පෙනහළු පිළිකා

විකිපීඩියා වෙතින්

පෙනහළු පිළිකා යනු පෙනහැල්ලෙහි පටකයන්හී අපාලිත සෛල වර්ධනයෙන් ලක්ෂණනය කෙරෙන්නාවූ රෝගයකි. ප්‍රතිකාර නොකොට තිබියහොත්, ස්ථානාන්තරණය නම් ක්‍රියාවලියක් ඔස්සේ පෙනහැල්ලෙන් ඔබ්බෙහි අසබඩ ඇති පටකටන්ටද, අත්‍යන්තයේ දේහයේ අනෙකුත් කොටස් වලටද මෙම වර්ධනය පැතිරීයා හැක.පෙනහැල්ලේ ජනිත වන හා ප්‍රාථමික පෙනහළු පිළිකා ලෙසින් හැඳින්වෙන බොහෝ පිළිකා, අපිච්ඡද සෛල වලින් ව්‍යුත්පන්න වන්නාවූ කාසිනෝමාවන් වෙති. පෙනහළු පිලිකා පිරිමීන් තුල පිලිකාවක් නිසා ඇති වන මරණ වලින් ප්‍රථම ස්ථානයද කාන්තාවන් දෙවන ස්ථානයද ගනී. එමගින් ලොව පුරා වසරක් තුල මිලියන 1.3 ක මරණ සංඛ්‍යාවක් සිදුවේ. එක්සත් රාජධානිය තුල කාන්තාවන් හා පිරිමීන් මාරාන්තික පිළිකා ඇති කරන ස්තාන අතරින් ප්‍රම්ඛස්තානය පෙනහළු වලට හිමිවේ. මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ හුස්ම ගැනීමේ අපහසුතාවද කැස්ස (ඇතැම් අවස්ථාවලදී ලේ මිශ්‍රිත සෙම සහිත කැස්ස) හා සිරුරේ බර අඩු වීමයි.

ප්‍රධානව පෙනහළු පිලිකා වර්ග දෙකකි. ඒවා Small cell පිලිකා (SCLC) හා non-small cell පෙනහළු පිලිකා (NSCLC) ලෙස බෙදිය හැකිය. මෙලෙස වර්ග කිරීම ප්‍රතිකාර කිරීමේ පහසුව සඳහා උපයෝගී වේ. Non - small cell පෙනහළු පිලිකා (NSCLC) සැත්කමක් මගින්ද (small cell ) පෙනහළු පිලිකා (SCLC) වඩාත් හොදින් විකිරණ චිකිත්සාවට හා රසායනික චිකිත්සාවට පිලිතුරුදේ. පෙනහළු පිලිකා ඇති කිරීමට ප්‍රධානතම හේතුව දිර්ඝකාලීනව සිදු කරන දුම් පානයයි. දුම්පානය නොකරන්නන් තුල පෙනහළු පිලිකා ඇති වීමේ අවධානම 10% කි. පුවේනි ගත සාධක, විකිරණ ශීලි හා විශ වායු වර්ග, ඇස්බැස්ටොස්, වායු දුෂණය හා අක්‍රිය දුම්පානය ඔවුන් තුල පෙනහළු පිළිකා ඇති කිරීමට හේතුවේ.

පපුවෙහි එක්ස්-රේ ජායාපිටපතක් හා සී.ටී. ස්කෑන් ජායාරූප මගින් පෙනහළු පිලිකා හදුනාගත හැකිය. සැක කටයුතු කොටසෙන් ලබාගන්නා පටක කොටස් පරීක්ෂා කිරීමෙන් රෝග නිර්ණයට එළඹීමට පිලිවන. මෙය නාසයෙන් කැමරාවක් සවිකරන ලද බටයක් ඇතුලු කිරීමෙන් සිදුකරනු ලබන බ්‍රොන්කොස්කොපි පරීක්ෂණයක් මනින්නේ සී.ටී. ස්කෑන් ක්‍රමය උපන්ගි කර ගෙනද සිදු කෙරේ. ප්‍රතිකාර කිරීමේ ක්‍රමය හා සුවකිරීමේ හැකියාව අදාල කොටසේ පටක වර්ෂාව, රෝගීන් ව්‍යාප්තිය හා රෝගියාගේ තත්ත්වය අනුව නිර්ණය කෙරේ. ශල්‍යකර්ම, විකිරණ චිකිත්සාව හා රසායනික චිකිත්සාව යන ප්‍රතිකාර සිදුකල හැකි ක්‍රමෝපායන් වේ. ප්‍රතිකාර කිරීමෙන් පසුව වසර 5 ක් ජීවත් වීමේ සම්භාවිතාව 14% කි.


පෙනහළු පිලිකා වලක්වා ගැනීම.[සංස්කරණය]

පෙනහළු පිලිකා වලට එරෙහිව සටන් කිරීමේ වඩාත් ඵලදායි ක්‍රමය වන්නේ ඒවා වලක්වා ගැනීමයි. බොහෝ රටවල කාර්මික හා ගෘහාශ්‍රිත පිළිකාකාරකයක් හඳුනාගෙන තහනම් කොට ඇතත් දුම්පානය තවමත් බෙ‍හෝ දුරට ව්‍යාප්තව ඇත. පෙනහළු පිලිකා වලක්වා ගැනීමේ මූලික අවධානය යෙමු වී ඇත්තේ දුම්පානය මුළු මනින්ම වැලැක්වීම 1998 දී කැලිෆෝනියාවේදී ප්‍රසිද්ධ ස්ථාන වල දුම්පානය කිරීම තහනම් කිරීම සඳහා ගෙන ගිය උද්ඝෝෂණ වල ප්‍රතිඵලයක් ලෙසට ආපන ශාලා හා රැකියා ස්ථාන වලදී අක්‍රිය දුම්පානය වැළැක්වීම හා අවම කිරීම සඳහා පනත් සම්මත වී ඇත. මෙලෙස අයර් ලන්තයේ 2004 දී ස්කොට්ලන්තයේ 2006 දී, එංගලන්තයේ 2007 දී, පුංශයේ 2008 දී සහ නවසීලන්තයේ 2004 දී ප්‍රසිද්ධ ස්ථාන වල දුම්පානය තහනම් කර ඇත.

භූතානය වසර 2005 සිට දුම්පානය සම්පුර්ණයෙන්ම තහනම් කර ඇත. බෙහෝ රටවල කණ්ඩායම් මෙලෙස තහනම් කිරීමක් අරඹයා උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කර ඇත. නමුත් එලෙස කරනු ලබන උද්ඝෝෂණ මගින් දුම්පානය සාපරාධී ක්‍රියාවකත් බවට පත්කර ඇති බවත් එමගින් නීති විරෝධීව මත්ද්‍රව්‍ය රට තුලට ගෙන ඒම වැඩිවන බවත් එලෙස දුම්පානය තහනම් කිරීමේ නීති ඉදිරිපත් කළ නොහැකි බවටත් වාදවිවාද ඇත.

2008 දී 75000 කට අධික වයස්ගත පුද්ගලයින් ප්‍රමාණයක් යොදා ගනිමින් සිදුකරනු ලැබු අධ්‍යනයකදී හෙලිවී ඇත්තේ දීර්ඝකාලීනව භාවිතා කරන විටමින් වර්ග වන විටමින් C , E සහ ෆෝලික් අම්ලය පෙනහළු පිලිකා ඇති කිරීමේ අවධානම අඩු නොකරන බවයි. එමගින් හෙලිවී ඇත්තේ දීර්ඝකාලීනව භාවිතා කරන විටමින් E මගින් පෙනහළු පිලිකා වැඩි කරන බවයි.

"https://si.wikipedia.org/w/index.php?title=පෙනහළු_පිළිකා&oldid=249227" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි