බුද්ධගයා විහාරය
Wikipedia වෙතින්
| මහාබෝධි විහාරය* | |
|---|---|
| යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
|
|
|
| රාජ්‍ය පාර්ශවය | |
| වර්ගය | සංස්කෘතික |
| නිර්ණායක | i, ii, iii, iv, vi |
| සමුද්දේශ | 1056 |
| කලාපය** | ආසියා-ශාන්තිකර |
| ශිලාලේඛන ඉතිහාසය | |
| ශිලාලේඛනය | 2002 (26වන සැසිය) |
| * ලෝක උරුම ලැයිස්තුවෙහි අභිලිඛිත අයුරින් නම දැක්වේ. ** යුනෙස්කොව මගින් වර්ගීකරණය කර ඇති පරිදී කලාපය. |
|
බුද්ධගයා විහාරය (මහාබෝධි විහාරය) (වචනාර්ථය: "මහා අවබෝධතා විහාරය") යනු බුදුරජාණන් වහන්සේවූ සිද්ධාර්ථ ගෞතමයන්, බුද්ධත්වයට පත්වූ ස්ථානයවූ බුද්ධ ගයාවෙහි පිහිටි බෞද්ධ විහාරයකි. බුද්ධ ගයාව පිහිටා ඇත්තේ ඉන්දියාවේ, බිහාර ප්‍රාන්තයේ, පට්නා නගරයේ සිට කිමී 96 (සැතපුම් 60) පමණ ඈතිනි. විහාරය පසෙකින්, එහි බටහිර පසට වන්නට, පූජනීය බෝධි වෘක්ෂය පිහිටා ඇත. පාලි ත්‍රිපිටකයෙහි, මෙම ස්ථානය හැඳින්වෙන්නේ බෝධිමන්ද ලෙසින් වන අතර,[1] එහි ඇති ආරාමය බෝධිමන්ද විහාරය වේ.
පටුන |
[සංස්කරණය] මහාබෝධි විහාර භූමිය පිළිබඳ බෞද්ධ ජනප්‍රවාද
බෞද්ධ අටුවා ලියවිලි අනුව, බුද්ධගයාවෙහි බෝධි වෘක්ෂය පිහිටි ස්ථානය සියළු බුදුවරුන් සඳහා පොදු වෙයි[2]. ජාතක කථාවන් අනුව, එය පෘථිවියෙහි නාභිය නිර්මාණය කරන අතර [3], බුද්ධත්වයට පත්වීමෙහි මහා බරපතල බව වෙන කිසියම් ස්ථානයකින් හෝ දරා ගැනුමට නොහැකි බව කියැවේ[4].
මෙම ස්ථානයෙහි බෝ වෘක්ෂයක් නොවැඩෙන අවස්ථාවකදී, බෝධි වෘක්ෂය අවට රාජකීය ක්‍රොෂ් එකක දුරක් වන තුරු කිසිම පැලෑටියක්, තණ ගසක් හෝ නොවැවෙන බවත්, සුමුදු වැලි වලින් පිරි රිදී තැටියක් වැනිව සුමුදු වනු බවත් පැවසේ. මෙම භූමි භාගය වට කොට තණ, වැල් සහ වෘක්ෂ පමණක් පවතින බවත් පැවසේ. මෙම පෙදෙසට මෑත අහසින් වුවද කිසිවෙකුට ගමන් කල නොහැකි බවද ශක්‍රයාට වුවද එසේ කල නොහැකි බවද කියැවේ [5].
කල්පාන්තයෙහිදී ලෝකය විනාශවන කල්හී, අවසානයට අතුරුදහන් වන ස්ථානය බෝධිමන්ද වේ; ලෝකය නැවත පැවතීමට ආරම්භ වන විට, හටගන්නා පළමු දෙයද එය වේ. එය දර්ශනපථයට ගෙන ඒම සඳහා, එහි නෙළුමක් මතු වන අතර, එවන විට ඇරඹුනු කල්පයෙහි බුදු කෙනෙකු ඉපදීම සිදුවීමට තිබේ නම්, බුදුවරුන් ගණන අනුව, නෙළුම පුෂ්ප දරන බව කියැවේ [6].
ගෞතම බුදුරජාණන් වහන්සේ විෂයෙහි, එතුමාණන්ගේ බෝධි වෘක්ෂය එතුමාණන් උපත ලද දිනයෙහිදී පැණ නැග ඇත [7].
[සංස්කරණය] ඉතිහාසය
[සංස්කරණය] බුද්ධාගමෙහි උන්නතිය
සාම්ප්‍රදායික කතාන්තර වලට අනුව, ක්‍රියුපෙ 530, ගෞතම බුදුරජාණන් වහන්සේ, තවුසකු ලෙසින් චාරිකාවෙහි යෙදෙමින් සිටියදී, ඉන්දියාවෙහි ගයා නගරය අසල, ෆල්ගු නදිය ආශ්‍රිත ආරණ්‍ය ගං තෙරට පිවිසි සේක. එහිදී පීපුල් (ෆිකස් රිලිජිඕසා හෝ පූජනීය ඇහැටු), පසුව බෝධි වෘක්ෂය ලෙසින් හැඳින්වීමට ඇරඹුනු, වෘක්ෂයක් යට එතුමා භාවානුයෝගීව වැඩසිටියේය. බෞද්ධ ධර්ම ග්‍රන්ථයන්ට අනුව, තුන් දිනකට හා තුන් රාත්‍රියකට පසුව, සිද්ධාර්ථ ගෞතමයන් බුද්ධත්වයට එළඹ එතුමන් පිළිතුරු අපේක්‍ෂා කල ගැටළු වලට විසඳුම් වටහා ගත්හ. මහාබෝධි විහාරය තැණුනේ එම ස්ථානය සණිටුහන් කරනු වස්ය.
[සංස්කරණය] ආශ්‍රිත
- ↑ පාලියෙහි, රෝම අකුරෙන් දැක්වෙන උච්චාරණ සළකුණු භාවිතා කරමින්, මෙම වචනය උසුරුවනුයේ Bodhimaṇḍa. පාලි ත්‍රිපිටිකයෙහි, මෙම පදය බුද්ධවංශය පුරා දක්නට ඇති අතර, ජාතක කථා (Ja iv.238) හි එක් තැනක හමු වේ. හෝනර් (2000) විසින් Bodhimaṇḍa පරිවර්තනය කරනුයේ "අවබෝධතා වෘක්ෂයෙහි පෝරුව" ලෙසිනි (නි.ද., පිටු. 15 v. 65, 25 v. 183, passim).
- ↑ BuA.247
- ↑ J.iv.233 (පුතුවිනාභි)
- ↑ J.iv.229
- ↑ J.iv.232f
- ↑ DA.ii.412
- ↑ DA.ii.425; BuA.248