මනෝ විද්‍යාවේ අසාමාන්‍යතා

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

අසාමාන්‍ය හැසිරීම් රටා විස්තර කිරීමට පෙරකීමට , සහ වෙනස් කිරීම සඳහා ඒවා ගැන කරන විද්‍යාත්මක අධ්‍යයනය අසාමාන්‍ය මනෝවිද්‍යාව ලෙස හැඳින්විය හැක. මෙලෙස අසාමාන්‍ය ක්‍රියාදාමයන් සෑම විටම මානසික රෝගයක ප්‍රතිඵලයකි. DSM-IV මග පෙන්වුමට අනුව මානසික ආබාධයක් යනු පුද්ගලයෙකු ‍සැලකිය යුතු ලෙස පීඩනයට ලක් කරන හෝ මානසික රෝග ලක්ෂණ රටාවක් ලෙස නම් කළ හැක. සායනික මනෝවිද්‍යාවේ එන මනෝවිද්‍යාවේ අසමානතා අධ්‍යයන මගින් රෝග ව්‍යාධිකය, එයට හේතූන් සහ ප්‍රතිකාර සෙවිය හැක. නමුත් විවිධ සංස්කෘතීන් සහ කාලයට අනුව අසාමාන්‍ය යන්නේ අර්ථය වෙනස් වෙයි. පොදුවේ නිරන්තරයෙන් විවිධ අවස්ථාවන්ට හැඩ ගැසීමට හා ඵලදායී ලෙස ක්‍රියාකාරී විය නොහැකි පුද්ගලයින් පිළිබඳ කරන හැදෑරීම් මනෝවිද්‍යා අසමාන්‍යතා ලෙස හැඳින්වේ. මිනිසෙකුට කිසියම් අවස්ථාවකට හැඩ ගැස්ම සඳහා බලපාන ප්‍රධාන සාධක ලෙස , ජානමය සංයුතිය , කායික ස්වරූපය , ඉගෙනීම සහ තර්කනය, සමාජශීලී වීම හැඳින්විය හැක.

[සංස්කරණය] ඉතිහාසය

අසාමාන්‍ය මනෝවිද්‍යාවේ ඉතිහාසය 4වන සියවසේ ග්‍රීක දාර්ශනික ප්ලේටෝ ගේ යුගයේ දී ඇරඹිණි. මොහුගේ කාලයේ දී බොහෝ දෙනා මෙම අසාමාන්‍ය හැසිරීම් සහ ක්‍රියා දුෂ්ට ආත්මයන්ගේ ක්‍රියා නිසා ඇති වූ බව විශ්වාස කළේය. මෙම මතයට විරුද්ධ වූ ප්ලේටෝ එයට හේතුව ස්වාභාවික රෝග බවට විවාද කළේය. නමුත් එම මතය එම යුගයේ බොහෝ දෙනා විසින් ඉවත දැමූහ.ඉතිහාසඥයන් අන්ධකාර යුගය ලෙස හඳුන්වන කාලය තුළ දී මෙම හැසිරීම්වලට හේතුව ඇතැම් පුද්ගලයින් භූතාත්මවලට නතු වීම නිසා බව කියන ලදී. මෙලෙස හඳුනාගත් අසාමාන්‍ය හැසිරීම් ඇති බොහෝ දෙනා පල්ලිවලදී භූතාත්ම පලවා හැරීමට හෝ පුළුස්සා විනාශ කිරීමට පෙළඹෙන ලදී. මෙම හේතුව නිසා ආසන්න වශයෙන් අහිංසක මිනිසුන් 100000 පමණ විනාශ කර දමා ඇත. මෙලෙස මෙම හැසිරීම්වලට හේතුව භූතාත්ම හෝ දුෂ්ට ආත්මයන් නොව මනසේ ඇතිවන රෝගයක් නිසා බවට මුල් බැස ගත්තේ 19 වන සියවසේ මුල් භාගයේ දීය.


[සංස්කරණය] ආශ්‍රිත




"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."