මගධ - නන්ද - පළමු රජ පෙළපත

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

මෞර්යන්ගේ පාලනය යටතේ නොතිබු එකම ප්‍රදේශය වුයේ වර්තමානයේ තමිල්නාඩුව හා කේරලය ලෙස හඳුන්වන ප්‍රදේශයයි. (එවකට එය දෙමළ රාජධානිය විය) ඉපැරණි දෙමළ සංගම් සාහිත්‍ය කෘති වලින් එකක් වන පුරනානුරු ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෞර්යන්ගේ හමුදාව ඉලන්චෙට් චෙන්නි නමින් හැඳින්වු චෝල රජවරයෙකුගේ නායකත්වය යටතේ වු දෙමළ හමුදාවක් විසින් පලවා හැරි බවයි. කලිඟු පාලකයෙකු වු කරවෙල රජතුමා විසින් මෙම දෙමළ හමුදාව විසුරුවා හැරි බවට ඔහුගේ සෙල් ලිපියක සඳහන් වෙයි.

ඔහුගේ පුත් වූ අශෝක අධිරාජ්‍යයා විසින් එම රාජධානිය උරුම කර ගත් අතර ඔහු මෙම ක්‍රමය ඔහුගේ රාජධානිය ව්‍යාප්ත කිරීමට පටන් ගත්තේ ය. කාලිංග රාජ්‍යය ආක්‍රමණයේ දී සිදු වු අති සුවිසල් විනාශයෙන් පසු බුදුදහම වැළඳ ගැනීමෙන් ඔහු නැවත ලේ වැගිරවීම් නැවැත් වු අතර අවිහිංසාකාමී මාර්ගයකට යොමු විය. අශෝක අධිරාජ්‍යයාගේ රාජාඥා දැනට ඉන්දියාවේ ඉතිරිව ඇති පැරණි තම ඓතිහාසික ලිපි ලේඛන වන අතර එමගින් අශො‍්ක අධිරාජ්‍යයාගේ කාලයේ සිට ඉදිරියට පැවති රජ පෙළපත්වල දළ නියම කිරීමක් සිදු කිරීමට හැකි විය. අශෝක අධිරාජ්‍යයා යටතේ වු මයුරන් රජ පෙළපත මුළු නැගෙනහිර ආසියාව හා ගිනි කොණ දිග ආසියාව පුරා බුදු දහම පැතිර වීමට හේතු වු අතර එමගින් සමස්ථයක් ලෙස ආසියාවේ ඉතිහාසය හා දියුණු වීම වේගවත් කරන ලදී. අශෝක අධිරාජ්‍යයා ලෝකයේ දැනට පහල වු ශ්‍රේෂ්ඨතම පාලකයෙක් ලෙස සැලකෙයි.


මෞර්ය කාලයේදි ගොඩනගන ලද සාංචියෙහි පිහිටි බෞද්ධ ස්ථුපයක්


[සංස්කරණය] References

http://en.wikipedia.org/wiki/Magadha#Nanda_dynasty



"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."