Jump to content

බ්‍රහ්මයෝ

විකිපීඩියා වෙතින්

බ්‍රහ්මයෝ උසස් ප්‍රාණීන් වර්ගයකි. නිවන් අවබෝධ නොවුනහොත් ඔවුන්ගේ පින් කෙළවර නැවත ප්‍රතිසන්ධිය ලබා සංසාර ගමනෙහි යෙදිය යුත්තාහ.

මිනිසාට සාපේක්‍ෂව

[සංස්කරණය]

බුදු දහමේ සඳහන් උසස්ම ප්‍රාණී වර්ගය මනුෂ්‍යයන්ය. ඔවුනට පින් කළ හැකිවාක් මෙන්ම එම පින් ලැබිය හැකි සහ එසේ ලැබීම බලාපොරොත්තුවෙන් සිටින අනෙකුත් ප්‍රාණින්ට ඒවා අනුමෝදන් කළ හැක. බ්‍රහ්මයෝ මිනිසුන්ට වඩා උසස් ප්‍රාණින් කොට්ඨාශයක් නොවෙති.


  • ඉහත සටහන තබා ඇත්තේ කවුරුන්ද යනවග මා නොදනී. එය ඉවත් නොකර ඒ ආකාරයෙන්ම තැබීමට කල්පනා කරන ලද්දේ එවැනි දුර්මත ද සමාජයේ පවතින බවට පෙන්වා දීමටය.එහි මුලින් සදහන් කාරණය " බුදු දහමේ සඳහන් උසස්ම ප්‍රාණී වර්ගය මනුෂ්‍යයන්ය." සම්පූර්ණයෙන්ම බුද්ධ දේශනාවට පටහැනිය. දෙවියකු බ්‍රහ්මයකු මනුෂ්‍යයෙක් හෝ මෙලොව උපදින කිසියම්ම වූ සත්වයෙක් උපතින් ශ්‍රේෂ්ඨ නොවන බව බුද්ධ දේශනාවේ සඳහන් ය.මනුෂ්‍ය ලෝකයේ එක් විශේෂත්වයක් පමණක්ම පවතී එනම් බුදුවන්නේ ඒකාන්තයෙන්ම මනුෂ්‍යයෙකු පමණි. ශ්‍රේෂ්ඨ වන්නේ නම් ඒ කාරණයෙන් පමණක් මනුෂ්‍ය භවය ශ්‍රේෂ්ඨ වේ. ප්‍රේත අපායෙහි "පරදත්තූපජීවීක" නම් ප්‍රේත කොට්ඨාසයට අන් අයකු විසින් කරනු ලබන කුසල් අනුමෝදන් විය හැකි අතර සියලු බ්‍රහ්ම තල දේව තල මෙන්ම සමහර අසුර නිකායන් ට පවා කුසල් කළ හැක. ප්‍රේතයන්ට අසුරයන්ට තිරිසනුන්ට නිරි සත්වයන්ට මාර්ගඵල අවබෝධ කළ නොහැක. අසුරයන්ට කුසල් කළ හැකි නමුත් මාර්ගඵල අවබෝධ කල නොහැක.තිරිසන් සතුන් පවා කුසල් රැස්කල අවස්ථා ධර්මයේ සඳහන් වේ. බ්‍රහ්ම ලෝක වල උපදීමට නම් අවම වශයෙන් ප්‍රථම ධ්‍යානය හෝ ලබා තිබිය යුතුයි. අවම වශයෙන් එම මට්ටමට වත් සිත දියුණු නොකළ මනුෂ්‍යයන් වන්නේ නම්, එම මනුෂ්‍යයන්ට වඩා බ්‍රහ්මයන් එම කාකාරණයෙන් ශ්‍රේෂ්ඨ වේ. අන්තර්ජාලය භාවිතා කිරීමේදී ඉතාමත් සිහිබුද්ධියෙන් කටයුතු කිරීමට උත්සුක වන්න.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රහ්මයෝ&oldid=595569" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි