පෙට්ටගම

විකිපීඩියා වෙතින්

පෙට්ටගම යනු ශ්‍රී ලංකාවේ නිරිත දිග ප්‍රදේශයේ බහුලව අතීතයේ බාවිතා වූ ගෘහ භාණ්ඩයකි. එහි ආරම්භය දාහත්වන සියවසේ ලංදේසි පෙරදිග ඉන්දියා වෙලඳ සමාගමේ පාලන වකවානුව තෙක් ඈතට දිවෙයි. ශ්‍රී ලංකාවට පලමුව ලංදේසි ජාතිකයන් ගෙනා ගෘහභාණ්ඩය පෙට්ටගම ලෙස හැදින්වේ. එය ඉංග්‍රීසි භාශාවෙන් (Dutch Box)යනුවෙන් හැදින්වෙන්නේ එබැවිනි. පෙට්ටගම මූලිකවම ව්‍යාප්ත වූ වේ ගාල්ල කළුතර සහ මාතර ආශ්‍රිතවයි. වී දැමීම ඇඳුම් රෙදි සහ වටිනා භාණ්ඩ දමා යතුරු දමා වැසීමට හැකි ආකාරයෙන් පෙට්ටගම සාදනු ලබයි. බොහෝවිට පෙට්ටගම සැකසීමට භාවිත කළේ කොස් දැවයයි. එසේම පෙට්ටගම සකසනුයේ නොවැද්ද වූ තනි ලෑලි ආධාරයෙනි. වී අටු ආකාරයෙන් නිර්මාණය වූ විශාල පෙට්ටගම පමණක් ලෑලි දෙකතුනක් සම්භන්දකරමින් සැකසුවේය. සාමාන්‍යයෙන් පෙට්ටගම කුඩාම ප්‍රමාණයේ අඩි දෙක ප්‍රමාණය සිට අඩි අට පමණ දක්වා විශාල ප්‍රමාණයන් ද දක්නට ලැබේ. ආකර්ශනීය බව වැඩි කිරීමට මේවාගේ කළුවර ලී ආදාරයෙන් කළ කැටයම් සහ කාප්ප දක්නට ලැබේ. පානදුර ප්‍රදේශයේ නවසීය දශකය වන විට පෙට්ටගමක් නොතිබූ නිවසක් නොවුණු තරම් ය. පෙට්ටගම් වල එක් රැස් කිරීමට භාණ්ඩ රැසක් පැවතියේ බොහෝ ධනය ඇති අයටයි. එබැවින් බොහෝ ධනය ඇති ධනවතුන්ගේ නිවාස වල පෙට්ටගම් බොහෝ ප්‍රමාණයක් දැකිය හැකි විය. එවැනි පෙට්ටගම සතු ධනවතෙකු පිළිබඳ වර්ශ කණ්ඩ රාශ්ට්‍රය කෘතියේ දැක්වේ. එම කෘතියට අනුව පානදුරේ පොතුපිටිය ගමේ ආරච්චි විසූ නිවසේ පෙට්ටගම් පුරවා ධන දාන්‍යාදිය තිබූ බැවින් එම නිවස පෙට්ටගම්ගෙදර යනුවෙන් හඳුන්වා ඇත. එසේම බලපිටියේ නෙල්ලිගොඩේ(හින්නගොඩේ) ගමේ සිටි ධනවත් අයෙකුගේපවුල පෙට්ටගම්ගේ යනුවෙන් වාසගම් පට බැඳී ඇත.

ආශ්‍රිත කෘති[සංස්කරණය]

වර්ශකණ්ඩරාශ්ට්‍රය කළුතර වරුණ

"https://si.wikipedia.org/w/index.php?title=පෙට්ටගම&oldid=655757" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි