බෝම්බකරුවන්

විකිපීඩියා වෙතින්

බෝම්බකරුවන් හදුනා ගැනීම

ජුලි 12වන දින පවත්වන ලද පොලිස් මාධ්‍ය හමුවකදී පරික්ෂණ වල තත්වය පිළිබද කරුණු හෙළිදරව් කරන ලදී. පරික්ෂකයන් විසින් ප්‍රුද්ගලයන් සිවු දෙනෙකුගේ කණ්ඩායමක් පිළිබද විශේෂ අවධානය යොමු කර ඇත. ඔවුන් ලීඩ්ස්, බටහිර වොක්ෂය(ර්) වලින් පැමිණෙන්නන් බවත් ඔවුන් අතරින් තිදෙනෙකු ඊට ඉහත වැරදී ක්‍රියාවකට සමබන්ධ නොවුවත් බවටත් පිරිසිදු හම ඇත්තවුන්" (Cleanskin) වාර්තා වී ඇත. 2005 ජුලි 07වන දින මෙම සිවු දෙනා බෙඩ්ෂෝර්ඩියර් (Bedfordshire) හි ලුටන් වෙත මෝටර් රථයකින්ද ලංඩනය දක්වා දුම්රියෙන්ද ගමන් ගෙන ඇත. උදෑසන 8.30 පමණ "කිංග්ස් ක්‍රොස්" දුම්රිය පොළ (King’s Cross Station) වෙත පැමිණ ඇති බවට එහි සවි කර තිබු CCTV විඩියෝ දර්ශණ මගින් මගින් අණාවරණය වේ. මොවුන්ගේ බඩු බාහිරාදිය පිපිරිම සිදුවු ප්‍රදේශයේ තිබි සොයා ගන්නා ලදි. ජුලි 12වන දින BBC වාර්තාවකට අනුව නියෝජ්‍යය සහකාර කොමසාරිස් වන පීටර් ක්ලාර්ක විසින් කරන ලද හෙලිදරව්වකට අනුව බෝම්බකරැවන්ගෙන් එක් අයෙකුගේ බඩු භාණ්ඩ ඇල්ඩිගේට් හා එඩ්වෙයාර් මාර්ග බෝම්බ අනතුර සිදුවු ස්ථාන 02දීම සොයා ගෙන ඇත.

වැටලීම්

පොලිසිය විසින් ජුලි 12වන දින ලීඩ්ස් ප්‍රදේශයේ හි පිහිටි නිවාස 06ක් වටලන ලදී. ඉන් නිවාස 02ක් බීස්ටන් හිදී (Beeston) තවත් නිවාස 02 ක් තෝන්හිල් දීත් (Thornhill) එක් නිවාසයක් හොල්බෙක්හි තීබිත් පරික්ෂාවට ලක්වු අතර තවත් එක් නිවසක් හයිඩ් පාර්ක් හි ඇලෙක්සැන්ඩර් ග්‍රෝව් හි තිබිත් වටලන ලදි. එක් පුදුගලයෙකු අත්තඩංගුවට පත් විය. බටහිර වොක්ෂයර් පොලිසියට අනුව ලීඩීස් තිබි සැළකිය යුතු ප්‍රමාණයක් පුපුරණ ද්‍රව්‍යයද සොයා ගන්නා ලදී. එමෙන්ම එක් නිවසක තිබු සිමා සහිත පුපුරණ ද්‍රව්‍යයද පරික්ෂාවට ලක් විය. තවත් පුපුරණ ද්‍රව්‍යය එක් බෝම්බකරුවෙකු වු ෂෙහාඩ් තන්වීර් ගේ (Shehzad Tanweer) ලුටන් දුම්රිය පොලේ තිබු ඔහුගේ මෝටර් රථය තුළ තිබි හමු විය. පොලිසිය විසින් බකිම්හැංෂයර් නගරයේ උතුරැ මාවතේ තිබු නිවාසයක් ද ජුලි 13 වන දින පරික්ෂාවට ලක්කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=බෝම්බකරුවන්&oldid=463843" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි