මම් ඇන්ඩ් ඩැඩ්

විකිපීඩියා වෙතින්
මම් ඇන්ඩ් ඩැඩ්
විත්‍රපට පෝස්ටරය, සර්කා 1947, ලිංගික-වියුක්ත පෙන්වීම් ලැයිස්තුව
අධ්‍යක්ෂණය කලේවිලියම් බියුඩින්
නිෂ්පාදනය කලේක්‍රොරොග බබ්බ්
ජේ. ඇස්. ජොසේ[1]
ලියන ලද්දේතිර රචනය:
මිල්ඩ්‍රෙඩ් හෝර්න්
කතාව:
ක්‍රොරොග බබ්බ්
මිල්ඩ්‍රෙඩ් හෝර්න්
රඟ පාන්නේහාර්ඩී ඔල්බ්‍රයිට්
ලොයිස් අස්ටින්
ජෝර්ජ් එල්ඩ්‍රෙඩ්ගෙ
ජූන් කාල්සන්
ජිමී ක්ලාක්
බොබ් ලොවෙල්[2]
සංගීතය සැපයුවේඑඩ්වඩ් ජේ. කේ[2]
Cinematographyමාර්සෙල් ලෙපිකාඩ්
සංස්කරණය කලේඩික් කියුරියර්
Distributed byස්වස්ථතා නිෂ්පාදන
හෝල්මාර්ක් නිෂ්පාදන
නවීන චිත්‍රපට බෙදා හරින්නන්
Release date
1945
Running time
මිනිත්තු 97
Countryඑක්සත් රාජධානිය
Languageඉංග්‍රීසි
Budgetඅමෙරිකානු ඩොලර් 63,000

මෙම ලිපිය චිත්‍රපටියක් පිලිබඳව වේ. "හව් අයි මෙට් යූඅ මදර්" කථාංගය සදහා, බලන්න මම් ඇන්ඩ් ඩැඩ්(හව් අයි මෙට් යූඅ මදර්)

මම් ඇන්ඩ් ඩැඩ් (පවුලේ කතාන්දරය යනුවෙන් එක්සත් රාජධානියේදී හැඳින්වේ)[3] මෙම චිත්‍රපටිය 1945 දී විලියම් බියුඩින් විසින් අධ්‍යක්ෂණය කළ අතර නිෂ්පාදනය කරන ලද්දේ සූරා කෑමේ චිත්‍රපට සාදන්නකු හා ඉදිරිපත් කරන්නකු වන ක්‍රොරොග බබ්බ් විසිනි. "ලිංගික ස්වස්ථතා" චිත්‍රපටි කලාව තුල සාර්ථකම චිත්‍රපටිය ලෙස මම් ඇන්ඩ් ඩැඩ් චිත්‍රපටිය හැඳින්වේ. කෙසේ නමුත් මෙම චිත්‍රපටිය නෛතික අභියෝග බොහෝමයකට මුහුණ දුන් අතර ජාතික සභ්‍යත්ව මහා හමුදාවේ, [4] දෝෂදර්ශනයටද ලක්විය. මෙම චිත්‍රපටිය 1940 දශකයේ ඉහලම ආදායම් ඉපයූ චිත්‍රපටි වලින් එකක් බවට පත්විය.

මෙම චිත්‍රපටිය වාද කලහැකි අන්තර්ගතයන් සහිතව අධ්‍යාපනික වටිනාකමක් ඇති කරවීමට නැවත සකස් විය. මෙහි අරමුන වුයේ යූ.ඇස්. වාරණ නීතිය මඟහැරීම වේ. බබ්බ් මෙම චිත්‍රපටියට වටිනා අලෙවිකරණ අවස්ථා මතුකරගැනීමට පරණ ඔසු ප්‍රදර්ශන ශිල්ප ක්‍රම භාවිතා කල අතර තමාටම ආවේණික වූ ක්‍රම මඟින් ප්‍රේක්ෂකයන් රඳවා තබාගන්නා ලදී. මෙම ශිල්ප ක්‍රම පසුව ඔහුගේ සමකාලීන චිත්‍රපට නිෂ්පාදකවරු විසින් අනුකරණය කරන ලදී. එසේම ඔහු තමාගේ ජයග්‍රහණය ඉස්මතු කරලීමට 2005 දී මෙම චිත්‍රපටිය එක්සත් රාජධානියේ ජාතික චිත්‍රපට කර්මාන්තයට එක්කරන ලදී.

නිෂ්පාදනය[සංස්කරණය]

1938 දී නිෂ්පාදිත චයිල්ඩ් බ්‍රයිඩ් නම් චිත්‍රපටිය නව මුහුණුවරකින් "ඩස්ට් ටු ඩස්ට්" ලෙස බබ්බ් විසින් සාර්ථක චිත්‍රපටයක් නිෂ්පාදනය කලේය. මේ සමගම ඔහුගේ— නිෂ්පාදන ආයතනය වන කොක්ෂ් සහ අන්ඩර්වුඩ් විසුරුවා හැරුණි. මෙය බබ්බ් ට ඔහුගේම ඒකකයක් වන " හයිජෙනික් නිෂ්පාදන" [5] ආරම්භ කිරීමට මූලික විය. බර්ක්බර්න්ට්ට්, ටෙක්සාස් හි පෙවති රැස්වීමකට ඔහු සහභාගී වූ අතර මෙහිදී ෂෙපඩ් ගුවන් හමුදා කඳවුරෙහි හමුදා භටයින් විසින් තරුණ කාන්තාවන්ගේ වැරදි ගැබ් ගැනීම් පිළිබඳව සාකච්ඡා කෙරින. මෙම රැස්වීමෙන් පසු එම මාතෘකාව [6] ඔස්සේ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බබ්බ් යොමුවිය. මේ ඔස්සේ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා ඔහුගේ අනාගත සහකාරිය වන මිල්ඩ්‍රෙඩ් හෝර්න් තිර රචනයක් සකස් කල අතර එය පසුව මම් ඇන්ඩ් ඩැඩ් ලෙස පරිණාම විය. බබ්බ් මේ සඳහා ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටි ආයෝජකයන් 20ක් පමණ සොයා අධ්‍යක්ෂක [7] වශයෙන් විලියම් බියුඩින් ව කුලියට ගන්න ලදී.

මෙම චිත්‍රපටය නිෂ්පාදනය සඳහා බබ්බ් හා ඔහුගේ ආයෝජකයන්ට ඩොලර් 63000 [8] ක වියදමක් දැරීමට සිදුවිය. 1944 දී [2] මෙම චිත්‍රපටිය වෙනස් චිත්‍රාගාර පහක දවස් හයක් පුරාවට තිරගත කෙරුනි. මෙය විවිධ මොනොග්‍රෑම ඡායාරූප තුළ පැතිර ගියේය. මෙහි සහකාර නිෂ්පාදක වූ ජේ. ඇස්. ජොසේ මොනොග්‍රෑමයෙහි අයිතිකාරයෙක් විය. 1945 ජනවාරි 3 දින ඔක්ලාහොමා හි ඔක්ලාහොමා නගරයේ වෝනර් බ්‍රොස් රඟහලේදී [2] මම් ඇන්ඩ් ඩැඩ් චිත්‍රපටිය මුල් වතාවට මොනොග්‍රෑම චිත්‍රපටයක් ලෙසට තිරගත කෙරින.

කථා වස්තුව[සංස්කරණය]

මම් ඇන්ඩ් ඩැඩ් චිත්‍රපටයෙහි කතාන්දරය ජෝන් බේලේක් (ජූන් කාල්සන්) නම් තරුණ ගෑනු ළමයකු වටා ගෙතී ඇත. ඇය ජැක් ග්‍රිෆින් (බොබ් ලොවෙල්) නම් ගුවන් නියමුවෙකු සමඟ ආදර සම්බන්ධතාවයක් ඇතිකර ගනී. ග්‍රිෆින් ගේ ආදරබර කතාවකින් පසු ඇය ඔහු සමග ලිංගික සබඳතාවයක් පවත්වයි. මෙම ගෑනු ළමයා තම මව වන සරා බේලේක් (ලොයිස් අස්ටින්) ගෙන් සනීපාරක්ෂාව උගන්වන පොත් ඉල්ලන විට ඇය තවමත් අවිවාහක බවින් ඇයගේ මව එම ඉල්ලම ප්‍රතික්ෂේප කරයි. පසුව මෙම ගුවන් නියමුවා ගුවන් අනතුරකින් මියගිය බව ඇගේ පියා වන ඩෑන් බේලේක්(ජෝර්ජ් එල්ඩ්‍රෙඩ්ගෙ)ගෙන් ඇය දැනගත් විට ඔහුට ලියමින් සිටි ලියුම ඉරා දමා ඇගේ හිස පහතට හෙලීමත් සමග චිත්‍රපටය විවේක කාලය සදහා නතර වේ.

එය නැවත අරඹන්නේ එම යුවතිය ඇගේ ඇඳුම් තවදුරටත් ඇඳය නොහකි ලෙස කුඩා ව අති බව දැනගන්නා කොටසේ සිටයි. ඇය ඇගේ ගුරුවරයෙකු වූ කාල් බ්ලැක්බර්න් (හාර්ඩී ඔල්බ්‍රයිට්)ගෙන් උපදෙස් ලබාගනී. එම ගුරුවරයා ඒ වනවිටත් ලිංගික අධ්‍යාපනය ලබාදීම හේතුවෙන් ඉගැන්වීමෙන් ඉවත් කර තිබුනි. බ්ලැක්බර්න් පවසන්නේ මෙම ප්‍රශ්නයට ගෑනු ළමයාගේ මව වගකියයුතු බවයි. එයට හේතුව ලෙස ඔහු දකින්නේ ඉතා පූජනීය යුතුකමක් ලෙස සැලකෙන තම ළමයීන්ට නියම සත්‍ය කියාදීම අතපසු කිරීමයි. ගෑණු ළමයා තම මවට සියල්ල ඉදිරිපත් කරන්නේ මෙම අවස්ථාවේදීය. [2][7]

ඉන්පසු චිත්‍රපටයේ පෙන්වන්නේ ස්ත්‍රී ශරීරය සහ දරු ප්‍රසූතිය ගැන කෙරෙන විස්තරයක් දැක්වෙන රූගත කිරීම් හා ඡායාරූපයි. ඉන් එකක් ස්වාභාවික දරු ප්‍රසූතියක් වන අතර අනෙක සිසේරියන් සැත්කමකින් සිදුවන දරු ප්‍රසූතියක් වේ. තවත් චිත්‍රපටයක් මෙම මම් ඇන්ඩ් ඩැඩ් චිත්‍රපටය සමඟම තිරගත කෙරුණි. එහි අන්තර්ගත වුනේ උපදංශය හා කාම රෝග සම්බන්ධ නිරූපණයන් දැක්වෙන ඡායාරූපයි. මම් ඇන්ඩ් ඩැඩ් චිත්‍රපටය අවසානයන් කිහිපයක් ඇති චිත්‍රපටයක් ලෙස පිළිගැනේ. එසේ වුවත් වැඩි වශයෙන්ම එය අවසාන වූයේ ගෑනු ළමයාට දරුවෙක් ලැබීමෙනි. සමහර වේලාවට මළ දරු උපතක් සහ තවත් වේලාවට දරුකමට හදාගැනීමෙනි. [7][9]

නළු කැල[සංස්කරණය]

අලෙවිකරණය සහ ඉදිරිපත් කිරීම[සංස්කරණය]

වොෂින්ටන් පෝස්ට් වෙත බබ්බ්ගේ වෘත්තිය පිළිබඳව ලිපියක් ලියමින් කෙන්නෙත් ටියුරන් කියා සිටියේ මම් ඇන්ඩ් ඩැඩ් චිත්‍රපටය සාර්ථක නොවීමට හේතුව ඒ සඳහා යොදාගත් ලාමක බොළඳ කථාව වූ බවයි. මෙය බබ්බ් හෙළා දැක්කේය. මෙම චිත්‍රපටය සාර්ථක ලෙස ගලා යාමට හේතුව බබ්බ් ගේ සුවිශේෂ ප්‍රවර්ධනය කිරීමේ හැකියාවයි. "[10] මෙම චිත්‍රපටය එක්සත් ජනපදය තුල තිරගත කෙරුණු අතර පිටපත් 300 කට අධික ප්‍රමාණයක් නිකුත් විය. [8] මෙම චිත්‍රපටය තිරගත වූ සතිය තුල එහි ඇතුළත් වන අරමුණට එරෙහිව පුවත්පත් සඳහා ලිපි මෙන්ම පල්ලියේදී අත් පත්‍රිකා බෙදා දෙමින් එක් දේශීය කණ්ඩායමක් නගර වැසියන්ගේ අවධානයට ලක්විය. මෙම උපක්‍රමය ප්‍රයෝජනයට ගත් අසල නගරයක නගරපතියෙකු තම නගරයේ ජීවත් වන, මෙම චිත්‍රපටය නරඹා තිබූ තමන්ගේ පෞද්ගලික [11] ගැටලු සාකච්ඡා කිරීමට ඉදිරිපත් වන තරුණ කාන්තාවන්ගේ තොරතුරු එකතු කළේය.

හයිජෙනික් හෝ හෝල්මාක් නිෂ්පාදන [7] ආයතනනයන්ගේ සේවකයින් මෙහි ප්‍රවර්ධන ව්‍යාපාරය සඳහා නිරතුරුවම දිරිදුන්හ. ඔවුන් මෙම ප්‍රවර්ධන කටයුතු සිදුකරන ලදදේ නළු නිළියන් හා චිත්‍රපටයට අදාළ අනෙකුත් පුද්ගලයින්ගේ තොරතුරු හා ඒ සඳහා අවශ්‍ය අනෙකුත් අලෙවිකරණ [2] හා ප්‍රවර්ධන තොරතුරු සවිස්තරාත්මක ප්රෙස්ස් බුක් නම් පොතක් මඟින් ලබා ලබා ගැනීමෙනි. ඒ පිළිබඳ විශාල කතිකාවක් ඇතිකළ හැකි කුඩා නගර බබ්බ් ගේ ප්‍රචාරණ කටයුතුවල කේන්ද්‍රස්ථාන විය. බබ්බ් ගේ ආදර්ශ පාඨය වූයේ "You gotta tell 'em to sell 'em," ("එය විකිණිය යුතුනම් එය කියවිය යුතු වේ") [2] බබ්බ් ගේ මෙම ක්‍රියා සමඟ එම චිත්‍රපටය ප්‍රසිද්ධත්වයට පත්විය. චිත්‍රපටය ඉදිරිපත් කිරීම පිළිබඳව ටයිම් සඟරාව කියා සිටියේ "ගොවිපල සතුන්ට හැර අන් සියලු දෙනාටම මෙමඟින් ජීවිතය "[8] පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැකිවිය." යනුවෙනි.

දේශීය ලෙස තිරගත කිරීම්වලදී මෙම චිත්‍රපටයට විවිධාකාර සීමා පැනවුණි. වැඩිහිටියන්ට පමණක් පෙන්වීම, කාන්තාවන්ට හා පිරිමින්ට වෙන වෙනම පෙන්වීම, විවේක කාලවලදි "එඩිතර ස්වාස්ථ්‍ය විද්‍යා විස්තර විචාරක එලිඔට් ෆෝර්බ්ස්" විසින් සජීවී දේශන පැවැත්වීමද මේ අතර විය. විවිධ ස්ථානවල මෙම චිත්‍රපටය [12] තිරගත වීමේදී එලිඔට් ෆෝර්බ්ස් ගේ පිරිස ඒ සඳහා සමඟාමී දේශන පැවැත්විය. ඇතැම් අප්‍රිකානු-අමෙරිකානු කලාප තුළ ෆෝර්බ්ස් ගේ [7] චරිතයට ඔලිම්පික් රන් පදක්කම් ලාභී Jesse Owens ද කුලියට ගැනීමට ඔවුන් සමත් විය. කුලියට ගත් දේශීය [13] හෙදියන් සමඟ එක් වී චිත්‍රපටයේ අන්තර්ගතය හේතුවෙන් පුද්ගලයින් සිහිසුන් වන බව ජනතාවට පෙන්වීමට එලිඔට් ෆෝර්බ්ස් හි සමහර නළුවන් උත්සහ කළෝය.

පසුකාලීනව "නූතන විත්‍රපට බෙදා හරින්නන්" විසින් මෙයට හොඳ බෙදාහැරීමක් ලබා දුන් අතර ෆෝර්බ්ස් ගේ දේශන වලින් පසුව ලියවුණු "මෑන් ඇන්ඩ් බෝයි" සහ "වුමන් ඇන්ඩ් ගර්ල්" යන පොත්වලින් පිටපත් 45000 කට වඩා වැඩි ප්‍රමාණයක් විකුණන ලදී. මෙම කෘතිවල කර්තෘ වූයේ බබ්බ් ගේ භාර්යාවයි. [14] ඒවා ජීව විද්‍යාව හා ලිංගික අධ්‍යාපනය පිළිබඳව මෙන්ම චිත්‍රපටයේ අන්තර්ගතය පිළිබඳවද සාර්ථක ලෙස ලියා ඉන් ඔවුන්ගේ බෙදා හරින්නන්ට අමතර ලාභ ලබාදීමට ඇය සමත්විය. මෙම කෘතිවලින් බෙදාහැරීමේ ආයතනයට [15] අමෙරිකානු ඩොලර් 31,000 ක මුදලක් ලැබුණු අතර සම්පූර්ණ විකුණුම් සඳහා බබ්බ් ගේ පිටපත් තක්සේරුව මිලියන 40 ක් විය. [14]

සිනමාහල් හිමියන් සමඟ පැවති ගිවිසුම අනුව බබ්බ් විසින් චිත්‍රපටයට අමතරව තිබූ ෆෝර්බ්ස් ගේ දේශන, ආරංචි දැක්වෙන චිත්‍රපට හා කෙටි චිත්‍රපට සියල්ල අවලංගු කළේය. නමුත් දේශනයට පෙර යෙදූ කෙටි හැඳින්වීම්වලට මෙම තහනම අදාල නොවීය. ගිවිසුමකට අනුව ඉරිදා දිනවලදී [12] චිත්‍රපටය තිරගත කිරීම තහනම් කෙරුණු අතර විශේෂ වේලාවකට ප්‍රදර්ශනය කෙරුණි.

පිළිගැන්ම[සංස්කරණය]

1940 දශකයේදී ඩොලර් වටිනාකමට [8] අනුව කරන ලද ඉහළ ආදායම් ලද චිත්‍රපට ශ්‍රේණිගත කිරීම් වලට අනුව මම් ඇන්ඩ් ඩැඩ් චිත්‍රපටය තුන්වන ස්ථානයේ පසුවිය. මෙයට ආයෝජන දායකත්වය ලබාදුන් පිරිසට [16] ඔවුන් ලබාදුන් සෑම ඩොලරයකටම ඩොලර් 63 ක මුදලක් නැවත ලබාදීමට හැකිවිය. මෙම චිත්‍රපටයට ඩොලර් මිලියන 40 ත් 100ත් [10] අතර මුදලක් ලබාගැනීමට හැකිවූ බව ලොස් ඇන්ජෙලස් ටයිම්ස් පුවත්පත අනුමාන කර ඇත. මේ අනුව සාක්ෂි සහිතව ඔප්පු වී ඇත්තේ මෙය එදා-මෙදා තුර බිහිවූ සාර්ථකම ලිංගික ස්වස්ථතා චිත්‍රපටය බවයි. මෙය 1960 ට- පෙර බිහිවූ චිත්‍රපට අතුරින් වැඩි ම ආදායමක් ලද චිත්‍රපටයයි. මෙය 1940 හා 1950 යන දශක දෙක තුළ ඉහළම ආදායම් ලද චිත්‍රපට 10 තුල පැවතුණි.

එකල පැවති බොහෝ නඩුහඹ හා දෝෂාරෝපණ වලට මෙම චිත්‍රපටය මූලික විය. 1940 හා 1950 යන දශකවලදී මෙයට සාහිත්‍යයමය ව ශයෙන් බාධක රැසක් පැවතුණි. ඒ සමඟම දේශීය චිත්‍රපට බලධාරීන්ගේ විරෝධතාද පැවතුනි. චලිත පින්තූර සමීක්ෂණ සම්ප්‍රදායට [17] විරුද්ධව ක්‍රියා කිරීමටද මෙම කාලය තුල සිදුවිය. බබ්බ් ට හා මම් ඇන්ඩ් ඩැඩ් චිත්‍රපටයට [10] එරෙහිව ආසන්න වශයෙන් නඩු 428 ක් පනවා තිබුණි. බබ්බ් බොහෝ අවස්ථාවලදී මෙම නඩු විභාගවලින් නිර්දෝෂී වීම සඳහා තම චිත්‍රපටයේ අධ්‍යාපනික වටිනාකම යොදාගත් අතර තම චිත්‍රපටය තිරගත කෙරූ සිනමාහල් හිමියන්ටද මෙම උපක්‍රමය භාවිතා කරන මෙන් දන්වා සිටියේය. නිව් යෝර්ක් නගරයේදී එක් සාර්ථක අභියෝගයක් ඉදිරිපත් කෙරුණි. මෙහිදී 1956 වසර දක්වා මෙම චිත්‍රපටය අදාළ බලධාරීන් විසින් තිරගත නොකළෝය. නමුත් එම චිත්‍රපට බලධාරීන්ගේ මතය පිළිනොගත් නිව් යෝර්ක් නුවර ශ්‍රේෂ්ඨ අධිකරණ අභියාචන අංශය දන්වා සිටියේ මිනිස් දරු උපතක් "අවිනීත" [18] සිද්ධියක් ලෙස ප්‍රකාශ කළ නොහැකි බවයි.

නවීන චිත්‍රපට බෙදාහරින්නන්ට අනුව 1956 වසර අවසානයේදී මෙම චිත්‍රපටය භාෂා 12 කින් හඬ කවා ඇති අතර 650,000 කට අධික තිරගත කිරීම් [2] වලදී ලොවපුරා ප්‍රේක්ෂකයින් ම්ලියන 175 කට අධික ප්‍රමාණයක් මෙම චිත්‍රපටය නරඹා ඇත. 1960 දශකය මැද-භාගයේ කාඩ් මොන්ඩ විසින් මෙම චිත්‍රපටය නවසීලන්තය හා ඕස්ට්‍රේලියාවේ තිරගත කිරීමට අවශ්‍ය හිමිකම් මිලට ගන්නා ලදී. ඒ එම චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ [19] කර වසර 20 කට ආසන්න කාලයකට පසුවයි. 1970 දශකය අග භාගයේදී බබ්බ් පිළිබඳව ප්‍රෙස් එන්ටර්ප්‍රයිස්විසින් රචිත කථාවෙහි මෙම චිත්‍රපටය භාෂා 18 කින් [14] හඬ කවා ඇති බව තක්සේරු කෙරිණි.

මෙම චිත්‍රපටයේ සාර්ථකත්වය හේතුවෙන් එය අනුකරණය කරමින් විශාල නිර්මාණ ප්‍රමාණයක් එහි අනුකරණ ලෙස නිකුත්විය. ඔවුන් බැලූවේ වෙළඳපොල "ජෙන්රෙ" අනුකරණ වලින් මුළුමනින්ම යටපත් කිරීමටයි. ස්ට්‍රීට් කොර්නර් විසින් බබ්බ් ගේ කථා වස්තුව නැවත සකස් කර එහි සිටි ගුරුවරයා වෙනුවට වෛද්‍යවරයෙකු යොදා අනුකරණයක් කළේය. "ද ස්ටෝරි ඔෆ් බොබ් ඇන්ඩ් සැලි" ලෙස එවැනිම නිර්මාණයක් කිරීමට යුනිවර්සල් චිත්‍රාගාරය පෙළඹුණ නමුත් එය නිෂ්පාදන නීති සංග්‍රහය හේතුවෙන් තිරගත කළ නොහැකිව ඔවුන් එහි හිමිකම් [20] අළවි කළෝය. මෙසේ අනුකරණ ප්‍රමාණ ශ්‍රීඝ‍්‍රයෙන් ඉහළ යාම නිසා සිදුවන අපහසුතා [7] මඟ හැරවීමට නවීන චිත්‍රපට බෙදා හරින්නන්, සූරා කෑමේ චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායමක් ක්‍රියා කළේය.

1969 දී මෙය අමෙරිකාවේ චලිත පින්තූර සංගමය වෙත යවා චිත්‍රපට ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රේණියක් ලබා ගැනීමට කටයුතු කළෝය. ඒ සාම්ප්‍රදායික සිනමාහල්වල මෙය තිරගත කිරීමට අවසර ලබාගැනීමටයි. මෙම චිත්‍රපටය එම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ආර් ශ්‍රේණියට [21][22] අයත් විය. මෙම චිත්‍රපටය අති සාර්ථක චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකි අතර පුරා දශක ගණනාවකට පසු වර්තමානයේදී පවා මෙය ලොවපුරා [14] විකාශනය කරනු ලබයි. 2005 දී මෙහි ප්‍රකාශනයක් ජාතික චිත්‍රපට ලේඛනයට [8] ඇතුලත් කරන ලදී.

මූලාශ්‍ර[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. Schaefer, 199.
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 2.7 Pressbook.
  3. Internet Movie Database.
  4. Allmovie.
  5. Marshall, 242.
  6. Feaster, 109.
  7. 7.0 7.1 7.2 7.3 7.4 7.5 Briggs.
  8. 8.0 8.1 8.2 8.3 8.4 Library of Congress press release
  9. Schaefer, 200.
  10. 10.0 10.1 10.2 Turan, 22,
  11. Schaefer, 116.
  12. 12.0 12.1 Schaefer, 133.
  13. Friedman, 119.
  14. 14.0 14.1 14.2 14.3 McDougal.
  15. Schaefer, 128.
  16. Variety.
  17. Schaefer, 136–164.
  18. Schaefer, 329.
  19. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; mondor නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  20. Schaefer, 202.
  21. Feaster, 110.
  22. MPAA website

ආශ්‍රිත ග්‍රන්ථ පිළිබඳ නාම ලේඛනය[සංස්කරණය]

පිටස්තර ද්වාර[සංස්කරණය]

සැකිල්ල:විලියම් බියුඩින්

"https://si.wikipedia.org/w/index.php?title=මම්_ඇන්ඩ්_ඩැඩ්&oldid=300401" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි