බන්ධනාගාර

විකිපීඩියා වෙතින්

බන්ධනාගාර හෙවත් හිරගෙවල් යනු දඬුවමක් ලෙස රජයේ අධිකාරිය මත පුද්ගයන්ගේ නිදහස සීමාකර බලෙන් රඳවාතබන ස්ථානවේ.දිස්ත්‍රික්කවල හෝ සීමාවන්තුල අධිකරණ බලයට යටත්ව එම ප්‍රදේශවල ජිවත්වන්නන් අතුරෙන් බන්ධනාගාර ගත කරණු ලැබිමේ නියෝග ලැබුවන් ඇතුළු සියළු කොටස් සිරකරුවන් රදවා තැබිම සදහා වන ස්ථානය බන්ධනාගාර වනු ඇත.

එතකුදු වුවත් උපලේඛණයේ සදහන් ඕනෑම බන්ධනාගාරයක් නියෝගයක් මඟින් ඕනෑම අවස්ථාවක හෝ වරින්වර වසා දැමිම හෝ ඕනෑම බන්ධනාගාරයක් පිළිබඳ අධිකරණ සීමාව වෙනස් කිරිමට හා ලංකාව සදහා හෝ ඕනෑම ප්‍රදේශයක් සදහා වෙනත් බන්ධනාගාරයක් හෝ බන්ධනාගාර පිහිටුවීම එවැනි ඕනෑම නියෝගයක් කිරිමට , සශෝධනය කිරිමට හෝ වෙනස් කිරිමට අමාත්‍යවරයාට නිත්‍යානුකූල බලයක් ඇත.

ඕනෑම බන්ධනාගාරයක සිරකරුවන්ගේ සංඛ්‍යාව, පහසුකම්, ආරක්ෂිතව රඳවාගත හැකි ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බව අමාත්‍යවරයාට පෙනී ගිය අවස්ථාවන්වල ඕනෑම බන්ධනාගාරයක් තුල වසංගත රෝගයක් පැතිරි ගිය අවස්ථාවක වැඩ කරවීමේ අවස්ථා ඇති වු අවස්ථාවන් පැන නැගුණ අවස්ථාවක අමාත්‍යවරයා විසින් විශේෂයෙන් පැනවනු ලබන විධිවිධාන සාමාන්‍ය රීතී යටතේ හෝ ඕනෑම සිරකරුවෙකු හෝ සිරකරුවන් පිරිසක් බන්ධනාගාරයක බිත්ති සිමාවන්ගෙන් බැහැරව ස්ථානයක තාවකාලිකව රදවා තබන ලෙස හෝ රක්ෂිත භාරයේ රදවා තබන ලෙස නියෝග කිරිමට අමාත්‍යවරයාට බලය තිබේ.

නීත්‍යානුකූල අවසරයක් නොමැතිව බන්ධනාගාරයකට හෝ සිරකරුවන් තාවකාලිකව රඳවා තබන ස්ථානයකට හෝ සිරකරුවන් භාරයේ ගන්නා ස්ථානයකට මධ්‍යසාර සහිත හෝ මධ්‍යසාර බවට පත් කරන ලද දෙයක් හෝ දුම්කොළ, බුලත්, අබිං, ගංජා, වෙනත් මත් ගතිය ඇති කරන ද්‍රව්‍යවීම, විෂ මත්ද්‍රව්‍ය හෝ බන්ධනාගාරයකට තහනම් කරන ලද ඕනෑම ද්‍රව්‍යයක් ගෙන එන ලද, පිටත සිට විසි කිරීම වෙනත් ආකාරයකින් සැපයීම හෝ ඊට උත්සාහ දැරීම හෝ කෙනෙකුට තහනම් වන අතර, එසේ ගෙන ඒමට තැත් කරන හෝ බන්ධනාගාරයට පිටත සිටින සිරකරුවෙකුට ඉහත සඳහන් දේ සපයන, සැපයීම සඳහා උත්සාහ කරන, ඒ සඳහා ආධාර කරන හෝ අනුබල දෙන ඕනෑම කෙනෙක් වරදකට වරදකරු වන අතර, එය ඔප්පු කිරීමෙන් පසුව දඩයකට හෝ සිර දඩුවමකට හෝ දෙයාකාරයෙන් ඕනෑම ආකාරයකට හෝ සිර දඬුවම් හා දඩය දෙකම හෝ නියම කළ හැකිය.

බන්ධනාගාරයක් තුළ හෝ ඉන් පිටත සිර භාරයේ සිටින ඕනෑම සිරකරුවන් නීත්‍යානුකූල අවසරයක් නොමැති ලිපියක් හෝ වෙනත් ලියවිල්ලක් රැගෙන ගොස් හෝ එසේ කිරීමට උත්සාහ දරන පුද්එගලයකුට හෝ සිරකරුවෙකු වෙතින් පිටත අයකුට ලිපියක් හෝ එවැනි ලියවිල්ලක් රැගෙන යාම හෝ එසේ රැයාමට උත්සාහ දරන ඕනෑම කෙනෙකුට එවැනි දෙයක් සඳහා ආධාර අනුබල දෙනු ලබන පුද්ගලයකු එම වරදකට වරදකරු වන අතර, එසේ වරදකරු කරනු ලැබීමෙන් පසුව දඩයකට හෝ සිර දඬුවමකට යටත් කිරීමට හෝ එම දඩුවම් දෙකටම යටත් කිරීමට හෝ අවකාශ තිබේ.



"https://si.wikipedia.org/w/index.php?title=බන්ධනාගාර&oldid=664614" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි