පොළොන්නරු යුගය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(පොලොන්නරුව රාජධානිය වෙතින් යළි-යොමු කරන ලදි)
|
|
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කලයුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වනවමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (ඔක්තෝම්බර 2009) |
පළමුවන විජයබාහු රජ විසින් කළ පොළොන්නරුවේ වේලක්කාර සෙල් ලිපිය
රජරට රාජධානියේ අගනගරය ලෙස පොළොන්නරුව නගරය පැවති කාල පරාසය වන 8වන සියවසෙහි සිට ක්‍රියු 1310 දක්වා කාලය පොළොන්නරු යුගය නම්වේ.
ආරම්භය [සංස්කරණය]
මෙම නගරය පිහිටා ඇත්තේ මහවැලි නදියෙහි වම් ඉවුර මතය. පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ ඓතිහාසික ලේඛන [1][2] දක්වා සිටින ආකාරයට මෙම නගරය අනුරාධපුරය තරම් පැරණිය. ක්‍රිපූ 400 දී විජිත විසින් මූලිකත්වය ගෙන පිහිටවූ විජිතගම ජනපදය මෙම නගරය අසබඩ පිහිටියේ යැයි විශ්වාස කෙරෙයි.