බලශක්ති ගබඩාකරණය

විකිපීඩියා වෙතින්

බලශක්තිය (Energy) වර්තමාන ලෝකයේ ඉතා ප්‍රබල අවශ්‍යතාවයක් බවට පත් වෙමින් පවතී. වර්තමාන ලෝකයේ ප්‍රධානම බලශක්ති ප්‍රභවය බවට පත් වී අැත්තේ පොසිල ඉන්ධනයි. ඒහෙත් පොසිල ඉන්ධන යනු අද ඉතා ශීඝ්‍රයෙන් අවසන් වෙමින් පවතින බලශක්ති ප්‍රභවයකි. දැනට ලෝකෙයේ පවතින සියලුම බලශක්ති ප්‍රභව ඉතා නුදුරු දිනකදී ලෝකයෙන් අවසන් වනු අැත. මේ නිසා විකල්ප බලශක්ති ප්‍රභව හඳුනා ගැනීම පිණිස වර්තමාන විද්‍යාව හා තාක්ෂණය පර්යේෂණ රාශියක් සිදු කරමින් අැත. මේ වන විට විකල්ප බලශක්ති ප්‍රභවයන් ගණනාවක් හඳුනා ගැනීමට ද විද්‍යාඥයින්ට හැකියාව ලැබී අැත. මෙලෙස හඳුනා ගනු ලබන බලශක්ති ප්‍රභව බොහොමයක් ඉතා කාර්යක්ෂම හා ඵලදායී බවින් යුක්ත වුවත් පොසිල ඉන්ධන වල අැති සුලභතාව, ප්‍රමාණාත්මක බව හෙවත් ඉතා කුඩා ප්‍රමාණ වලින් ඒහා මෙහා රැගෙනයා හැකි බව සහ සරල ලෙස භාවිතා කළ හැකි බව පිළිබඳව සැලකූ විට ඒවැනි විකල්ප බලශක්ති ප්‍රභව තවමත් ඉතා ප්‍රාථමික අවධියක පසුවන බව පෙනේ. මෙවැනි වාතාවරණයක් තුළ විකල්ප බලශක්ති භාවිතයේදී ඒවා පහසුවෙන් ඒහා මෙහා ගෙනයා හැකි පරිදි ගබඩා කරගත හැකි වීම අත්‍යාවශ්‍ය කරුණකි.

උදා - සූර්ය බලශක්තිය (Solar Power) දැනට පවතින ඉතා හොඳ විකල්පයකි. ඒහෙත් සූර්යාලෝකය ලැබෙන්නේ දවසින් අඩකටත් අඩු කාල සීමාවක් සඳහා පමණක් බැවින් දවස පුරා භාවිතා කිරීම පිණිස ඒම ශක්තිය ගබඩා කර ගැනීමට සිදු වේ. මේ සඳහා බැටරි භාවිතා කිරීම සිදු කරයි. මෙලෙස බැටරි (Battery) තුළ ශක්තිය ගබඩා කිරීම මගින් ඒය පහසුවෙන් ඒහා මෙහා ගෙනයාම සිදු කළ හැකි වී අැත.

කැලිෆෝනියාවේ සවිකර අැති සූර්ය විදුලි බලාගාරයක්
"https://si.wikipedia.org/w/index.php?title=බලශක්ති_ගබඩාකරණය&oldid=469061" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි