පොඩොල්ස්ක්

විකිපීඩියා වෙතින්
පොඩොල්ස්ක් නගර මධ්‍යයේ දර්ශනයක්

පොඩොල්ස්ක්(රුසියානු: Подо́льск) රුසියාවේ, මොස්කව් ඔබ්ලාස්ට් හි පොඩොල්ස්කි දිස්ත්‍රික්කයේ පරිපාලන නගරයයි. මොස්කව් ඔබ්ලාස්ට්හි විශාලත ම නගරය වන මෙය කාර්මික නගරයකි. මොස්ක්වා නදියෙහි අතු ගංගාවක් වන Pakhra නදිය අසබඩ පිහිටා ඇත​.

ඉතිහාසය​[සංස්කරණය]

18 වන සියවසේ දී, මොස්කව්හි ඩැනිලොෆ් දේවස්ථානයට අයත්ව පැවති පොඩොල් ගම්මානය ඇසුරින් පොඩොල්ස්ක් නගරය බිහි විය​. 1791 දී දෙ වන කැතරින් අධිරාජිණිය එය නගරයක් වශයෙන් ප්‍රකාශයට පත් කළා ය​.

රුසියානු විප්ලවයට පෙර, රුසියාවේ වඩාත් කාර්මීකරණයට ලක් වූ නගර අතර පොඩොල්ස්ක් විය​. මහන මැෂින් නිපද වූ සිංගර් කර්මාන්ත ශාලාවක් ද එහි පිහිටා තිබුණි.

ව්ලැඩ්මීර් ලෙනින් කිහිප වාරයක් මෙම නගරයට පැමිණ ඇත​.

සෝවියට් සමූහාණ්ඩුව පැවති සමයේ දී, මොස්කව් ඔබ්ලාස්ට් හි කාර්මික දැවන්තයෙක් විය​. ඒ වන විට නගරය තුළ කර්මාන්ත ශාලා හැත්තෑවකට වැඩිය ක්‍රියාත්මක වෙමින් පැවතුණි. බොහෝ පොඩොල්ස්ක් නගර වැසියෝ මෙම කර්මාන්ත ශාලාවල සේවය කළහ​.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පොඩොල්ස්ක්&oldid=314476" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි