භෞත චිකිත්සාව

විකිපීඩියා වෙතින්
භෞත චිකිත්සකවරයා විසින් පෝලියෝ රෝගයට ගොදුරු වූ දරුවන් දෙදෙනෙකුගේ දේහවලට ව්‍යායාම ලබාදෙන අයුරු.

භෞත චිකිත්සාව හෝ ශාරීරික චිකිත්සාව යනු සිරුරේ චලනයන් නිසා ජීවිත කාලය පුරාවටම ඇතිවන රෝගාබාධ වළක්වාගැනීම , ප්‍රතිකාර කිරීම සදහා යොදා ගැනෙන ප්‍රතිකාර ක්‍රමයකි. මෙම ප්‍රතිකාර ක්‍රමය ලබාදෙනුයේ භෞත චිකිත්සකවරයෙකු මගින් හෝ භෞත චිකිත්සකවරයකු යටතේ සේවය කරන සහායකයකු මගිනි. කෙසේ නමුත් අස්ථි හා හෘදවල රෝග පිළිබදව විශේෂඥ වෛද්‍යවරුන් වැනි භෞත චිකිත්සාව පුරුදු කරනු නොලැබූ අයද මෙම ක්‍රමය භාවිතයට ගනිති. රෝගියා රැක බලාගන්නා පුද්ගලයින් වෙත ද මෙම භෞත චිකිත්සාව පිළිබදව අවබෝධයක් ලබා දීම වැදගත් වේ.

භෞත චිකිත්සාව සදහා රෝගියාගේ‍ රෝග ඉතිහාසය , රෝගියා පරීක්ෂා කර බැලීම , රෝග නිර්ණය හා ප්‍රතිකාර ක්‍රම වැදගත් වන අතර විද්‍යාගාර පරීක්ෂණ වාර්තා සහ වෙනත් පරීක්ෂණවල වාර්තාවන් මේ සදහා උපකාරී වේ. ඉලෙක්ට්‍රොමයෝ ග්‍රෑම් සහ ස්නායු සන්නිවේදනයේ සීග්‍රතාවය මනින විද්‍යුත් රෝග නිර්ණය ක්‍රමවල උපකාරිත්වය ද මේ සදහා යොදා ගනී. භෞත චිකිත්සාව බාහිර රෝගී අංශයේදී ඒවායේ කාර්යාලවල දී , පුනරුත්ථාපන මධ්‍යස්ථානවල දී රෝගියාගේ නිවෙස්වල දී , පාසල්වල , ගිලන් නිවෙස්වල , රැකියා ස්ථානයේදී , ක්‍රීඩා සහ කාය වර්ධන මධ්‍යස්ථානවල දී ලබාදිය හැකිය.

දශක ගණනාවක් මුළුල්ලේ භෞත චිකිත්සක ක්‍රමවේදයන් පිළිබදව නොයෙකුත් විචාරයන් පැවති අතර බොහෝ භෞත චිකිත්සකවරුන් තම ප්‍රායෝගිකයන් ක්‍රියාවට නංවන ලද්දේ අත්දැකීම් හා සාක්ෂි පදනම් කර ගෙනය. ලෝක භෞත චිකිත්සාව පිළිබද වූ සන්ධානය මගින් පෙර වූ විද්‍යාත්මක සාධක මත පදනම් වූ ක්‍රම වේදයන් වෙනුවට අත්දැකීම් හා සාක්ෂි පදනම් කර ගනිමින් සිදු කරනු ලබන ප්‍රායෝගිකයන් කෙරෙහි නැඹුරුතාවයක් දක්වන ලෙසට එහි වෘත්තිකයින්ට උපදෙස් දී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=භෞත_චිකිත්සාව&oldid=498924" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි