දෙකම ඇත්තේ ෆැරඩේට ගෞරව පිණිසය.

එඩින්බර්ග් විශ්ව විද්‍යාල‍යේ විද්‍යා සරසවියේ තට්ටු පහක ගොඩනැගිල්ලක් ෆැරඩේ වෙනුවෙන් නම් කරන ලදි.

1991 සිට 2001 දක්වා බ්‍රිතාන්‍ය පවුම් විස්සේ නෝට්ටුවේ ෆැරඩේගේ ඡ‍ායාරූපයක් මුද්‍රණය කිරීමයි.

කලින් ඇන්ටාටිකාවේ තිබූ UK ෆැරඩේ වායුගෝලීය පර්යේෂණ ස්ථානය ඔහු නමින් නම් කරන ලදී.

එකළ ෆැරඩේ ප්‍රංශ විද්‍යා ඇකඩමියේ විජාතික සාමාජිකයින් අට දෙනාගෙන් කෙනෙකි.


[සංස්කරණය] ෆැරඩේගේ ලේඛන

Faraday-signature.jpg


[සංස්කරණය] මයිකල් ෆැරඩේගේ අත්සන

‍ෆැරඩේගේ පොත් රසායනික ක්‍රියාකරවීම් හැර විද්‍යාත්මක ලිපි හා දේශනවල ‍පිටපත්වල එකතුවකි. ඔහුගේ මරණයේ සිට ඔහුගේ දිනපොත ප්‍රකාශයට පත් කර ඇත. තවද ඔහුගේ ලිපි විශාල වෙළුම් කිහිපයක් ලෙස ද 1813 -1815 කාලයේ ඩේවි සමග ඔහුගේ සංචාරක සටහන් ද ප්‍රකාශයට පත් කර ඇත.

  • රසායනික ක්‍රියාකරවීම (Chemical Manipulations) රසායන විද්‍යාවේ ශිෂ්‍යයන්ට උපදෙස් , ජෝන් මුරේ පළමු සංස්කරණය. 1827 දෙවන සංස්කරණය. 1830 , තෙවන සංස්කරණය. 1842
  • විදුලිය පිළිබඳ පර්යේෂණාත්මක පරීක්ෂණ (Experimental Researches in Electricity) වෙළුම 1 හා 2 රිචඩ් හා ජෝන් එඩ්වඩ් වෙළුම 1 හා 2 1844 හා 1847 වෙළුම 3 , 1844 වෙළුම 3 . රිචඩ් ටේලර් හා විලියම් ෆ්‍රැන්සිස් 1855.
  • රසායන විද්‍යාවේ හා භෞතික විද්‍යාවේ පරීක්ෂණාතමක පර්යේෂණ (Experimental Researches in chemistry and Physics) ටේලර් හා ෆ්‍රැන්සිස් 1859
  • ඉටිපන්දමේ රසායනික ඉතිහාසය පිළිබඳ දේශන හයක් (A course of six lectures on the chemical history of candle) සංස්කරණය ‍කළේ ඩබ්. කෘක්ස් , ග්‍රිෆින් , බෝන් සහ සමාගම , 19‍61 PDF / DJVU අන්තර්ජාල පොදු ලේඛනවලින්
  • ස්වභාව ධර්මයේ විවිධ බල පිළිබදව (On the various force in nature) සංස්කරණය කළේය ඩබ්. කෘක්ස් , චැටෝ හා වින්ඩස් 1873
  • ෆැ‍රඩේගේ දිනපොත සංස්කරණය කළේ ටී . මාටින් වෙළුම් අටකට ප්‍රකාශයට පත් කරන ලදී. 1932 – 1936
  • කුතුහලය සම්පුර්ණයෙන්ම සපුරා ගත්තෙමි (Curiosity perfectly satisfied) ෆැරඩේගේ යුරෝපීය සංචාර 1813 – 1815 සංස්කරණය කළේ බී. බෝවර්ස් හා එල්. සයිමන්ස් විද්‍යුත් ඉංජිනේරු ආයතනය 1991
  • මයිකල් ෆැරඩේගේ ලියුම් (The correspondence of Michael Faraday) සංස්කරණය කළේ එෆ්. ඒ. ජේ. එල්. ජේම්ස් , INSPEC , Inc , වෙළුම 1 , 1991 , වෙළුම 2 , 1993 , වෙළුම 3,1996 වෙළුම 4 , 1999
  • පදාර්ථයේ විවිධ බල හා ඒවා අතර සම්බන්ධය පිළිබඳ දේශන හයක් (Course of six lectures on the various forces of ,matter and their relations to each other) ලන්සන් , ග්ලාස්ගෝ ආර්. ග්‍රිෆින් 1860
  • වායු ද්‍රවීකරණය (liquefaction of gases) එඩින්වර්ග් ඩබ්.එෆ්. ක්ලේ 1896
  • ෆැරඩේගේ හා ෂොඑන් බෙයින්ගේ ලිපි 1856 – 1862 (The letters of Faraday and schoenbein 1836 -1852) සටහන් අදහස් හා සමාකාලීන ලිපිවලට පරිශීලන සහිතව ලන්ඩන් , විලියම් හා නෝර්ගේට් 1899.


[සංස්කරණය] උපුටා ගැනීම්

Wikiquote-logo-en.svg

විකික්වෝට් පහත අයට අදාල උපුටා ගැනීම් එකතුවක් ඇත.


[සංස්කරණය] මයිකල් ෆැරඩේ

  • “යමක් ස්වභාවධර්මයේ නීති සමග ස්ථිර නම් එවැන්නක් සත්‍ය වීම වැඩි විෂ්මයක් ගෙන දෙන්නක් නොවේ. තවද එවැනි ස්ථිරතා පිළිබද සුදුසුම පරීක්ෂණය පර්යේෂණයයි.”
  • තරුණ විලියම් කෘක්ස්ට ඔහුගේ උපදෙස වූයේ වැඩ කරන්න, අවසාන කරන්න, ප්‍රකාශයට පත් කරන්න යන්නයි
  • වැදගත් දෙක නම් සියලු දේ නිශ්ශබ්දව ලබා ගන්නේ කෙසේද යන්නයි”
  • “අනුමාන මට කිසිවක් නොමැත. මම රඳා පවතින්නේ නිශ්චිත දේ මතය. මම විශ්වාස කරන පුද්ගලයා මම හඳුනන අතර මවිසින් ඔහුට පවරණ දේ තබා ගැනීමට ඔහුට හැකි බව මත ඒත්තු ගැන්වී ඇත”
  • “මීළග සැබැත් දිනයේදී (22වන) මම මාගේ 70 වන වර්ෂය සම්පූර්ණ කරයි. මම එතරම් වයසයයි සිතීම අපහසුය”
  • පෙන්සිල්වේනියා හි කොලේජ්විල්හි යූර්සිනස් විද්‍යාලයේ ෆැලර් ශාලා පිවිසුම් දොරකඩ අසල ඇති ශිලා ලේඛනයක ෆැරඩේගේ උපුටා ගැනීමක් මෙලෙස සටහන්ව ඇත” නමුත් තවමත් උත්සාහ කරමි , කුමක් වේදැයි කිසිවෙකුත් නොදන්නා බැවිණි”
  • “දිනයක ඔබ එයට බදු පනවාවි” එකළ බ්‍රිතාන්‍යයේ මූල්‍ය අමැති වූ විලියම් ග්ලැඩ්ස්ටෝන් විදුලියේ වටිනාකම ගැන නැගූ ප්‍රශ්නයකදී ෆැ‍රඩේ දුන් පිළිතුරයි.
  • “ඔබගේ දර්ශනය විද්‍යාඥයෙක් ඒත්තු ගැන්වීය හැකිනම් ඔබට විද්‍යාවට විශාල සේවයක් කළ හැක. තවද ඔබගේ නිගමනවලට ඔව් නෑ පිළිතුර ලබා දීමට හේතුවක් වේ. නමුත් සමහරෙක් මෙයට විරුද්ධ බව මම පිළිගනිමි. මන්ද ඔවුන් ඔවුන්ගේ අදහසවලට බාධා වනවාට අකමැති නිසාය.”


[සංස්කරණය] ආශ්‍රිත



"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."