බැග්ඩෑඩ් බැටරිය

විකිපීඩියා වෙතින්
කොටස් තුනෙහි සිතුවමක්.[1]

බැග්ඩෑඩ් බැටරිය හෝ පාර්තියානු බැටරිය ලෙස හැඳින්වෙන්නේ එක්ව තිබී හමුවූ සෙරමික් මංජුසාවක්, තනි ලෝහයක නළයක් සහ දණ්ඩකින් සමන්විත පුරාවස්තු තුනකි. මෙය සොයාගැනුණේ නූතන ඉරාකයේ ඛුජුට් රාබු හි, බාර්තියානු (ක්‍රි.පූ. 150 - ක්‍රි.ව. 223) හෝ සැසේනියානු (ක්‍රි.ව. 224-650) අදිරාජ්‍යවල අගනුවර වූ ක්ටෙසිෆොන් සමීපයෙනි. මෙය මෙම යුග දෙකෙන් එකකට අයත් විය හැක.

මෙහි සම්භවය සහ අරමුණ අපැහැදිළි ය.[2] මෙහි අරමුණ පැහැදිළි කරගැනීමට වැඩිදුර සාක්ෂි අවශ්‍ය ය. ඇතැම් පර්යේෂකයන් විසින් උපකල්පනය කරන ලද්දේ මෙම වස්තුව ගැල්වානි කෝෂයක් ලෙස කටයුතු කරන්නට ඇති බවයි. එය විද්‍යුත් ලෝහාලේපනය හෝ යම් ආකාරයක විද්‍යුත් චිකිත්සාවක් සඳහා භාවිත වන්නට ඇත; නමුත් මෙම යුගයෙන් විද්‍යුත්ලෝහාලේපිත භාණ්ඩ හමුවී නොමැත. විකල්ප පැහැදිළි කරීමක් වන්නේ මෙය පූජනීය ලියවිලි තැන්පත් කළ මංජුසා ලෙස භාවිත වන්නට ඇති බවයි.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Paranormal Image Gallery – Ancient Mysteries/Aztec carving of ancient astronaut". Unexplained Mysteries. September 27, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය November 14, 2009. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  2. Frood, A. Riddle of 'Baghdad's batteries' BBC News 27 February, 2003
"https://si.wikipedia.org/w/index.php?title=බැග්ඩෑඩ්_බැටරිය&oldid=407123" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි