බෝ නොවන රෝග

විකිපීඩියා වෙතින්



බෝ නොවන රෝග යනු විෂබීජ මගින් අසාදනය නොවන, පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝ නොවන රෝගයි. මෙම රෝග ශරීරයේ විවිධ ක්‍රියාවලීන්ගේ වෙනස්කම් නිසා ඇති වේ. යහපත් ජීවන රටාවන් අනුගමනය කිරීමෙන් මේ රෝග බොහොමයක් වළක්වා ගත හැකි ය.



බෝ නොවන රෝග තීව්‍ර හා නිදන්ගත රෝග ලෙස වෙන් කළ හැකි ය. තීව්‍ර රෝග යනු හදිසියේ හටගන්නා තාවකාලික රෝග තත්වයි. මේවායින් සම්පූර්ණ සුවය ලැබිය හැකි නමුත් තත්වයේ බරපතලකම අනුව පසුව ආබාධ පැවතිය හැකි ය. නිදන්ගත රෝග යනු කායික ක්‍රියාවලීන්ගේ වෙනස්කම් නිසා ඇති වන දිගු කල් පවතින රෝග තත්වයි. මේවාට දීර්ඝ කාලීනව ප්‍රතිකාර අවශ්‍ය වේ. නිසි ප්‍රතිකාර දිගට ම ලබා ගැනීමෙන් මේ තත්ව පාලනය කර ගත හැකි ය.

Read More

"https://si.wikipedia.org/w/index.php?title=බෝ_නොවන_රෝග&oldid=668458" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි